ඉදිරිපස LED Light

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    මාර වැඩේ උනේ අද කවදාවත් නැතුව පොලිසියෙන් නැවැත්තුව බයික් එක අර Led light වලට හැබැයි මම ඒවා දාගෙනත් නෙමේ ගියේ නිකන් නවත්තල කිව්වා ගලවන්න කියල නමුත් මම ගැලෙව්වේ නම් නෑ මොකද මම ඒවා දාගෙන නෙමේ ගියේ අනික ඒවා switch එකකට සම්බන්ද කරලා තිබ්බේ මේ පිලිබඳ නීති රීති මොනවද මන් දන්න තරමින් ලයිට් හයි කරගෙන යන්න පුළුවන් නේද දල්වන්නේ නැතුව මේ පිළිබඳව ලිපියක් දැක්ක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇසුරින් දාපු පොස්ට් එකක්ද කොහෙද
    දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක හොයල දෙන්න පුළුවන්ද අනිත් යටත් වටිනවා
     
    • Like
    Reactions: Ithika mithika

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    හම්බුනා මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද දන්නේ නෑ
    හැමෝම කතා වෙන මොඩිෆයි තහනමේ නීතිමය පැතිකඩ ගැන පොඩි සටහනක්.

    බොඩි කිට් හා වාහනයේ හැඩය.

    බොඩි කිට් සදහා තහනමක් නෑ. එහෙත් එම බොඩිකිට් නිසා තුන්වන පාර්ශවයක් අගතියට ලක්වීමක් වෙන්න බෑ. ඒ කියන්නෙ යකඩ බාර් වැනි දේ.

    බොඩි කිට් එකක් නිසා වාහනයේ දිග වෙනස් වෙනවා නම් ඒ සදහා අනුමැතියක් සහ පොත වෙනස් කිරීමක් අවශ්‍ය වෙනවා. හේතුව දන්වා බර සහතියක් ගෙන ඉදිරිපත් කිරීමෙන් එය සිදු කර ගත හැක.

    ඒ වගෙම නිශ්පාදකයා විසින් නිපදවන ලද මාදිලිය හදුනාගත නොහැකි ලෙස වෙනස් කිරීම් කරන්න තහනම්. ඒ බොඩිකිට් කියලා බට් වාහන පාරට දාන නිසා.

    නිශ්පාදිත අනුරුව වෙනස් කරන්න තහනම්.

    ඒ කියන්නෙ ඩොල්ෆින් මූනක් රුක්මණී එකකට තියන්න බෑ. හෙතුව ඉහත් එකමයි.

    වාහනේ චැසිය හෝ බොඩි බොක්ස් වෙනස් කරන්න තහනම්. මාර්ග යෝග්‍යතාව නැතිවිය හැකි නිසා.

    අතිරේක ලාම්පු.

    අලංකරනය සදහා අතිරේක ලාම්පු සවිකිරීමට හැක එහෙත් එය පාරවල් වල දල්වා ධාවනය කිරීම තහනම්. ඒ වගේම එම පහන් වාහනයේ දිග, පලල, උස වෙනස් වීමට ඉඩ තිබෙන පරිදි සවිකිරීම තහනම්. ඒ වගේම එම පහන් නිසා අනතුරකදී තුන්වන පාර්ශවයට වැඩි අගතියක් සිදුවන පරිදි සවි කිරීම තහනම්.

    සම්මත වර්ණයන් පිට සංචා ලාම්පු තහනම්. ඒ කියන්නෙ බ්‍රේක් වලට කොල පාට කහ පාට දාන්න තහනම්.

    ධාවනයේදි පසුපස ලාම්පු ( tail Light ) දිදුලන, නිමෙන දැල්වෙන පහන් තහනම්. එහෙත් බ්‍රේක් ලාම්පුව ස්තිර දැල්වෙන ලාම්පු දෙකක් සමග දිදුලන ලාම්පු සවිකල හැක. එහෙත් එය පසුපස රියදුරාගේ දැක්මට භාදා වෙන්න බෑ.

    ඇතුල්ත ලාම්පු.

    වාහනයේ ඇතුලට ඇති ලාම්පු වලින් වෙනත් රියදුරෙක්ට භාදාවක් නොවෙන්නෙ නම් ගැටලුවක් නෑ.

    සයිලන්සරය.

    නිශ්පාදකයා විසින් සම්මත ශබ්ද සීමාව ඉක්මවා නොයන සයිලන්සර වෙනස කිරිමට තහනමක් නැත. එහෙත් ශබ්ද දූශනය වන පරිදි ඒ කියන්නෙ නිශ්පාදිත සීමාවේ 10% පනින ලෙස සවිකර ඇති සයිලන්සර තහනම් කල හැක.

    රිම් සයිස් වෙනස් වීමකදි එය දැනුම්දී පොතේ වෙනස් කිරීමක් සිදු කල යුතුය. එය නිශ්පාදකයා අනුමත සීමාවෙන් බැහැර යෑම තහනම්.

    - උපුටා ගැනීමකි -
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy

    දැන් ඔහොම පකේ නීති තියෙන්නෙ අපේ රටේ විතරද?
    ඇමෙරිකන් කාරයෝ කොච්චර customized cars පාවිච්චි කරනවද
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    ඔන්න විස්වාස කර හැකි එකක් හම්බුනා
    ‎Indranatha Thenuwara‎ to මෝටර් කාර්මික දැනුම
    June 29, 2017 ·
    වාහනයකට අමතර විදුලි පහන් සවිකිරීම.
    වාහනයකට ෆොග් ලයිට් ලෙසින් හෝ වෙනත් ආකාරයික් හෝ අමතර ලයිට් සවි කිරීම ගැන වලංගු නීතිය කවරේදැයි මම මෝටර් රථ ප්‍රවාහණ රෙජිස්ටාර් RMV කාර්යාලයේ අදාල අංශයෙන් විමසීමක් කළෙමි.
    එහි වගකිවයුතු නිලධරයෙක් කියා සිටියේ ඊට සම්මත කර ගත් වගන්ති ඇතත්, ඒවා ලිඛිත ව ලබා ගත නොහැකි බවයි.
    දැනට පවත්නා වලංගු තාවයන් මෙසේ ය.
    අමතර ලයිට් අධිබල නොවිය යුතු ය.
    බෆරයේ සීමාවට වඩා එළියට නොආ යුතු ය.
    ප්‍රධාන ලාම්පු දෙකට වඩා පහළින් තිබිය යුතු ය.
    අමතර පහන් දෙක අතර අවම මිමී 600ක පරතරයක් තිබිය යුතු ය.
    අමතර පහන් වාහනයේ නිෂ්පාදකයා විසින් සවි කර ඇති ස්විචයකින් මිස අමතර ස්විචයකින් ක්‍රියා නොකළ යුතු ය.

    නමුත් මෙසේ සවි කර ඇති විට වුව ද, ඒවා ගලවා පෙන්නවන්නටයැයි පොලීසියෙන් නියෝග කර සිටිය හැකි ය.
    වැඩි විස්තර සඳහා මෝටර් ප්‍රවාහණ රෙජිස්ටාර් කාර්යාලයේ RMV තාක්ෂණ අංශයෙන් විමසිය හැකි ය.
    දුරකතන අංක 011 2676229 / 011 2692275
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    356
    349
    63
    මාර වැඩ තමයි මට අද ට්‍රැෆික් පොලිස් කිව්ව හෙල්මට් එකේ ටින්ටඩ් වයිසර් එක ගලවන්න උඹට කියල ලයිට් ගලවන්න අනේ මන්ද මෙහෙමත් රටක්
     
    • Like
    Reactions: Sara_LK

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    356
    349
    63
    දැන් ඔහොම පකේ නීති තියෙන්නෙ අපේ රටේ විතරද?
    ඇමෙරිකන් කාරයෝ කොච්චර customized cars පාවිච්චි කරනවද

    උන් මොඩිෆයි කරන විදිහට උන්ව හිරේ දාන්න ඕනෑ.
    මේ ගොං රටේ ලයිට් එකක් වෙනස් කරත් වැරදි.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උන් මොඩිෆයි කරන විදිහට උන්ව හිරේ දාන්න ඕනෑ.
    මේ ගොං රටේ ලයිට් එකක් වෙනස් කරත් වැරදි.
    ඇමරිකාවෙ උමොඩිෆයි කරන්න අවසරේ ගන්න ඕනි. සිග්නල් ලයිට් වලට උනත් උන් රෙගියුලේශන් දාලා තියෙන්නෙ. ඔහොම කරන්නෙ තුන් වෙනි පාර්ශවයකට වෙන අනතුරු වළක්වගන්න.
     
    Captain Gutt

    Member
    Jan 7, 2018
    72
    24
    0
    Wena ratawala modify karana hati dakkama adenawa bn.
    Me gobba rate thamai oya gon neethi okkoma
    Kohomath oya parliment eke inna 8 pass buruwanta owa therenawada.
     
    • Like
    Reactions: Sara_LK

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mn dakka led light nikan thorane vage paththu venna gahala thiyeddi anith unta eke avadane vatena hinda eka thahanam karanava kiyala :rofl:
    ova thama lankave nithi

    machan vahana issara karaddi dakunu paththen yanna barida?
    e kiyanne vahane issara karaddi mada iren mulumaninma vahane dakunu paththata dala yana eka varadakda?
     
    BikeLover

    Junior member
  • Jan 16, 2017
    39
    13
    18
    Me thiyenne bn okata answer 1ka

    හේතු සහ අහේතු සියල්ලටම පොලීසියට බනින හැමෝටම. වාහන මොඩිෆයි කතාව නම් වෙනම එකක්. හදිසි අනතුරු කලක් තිස්සේ ඇසින් දැක මා ලැබූ අත්දැකීම් වලින් ලියමි.

    මුලින්ම කියන්න ඕනේ, මා පොලීසියට හෝ නීති ක්ශේත්‍රයට කිසිම අයුරකින් සම්බන්ධ කෙනෙක් නොවේ.

    ඩිස්කවරි ටර්බෝ, ලීපු, පිම්ප් මයි රයිඩ් හෝ වෙනත් ඕනෑම අටමගලයක් දැක වාහන මොඩිෆයි කරන්නට බැරිය.

    යම් නීති පද්ධතියක් රටේ තියෙන්නේ පදිකයන්ගේ ආරක්ශාවටත් එක්කම.

    ටයර් බදෙන් එලියට පැන්නුවාම ට්‍රැෆික් ලේන් එකේ අනෙක් වාහන වල ගැටෙනවා. පැති කන්නාඩියෙන් වාහනේ බද සහ ටයර වල වෙනස පේන්නේ නෑ.

    ස්පොයිලර් එකෙන් පසුපස විසිබිලිටි එක අඩුවෙනවා, සමහර ඒවා ඩබල් ටේප් වලින් අලවලා තියෙන්නේ. හයිවේ එකේ යනකොට ගැලවිලා ගියොත් පස්සෙන් එන වාහනයට අනතුරක් හෝ ජීවිත හානි පවා වෙන්නත් පුලුවන්.

    බීට් කෑන් ගැන කියන්න දෙයක් නෑ. ඒකට කියන්නේ ශබ්ධ දූශනය කියලා. ෆෙරාරි කාර් එකක අර ලස්සන සද්දෙ එන්නේ අදාල සමාගමෙන් V12 එන්ජිමේ සද්දෙ අවම කරන්න උපරිම උත්සාහ කරත් නවත්තගන්න බැරිම ටික.

    ප්‍රොජෙක්ටර් කප් නැති ඩිමෝ බට්ටෝ, බයික් සහ ත්‍රීවීල් වලට HID ලයිට් දැම්මම රෑට ඉස්සරහින් වාහනයේ එන රියදුරා තමුන්ගේ මෑනියන් සිහිකරගෙන තමයි යන්නේ. ආලෝකය ෆෝකස් කරන්න බැරුව හතර අතේ වදිනවා. අනතුරු බහුලයි.

    ටයර් සයිස් වෙනස් කරාම(පරිධිය) වාහනයේ ස්පීඩොමීටරයේ පෙන්නන වේගය සහ සැබෑ වේගය වෙනස්. ඔබ නොදැනුවත්ම නිල වේග සීමා ඉක්මවා ගිහින්. ඇලෝයි රිම් දාලා ටයට් සයිස් වෙනස් නොකරන්න නීති තියෙන්නේ ඒකයි.

    ඉස්සරහට බුල් බාර් හරි, යකඩ ෆ්‍රේම් ගහල , යකඩ බෆර් ගහන්න ඉඩ නොදෙන්නේ වාහනයේ යන කෙනාගෙ වගේම පාරෙ යන මනුස්සයාගෙ ජීවිතේත් වටින නිසා, අනතුරකදී යකඩ බාර් වාහනයක හැපුනම ජීවත් වෙන්න තියන හැකියාව අවමයි. අලුත් වාහන සියල්ලකම ෆයිබර් බෆර් එන්නේ ඒකටයි. ඩිෆෙන්ඩර් කියන කවුරුත් දන්න වාහනය 2016 ඉදලා නිශ්පාදනය නැවැත්තුවේ ලෝකයේ මේ අලුත් ට්‍රෙන්ඩ් එකට හිස නමලා. ඕස්ට්‍රේලියාවෙ වාහනයක පිටිපස්සේ අමතර රෝදය සවිකරලා නම් ලියාපදිංචි කරන්න වත් දෙන්නේ නෑ.

    වාහනයේ බරට හරියන්න තමා නිශ්පාදකයා තිරිංග යොදලා තියෙන්නේ. බර විශාල ලෙස වැඩිවෙන යකඩ බෆර් සවි කලාම ඒවට තිරිංග අහන්නේ නෑ. හදිසි නවත්වාගැනීමේ දුර වැඩී. අනතුරු වැඩී.

    පාට වෙනස් කරන්න නොදෙන හේතුව, වාහනය සොරකමකදී වර්න වෙන්ස් කරන එක වලක්වන්න, සොරකම් සදහා තාවකාලික වර්න ගල්වා වාහන රැගෙන යාම වලක්වන්න. එහෙම උනාම සුදු වෑන් එක පැය කීපයෙන් කලු වෑන් වෙනවා 😉.

    ඔය ඔක්කොම අතරේ ඕෆ්‍ රෝඩ් වලට මොඩිෆයි කරපු වාහන තියනවා ඔය කියන කිසිම නීතියක් නොසලකන. ඒවා නියම ලෙස නම් මාර්ගයේ ධාවනය කරන්න බෑ. ලොරියක පටවාගෙන යන්න ඕනෙ. නමුත් සමහර මෝටර් ස්පෝට් සංගම් විසින් මෝටර් ප්‍රවාහන කොමසාරිස් වරයාගේ විශේශ අනුමැතියකට යටත්ව මේවා පාරේ ධාවනය වන අවස්තා තියනවා. අමතක නොකල යුතු කාරනය තමයි ඒවා ධාවනය කරන්නේ ප්‍රොෆෙශනල් මොටර්ස්පෝට් රියදුරන්, ඔවුන්ගේ වාහන හැසිරවීම ඔබට හෝ මට කිසිවිට කරන්න බෑ.

    හැම එකකටම පොලීසියට බනින්නේ නැතුව මේකේ යථාර්තය තේරුම් ගන්න.
    ඔවුන් කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම.

    ඔබට අවශ්‍ය නම් නීති සම්පාදකයන්ට බලකර නීති වෙනස්කිරීම හෝ අදාල වාහනය එක්සැමිනර් කෙනෙක්ට පෙන්නා අනුමැතිය මෝටර් රථ කොමසාරිස්ගෙන් ලබාගත හැක.

    ඔබ හෝ මම අකමැති හෝ කැමති වුවත්, නීතිය නීතියම වේ.

    “If there’s a Law, it doesn’t matter weather you like it or not. You have to adhere into it”

    අවසාන වශයෙන්, ඔය කියන හැම වාහනයක් ම ඩිසයින් කරන්නේ අදාල සමාගමේ තමාට වඩා ඔය සබ්ජෙක්ට් එක ගැන දන්න ඉංජිනේරුවෝ. හැම දේකටම ,ඇනයකටම,මුරිච්චියකටම හේතුවක් තියනවා.
     
    BikeLover

    Junior member
  • Jan 16, 2017
    39
    13
    18
    machan vahana issara karaddi dakunu paththen yanna barida?
    e kiyanne vahane issara karaddi mada iren mulumaninma vahane dakunu paththata dala yana eka varadakda?

    තනි ඉරෙන් නම් ඉස්සර කරන්න බෑ.කඩ ඉරි තියන තැනකදි තමයි තවත් වාහනේකට ඉස්සර කරල යන්න පුලුවන්.එහෙම සම්පූර්ණ දාන එකනම් වරදක් නෑ ඉඩ මදිනම්.ඒත් ඉතින් ඉස්සරහින් වාහන එනවද බලල දාන්න ඕන නැත්තං ආපහු වමට කපාගන්න අමාරු වෙනවනෙ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    තනි ඉරෙන් නම් ඉස්සර කරන්න බෑ.කඩ ඉරි තියන තැනකදි තමයි තවත් වාහනේකට ඉස්සර කරල යන්න පුලුවන්.එහෙම සම්පූර්ණ දාන එකනම් වරදක් නෑ ඉඩ මදිනම්.ඒත් ඉතින් ඉස්සරහින් වාහන එනවද බලල දාන්න ඕන නැත්තං ආපහු වමට කපාගන්න අමාරු වෙනවනෙ
    mava anuradhapure yaddi alluva bn.kada iri thibbe.habai kaha irak kapunada koheda.issaraha giye truck ekak bn.e magula hena digaine.mn para clear venakan balala thama issara kale.ethana kaha irak thibila bn.
    arun mata kivve mn kaha iren issara kala anika dakunu paththen ave kiyala.
    mata danaganna one dakunu paththen issara karanna barida kiyala
    kaha irennam issara karanna bane kohomath
    e magule pare meter 300n 300ta kaha iri bn.
    anika dade 1100k da bn?
     
    Kaha iren issara karapu eka waradi thama eth ithin dakunu paththen ennathuwa wena kohen ennada dade kiyada nm danne na bn mata hithenne un dakunen issara kara kiyala boru waraddak dala tiyenne
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,395
    1,662

    Dakunen nethiwa wena kohen issara karnnada bn :baffled: Hebei issara yana wahane dakunata signal light dala thynwanm issra krnna berida dnne ne. Wamen issra krnna puluwn issra wahane dakunata signal light dala harawanawanm withrai
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    • Like
    Reactions: Sara_LK

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Kaha iren issara karapu eka waradi thama eth ithin dakunu paththen ennathuwa wena kohen ennada dade kiyada nm danne na bn mata hithenne un dakunen issara kara kiyala boru waraddak dala tiyenne
    eka thama bn,mn license eka gaddi igena gaththe dakunata signal danava kiyanne manthiruven vahane dakunata gannava kiyala danvanna kiyala.
    un ekka e velave nithi katha kara kara inna velavak thibbe na bn,anika dada gevanna unanam kohe vatayak karakenna venavada.eka nisa 500k dila ava bn :D kaha ira kapuvane kohomath
    un mata kivve dadeta 1100k yanava kiyalai habai

    Dakunen nethiwa wena kohen issara karnnada bn :baffled: Hebei issara yana wahane dakunata signal light dala thynwanm issra krnna berida dnne ne. Wamen issra krnna puluwn issra wahane dakunata signal light dala harawanawanm withrai
    mata mathakai mokak hari siddiyak thibba bn dakunu desin gaman karanna bari ekak.mata mathaka na bn eka.e truck eka hena digai,normal vahanayak(car/van) vage issara karanna yana velavata vada velavak ekak issara karaddi yanava bn.vadak na bn.tharka danna giyoth usavine.anika kaha ira kapalane mn hitiye kohomath.
    dan karanne vahane issaraha cam ekak hai karagena yanava bn.ethakota varaddak velada nadda kiyala balanna puluvanne