to INCORRECT (everybody ,pls do not quote this machanla )
අනිච්ච තෝරගන්න එක හොදයි.හැබැයි මෙතන ඕකට ගැටි ගැටී ඉන්නැතුව අනිච්ච වැඩෙනවාද කියලා ට්‍රයිකරලා බලනවානම් තවත් හොදයි. මම අහලා තියන විදියට ඒක ප්‍රැක්ටිකලි කරලා බලන්නේ ඉතාම සුලු ප්‍රතිශතයක්ලු. හුගදෙනෙක් දහම ජීවිතකාලයේම හොය හොයා යන එකයි කරන්නේ.
එයට හේතුවකුත් තියනවා. අනිච්ච වඩන්න ගියාට ඒක වැඩෙන්නෑ සාමාන්ය කෙනෙක්ට, සාමාන්‍ය තත්වයේදී.හේතුව ඔතන සති සමාධි හදලා නැතුව නිකම්ම වඩන්න යන කෙනාට(බහුතරයට ) ඒක අරමුනු කරගන ඉදීමේ අපහසුව.එතකොට මනසට සඥ්ඥව අනිච්චහදන්න බෑ, නිකම්ම මුමුනලා හෝ හිත හිත ඉදලා.(මේක අදාල නැතිඅයත් ඇති ).
හැබැයි, සමාධිගත සිතකට ඔය අනිච්ච සඥ්ඥාව හොදින් ඇතිකරන්න පුලුවන් , පිටින් බාහිර අරමුනු එන එක අඩුනිසා. (විශේශයෙන් එතකොට විචක්ක විචාර වැඩී ඒකග්ගතා ඇතිඋන නිසා ).
මේක නිකමට කිව්ව කියලා මතක තියා ගනින්.මේවගේ උබලා අපි හුගදෙනෙක් න්‍යාය ගැනම ගොඩක් ටාගට් කරකර භාවිතාවගැන අඩුවෙන් කතාකරන නිසා වෙනසකට .වැඩිය හිතට ගන්න එපා.අභිඥ්ඥා තියන කෙනෙක් අහලා තියනවා, ඔය සුද්ධාවාසකායී බ්‍රහ්ම ලෝකෙක ඉන්න රහතන් වහන්සේ නමකගෙන්, මාර්ගඵලවලට යන්න පහසුම ක්‍රමය ගැන. එතනදි තමයි කියලා තියෙන්නේ. ධ්‍යාන අරන් තිලක්ශනය වඩන්න කියලා. ඒ ක්‍රමය ලන්කාවේ සමහර තැන්වල ඒවෙද්දිත් තිබිලා තියනවා. සමහර තැන්වල ටිකක් වටේ යන ඒවත් තිබිලා.තව ශුෂ්ක විපස්සනා, සතිපඨ්ටාන ක්‍රමය තියනවා.සතිපඨ්ටානය තමයි ඒතනදීත් වැඩෙනවා කියන්නේ.මොකද ආනාපානයෙන් ධ්‍යාන ගද්දී, කා-පස්සනාව තමයි මුලින්මවැඩෙන්නේ.
ඒ අතරිනුත් ධ්‍යාන ගන්න ක්‍රම දෙකක් ප්‍රසිද්ධයි.උපචාර සමාධිය අර්පනා සමාධිය හරහා ක්‍රමය, අනික උපචාර සමාධියට කලින් ධානවලට යෑම.ඔය දෙවනි එකප්‍රසිද්ධ නෑ.ඔන්න ඔහොම ධ්‍යාන එකාක් හෝ පහම හෝ අරගන එතනින් තමයි විපස්සනාවට බහින්නේ.ඒධ්‍යාන සිතේ අනිච්ච බලලා.ඔනේ නම් ඊටපස්සේ දෙවනියට අනිච්චයි කියලා හිතුව හිතේ අනිච්චත් බලන්න පුලුවන්. එහෙම ටෙක්නික් තියනවා. එතනදී සාමාන්‍යයෙන් අනිච්ච දකිනවාටවඩා හොදට ඒ සඥ්ඥාව වැඩෙනවා, සලායතනවලට ඉන්පුට් වෙන්නේ මොකක්ද ඒකේ අනිච්ච , දුක්ක අනත්ත බලනවා.මෙහෙම යද්දී ඒවඩන තැනැත්තගේ යම්කිසි අවස්තාවක කාමාවචර සිත්පරම්පරාව එක්වරම නතරවීනැවත හටගැනීමක් වෙනවා .එතන තමයි නිරෝධයට පත්වීම කියන්නේ.ඔහුට ඒක තෙරෙනවා.මේක මම අහලතියන දෙයක්. ඉන්ටරස්ට් නිසා කිව්වේ. හොදම ඒවා ටික මම මෙවගේ තැනක කියන්නෑ, පස්සේ බලමු