
TATTOO පච්ච

මොකක්ද යකෝ මේ කර ගත්තේ මෙච්චර් කල් තෝව හදල හදල තුවාලයක් වෙන්න නොදී, අතක් පයක් නොකඩ හැදුව තෝ ගිහින ගහගත්තා එකක්, බලනවා රස්තයාදු කාරයෙක් වගේ, රස්සාවකට යන්නේ කොහොමද, මගෙත් එක්ක එහෙම එනවා නෙවෙයි ඕව පෙන්න එළියේ දාගෙන මේ ගොඩක් ගෙවල් වලින් කොල්ලට හම්බෙන ප්‍රතිචාරේ තමයි tattoo ගහල අහු උනහම...ඉතින් මාට්ටු උනහම බැනුම් වගේම කොසු පාරවල් එන්නත් බැරි නැහැ...
ඔව් මගේ ඇගේත් පච්චයක් තියෙනව...ඉස්සර ඉදන්ම පිස්සුවක් tattoo අදින්න පත්තර වල යන ඒවා කපල එකතු කරන අමුතුම පිස්සුවක් තිබුන..ඒ පිස්සුවෙ උපරිම තමයි tattoo එකකින් අවසන් උනේ...ගොඩක් උන් tattoo එක දක්කම ඉතින් අහන්නේ පොදු ප්‍රශ්න ටිකක්ම තමයි..
* එකෙක් අහනව අඩෝ ඕක කොටද්දී රිදුනද ?
ප්‍රධානම පොදු ප්‍රශ්නය...රිදෙනව යකෝ ටිකක් කට්ටකින් හිල් වෙද්දී ඉන්නේ කොහොමද, ඒත් එකේ රහ දන්නා එකාට ගානක්වත් නැහැ සහෝ, රිදෙද්දී අමුතු ගැම්මක් එන්නෙ..
* අපරාදේ යකෝ ලස්සනට තිබුන අත
...
නෑ යකෝ දැනුයි අත ලස්සන බලපන්කො
.
* ඔය අතේ තියෙන අකුර මොකක්ද බන් කෙල්ලගෙද?
ඔව් කෙල්ලෙක්ගෙ තමයි
ඉස්සර මගේ දැන් වෙන කෙනෙක්ගෙ, ළමයි දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් 
*වයසට යද්දී කැතට හිටි යකෝ...
ඒ උනත් හිතේ සතුට ඊට වැඩ වැඩි බන්..
*ගෙදරින් මොනාද කිව්වේ බන්?
මම පච්ච ගහන්න කලින් ගෙදරට කිව්වම අම්මත් ආව මගෙත් එක්කම මම බලන්න ඕන කියල. එයා එක්කම ගියේ..
*ජොබ් එකට අවුලක් නැද්ද බන් ?
නෑ බන් මේ රටේ ඕව ගැන හිතන්නේ නැහැ...(ඩුබායි)
*අල්ලලා බලන්න පුලුවන්ද ?
බලපන් අවුලක් නැහැ යකෝ අහන්නත් දෙයක්ද...
*ඇයි ඔච්චර වියදම් කලේ ?
ජීවිතේටම කරන්නේ එක පාරයි ඉතින් ඕක ගැන හිතුවේ නැහැ බන්..
ප්‍රධානම පොදු ප්‍රශ්නය...රිදෙනව යකෝ ටිකක් කට්ටකින් හිල් වෙද්දී ඉන්නේ කොහොමද, ඒත් එකේ රහ දන්නා එකාට ගානක්වත් නැහැ සහෝ, රිදෙද්දී අමුතු ගැම්මක් එන්නෙ..
* අපරාදේ යකෝ ලස්සනට තිබුන අත
...නෑ යකෝ දැනුයි අත ලස්සන බලපන්කො
. * ඔය අතේ තියෙන අකුර මොකක්ද බන් කෙල්ලගෙද?

ඔව් කෙල්ලෙක්ගෙ තමයි
ඉස්සර මගේ දැන් වෙන කෙනෙක්ගෙ, ළමයි දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් 
*වයසට යද්දී කැතට හිටි යකෝ...
ඒ උනත් හිතේ සතුට ඊට වැඩ වැඩි බන්..
*ගෙදරින් මොනාද කිව්වේ බන්?
මම පච්ච ගහන්න කලින් ගෙදරට කිව්වම අම්මත් ආව මගෙත් එක්කම මම බලන්න ඕන කියල. එයා එක්කම ගියේ..

*ජොබ් එකට අවුලක් නැද්ද බන් ?
නෑ බන් මේ රටේ ඕව ගැන හිතන්නේ නැහැ...(ඩුබායි)
*අල්ලලා බලන්න පුලුවන්ද ?

බලපන් අවුලක් නැහැ යකෝ අහන්නත් දෙයක්ද...
*ඇයි ඔච්චර වියදම් කලේ ?
ජීවිතේටම කරන්නේ එක පාරයි ඉතින් ඕක ගැන හිතුවේ නැහැ බන්..
ඔන්න ඉතින් අහන ඒවා..tatoo එකක ස්ලෝ මෝෂන් video එකක් පහල ඇති මම දාල එකත් බලලම ඉදහන්, කටුව එකසිය ගානට වේගෙන් හම ඇතුලට බහිද්දී එන්නේ අමුතුම කික් එකක්...tattoo ගැන වෙනමම නූලක් ඉස්සරහට දාන්නම්..
මෙන්න ලංකාවේ වැඩ්ඩෝ ටිකක් සුපිරිම එකක් කර ගන්න ඕනනම්...
- Tattoo paradise නිර්මාල් http://tattooparadise.lk/nirmal/
- Living Art Studio රොෂාන් https://www.facebook.com/livingarttattoos.lk/
- Dimmu fernando tattoo ඩිම්මු http://www.dimmufernandotattoo.com (මගේ tattoo කරේ ඩිම්මු තමයි හොද දැනීමක් තියෙන එල කොල්ලෙක් මගෙත් එක්කම එක පාසලේ හිටපු, ඒ වගේම එරාන් හැදලගේ ඩිම්මුගෙ studio එකේ ඉන්න තවත් වැඩකරුවෙක්)
ඩිම්මු තරහ වෙන එකක් නැහැ මිනිහගෙ පේජ් එකෙන් ඉමෙජ් ට්කක් ගත්ත කියල..

++++ජය++++
Last edited:

..Tatto is a great art.. labba thama .
hariyata galapena body ekakata galapena tatoo ekak gahuwoth lassanayi.
