මෙවර 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය සමත් වූ අතර ඇය සමග
ඡායාරූපයකට පෙනී සිටි උපකාරක පන්ති ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල මේ ආකාරයේ සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබේ.
2024 උසස් පෙළ ප්‍රතිඵල අනුව එක්තරා විෂය ධාරාවකින් ශ්‍රී ලංකාවේ පළමු වැනියා තම උපකාර පන්තියට සහභාගි වූ අයෙක් බව මෙරට ප්‍රකට පුද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු සඳහන් කර තිබේ.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ තමන් විසින් එම ප්‍රතිඵලය තම දිස්ත්‍රික්කයට ගෙන එන ලද බවයි.
කෙසේ ඔහුගේ එම ප්‍රකාශය උපුටමින් සමාජ ජාලවල විවේචනාත්මකව අදහස් පළ වෙමින් තිබේ.
මේ ආකාරයේ උපකාරක පන්ති ගුරුවරුන් කිසි දිනක තම පන්තිවලට පැමිණෙන සමස්ථ සිසුන්ගේ සමත් අසමත් ප්‍රතිශතයන් වාර්තා නොකරන බවත් එය හෙලි කරන්නේ නම් බොහෝ දුරට එය දිවයිනේ සමස්ත අසමත් ප්‍රතිඵලය ඉක්මවා යනු ඇති බවද ඒවායේ සදහන්ය.
සිසුන් 2000ක් පමණ සහභාගී වන පන්තියක ඉහලින්ම සමත් ප්‍රතිශතය හා කොළඹ රාජකීය, ආනන්ද, විශාකා විදුහල්වල එම විශය ධාරාවේ සමත් ප්‍රතිශත සැසදුවහොත් මෙම නොමග යැවීම වඩා පැහැදිලි වනු ඇති වුවද මෙම ගුරුවරුන්ගේ උලුප්පා දැක්වීම සේම මෙම සැසදීමද සාධාරණ නොවන බවත් එම සටහන්වල තව දුරටත් දැක්වෙයි.

ලංකාවේ පලමුවැනියා හැදුවේ මමයි.. AL ප්‍රතිඵලවලින් පසු ටියුෂන් ගුරුවරයෙක් කියයි..