මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස්
මේ රෝගය ගැන බොහෝවිට ඔබ අසා ඇති.සමහරවිට ඔබගේ ඥාතියෙක් මිතුරෙක් මේ රෝගයෙන් පීඩා විඳින්නටත් ඇති.මේ දිනවලත් රටේ සමහර ප්‍රදේශ වල මේ රෝගය පැතිරීමේ අවදානමක් තිබෙනවා .නිසි කලට ප්‍රතිකාර නොලැබීම බොහෝවිට රෝගියාට මරණය උරුම කරදෙන දරුනු රෝගයක් මේ මී උණ.
ලෙප්ටොස්පයිරා කාන්ඩයේ බැක්ටීරියාවක් තමයි මේ රෝගය ඇති කරන්නේ.මේ බැක්ටීරියාව ජීවත්වෙන්නේ සමහර ක්ෂීරපායි සතුන්ගේ වකුගඩු තුල. බොහෝවිට ලංකාවේ හමුවන විශේෂය නම් මීයන් තුල තමයි හමුවන්නේ.ඒත් මේ බැක්ටීරියාව ඉහත කී සතුන් තුල සිටියත් එය ඔවුන්ට රෝගයක් ඇති කරන්නේ නැහැ .
ඒත් මේ ආසාදිත සතුන්ගේ මුත්‍රා මගින් පිටවන බැක්ටීරියාව අපේ සිරුරට ඇතුල් වුනොත්නම් අපට මේ මී උණ කියන මාරාන්තික රෝගය ඇති කරනවා.
කුඩා හෝ සමේ සීරීමක් සහිතව දූෂිත ජලයට බැස්සම මේ රෝගය බෝවෙන්න පුලුවන්.කුඹුරු,ඇලදොළ,මඩ වලවල්, කොහිල වලවල් යන ඕනාම තැනක් අවදානම සහිත ස්ථාන.මීට අමතරව පොළොව මත තෘණ මත ආසාදිත මී මුත්‍ර තිබෙන්නත් පොඩි ඉඩක් තියෙනවා .තවද මේ මී මුත්‍ර මිශ්‍ර ජලය පානයෙන් කටසේදීමෙන්ද රෝගය බෝවෙන්න පුලුවන් .
සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීරගත වී දින 5-14 කාලයකදී රෝග ලක්ෂන මතුවීම සිදුවේ.
මේ රෝගයේ මූලික ලක්ෂණනම්
තද උණ
තද හිසරදය
ඇග සීත කිරීම
තද මස්පිඩු වේදනාව
වමනය
ඇස් රතු වීම
ශරීරය කහ වීම
බඩේ කැක්කුම
බඩ බුරුල් කිරීම
ප්‍රතිකාර නොලදහොත් වකුගඩු ,අක්මාව ,හෘදය වැනි අවයව වලට සිදුවන බලපෑම් නිසා ඒවා අක්‍රිය වී මරණය සිදුවිය හැකිය.
මේ නිසා ඔබට මී උණ වැළඳී ඇතයි සැකයක් ඇත්නම් වහාම ලඟම ඇති රෝහලේ වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය පරීක්ෂා සිදු කරගන්න.මේ රෝගය සඳහා අදාල ප්‍රතිජීවක ඖෂධ ලබදීමෙන් අවාසනාවන්ත ප්‍රතිපල අත්වීම වැලැක්විය හැක.
ඔබ ලෙප්ටොස්පයිරෝසිස් සහිත පෙදෙසක ජීවත් වන ගොවියෙක්නම් හෝ දූෂිත ජලයට බැසීමට අදහස් කරන්නේනම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙන් හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් රෝගයෙන් වැලකීමට ලබාදෙන ඩොක්සිසයික්ලින් ඖෂධය ලබාගන්න පුලුවන් .කුඹුරට බසින කාලය තුල මෙය සතියකට වරක් ගැනිම ප්‍රමාණවත් .