වල්ල වල්ල වල්ල

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
වල්ල වල්ල වල්ල

පුරුෂ ප්‍රජනක පද්ධතිය/වල්ල/කුරුල්ලා
(penis)​

9YCJwR6.jpg

ටික දවසකට පස්සෙ නුලක් දාන්නෙ, EK එකට ආවට කොටන්න වෙලාවක් තිබුනෙ නැහැ...කලින් දාපු නුල් මතක ඇතිනේ කොල්ලො ටිකට (බලල නැති උන්ට පහල ලින්ක් දාල ඇති) ඔය නූල් අස්සේ කට්ටිය කියලා තිබුන ජුන්ඩා ගැනත් කියපන්කො ස්ත්‍රී අහවල් එක ගැනම නූල් දාන්නේ කියල:angry::angry:...හරි ඉතින් වල්ල අතට අරන් වැඩ පටන් ගමු:rofl::P (ගත්තට කමක් නැහැ හොල්ලන්නේ නැතුව ඉදපන්) BUMP එකක් දාපල්ලා...

1. යෝනිය (Vagina & Vulva) http://www.elakiri.com/forum/showthread.php?t=1835678
2.කුක්කු (පියයුරු) http://www.elakiri.com/forum/showthread.php?t=1835448

වෘෂණ (රබුටන්)

වෘෂණ තියෙන්නේ යුගලක් ඒ කියන්නෙ දෙකක් විදිහට මේවා තියෙන්නෙ වෘෂණ කෝෂය කියන සමෙන් නිර්මාණය වුනු ව්‍යුහය ඇතුලෙ, ශරීරයෙන් පිටතට එල්ලෙන විදිහට...මෙන්න මේ වෘෂණ දෙකෙන් එකක් සාමාන්‍යයෙන් අනිත් එකට වඩා පහලින් තියෙන්නෙ මේ නිසා ඇවිදීමේදී එකිනෙක ගැටීමෙන් ඇතිවන අපහසුව අවම වෙලා තියෙනව:rofl:...අපි කොලු පැටියෙක් වෙලා අම්මගෙ බඩේ ඉද්දී වෘෂණ දෙක හැදෙන්නෙ අපේ බඩ ඇතුලෙ...අපි බඩ ඇතුලෙ ඉන්න සති 40න් 33වෙනි සතිය විතර වෙද්දි සාමාන්‍යයෙන් මේ වෘෂණ දෙක බඩ ඇතුලෙ ඉදන් එළියෙ තියෙන වෘෂණ කෝෂයට එනව...සමහර උන්ගේ මෙහෙම බඩේ ඉදන් එන වෘෂණ, වෘෂණ කෝෂයට එන්නේ නැතුව බඩ ඇතුලෙම නවතිනව:shocked:...සමහර උන්ගේ බඩේ ඉදන් වෘෂණ කෝෂ‍යට එන මාර්ගයේ මැද හරියකදි නවතිනව:shocked:....සමහරුන්ගේ පහලටම එන වෘෂණ මාර්ගය වැරදිලා වෘෂණ කෝෂයට නොගිහින් කකුලෙ කළව ප්‍රදේශයට ගමන් කරනව:shocked:...කලබල වෙන්න දෙයක් නැහැ මේව ඉතින් සැත්කමකින් මල්ල ඇතුලට දාගන්න පුළුවන්...මේ වෘෂණ බඩේ ඉදන් වෘෂණ කෝෂයට ආපු මාර්ගය සාමාන්‍යයෙන් වැහිලා යනව...සමහරුන්ගේ මේ මාර්ගය වැහිච්ච එක දුර්වල උනොත් ඒ මාර්ගය දිගේ බඩවැල් ඇවිල්ලා හර්නියා තත්වයක් එන්නත් බැරිකමක් නැහැ.

වෘෂණ ශරීරයෙන් එළියේ එල්ලලා තියෙන්නෙ ඒවයේ ශුක්‍රාණු (බඩු) හැදෙන්ඩ තරමක අඩු උෂ්ණත්වයක් අවශ්‍ය හින්දයි....ඒ හින්ද රස්නේ වැඩි වෙලාවට වෘෂණ දාලා තියෙන මල්ල බුරුල් වෙලා මේව තරමක් ඇඟෙන් ඈත් වෙනව...ඒ වගේම තද සීතලත් හොඳ නැති හින්ද හොඳටම සීත වෙලාවට වෘෂණ දෙක ඇඟට බොහොම කිට්ටු වෙන විදිහට මල්ල හැකිලෙනව...හැබැයි කොල්ලො එකක් තද/ගොරෝසු යට ඇඳුම් ඇන්දම වෘෂණවල උෂ්ණත්වය අඩු කරගන්ඩ බැරි වෙනව එතකොට වෙන්නේ ඒ අයගේ ශුක්‍රාණු හැදෙන එක අඩුවෙනව (ඕනනම් ඉතින් අපේ කොටා මහත්තය වගේ සිවිල් පිට ඉදපන්:rofl:...වැඩි විස්තර සදහා කොච්චි නූල බලපන්;))....අනික නිතරම තද උණු වතුරෙන් නාන එකත් හොඳ නෑ කියලා තමයි කියන්නේ...ඒ වගේම ලැප්ටොප් එක වල්ල උඩ තියං පාවිච්චි කරනවනං ඒකත් හොඳ නෑ මොකද ලැප්ටොප් එක වල්ල උඩ තියාගද්දි කකුල් දෙක ටිකක් ළං කරල තියාගන්න ඕනනේ ඒ වගේම ලැප්ටොප් එක රත් වෙද්දි ඒ උෂ්ණත්වයත් වල්ලට බලපානව...

වෘෂණ ඇතුලෙ තියෙන්නෙ ඉතා කුඩා සියුම් නාල පද්ධතියක්...මේව ඇතුලෙ තමයි ශුක්‍රාණු හැදෙන්නෙ....වෘෂණවල තියෙන මේ නාලවල දිග එකතු කරල බැලුවොත් මීටර් 250ක් විතර වෙනව කියල තමයි කියන්නෙත්...දන්නවනෙ වෘෂණ ඇතුලෙ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නෙ ශුක්‍රාණු හදන එක...ඊට අමතරව ටෙස්ටොස්ටෙරොන්(testosterone) කියන පුරුෂ හෝමෝනය හදන්නත් ප්‍රධාන වශයෙන් වෘෂණ දායක වෙනව...මේ කියන ටෙස්ටොස්ටෙරොන් හැදෙන්නේ වෘෂණවල තියෙන ලේඩිග් සෛල(leydig cells) කියන සෛල ඇතුලෙ...ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය පුරුෂයින්ගේ ලිංගික අවයව හදන්න, පුරුෂ ගතිලක්ෂණ(රැවුල/රෝම/මාංශ පේශි) පවත්වගෙන යන්ඩ වගේම ලිංගික ආශාව ඇති කරන්නත් දායක වෙනව ඒ නිසා යම් යම් අවශ්‍යතාවලදි සමහරුන්ගේ වෘෂණ ඉවත් කරනව...සමහරු අධික ලිංගික ආශාව නිසා ස්ත්‍රී දූෂකයෙක් උනොත් දඬුවමක් විදිහට වෘෂණවල ක්‍රියාකාරීත්වය නැති කරන්න දකුණු කොරියාව වගේ සමහර රටවල් ක්‍රියා කරනවා:shocked:...ඒ වගේම හරක්, බල්ලෝ වගේ සත්තුන්ගේ ප්‍රජනන හැකියාව නැති කරන්නත් මේ විදිහට වෘෂණ විනාශ කරල දානව....ඒ දවස්වල හරක් වඳ කරන මේ ක්‍රියාවලියට කිව්වේ 'කර අඹනව' කියල...ඒක කලේ පොලු දෙකක් අරගෙන හරකගෙ වෘෂණ දෙක මේ පොලු දෙක මැද්දට තියලා අඹරණ එකලු:baffled:....

***වඳ සැත්කම පිලිබද වැඩි විස්තර සදහා AnuradhRA මහතාගේ නූල බලන්න ~ vasectomy - http://www.elakiri.lk/forum/showthread.php?t=1680254~

euoLoF3.jpg

වෘෂණ කෝෂය

වෘෂණ කෝෂය ශරීරයෙන් පිටතට එල්ලී ඇති සමෙන් සෑදුනු මල්ලක් වගේ ව්‍යුහයක් (#ට දාල තියෙන්නෙ ඕක ඇතුලෙ තමයි)...මේක ඇතුලෙ එක එක වෘෂණය සඳහා වෙන වෙනම කොටස් දෙකක් තියෙනව...ඒ කියන්නේ එළියෙන් පේන්නේ එකක් වගේ උනාට ඇතුලෙන් වෘෂණ දෙක වෙන් කරමින් බිත්තියක් තියෙනවා.ඒක හින්දා වෘෂණ දෙක පැත්ත මාරුවෙන්නෙ නැහැ...වෘෂණ කෝෂයේ කාර්යය වෙන්නේ ශුක්‍රාණු ජනනය සඳහා අවශ්‍ය කරන නියම උෂ්ණත්වය වෘෂණවලට ලබා දෙන එක...මේ සඳහා එහි ඇති දහදිය ග්‍රන්ථිත් දායක වෙනවා.

2ffmBX6.jpg

අපිවෘෂණ

අපිවෘෂණ කියන්නේ එක එක වෘෂණයක ඒවා මත පිහිටල තියෙන පුංචි නාළ පද්ධතියක්...වෘෂණයෙන් පිට වෙන නාළ ටික එකට එකතු කරල තනි නලයක් බවට (ශුක්‍ර නාළය බවට ) පත් කරල, ඒ වගේම වෘෂණයෙන් පිට වෙන ශුක්‍රාණු පරිණත කරන්නෙත් මේ unit එකෙන්...

ශුක්‍ර නාළ

එක එක වෘෂණයේ හැදෙන ශුක්‍රාණු ශිෂ්ණයට ගේන්න දෙපැත්තෙ තියෙන බට දෙක තමයි ශුක්‍ර නාළ කියන්නෙ...වෘෂණ තියෙන්නෙ ඇඟෙන් එළියෙ එල්ලෙමින්...ඒත් වෘෂණ හැදුනෙ ඇඟ ඇතුලෙ හින්ද (අම්මගෙ බඩේ ඉද්දි) වෘෂණ එළියට ආවට ශුක්‍රානු ගෙනියන නාළ යන්නෙ වෘෂණවල ඉදන් ආයෙත් ඇඟ ඇතුලට...ශ්‍රෝණිය ඇතුලෙ මුත්‍රාශයට දෙපැත්තෙන් ගිහිල්ල මේ ශුක්‍ර නාළ දෙක පුරස්ථිති ග්‍රන්ථිය ඇතුලෙදි මුත්‍ර මාර්ගයට එකතු වෙනව...

පුරස්ථිති ග්‍රන්ථිය

පුරස්ථිති ග්‍රන්ථිය කියන්නේ පොඩි ස්ට්‍රෝබෙරි හැඩට සමාන හැඩයෙන් යුතු ව්‍යුහයක්...මේක මැද්දෙ තමයි මුත්‍රාශයේ ඉදන් මුත්‍ර මාර්ගය/මුත්‍රා නාළ ගමන් කරන්නෙ...ඒ අතර මැද මුත්‍ර මාර්ගයට ශුක්‍ර නාළ වගේම ශුක්‍ර ආශයිකා දෙකත් විවෘත වෙනව...මේ පුරස්ථිති ග්‍රන්ථිය ටිකක් දැඩි ව්‍යුහයක්...ඒ හින්ද මිනිහෙක් මැරිලා අදුර ගන්න බැරි වෙන තරමට කුණු උනත් මේ පුරස්ථිති ග්‍රන්ථිය ටිකක් කල් නරක් නොවී තියෙනවලු....ඒක හින්ද නරක් වෙච්ච මිනී හම්බ උනහම ගෑනුද පිරිමිද කියලා අදුර ගන්න පුරස්ථිති ග්‍රන්ථිය උදව් වෙනව කියල තමයි කියන්නෙ.

පුරස්ථිති ග්‍රන්ථියේ කාර්යය වෙන්නේ ශුක්‍ර තරලය හදන්න දායක වෙන එක...වෘෂණවල හැදිච්ච ශුක්‍රාණු පිට වෙන්නේ තරලයක් විදිහටනෙ ඉතිං මේ තරලයට ශ්ලේශ්මලය යම් ප්‍රමාණයක් එකතු කරන්නෙ පුරස්ථිති ග්‍රන්ථිය...ශ්ලේශ්මලය කියන්නෙ නිකං සෙම වගේ තරලයකට...ඊට අමතරව ශුක්‍ර තරලය භාශ්මික කරන්ඩත් පුරස්ථිති ග්‍රන්ථියේ ශ්‍රාවයන් දායක වෙනව...ශුක්‍රාණුවලට ආම්ලික මාධ්‍යවල සජීවීව තියෙන්නෙ නැහැ...ස්ත්‍රී යෝනිය ආම්ලිකයිනෙ ඉතින් මේ ස්ත්‍රී යෝනියෙ ආම්ලික බව උදාසීන කරන්න ශුක්‍ර තරලයෙ භාෂ්මික බව වැදගත් වෙනව.

මේකනම් කියන්නම ඕන... මේ පුරස්ථිති ග්‍රන්ථිය ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගය ඇතුල් බිත්තියෙ තියෙන G ස්පොට්/G spot කියන අධි සංවේදී ස්ථානයට සමාන පුරුෂගේ ස්ථානය...ඒ කියන්නේ ගැනුන්ගේ G spot වෙනුවට පිරිමින්ට තියෙන එක:baffled:...ඒ නිසා මේ පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කිරීමෙනුත් ලිංගික තෘප්තිය ලබාගන්න පුලුවන් කියලයි කියනනෙ...ගුද මාර්ගයට ඇඟිල්ල දාලා එහි ඉදිරි බිත්තිය හරහා පුරස්ථිති ග්‍රන්ථිය තියෙනවා අල්ලලා බලන්ඩ පුළුවන් ඕනනම්:baffled:....සමහර රෝගී තත්ත්වවලදී පුරස්ථිති ග්‍රන්ථිය ලොකු වෙලාද බලන්න ගුද මාර්ගයට ඇගිල්ල දාලා බලන්න සිද්ද වෙනව....සමලිංගිකයින් ශිෂ්ණය ගුද මාර්ගයට ඇතුලු කිරීමේ ක්‍රියාව කරන්නේ මේ පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කරන්න කියල තමයි කියන්නේ:baffled:...උබල එහෙම කරල බලන්න එපා ඊටපස්සෙ සැප වැඩි නිසා නවත්ත ගන්න බැරි වෙනව කියල තමා කියන්නේ:baffled::eek:...

ශිෂ්ණය/පොල්ල

ශිෂ්ණය ඉතින් මේක තමයිනේ වැදගත්ම කොටහ කියල හිතන් ඉන්නෙ. ශිෂ්ණය කියන්නේ අවශ්‍ය වෙලාවට සෘජු/කෙලින් වෙන අනිත් වෙලාවට නිකන් එල්ලි එල්ලි තියෙන ව්‍යුහයක්නෙ. මේක කෙලින් නොවුනොත් බෙලහීනයෙක්(නගින්නේ නැති) කියලා අපහාස විදින්න වෙනව:baffled:. ඒ වගේම හැමතිස්සෙම(පැය 24පුරා) කෙලින් වෙලා තිබ්බොත් වනචරයෙක්:angry: කියලා අපහාස විදින්න සිද්ද වෙනව. මේක පාලනය කරන් ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද කියල දන්නේ ඒක තියෙන එකෙක්ම විතරයි.. ස්ත්‍රී පාර්ශවයට ඕවා තේරෙන්නේ නැහැ:sorry:...

කූපර් ග්‍රන්ථිය (cowper's gland) ගැනත් කියන්නම ඕන...කූපර් ග්‍රන්ථිය (cowper's gland) කියන්නේ බෝංචි ඇටයක් තරමේ ග්‍රන්ථි දෙකක්. පුරස්ථිති ග්‍රන්ථියට පහළින් දෙපැත්තේ මේවා දෙක පිහිටලා තියෙන්නේ. මේවා එක එකක් කුඩා නාළයක් මගින් මුත්‍ර මාර්ගයට විවෘත වෙනවා. ලිංගික ආවේගය ඇති වීමත් එක්කම කූපර් ග්‍රන්ථිවල තියෙන ශ්‍රාවයන් මුත්‍ර මාර්ගයට මුදා හැරෙනවා...මෙම ශ්‍රාවය නිසා මුත්‍ර මාර්ගයේ මුත්‍ර නිසා ඇතිවෙලා තියෙන ආම්ලික බව නැති කරන්න මේ ශ්‍රාවය දායක වෙනව.... ඒ වගේම ශුක්‍ර තරලය(බඩු) මුත්‍ර මාර්ගය හරහා පහසුවෙන් ගලා යාමටත් මේ ශ්‍රාවය පැවතීම උදව්වක් වෙනවා. ඊට අමතරව ශිෂ්ණයේ කෙළවර යම් පමණකට තෙත් බවක් ඇති කර ලිහිසි කාරකයක් විදිහටත් මේ තරලය ක්‍රියාත්මක වෙනව...(ඔව් අර කොන තෙත් වෙන්නේ මේ හින්ද තමයි)

ශිෂ්ණය හැදිල තියෙන්නේ ස්පොන්ජිමය පටකවලින් හැදිච්ච කූරු වගේ ව්‍යුහ තුනකිං (පහල රූප ඇති). මේවායෙන් දෙකක් එක සමානයි. ඒ දෙක උඩ දෙපැත්තෙනුයි අනිත් එක පහළ මැදිනුයි පිහිටලා තියෙනව...ඉහළින් තියෙන ව්‍යුහ දෙක වටේට තද පටකයකින් හැදිච්ච ආවරණයක්, ඒ කියන්නේ කවරයක් තියෙනව.

CCiYfS1.jpg

මේ ඉහළින් තියන ස්පොන්ජිමය පටක මැද්දෙන් ධමනි කියන රුධිර නාළ (හදවතේ ඉදන් රුධිරය අරන් එන රුධිර වාහිනී) පිහිටල තියෙනව...දැන් ඉතින් ඔන්න කට්ටිය මතක් කර ගන්ඩ අර ඉස්සර කාලෙ රුපියල් දෙකට තිබ්බ අයිස් පැකට්... අන්න ඒ අයිස් පැකට් එකකට තරමක පීඩනයෙන් වතුර පිරෙව්වොත් මොකද වෙන්නේ??? (පුපුරනවා යකෝ ඒත් මේක පුපුරන්නේ නැහැ බය වෙන්නේ නැතුව ඉදපන්) අන්න ඒ සිද්දියම තමයි මෙතනදීත් වෙන්නෙ...ශිෂ්ණයේ මේ තියෙන ස්පොන්ජිමය පටකවල රුධිරය පිරෙනව, එතකොට ශිෂ්ණය ක්‍රමයෙන් ප්‍රමාණයෙන් විශාල වෙනව (ඔව් ඔව් නගිනව තමයි) ඊට පස්සේ අර ස්පොන්ජිමය පටක වටේ තියෙන තද පටකයෙන් හැදිච්ච කවරේ නිසා එක්තරා අවස්ථාවකදි විශාල වෙන එක නැවතිලා මේ පටක ඇතුලේ පීඩනය වැඩි වෙනවත් එක්කම පීඩනය නිසා ශිෂ්ණය සෘජු වෙන්ඩ පටන් ගන්නව. ශිෂ්ණයට රුධිර සැපයුම වැඩි වෙනකොට ශිෂ්ණය ප්‍රමාණයෙන් විශාල වෙද්දි ශිෂ්ණයෙන් රුධිරය අරන් යන ශිරා අවහිර වෙනව. ඒ නිසා ශිෂ්ණය ඇතුලේ රුධිරය එක් රැස් වෙලා පීඩනය වැඩි වීමක් තමයි වෙන්නේ...

3Hxl55Q.jpg

මේ ශිෂ්ණය ප්‍රාණවත්වීම සමගම වෘෂණ කෝෂද(ඇට) ඉහළට ගොස්‌ ශක්‌තිමත් වේ...මෙය ලිංගික හැඟීමක්‌ ඇති වී තත්ත්පර 30 ක පමණ කෙටි කාලයකදී ඇති වෙන්න පුළුවන්...ඒ වගේම මේ කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වෙන්නත් පුළුවන් වයසින් වැඩිවීමත් එක්කම ලිංගික උත්තේජනයකදී ශිෂ්ණය ප්‍රාණවත්වීම සඳහා ගතවන කාලයද වැඩිවීමක් විය හැකියි...ඉතින් වයසින් මුහුකුරා යන පුද්ගලයනට ලිංගික උත්තේජනය ඇතිකර ගැනීම සඳහා සිතිවිලි මෙන්ම ස්‌පර්ශයද අවශ්‍ය වෙනව...(ඒ කියන්නෙ වැල බැලුවට වදිනව හොරයි,ඉතින් ගෑනු අතක් පයක් වදින්නම ඕන)


ශුක්‍රාණු පිටවීම

මේක ගැනත් කියන්නම එපැයි, ලිංගිකව එක්‌වීමේදී ශුක්‍රාණු පිටවීම සඳහා ගතවන සාමාන්‍ය කාලය කියල හොයන තියෙන්නේ විනාඩි 05 ත් 06 අතර කාලයක් (ටැට්ටරේ පදිද්දී මීට වඩා ගොඩක් අඩුයි මොකද බලෙන්ම යවන හින්ද:rofl::P)... මේකට බලපාන්නේ පිටවන ශුක්‍ර තරලයේ ප්‍රමාණය, ශුක්‍රතරලය පිටනොවී තිබූ කාලය, හා ලිංගික උත්තේජනයයි...ඒ වගේම ලිංගිකව එක්‌වන ආකාරය (sex position) අනුවත් ශුක්‍රාණු පිටවන කාලය පමා කර ගැනීමක් කරන්න පුළුවන්...ඉතින් ලිංගික ක්‍රියාවේදී ශුක්‍ර මෝචනය උනාට පස්සේ ශිෂ්ණයට ලැබෙන මේ රුධිර ප්‍රමාණය අඩු වීම නිසා නැවතත් ශිෂ්ණය කුඩා වෙනවා (ඔව් ඉතින් හුලං ගියා වගේ වෙන්නේ)

IsZCCyu.jpg

හැබැයි ඉතින් කොල්ලො, ලිංගිකව එක්‌වීමේදී විනාඩියකටත් අඩු කාලයකදී ශුක්‍රාණු පිටවෙනව නම් (ක්ෂණික මෝචනය) ඒක පාලනය කර ගන්නත් බැරි නම් ඒකත් නිතර නිතර සසිද්ද වෙනව නම් හා මේ තත්ත්වය නිසා කෙල්ලට/වයිපරේට මානසික ගැටලුවක්‌ ඇති වෙනව නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න එක උබේ අනාගතේට හොදයි...(ගොඩක් වෙලාවට තියෙන්නේ මානසික හේතු)

ජුන්ඩේ අග කෙළවර තියෙන ශිෂ්ණ මුණ්ඩය(ටොපා) හැදෙන්නේ අර පහළින් තිබුණු ස්පොන්ජිමය පටක ශිෂ්ණය කෙළවරදී විශාල වීම නිසා තමයි... මේ පහළින් තියෙන ස්පොන්ජිමය පටකය මැද්දෙන් තමයි මුත්‍ර මාර්ගය ගමන් කරන්නේ... මේ ශිෂ්ණ මුණ්ඩය(ටොපා) තමයි පුරුෂයින්ගේ ලිංගිකමය සංවේදී ප්‍රධානම ප්‍රදේශය...

ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශය ආවරණය වෙලා තියෙන සම පසුපසට කිරීමෙන් ශිෂ්ණ මුණ්ඩය(ටොපා) නිරාවරණය කරන්ඩ පුළුවන්...යුදෙව්වන් සහ මුස්ලිම් අය මේ පෙර සම කපා දමනව...

කොල්ලනේ එත් මේ ශිෂ්ණ මුණ්ඩය(ටොපා) පිරිසිදුව තියා ගන්න ඕන අපිරිසිදුව තිබුනොත්නම් ශිෂ්ණ මුණ්ඩය හා පෙරසම අතර ස්මැග්මා (Smegma) කියන ශ්‍රාවයන් එකතු වෙනව...කොල්ලො පොල්කුඩු කිව්වමනෙ දන්නේ:rofl:... මේ ස්මැග්මා දුඟදින් යුක්ත වන අතරම පිළිකා කාරකද වෙනව ඒ හින්ද ඕක කෙල්ලට/වයිපරේට කන්න දෙන්න කලින් හොදට හෝදල දීපන් නැත්නම් ඉතින් පස්සෙ මෙතන ඇවිල්ල නහයෙන් අඩනව කුරුල්ල සූප්පු කරන්නෙ නැහැ කියල:angry:...

***පසුව - බඩු එන මාර්ගය පහැදිලි නැහැයි කියල තිබුන එලකිරි කොල්ලෙක්...ඒ හින්ද වීඩියෝ කෑල්ලක් දැම්මා...

***පසුව - තවත් එළකිරි කොල්ලෙක්ගේ ප්‍රශ්නයක්***
ගම්මිරිස් පිබිනව කියන්නෙ මොකක්ද???

අලුත උපන් පොඩි කොලු පැටව් නාවද්දී චූටි එකාගෙ ජුන්ඩටට කොලු පැටියව නාවන කෙනා ගම්මිරිස් ඇට ටිකක් හපලා කටින් පිබිනවා... මේකට තමයි ගම්මිරිස් පිබිනව කියන්නෙ...එහෙම කරන්නෙ පුරුෂ මඳසරුභාවය (වඳ බාවය)
නැති කරන්න කියල තමයි කියන්නෙ...පුරුෂ මඳසරුභාවයට හේතුවක්ලු කුඩා කොලු පැටව්ගෙ මල්ල ඇතුලට වෘෂණ ඇතුලු නොවීම (undescended testicles)...

මන් මේ නූලෙම කිව්වනෙ කොලු පැටිය කාලෙ ඇට තියෙන්නෙ උදර කුහරය ඇතුලෙ කියල, ඉතින් ඇට පිට පැනල යන උන්ගෙයි, ඇට මල්ලට එන්නේ නැති උන්ගෙයි ඇට ශල්‍ය කර්මයක් කරල මල්ල ඇතුලට දානව (හරියට කරේ නැත්නම් බඩු පැකට්)...ඉතින් මෙහෙම වෙන එක නැති කරන්නලු අපේ ආච්චිල සීයල මේක කරේ...ගම්මිරිස් වල තියෙනව උත්තේජක ගුණ තවත් විශේෂම ගුණයක් තමයිලු, ඇගේ තියෙන පේශීවල සංකෝචන වාර ගනන වැඩි කිරීම එහෙමත් නැත්නම් වේගයෙන් පේශී ක්‍රියා කිරීමට සැලැස්වීම...මෙන්න මේ නිසා ගම්මිරිස් පිබල වෘෂණ කෝෂයේ පේශී වේගයෙන් කියාත්මක වීම කරවල පීඩනයක් ඇති කරවල ( මේ වෙනකොට වෘෂණය හිස් කෝෂයක්) අර උදර කුහරයේ තිබෙන වෘෂණ මල්ල ඇතුලට පැමිණීම වේගවත් කරවිමක්ලු කරන්නෙ.
****




ඔන්න ඉතින් කොටල ඉවරයි, හැම විස්තරයක්ම විස්තර කරලා දන්නා ගියොත් ඉවර කරන්න වෙන්නේ නැහැ...කලින් නුල් වලත් rep කපපු උන් හිටිය ඒව ගැන හිතන්නේ නැතුව, වැඩ අස්සේ කොටල දාන්නේ උබලගේ දැනුමට යමක් එකතු කරන්න හිතන්, මම ඩොකෙක් නෙවෙයි ඒ නිසා වැරදි ඇතොත් නිවැරදි කරත්වා...

***කොල්ලො ටිකට කෙල්ලො ටිකට ජය! ජය! ජය!***

BUMP එකක් දාපල්ලා...


teHA3V4.png
 
Last edited by a moderator:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇට දෙකේ තියෙන බඩු, ශුක්‍ර නාලය හරහා ශුක්‍ර ආශයිකාවට ගිහින් එතනින් පුරස්ථිති ග්‍රන්ථියෙ තියෙන මුත්‍ර වාහිනියට කනෙක්ට් වෙලා සෙනිකව යන්නෙ ඔච්චර ලොකු වටයක් ගහලද බන්?
     
    • Like
    Reactions: ramesh_jaya

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇට දෙකේ තියෙන බඩු, ශුක්‍ර නාලය හරහා ශුක්‍ර ආශයිකාවට ගිහින් එතනින් පුරස්ථිති ග්‍රන්ථියෙ තියෙන මුත්‍ර වාහිනියට කනෙක්ට් වෙලා සෙනිකව යන්නෙ ඔච්චර ලොකු වටයක් ගහලද බන්?

    බඩු එන මාර්ගය ගැන වීඩියෝ කෑල්ලක් දැම්මා...
     
    • Like
    Reactions: Durotan

    IdOXObI

    Member
    Feb 18, 2018
    49
    7
    0
    වල්ල වල්ල වල්ල 02-18-2018 07:46 PM puka hodalada aawe?
    I've received (- ) reputation as above. I don't consider about repiutation, But I still reply to comment.

    ඔව් මේ දැන් බොකක් දාල පුක හොදල ෆ්‍රෙස් පිට ඉන්නේ.. ආසද ඉබින්න.
    බම්ප් එකක් දාල මෙහෙම කොරන්ඩ හේතුව මුගේ වල්ල කුරුවල්.

    නූල කැත කරන්න අදහසක් නෑ.. ඒත් මේ වගේ ගොන්නුත් ඉන්නවානේ
     

    AnuradhaRa

    Well-known member
  • පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇට දෙකේ තියෙන බඩු, ශුක්‍ර නාලය හරහා ශුක්‍ර ආශයිකාවට ගිහින් එතනින් පුරස්ථිති ග්‍රන්ථියෙ තියෙන මුත්‍ර වාහිනියට කනෙක්ට් වෙලා සෙනිකව යන්නෙ ඔච්චර ලොකු වටයක් ගහලද බන්?

    මටත් ඕක ප්‍රශ්නයක් බං. බඩු යන්ඩ කලින් උඩට ඇවිල්ල නතර වෙලා තියෙනව ඇති.
    අනිත් වෙලාවට බඩු ටික ඇටේ තියෙන්නෙ මං හිතන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    බඩු එන මාර්ගය ගැන වීඩියෝ කෑල්ලක් දැම්මා...

    ethakota purasthithi granthiyeda hold karan inne? mama harida? waradi nam kiyanna

    මටත් ඕක ප්‍රශ්නයක් බං. බඩු යන්ඩ කලින් උඩට ඇවිල්ල නතර වෙලා තියෙනව ඇති.
    අනිත් වෙලාවට බඩු ටික ඇටේ තියෙන්නෙ මං හිතන්නෙ

    ow. ara video eka balanna