මම අපේ තාත්තට කලා මාතර ආසිරි එකෙන්. (2020-12) මට නම් ඒක කරන්න ඕන උනේ තාතතගෙ හිත හොඳ කරන්න. හැම අවශ්‍ය ඩොක්ට කෙනෙක්වම ඉක්මනට මීට් කලා පෝලිමේ තියන්නෙ නැතුව. හාර්ට් සම්බන්ද ඒවට ඩොක්ට චින්තකද සිල්වා තමයි සෙට් කලේ. අන්තිමට ඔක්කොම රිපොර්ට් අරන් ඒව බැලුවෙත් ඒ ඩොක්ට. ඒ රිපෝර්ට් බලල තව හාර්ට් එක ගැන කොලඹින් ස්කෑන් එකක් කරන්න කිව්ව මාතර නෑ කියල. ඒක කැමති නම් කරන්න කිව්වෙ. තව කනේ ප්‍රශ්ණයක් තියන්ව කියල කණ සම්බන්ද ඩොක්ට කෙනෙක්ව සෙට් කලා රෙපොර්ට් බැලුවට පස්සෙ. ඒකට සල්ලි ගත්තෙ නෑ වෙනම. හොඳට වැඩ ටික කරල දුන්න. නවතින්න උනේ නෑ. උදේ 8.30ට ගියේ, එද්දි පැය 12ක් ෆාස්ටින් කරල එන්න කිව්ව. පලවෙනි ලේ සාම්පල් එක අරගෙන ලෙඩාට උදේ කෑම දුන්න එහෙන් (රතු බත්). එකක් ඇරෙන්න අනිත් ඔක්කොම ස්කෑන් ටික එක දවසින් කරගත්ත. අනිත් එකට එදා ඩොක්ට හිටියෙ නෑ. කැන්සර් ඩිටෙක්ශන් එකත් එක්ක තියන එක තමයි කලේ. ඒකට 57ක් ගියා. කොහොම උනත් සර්විස් එක ගැන නම් 100% සැටිස්. මටත් වැඩිය තාත්තට.