මම උබට එහෙනම් බණ ටිකක් කියන්නම්. උබ තව කෙනෙක් control කරන feeling එකට ආසයි කිව්ව නිසයි මේ කියන්නෙ,
තව කෙනෙක් control කරන feeling එක කියන්නෙ තව කෙනෙක්ව තමන් විසින් යම් වෙනසකට ලක් කරනව කියන එක.Phycical ම වෙන්න ඕනෙ නෑ. ඇඬෙව්වත් ඇති.
තවත් සරල කරොත් උබ යම් දෙයක් 'වෙනක් කිරීමට' කැමතියි.
සරලවම ගත්තොත් උබ 'වෙනස් කරවීම; කියන ලක්ෂනයට කැමතියි
යමක් වෙනස් කිරීමේ ලක්ෂණය තීයෙන්නෙ සතර මහා ධාතු 4 න් තේජෝ ධාතුවට, එහෙම නැත්තං සරලව ගත්තොත් 'ගින්දරට, උණුසුමට'.
උබ නොදැනුවත්වම ආසා කරල තියෙන්නෙ 'ගින්දරට' මචං. ඒ නිසා ඒ ආශාව විසින් උබව මරණෙන් මත්තෙදි තේජෝ ධාතුව අධික තැනක, ඒ කියන්නෙ ගින්දර වැඩි තැනක ඉපදෙනව. ඒ කියන්නෙ ප්‍රේත් ලෝකෙන් යට, බොහෝ විට රෞරවය් , මහා ප්‍රතාපය, අවීචිය වගේ නරකයක.
කම් සැප වලට තදින් ඇලෙන උන් ප්‍රේත ලෝකෙ ඉපදෙන්නෙත් ඔය තියරියටමයි. එකම වෙනස උන් ආසා කරන්නෙ ආපෝ ධාතුවට සහ ආපෝ ධාතුව වැඩිම ප්‍රේත ලෝකෙ.