ටැප්_එකෙන්_කසිප්පු

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ටැප්_එකෙන්_කසිප්පු

    වැලිපැන්න පොලිස්‌ වසමට අයත් මතුගම මල්වතුකන්ද ප්‍රදේශයේ නිවාසවලට ජල ව්‍යාපෘතියක්‌ මගින් සැපයෙන ජලයේ ගෝඩා මිශ්‍ර ජලය පැවැතීම නිසා පෙරේදා (20 දා) සිට එම ප්‍රදේශයේ ජනතාව දැඩි අසීරුතාවට මුහුණ පා සිටින බව වාර්තා වෙනවා. ටැප් එකෙන් කසිප්පු



    මල්වතුකන්ද ප්‍රදේශයේ මුත්තෙට්‌ටුවත්ත, ගන්කන්ද, මානගොඩ ජීවත්වන පවුල් 20 කට අධික පිරිසක්‌ මේ නිසා දැඩි ලෙස පීඩා විඳිති. මේ නිසා එම පවුල්වල කුඩා දරු දැරියන්ට ද පෙරේදා (20 වැනිදා) භාවිත කිරීමට සිදුවූයේ ගෝඩා මිශ්‍ර ජලය බවද එම ගම්වාසීන් පවසනවා.
    ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කලක සිට තම නිවාසවලට ජලය සපයන ජල මූලාශ්‍රය පිහිටි ප්‍රදේශයේ කිසියම් පිරිසක්‌ හොර අරක්‌කු (කසිප්පු) පෙරීමේ ජාවාරමක නිරත වන බවත්, ඔවුන් විසින් ජලය බෙදාහරින ජල ටැංකියට ගෝඩා මිශ්‍ර කරන්නට ඇති බවත් ය.
    මෙම සිද්ධියෙන් පසු එම ප්‍රදේශයේ කසිප්පු විකිණීමේ නිරතව සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති හොර අරක්‌කු නිෂ්පාදනය කරනා ජාවාරම්කරු තවමත් නිදැල්ලේ පසුවන බව ගම්වැසියන් කියති



    :rofl::rofl::rofl::rofl:



    .
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගමම සූර්පිට ඉන්න ඇත්තෙ, පව් බන්, ජාවාරම් කාරයොන්ට ගිය රට...!!
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ගමම සූර්පිට ඉන්න ඇත්තෙ, පව් බන්, ජාවාරම් කාරයොන්ට ගිය රට...!!

    ගමේ බේබද්දන්ට කසිප්පු මුදලාලි දෙන සර්විස් එකක් මේක.ජලසම්පාදෙනේට නෙම්යි කසිප්පු මුදලාලිටයි බිල ගෙවන්නේ.