මෙහෙම ලිපියක් ෆේස්බුක් එකේ දැක්කා. සාකච්ජාවට බඳුන් කිරීම පිණිස මෙතන පල කරන්න හිතුවා
උපුටා ගැනීම
"බුදු රජාණන් වහන්සේ දේශනා කලේ "අනිත්‍යද ? අනිච්චද ? " හරියටම බලා ගන්න.. සියල්ල අනිත්‍ය ද ? බුදු රජාණන් වහන්සේ දේශනා කලේ සියල්ලම අනිත්‍යයි,අනිත්‍ය නිසා දුකයි ,දුක නිසා අනාත්මයි කියලද?සියල්ල අනිත්‍ය නෑ..අනිත්‍ය සියල්ල දුකත් නෑ...අනිත්‍ය සියල්ල දුකයි කියල බුදුන් වහන්සේ දේශනා කලාද?එහෙම දේශනා කලෙත් නෑ..එහෙනම් කුමක් ද දේශනා කලේ යන්න හරියටම බලාගන්න ලිපිය අවසන් වෙනකන් කියවන්න..
Blah blah blah... කැමැත්ත...
අනිච්ච කියන්නේ කැමති සේ නෑ කියන එක...දැන් බලමු..
මරණය අනිච්ච් යි = මරණය කැමති සේ නෑ...
ලෙඩ වීම අනිච්ච් යි= ලෙඩ වෙනවා කැමති සේ නෑ..
මහලු වීම අනිච්චයි =මහලු වෙන්නේ නැති කතාවක් නෙමේ....මහලු වීම කැමති සේ නෑ
මරණය රිය අනතුරකින් වෙන්න පුළුවන්,ගිනි අරගෙන වෙන්න පුළුවන්, කුඩා කාලේ වෙන්න පුළුවන්,තරුණ කාලේ වෙන්න පුළුවන්, එක තැන ඉදල අංශ භාගේ හැදිලා මල මුත්‍රා ගොඩේ මැරෙන්න පුළුවන්. එහෙම මැරෙන්න කව්රුත් කැමති නෑ....එත් එහෙම මැරෙනවද නැද්ද? එහෙම මැරෙනවා...එහෙනම් මරණය කැමති සේ නෑ..මරණය අනිත්‍ය කතාවක් කිවොත් මැරෙන්නේ නෑ කියල එකෙන් කියවෙන්නේ.නමුත් සියලු දෙනා මැරෙනවා.මරණය කැමති සේ නෑ..
මහලු වෙනකොට කෙස් පැහෙනවා,මූණ රැලි වැටෙනවා..දත් වැටෙනවා...ඔය සියල්ලට අපි කැමතිද? නෑ...එත් සියල්ල වෙනවා..එහෙනම් මහලු වීම කැමති සේ නෑ,පෙළෙනවා නේද?
සියල්ල කැමති සේ නෑ,පෙළෙනවා කිවම හරියට හරි නේද?ඒකට තමයි අනිච්ච් කියන්නේ..ඉච්ච සේ නෑ,කැමති සේ නෑ නේද කිසිම දෙයක්..කැමති සේ නැත්නම් දුකයි..
ජීවිතේ ගැන හිතන්න....
ඉගෙන ගන්නා වැඩේ කැමති සේ නෑ නේද? දුකයි
ආදරය කැමති සේ නෑ නේද? දුකයි
දරුවෝ කැමති සේ නෑ නේද? දුකයි
ඔයාගේ ලස්සන කැමති සේ නෑ නේද? දුකයි
ඔබේ යාළුවො ඔබට කැමති සේ නෑ නේද? දුකයි
රැකියාව කැමති සේ නෑ නේද ? දුකයි
සල්ලි බාගේ කැමති සේ නෑ නේද? දුකයි
විවාහ ජීවිතේ කැමති සේ නෑ නේද? දුකයි
වේදනාවෙන් පෙළෙනවා... දුකයි..
ආදරයෙන් පෙළෙනවා ...දුකයි....
බඩ ගින්නෙන් පෙළෙනවා ..දුකයි...
ඔහොම බලන්න මොනවද කැමති සේ තියෙන්නේ කියල...
අනිච්ච කියන්නේ කැමති සේ නෑ,පෙලනවා කියන එක....කැමති සේ නැති හැම දෙයක්ම දුකයි නේද,???
කැමති සේ නැත්නම් පෙලෙනවා නම් දුකයි.
ඔයාල දැන් හිතන්න සියල්ල අනිත්‍ය කියනකොටද,, සියල්ල කැමති සේ නෑ කියනකොටද දුක නිවෙන්නේ කියල..
දුක හිතෙනකොට බලන්න..මට දුක හිතෙන්නේ කැමති සේ නැති නිසානේ කියල..
ඔන්න හරි වැරැද්ද ,දකින්නෝ දකිත්වා...."
අමු ගොන් කතාවක් නේද?
හම රැලි වැටෙනවා දුකාකාකා...යි
මහලු වෙනවා දුකාකාකා..යි
මැරෙනවා දුකාකාකා..යි
ඈ බං මේව දැකලවත් නැති සිද්ධාර්ත කුමාරයාට මේව කියල දුන්න චන්න ඇමතියනේ!
චන්න ඇමතිනේ බොලේ එහෙනං ඉස්සෙල්ලම දුක්ඛ ආරය සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ?
යකෝ පොඩ්ඩක් හිතපල්ල. ඔය කියන දුක නෙවෙයි දුක්ඛ ආර්ය සත්‍ය, ඒක පිරිසිඳ දකින්න ඕනේ එකක්. වහරක, අභය වගේ මී හරකුන්ගේ ගොන් කතා අහලා දන්න ධර්මයත් නැති
කරගන්න එපා.
බුදුහාමුදුරුවෝ දෙසා වදාලේ පෙර මිනිසෙක්, බ්‍රහ්මයෙක්, දෙවියෙක්, නොඇසුවිරූ ධර්මයක්. මිනිස්සු ලෙඩ වෙලා හම රැලිවටිලා මැරෙන එක, යාලුවෝ තරහා වෙලා ඇති වන දුක ගැන කියන්න බුදුවරු ඔනේ නෑ. චන්න ඇමතියා හිටියාම ඇති!



