full body checkup for parents

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා. මට මතකයි ත්රෙඩ් එකක් තිබ්බ වයසක අයට ලංකාවේදි කරගන්න හොද medical tests ටිකක්. හොයාගන්න බැරි උනා.

    මට ඕන අම්මටයි තාත්තටයි medical checkup එකක් කරගන්න. full body checkup එකක් කරන එක හොදද ? නැත්නම් කොහාමද හොද? පුලුවන්නම් විස්තර ටිකක් දාන්න. නුවර කරනවනම් කොහෙද හොද? අම්මලාට තාත්තලාට මේවගේ චෙක්අප් එකක් කරපු අය ඉන්නවද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,849
    15,120
    113
    ගොඩක් හොස්පිටල් වල මේ කපටි වැඩේ කරනව ෆුල්බොඩි පැකේජ් කියලා. මේවයෙ තියෙන ටෙස්ට් වලින් 90% විතර වැඩක් වෙන්නෙ නෑ කලාට. බොඩි චෙකප් එක කරන කෙනාට දැනට තියෙන රෝග ලක්ශන එක්ක කම්පෙයාර් කරලා ටෙස්ට් ටික කරගන්නවා නම් හොදයි. මම පහලින් දාන්නම් ෆුල් බොඩි චෙකප් එකක තියෙන දේවල් සහ වැදගත් ද වැදගත් නැද්ද කියන එක. මූලික පියවරේදි අත්‍යාවශ්‍ය දේවල් ටික කරලා අසනීපයක් තියෙනවා නම් දෙවනි පියවර විදියට අනෙකුත් ටෙස්ට් කරගන්න එක තමා හොදම. වයසත් එක්ක එන්න පුළුවන් ලොකුම අසනීප දෙක කොලොස්ටරෝල් සහ සීනි හෝ ඒ දෙකම එහෙම නැත්නම් හාට් ඇටෑක්.

    INVESTIGATIONS

    • Full Blood Count - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • E.S.R - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Fasting Blood Sugar - අත්‍යාවශ්‍යයි
    • TSH - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Urine Full Report - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Stool for Occult Blood - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Blood Picture - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • HbA1c - අත්‍යාවශ්‍යයි
    • Alpha Feto Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • PSA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • CEA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    LIPID PROFILE

    • Serum Cholesterol - අත්‍යාවශ්‍යයි
    • HDL/LDL Cholesterol - අත්‍යාවශ්‍යයි
    • Serum Triglycerides - අත්‍යාවශ්‍යයි
    • Ratio of Cholesterol / HDL - අත්‍යාවශ්‍යයි
    LIVER PROFILE

    • SGPT / GGT - අත්‍යාවශ්‍යයි
    • Alkaline phosphate - අත්‍යාවශ්‍යයි
    • Total Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Albumin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Globulin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Albumin/Globulin Ratio - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Serum Bilirubin -අත්‍යාවශ්‍යයි
    RENAL PROFILE

    • Serum Creatinine - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Blood Urine & Electrolytes - අත්‍යාවශ්‍යයි
    • Uric Acid - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Serum Calcium & Phosphorus - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    SERVICES

    • ECG - රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.
    • Chest X-Ray with Reporting - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • US Scan Abdomen - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • ECHO by Cardiologist - රෝගලක්ශන අනුව අතාවශ්‍ය වේ. කලාට කමක් නැත.
    • Hearing test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Lung function test - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ
    • Bone density - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

    එහෙම බැලුවම ඔය ටිකට යන්නෙ 5500 වගේ දැන් යන රේට්ස් වලට. ඔතනින් පස්සෙ අපි හිතමු ෆාස්ටින් බ්ලඩ් සුගර් එකෙන් පස්සෙ සීනි වැඩි නම් ලේ වල අපිට ඊලග පියවර විදියට H1A1C එකක් කරලා බලන්න පුලුවන් හිස්ට්‍රි එක, ඒකත් 6 ට වඩා වැඩිනම් අනෙක්වා ගැන පරීක්ශන කරන්න පුලුවන්. එතකොට ලිවර් ප්‍රොෆයිල් එකෙන් ලිවර් ෆන්ක්ශන් වෙනවද බලනවා යූරින් රිපොට්ස් වලින් කිඩ්නි ෆන්ක්ශන් වෙනවද බලනවා. ලිපිඩ් ප්‍රොෆයිල් එකෙන් බලනවා කොලොස්ට්‍රලෝල් ගැන.

    ඔය රිපෝට්ස් ඔක්කොම නරක නම් අපි ඊලගට යන්න වෙන්නෙ හාට් ටෙස්ට් එකට. ඒකට ඊ සී ජී කියන්නෙ බොහොම ප්‍රාතමික ටෙස්ට් එකක්. ඊට වඩා ඇකියුරේට් ටෙස්ට් එකක් තමා එක්සර්සයිස් ඊ සී ජී සහ එකෝ ටෙස්ට් එක. හරියටම බැලුවොත් ෆුල් බොඩි එකක් කරන්න කලින් අත්‍යාවශ්‍යම වෙන්නෙ

    Glucose Test, Liver Test & Lipid Profile.

    හැමදේම මාකටින් ලෝකෙ මේ වගේ සල්ලි ගසා කන දේවල් වලට අහු වෙන්න එපා..
    👆
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,282
    45,241
    113
    ✅ Complete Blood Count (FBC) : රුපියල් 400

    ✅ Blood Glucose (FBS) : රුපියල් 220

    ✅ Lipid Profile (total cholesterol, LDL, HDL, and triglycerides) : 1200

    ✅ Kidney Function Tests ( S. Cr ) රුපියල් 650

    ✅ Thyroid Function Test ( TSH only) : රුපියල් 1590

    ✅ Urinalysis ( UFR ) රුපියල් 380

    ✅ Chest X-Ray PA රුපියල් 1500

    ✅ Electrocardiogram (ECG) : රුපියල් 500

    ✅ ESR රුපියල් 360

    ✅ Blood pressure measurement (BP)
     
    • Love
    Reactions: elektro

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    ඔය එක ටෙස්ට් සෙට් එකකවත් කැන්සර් අහුවෙන ටෙස්ට් නෑ. ඔය සෙට් එකෙන් කොලොස්ට්‍රෝල්, සීනි, ලිවර්, kidney වගේ බේසික් ටික විතරක් බලලා හරි කමක්නෑ කැන්සර් ස්පෙශලයිස්ඩ් ටෙස්ට් පැකේජ් එකක් දෙන හොස්පිට්ල් එකකින් අවුරුද්දකට සැරයක්වත් ටෙස්ට් ටික කරවපන් දෙමව්පියන්ට. ගොඩක් වෙලාවට ස්ටේජ් 3/4 තමා රෝග ලක්ෂණ ඇවිල්ලා ලෙඩේ අහුවෙන්නෙ. එතකොට ඉතිං ප්‍රකෝටිපතියෙක් උනත් කොච්චර සල්ලි වියදම් කරත් ගොඩ දාගන්න අමාරුයි. මුල් කාලෙ හොයාගත්තනම් පොඩි ඔපරේශන් එකයි මාසයක් කිමෝ රේඩියොතෙරපි කරා ගොඩ
     
    Breast Cancer
    Mammography: Every 1–2 years starting age 40–50.

    Cervical Cancer
    Pap smear ± HPV test: Every 3–5 years, ages 21–65.

    Colorectal Cancer
    Colonoscopy: Every 10 years (or FIT stool test annually) starting age 45.

    Lung Cancer (high-risk smokers)
    Low-dose CT scan: Annually, ages 50–80 with ≥20 pack-year history.

    Prostate Cancer (shared decision)
    PSA blood test: Discuss starting age 50–55.

    -grok

    හැබැයි ඇස්බැස්ටෝස් වහලක් යට ඉන්නවා නම්, දුම් පානය නොකරන අය උනත් lung cancer වලට scan කරගන්න එක හොඳ වෙයි 😶
    ------ Post added on Oct 28, 2025 at 12:32 PM
     
    hemotama godak thanks. bump karapu ayarath

    Kandy wala dannawada kauruhari hoda thenak?