This guy has no idea about schooling or parenting.Another creature stranded in Hollywood movies.
![]()

They should. I don't like picking up garbage all over the school as a punishment. Instead of that spanking made things much easier.No they shouldn't
They should. I don't like picking up garbage all over the school as a punishment. Instead of that spanking made things much easier.
ජීවියෙක් කියන්නේ බොහොම advance system එකක්. ඒක මේ තමන්ට ඕනේ විදිහට හැසිරෙන්න ඕනෙයි කියල ගැහුවා තැලුව කියල තමන්ගේ ඔලු ගෙඩියේ එක එක පහල වන ක්‍රම අදහස් ආව කියල ඒවාට අනුව හැසිරෙන ජාතියේ එකක් නෙමෙයි. එක අපිට හිතාගන්නවත් බැරි system එකක්. අනික් මිනිහා තමන්ට ඕනේ විදිහට හැසිරෙන්න ඕන කියල හිතන තාක්කල් මේක ප්‍රශ්න වැලක්.දඟ ළමයි අහිංසක කරන්න යන්න ඕන නැහැ.
අහිංසක ළමයි දගයන් කරන්න යන්න ඕනෙත් නැහැ.
ලෝකේ විවිදත්වයක් තියෙනවා මිනිස්සුන් අතර. කාටවත් අයිතියක් නැහැ මේ ළමයා මේ විදිහට ජිවත් වෙන්න ඕනෙයි කියල ළමයාගේ ජීවිතේට ඇගිලි ගහන්න, දෙමවුපියන් විදිහට ළමය මේ ලෝකෙට බිහි කරපු පලියට.
දෙමවුපියන් තේරුම් ගන්න ඕන තමුන් perfect නැහැ ළමයා තමන්ට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න, ළමයා තමුන්ගේ රූකඩයක් නෙමෙයි කියල.
විද්යාකඥයන් පිලි අරගෙන තියෙන, ක්‍රම තියෙනවා ඕනෑම ළමයෙකුට අදාළ පරිසරය හදල දුන්නම දොස්තර කෙනෙක් ද ඉංජිනේරුවෙක් ද විද්‍යක්ඥයෙක් ද පොලිස් කාරයෙක් ද ඕනෑම කෙනෙක් බිහි කරන්න පුළුවන් කියල. නමුත් ඒකට ගහල මරලා හදන්න අවශ්‍ය නැහැ කියල.
හැමෝම එක විදිහට ඉන්න ඕන නැහැ. එයාලගේ හිත් වල තියෙන අදහස් වෙනස් කරන්න කියල බලෙන් ගහල මර්ධනය කරන්න යන්න හොද නැහැ.
හරි මොකක්ද වැරදි මොකක්ද කියල වෙන් කරලා හදුනාගන්න ආදර්ශමත් දේවල් පෙන්නන්න ඕන. එතකොට ළමයින්ට හිත පාවිච්ච් කරන්නෙ කොහොමද නිවැරදිව, හිතන්නේ කොහොමද කියල දැනෙනව.
එතකොට හරි මොකක්ද වැරදි මොකක්ද කියල අවබෝද වෙනවා, කෝටුවෙන් පෙන්නන්න අවශ්‍ය නැහැ එතකොට ළමයට දෙක වෙන් කරල අදුරගන්න පුළුවන් වෙනවා මේක නරකයි, මේක හොදයි කියල. දඟ ළමයි උනත් හොද දේ දඟ විදිහට එයාගේ ක්‍රමයට දකියි, වැරදි දේ වැරදි විදිහට දකියි එයාගේ ක්‍රමයට.
පොඩි කාලේ ඉදන්, මේක හරි දේ. මේක වැරදි දේ කියල දෙමවුපියන්ගේ මෝඩ මොල වල අදහස් බලෙන් කාවද්දල, තනියෙන් තමුන්ට තිබුණු හිතීමේ හැකියාව බින්දුවටම බහිනකන් මර්ධනය කරලා ගහල discipline කියල කිසිම පදනමකින් තොරව අතීත කාලය මිනිස්සුන්ගේ චර්යා රටාවල් ඇසුරෙන් හදාගත්ත කල් ඉකුත් වී ගිය කෙහෙල්මල් විකාර අදහස් වලට අනුව ජිවත් වෙන්න පුරුදු කරලා මොලේ කචල් කරපු මැන්ටල් ඩයල් ගොඩක් අපේ රටේ ඉන්නවා. එයාල තමයි එයාලගේ ළමයින්ට ගහන්න බනින්න ඕන, මෙහෙම කරොත් තමයි ළමයා හරියට සමාජයේ standard එකට එලියට එන්නේ කියල හිතන් ඉන්නේ.
අනික් උන් ගැන මට වැඩක් නැහැ, අනික් ළමයින් ගැන මට වැඩක් නැහැ අදාලම නැහැ, තමන්ගේ ළමයා / (හෝ තමන්ගේ ගෑනි උනත්) තමුන් සමාජය දිහා දකින කෝණයේ කැඩපතක් විදිහට නිරුපනය වෙන්න ඕනෙයි කියල මතයක ඉදගෙන, ක්‍රියාකරන, ළමයට ළමයා වෙන්න දෙන්න ගට් එකක් නැති, කට ඇරලා අනික් අයට තමන්ගේ ළමයාට එයාට ඕන විදිහට තීරණය ගන්න පුළුවන් කියල කියල කියාගන්න කොන්දක් නැති මිනිස්සු අපේ රටේ ඕන තරම් හොයාගන්න පුළුවන් උනත්, හරියට මොලේ පාවිච්චි කරලා වැඩ කරන අය හොයාගන්න එක පට්ට අමාරුයි.
ළමයෙක් නැහැදිච්ච විදිහට හැසිරෙනවානම්, ගුරුවරයෙක් ට කිසිම රෙස්පෙක්ට් එකක් නැතුව චාටර් විදිහට කතා කරනවානම්, එකට හේතුවක් තියෙනවා.
ඒ ළමයා ට ඒ දේ වැරදි දෙයක් කියල නිගමනයකට එන්න අවශ්‍ය දත්ත ටික ලැබිල නැති නිසයි එයා එහෙම හැසිරෙන්නේ.
ළමයා Intelligent වෙන්නේ ළමයට කල්පනා කරන්න කාලය සහ ඉඩ ප්‍රස්තාව අවශ්‍ය පසුතලය සලසල දුන්නහමයි. එතකොට අවශ්‍ය දේ ලැබුනම, track එකට වැටුනම තේරෙනවා මන් මේ කරේ වැරදි දෙයක් කියල. සමහර විට ලැජ්ජ වෙයි ඒ ක්‍රියාවල් ගැන.
දැන් මේ පොස්ට් එක බලන උබ උනත් උගේ පරණ තීරණ මෝඩ තීරණ විදිහට අරගෙන ඒ ගැන ලැජ්ජ වෙන අවස්ථා ඕන තරම් ඇති. ඒ ඔයාලට අලුතින් අවශ්‍ය දත්ත ටික ලැබිල තියෙන හින්ද තමයි පරණ දේ වැරදියි කියල තීරණය වෙලා තියෙන්නේ.
හරි වැරැද්ද කියන එක තමන්ගේ Point of view එකෙන් තමයි තීරණය වෙන්නේ හැමෝගෙම. එකයි ගොඩක් වෙලාවකට දෙයක් මිනිහෙකුට Explain කරලා දෙන එක තේරුමක් නැති වැඩක්, මූට මේක කියන කට හොදයි ගලක උලාගන්න එක කියල තමුන්ට හිතෙන අවස්ථාවල් එන්නේ.
දෙමවුපියන් ගේ මනසේ නොයෙක් දත්ත තිබ්බත් ඒවා 100% හරියි කියල කියන්න බැහැ. ළමයාගේ ඔලුවේ තියෙන දත්ත වෙනස්. එයා තේරුම් ගන්නේ ඒ දේ වල් වලට අනුවයි. ඉතින් කොටුව අරගෙන කරන එකෙන් වෙන්නේ ලමයව තව stress වෙන එක විතරයි.
කෝටුවෙන් කියනකොට ළමයින්ගේ හිත් කොටස් දෙකකට වෙන් වෙනවා.
* එකක්, ළමය (obedient) වහල් බාවයට පත් වෙලා ඒ කියන දේ අනුගමනය කරන්න යනවා, තමන් වැරදි නිසා තමයි මෙහෙම මට වෙන්නේ ඒ නිසා මම මේ කියන පාරේ යනවා කියල හිතනවා.
* අනික් විදිහේ කෙනා Resist කරනවා, තරහ වයිරය ඇති කරගෙන හෝ එකට විරුද්දව හැසිරෙනවා, සමහර මොලේ තියෙන ළමයින්, මේ දේවල් හිත යට තියාගෙන obedient විදිහට හැසිරෙන්නත් පුළුවන් පිටටත පේන්න. මේ විදිහේ අයගේ IQ එක කලින් අයට වඩා වැඩියි. ඒ එයාලගේ මොලේ ඒ දේ වැරදි දෙයක් කියල දැනෙන්න අවශ්‍ය දත්ත ප්‍රමාණය නැති උනත් එයාල හිතන්නේ නැහැ එහෙම උන පලියට මම වැරදි වෙන්න ඇතියි කියල. එයාල හරියට නිවැරදි දත්ත එනකම්, එයාල fight කරනවා හෝ හිත යටින් ඒ ගැන විමසිල්ලෙන් ඉන්නවා. කෝටුවෙන් කියන දේ පිළිගන්නේ නැහැ.
නමුත් මේ දෙවැනි කොටසේ අයට සාපේක්ෂව පලවෙනි කොටසේ අය ලෝකේ මිනිස්සු දකින්නේ හොද මිනිස්සු කියල. ඉතින් එයාලට තමයි ඔක්කොම facilities ලැබෙන්නේ. කටපාඩම් අධ්‍යාපනයට ඉතාමත් රුසියෝ තමයි අර මෙලෝ රහක් නැති පලවෙනි කැටගරි එකේ අය.
නමුත් ඇත්තටම ලෝකේ වෙනස් කරන්න පුළුවන් / වෙනස් කරපු මොලේ තියෙන අය තමයි අර දෙවැනි category එකේ අය.
අවාසනාවකට ගොඩක් මේ දෙවැනි කැටගරි එකේ අය විශ්වාස කරනවා තමන් ව මේ සමාජයට ගැලපෙන්නේ නැහැ, සමාජය මට වයිර කරනව කියල. ඒ සමහරක් අය සමාජයට සුකාගන්න කියල තමන්ගේ ලෝකයක් තුල ජිවත් වෙන්න බලනව. සමහරක් අය ගේ ජිවිත ගොඩක් අවුල් තත්වයට පත් වෙනවා ඔය පලවෙනි කැටගරි එකේ අය සමග ගැටෙන්න ගිහිල්ල.
මොකද පලවෙනි කැටගරි එකේ අය තමයි හොද මිනිස්සු කියල සමාජයේ පිළිගෙන තියෙන අතරේ, අනික් අයව නරකයි කියල හංවඩු ගහල තියෙන නිසා, මේ දෙගොල්ලෝ අතරේ ගැටුම හැමදාම තියෙනවා. තාත්තාගෙන් පුතාට.. පුතාගෙන් පුතාට..

උන්ට ගුරු ගෞරවයක් කියල දෙයක් ඇත්තෙම නෑහරියට ගුරුවරය උන්ගෙ දාසයො ගානට හිතාගෙන ඉන්නෙ
දඬුවම් මොකුත් දෙන්නැතුව ඔහොම උගන්නන එකෙං මමත්වය වැඩි වෙනව ඊට පස්සෙ අපිත් ඇමරිකාව වගේ ඔලුව ඉදිමිච්චි උන් ඉන්න රටක් වෙයි
ගුරුවරුන්ට කලිං ලංකාවෙ හැදෙන්න ඕනෙ දෙමව්පියොපෙලක් උන් ගුරුවරය වේවැලකිං පාරක් දුන්නාමත් ලමයත් එක්ක යනව පොලිසි
![]()
මේකට සම්පුර්ණ එකඟයි.(බොහෝ විට) ප්‍රසිද්ධියේ කෙරෙන ශාරීරික වධහිංසාවෙන් (වේදනාවට) සහ ලජ්ජාවට පත් කිරීමෙන් දරුවෙක්ව සදාචාරාත්මක ගුණවගාවකින් යුත් යහපත් මානසිකත්වයකින් හෙබි මනුෂ්‍යයෙක් බවට පත් කල හැකිද? නොහැකිද?
මනෝ විද්‍යාඥයන්, අධ්‍යාපන විද්‍යාඥයන් හා දරුවන් සම්බන්ධ පර්යේෂණ කරනු ලැබූ විද්වතුන් නැවත නැවතත් තහවුරු කොට ඇත්තේ මෙවන් පහර දීම් නිසා දරුවා යහපත් හැසිරීම් පෙන්නුම් කරනවා වෙනුවට තවත් දරදඬු හැසිරීම් පෙන්නුම්කරනා බවය.වැඩිහිටියෙකු වූ පසුව කුඩා කල විදි පීඩාවන් සමාජයට මුදා හරින බවය.
එසේම, විශේෂයෙන් පාසැලේදී ගුරුවරුන් (මොවුනට ගුරුවරු කියා ඇමතීමද ගුරු වෘත්තියට කරනා නිගාවකි) ප්‍රසිද්ධියේ දෙන ශාරීරික දඬුවම් සහ ප්‍රසිද්ධියේ කරනා ලජ්ජාවට පත් කිරීම් නිසා දරුවාගේ පෞරෂත්වයට සිදුවන හානිය සුළුපටු නොවේ.අපේ මිනිසුන්, බස් එකේ යද්දි කොන්දොස්තරට බයය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිය විට මුදල් අයකැමිට බයය, ඉස්පිරිතාලයට ගිය විට සාත්තු සේවකට බයය, දොස්තරට බයය, තම ඡන්දයෙන් පත් කරන දේශපාලකයාට බයය.මෙසේ අධිකාරී බලයෙන් හෙබි පුද්ගලයා ඉදිරියේ දෙකට නැමෙන, ඇඹරෙන, නැට්ට කකුල්දෙක අස්සේ ගහගෙන සිටිනා නිවට කීකරු බයාදු මිනිසුන් නිර්මාණය වන්නේ කුඩා කලදී දෙමව්පියන් සහ විදුහල්පතිවරුන්ගේ වේවැල මඟින් මොට කර දමනු ලැබූ පරපුරක හීන වූ පෞරෂය හේතුවෙනි.
එසේම පීඩනයන් යටතේ තම දෙමාපියන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරන දරුවා වැඩිහිටියෙක් වූ පසු එවන් අවස්ථා වලට ප්‍රතිචාර දක්වන්නේද තම දෙමාපියන් ප්‍රතිචාර දැක්වූ විලසටමය.තමාගේ අණසකට යටත් නොවන දරුවාට පමණක් නොව, බිරිඳට, පෙම්වතියට පවා පහර දෙන සැමියන් සහ පෙම්වතුන් බිහි වීමට ඔවුනගේ ළමා වයසේ අත්දැකීම් බලපාන්නේ මෙලෙසය. එසේම තමාට මුහුණ පෑමට සිදුවන ගැටළු වලට විසඳුම හිංසාව (violence) තුළින් සෙවීමට උත්සාහ කරනා මිනිසුන් බිහිවීමටද ළමා වියේ අත්දැකීම් දැඩි ලෙස බලපායි.
ලෝකයේ දැනටම රටවල් 44 ක දරුවනට, නිවසේදි හෝ පාසලේදි පහරදීම නීතියෙන් තහනම් කොට ඇත. අප රටේද යම් තාක් දුරකට නීති සම්පාදනය කොට තිබුනත්, නීතිය ක්‍රියාත්මක කිරීමට සමාජය දක්වන්නේ මැළිකමකි.ඒ බොහෝ විට නීතියේ පිහිට පතන දෙමාපියන් සහ දරුවන් දෙස සමාජය ‘ගුරු දෙවියාට’ එරෙහි වූ ද්‍රෝහියන් සේ දකින නිසාය.දරුවෙක් බිහි කිරීමට බලාපොරොත්තු වන යම් වැඩිහිටියෙක් වේ නම්, ඔහුට/ඇයට හයක් හතරක් නොතේරෙන දරුවෙකුගේ නොහොබිනා ක්‍රියා දෙස ඉවසීමෙන්, උපේක්ෂාවෙන් බලා හැඟීම් වලට යටත් නොවී බුද්ධිමත්ව වැඩිහිටියෙකු සේ දරුවාගේ අනාගතය ගැන සිතා ප්‍රතිචාර දැක්වීමට නොහැකි නම් ඔහු/ඇය දෙමාපියෙකු වීමට සුදුසු නැත.දරුවෙකු බිහිකිරීමට සුදුසු නැත !
ඔබ, අනෙකා මත තම පීඩනය පටවන පරපීඩිකයෙකු නම්,සමාජයට සහ මිනිස් සංහතියට ඔබට කළ හැකි ලොකුම සේවය නම් දරුවෙකු බිහි කිරීම ගැන දෙවරක් සිතා බැලීමයි !පෙර සඳහන් කල පරිදිම ආදි කාලයේ රුවන් වැකි සිහිකරමින්, කල් ඉකුත් වූ කසිකබල් ආකල්ප කරේ තියාගෙන සිය දරුවන් මත හිංසාව පතුරවන වැඩිහිටියෙකු නම් මින්පසු සිය දරුවාට පහර දීමට සිය අත හෝ වේවැල උස්සන විට කරුණාකර මේ වදන සිහි කැඳවා ගන්න.
ඔබේ දරුවා මිනිස් දරුවෙකු මිස වහු පැටියෙකු නොවේ.
කෙවිට භාවිතා කරන්නේ හරකුන් දැක්කීමට මිස, දරුවන් කීකරු කිරීමට නොවේ.
ඔබේ දරුවාට හරක් පැටියෙකු ලෙස නොව, මිනිස් දරුවකුට සේ සලකන්න.
වරදට කණ පැළෙන්න පහරදෙනවා වෙනුවට, වරදට හේතුව පහදා දෙන්න.
එවිට ඔහු වැඩිහිටියෙකු බවට පත් වූ පසු අණට කීකරුවන හරකෙක් බවට නොව,බුද්ධියෙන් හරි වැරැද්ද තීරණය කරන බුද්ධිමත් මිනිසෙකු බවට පත් වනු ඇත.
ඉස්සුවේ Jamis Banda බ්ලොග් එකෙන්
![]()
වරදට කණ පැළෙන්න පහරදෙනවා වෙනුවට, වරදට හේතුව පහදා දෙන්න.
මට ලැජ්ජ හිතුන අපේ තාත්තට මේ වගේ මොංගල් යාළුවො ඉන්නවා කියන එකට
ඒ කාලේ වැඩි වයසක් නැති උනත් මට ඔය දේ තේරුණා හොදට.But he's the president of Sri Lanka.This guy has no idea about schooling or parenting.Another creature stranded in Hollywood movies.
![]()
(බොහෝ විට) ප්‍රසිද්ධියේ කෙරෙන ශාරීරික වධහිංසාවෙන් (වේදනාවට) සහ ලජ්ජාවට පත් කිරීමෙන් දරුවෙක්ව සදාචාරාත්මක ගුණවගාවකින් යුත් යහපත් මානසිකත්වයකින් හෙබි මනුෂ්‍යයෙක් බවට පත් කල හැකිද? නොහැකිද?
මනෝ විද්‍යාඥයන්, අධ්‍යාපන විද්‍යාඥයන් හා දරුවන් සම්බන්ධ පර්යේෂණ කරනු ලැබූ විද්වතුන් නැවත නැවතත් තහවුරු කොට ඇත්තේ මෙවන් පහර දීම් නිසා දරුවා යහපත් හැසිරීම් පෙන්නුම් කරනවා වෙනුවට තවත් දරදඬු හැසිරීම් පෙන්නුම්කරනා බවය.වැඩිහිටියෙකු වූ පසුව කුඩා කල විදි පීඩාවන් සමාජයට මුදා හරින බවය.
එසේම, විශේෂයෙන් පාසැලේදී ගුරුවරුන් (මොවුනට ගුරුවරු කියා ඇමතීමද ගුරු වෘත්තියට කරනා නිගාවකි) ප්‍රසිද්ධියේ දෙන ශාරීරික දඬුවම් සහ ප්‍රසිද්ධියේ කරනා ලජ්ජාවට පත් කිරීම් නිසා දරුවාගේ පෞරෂත්වයට සිදුවන හානිය සුළුපටු නොවේ.අපේ මිනිසුන්, බස් එකේ යද්දි කොන්දොස්තරට බයය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිය විට මුදල් අයකැමිට බයය, ඉස්පිරිතාලයට ගිය විට සාත්තු සේවකට බයය, දොස්තරට බයය, තම ඡන්දයෙන් පත් කරන දේශපාලකයාට බයය.මෙසේ අධිකාරී බලයෙන් හෙබි පුද්ගලයා ඉදිරියේ දෙකට නැමෙන, ඇඹරෙන, නැට්ට කකුල්දෙක අස්සේ ගහගෙන සිටිනා නිවට කීකරු බයාදු මිනිසුන් නිර්මාණය වන්නේ කුඩා කලදී දෙමව්පියන් සහ විදුහල්පතිවරුන්ගේ වේවැල මඟින් මොට කර දමනු ලැබූ පරපුරක හීන වූ පෞරෂය හේතුවෙනි.
එසේම පීඩනයන් යටතේ තම දෙමාපියන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරන දරුවා වැඩිහිටියෙක් වූ පසු එවන් අවස්ථා වලට ප්‍රතිචාර දක්වන්නේද තම දෙමාපියන් ප්‍රතිචාර දැක්වූ විලසටමය.තමාගේ අණසකට යටත් නොවන දරුවාට පමණක් නොව, බිරිඳට, පෙම්වතියට පවා පහර දෙන සැමියන් සහ පෙම්වතුන් බිහි වීමට ඔවුනගේ ළමා වයසේ අත්දැකීම් බලපාන්නේ මෙලෙසය. එසේම තමාට මුහුණ පෑමට සිදුවන ගැටළු වලට විසඳුම හිංසාව (violence) තුළින් සෙවීමට උත්සාහ කරනා මිනිසුන් බිහිවීමටද ළමා වියේ අත්දැකීම් දැඩි ලෙස බලපායි.
ලෝකයේ දැනටම රටවල් 44 ක දරුවනට, නිවසේදි හෝ පාසලේදි පහරදීම නීතියෙන් තහනම් කොට ඇත. අප රටේද යම් තාක් දුරකට නීති සම්පාදනය කොට තිබුනත්, නීතිය ක්‍රියාත්මක කිරීමට සමාජය දක්වන්නේ මැළිකමකි.ඒ බොහෝ විට නීතියේ පිහිට පතන දෙමාපියන් සහ දරුවන් දෙස සමාජය ‘ගුරු දෙවියාට’ එරෙහි වූ ද්‍රෝහියන් සේ දකින නිසාය.දරුවෙක් බිහි කිරීමට බලාපොරොත්තු වන යම් වැඩිහිටියෙක් වේ නම්, ඔහුට/ඇයට හයක් හතරක් නොතේරෙන දරුවෙකුගේ නොහොබිනා ක්‍රියා දෙස ඉවසීමෙන්, උපේක්ෂාවෙන් බලා හැඟීම් වලට යටත් නොවී බුද්ධිමත්ව වැඩිහිටියෙකු සේ දරුවාගේ අනාගතය ගැන සිතා ප්‍රතිචාර දැක්වීමට නොහැකි නම් ඔහු/ඇය දෙමාපියෙකු වීමට සුදුසු නැත.දරුවෙකු බිහිකිරීමට සුදුසු නැත !
ඔබ, අනෙකා මත තම පීඩනය පටවන පරපීඩිකයෙකු නම්,සමාජයට සහ මිනිස් සංහතියට ඔබට කළ හැකි ලොකුම සේවය නම් දරුවෙකු බිහි කිරීම ගැන දෙවරක් සිතා බැලීමයි !පෙර සඳහන් කල පරිදිම ආදි කාලයේ රුවන් වැකි සිහිකරමින්, කල් ඉකුත් වූ කසිකබල් ආකල්ප කරේ තියාගෙන සිය දරුවන් මත හිංසාව පතුරවන වැඩිහිටියෙකු නම් මින්පසු සිය දරුවාට පහර දීමට සිය අත හෝ වේවැල උස්සන විට කරුණාකර මේ වදන සිහි කැඳවා ගන්න.
ඔබේ දරුවා මිනිස් දරුවෙකු මිස වහු පැටියෙකු නොවේ.
කෙවිට භාවිතා කරන්නේ හරකුන් දැක්කීමට මිස, දරුවන් කීකරු කිරීමට නොවේ.
ඔබේ දරුවාට හරක් පැටියෙකු ලෙස නොව, මිනිස් දරුවකුට සේ සලකන්න.
වරදට කණ පැළෙන්න පහරදෙනවා වෙනුවට, වරදට හේතුව පහදා දෙන්න.
එවිට ඔහු වැඩිහිටියෙකු බවට පත් වූ පසු අණට කීකරුවන හරකෙක් බවට නොව,බුද්ධියෙන් හරි වැරැද්ද තීරණය කරන බුද්ධිමත් මිනිසෙකු බවට පත් වනු ඇත.
ඉස්සුවේ Jamis Banda බ්ලොග් එකෙන්
![]()
මේකට සම්පුර්ණ එකඟයි.
මෙතන system එකේ එකම අවුල තමයි ළමයින්ට කන පැලෙන්න ගැහුවහම, ළමයා කියන දේ අහල ඒ විදිහට හැසිරෙන එක බැලු බැල්මටම පෙන්නේ සාර්ථක ක්‍රමයක් කියල, එතකොට මෝඩ දෙමවුපියෝ මේ ක්‍රමය අනුගමනය කරන්නෙ එයාලට ඉක්මන් ප්‍රතිපල ලැබෙනවා කියල හිතාගෙන නිසයි.
ඕනෑම වැඩක් කරනකොට ප්‍රතිපලයක් දකින්න ආසයි හැම මිනිහම.
නමුත් හැමෝටම ප්‍රතිපලය ඇගට ඉක්මනට දනෙනකන් බලා ඉන්න අමාරුයි.
ඔතන හේතුව පහදලා දුන්නට ආයේ ආයේ ළමය ඒ වරද්දම කරනවා කියල කියනෙන් දෙමවුපියෝ මයි. සැරයක් රත් වෙන්න දුන්නම ඔන්න නියමෙට වැඩේ කරනවා කියල කියනව. හරියට ඔය කිව්ව හරක් දක්කනවා වගේ.
ඔතන අවුල මෙයාල දන්නේ නැහැ හරියට වරද පහදලා දෙන්න.
වරද පහදලා දෙනවා කියන්නේ කටින් වචනෙන් වරද තේරුම් කරලා බලනවා, තේරුම් ගනියි ද කියල.
නමුත් ළමයාගේ හිතේ තියෙන්නේ මොනාද කියල කිසිම අවබෝදයක් නැහැ. ඇයි එහෙම ළමය හැසිරෙන්නේ කියල හිතන්න තරම් දෙමවුපියන්ට තේරුමක් නැහැ, ඇයි ඉතින් එයාලගේ පොඩි කාලේ ඉදන් හිතීමේ හැකියාව බින්දුවට බස්සල ඉවරයිනේ. කිසිම argument එකක් logic එකක් ඔලුවට එන්නේ නැහැ,
Examples සහ ආදර්ශමත් දේවල් ඉදිරිපත් කරලා තේරුම් යවන්න ඕන කොහොමද කියන එක ගැන කිසිම තේරුමක් නැහැ, මොකද ප්‍රශ්නේ කොතනද කියල වත් දන්නේ නැහැ. ඉතින් එයාලට තේරෙන එකම ක්‍රමේ කෙවිට තමයි.
අපේ තාත්ත දවසක් යාලුවෙක් ගේ පාටි එකකට ගියා. ඒ dial එක හොදටම drink එක දාල වෙරි. පොඩි එකා ආව ගමන් අනික් යාලුවන්ට හදුන්වල දුන්නේ, ආ මේ ඉන්නේ මගේ හරක් පැටිය කියල. කට්ටිය ඉස්සරහම කිව්වා. "මූට මෙලෝ හුත්තක් තේරෙන්නේ නැහැ, මූ අමුම අමු මී හරකෙක්" කියල කිව්වා.මට ලැජ්ජ හිතුන අපේ තාත්තට මේ වගේ මොංගල් යාළුවො ඉන්නවා කියන එකට
ඒ කාලේ වැඩි වයසක් නැති උනත් මට ඔය දේ තේරුණා හොදට.
මේ මිනිස්සු ළමයින් කියල සමාජයට release කරන්නෙ තනිකර Virus.

Ubalage FATHER wage principle la school wala innawa nam Lankawa meeta wada Lassana thanak wevi mcn...මගේ තාත්ත අවුරුදු 30කටත් වැඩිය විදුහල්පති කෙනෙක් වෙලා ඉඳලා දැන් විශ්‍රාම අරගෙන ඉන්නෙ, එයා ජීවිතෙ වැඩි හරියක්ම ළමයි එක්ක ඉන්න ඇත්තෙ, එයා නම් කියන්නෙ ළමයෙක්ට කවදාවත් ගහල බැනල දඬුවම් කරන එක හොඳ නෑ කියලා, ඒකෙන් තවත් මුරණ්ඩු වෙන එකලු වෙන්නේ, ඒ වෙනුවට දෙන්න ඕන තරම් දඬුවම් තියේලු ළමයගෙ හිත රිදෙන්නෙ නැති වෙන්න හිතට හොඳට වදින, ආයිත් සැරයක් ඒ වැරැද්ද කරන්න කලින් දෙපාරක් හිතන්න පුලුවන් විදියෙ දඬුවමක් දෙන එකලු හොඳම දේ,
https://www.sciencealert.com/science-why-you-should-never-spank-children
ශාරිරික දඩුවම් මගින් ලම්යි හික්මවන්න පුලුවන් කියන අයකියන එක දෙයක් තමයි එයාලා හරියට හැදුනේ දෙමව්පියෝ ගුරුවරු දඩුවම් කරපුනිසා කියන එක.එත් ඒ වගේ දහ ගුණයක් විතර ඉන්නවා දඩුවට බය නිසා ඉස්කොලෙ නොගිහින් අධ්‍යාපනය කඩාකප්පල් කරගත් අය.
ඒ වගේ ඇතැම්විට දරුවාට දඩුවම්කරන්නේ දරුවාගේ වරද නිසාමනොවෙයි තමන්ගේ තියෙන ස්ට්‍රෙස් එක පිටකරගන්න .
මගේ තාත්ත අවුරුදු 30කටත් වැඩිය විදුහල්පති කෙනෙක් වෙලා ඉඳලා දැන් විශ්‍රාම අරගෙන ඉන්නෙ, එයා ජීවිතෙ වැඩි හරියක්ම ළමයි එක්ක ඉන්න ඇත්තෙ, එයා නම් කියන්නෙ ළමයෙක්ට කවදාවත් ගහල බැනල දඬුවම් කරන එක හොඳ නෑ කියලා, ඒකෙන් තවත් මුරණ්ඩු වෙන එකලු වෙන්නේ, ඒ වෙනුවට දෙන්න ඕන තරම් දඬුවම් තියේලු ළමයගෙ හිත රිදෙන්නෙ නැති වෙන්න හිතට හොඳට වදින, ආයිත් සැරයක් ඒ වැරැද්ද කරන්න කලින් දෙපාරක් හිතන්න පුලුවන් විදියෙ දඬුවමක් දෙන එකලු හොඳම දේ,