චොක්ලට් ඩ්‍රින්ක්ස් හදාගෙන චොක්ලට් මිහි&

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    චොක්ලට් ඩ්‍රින්ක්ස් හදාගෙන චොක්ලට් මිහි&

    තමන් කැමති තාලෙට හදාගෙන රස්නෙ දවසක කූල් එකේ බොන්න වගේම සීතල දවසක හොට් වෙන්නත් පුළුවන් රෙසිපි ටිකක් තමා මේ. හදල බීලම බලමුකො නේද? 😉;););)



    1. Strawberry Chocolate Shake:cool::cool:

    Source – simpleasthatblog.com
    අවශ්‍ය ද්‍රව්‍ය
    කිරි කප් 4
    කපාගත් ස්ට්‍රෝබෙරි කප් 1/2
    චොකලට් සෝස් මේස හැඳි 3
    රස අනුව සීනි
    චොකලට් අයිස්ක්‍රීම් ස්කූප් එකක්


    අයිස්ක්‍රීම් හැර සියල්ල එකට දමා බ්ලෙන්ඩ් කරගන්න. අයිස්ක්‍රීම් උඩින් දමා පිලිගන්වන්න.


    2. Chocolate Mocha

    Source – skillet.lifehacker.com
    අවශ්‍ය ද්‍රව්‍ය
    ඩාර්ක් කුකින් චොකලට් 50g
    කිරි කප් 1/2
    සීනි තේ හැඳි 2
    ක්ශණික කෝපි තේ හැඳි 2
    චොකලට් සිරප් තේ හැන්දක්
    සැරසීමට විප්ඩ් ක්‍රීම් සහ කොකෝවා පව්ඩර් ටිකක්


    චොකලට්, කිරි සහ සීනි එක් කර බඳුනක දමා රත් වෙන්න තබන්න. චොකලට් දිය වෙන තුරු හැඳි ගාමින් මිශ්‍ර කරගන්න. මදගින්නේ තබාගන්න.
    ලිපෙන් ඉවත් කර කෝපි සහ චොකලට් සිරප් එක් කර කෝප්ප වලට දමා උඩින් විප්ඩ් ක්‍රීම් සහ කොකෝවා පව්ඩර් ඉස පිලිගන්වන්න.

    3. Chocolate Malted Shake

    Source – casadasreceitas.com.br
    අවශ්‍ය ද්‍රව්‍ය
    චොකලට් අයිස් ක්‍රීම් කප් 1
    කිරි කප් 1
    චොකලට් මෝල්ට් පව්ඩර් කප් 1/3 (මයිලෝ හෝ චොකලට් හෝර්ලික්ස්)
    සීනි අවශ්‍ය නම් පමණක්
    ඕරියෝස් හෝ චොකලට් කුකීස් දෙකක්


    කුකීස් හැර සියල්ල එකට එක් කර බ්ලෙන්ඩ් කරගන්න. තික් ගතිය වැඩි නම් තව කිරි එක් කරගන්න. වෙනම අයිස්ක්‍රීම් ස්කූප් එකක් උඩින් දමා එයට උඩින් කුකී එක තබා පිලිගන්වන්න.


    4. Mocha Frappé

    Source – makinglemonadeblog.com
    අවශ්‍ය ද්‍රව්‍ය
    සාදාගත් කශ්ණික කෝපි කප් 1
    චොකලට් චිප්ස් කප් 1/2
    වැනිලා තේ හැඳි 1
    චොකලට් සිරප් ටිකක්
    කුඩු කරගත් අයිස් කැට කප් 3
    විප්ඩ් ක්‍රීම්
    හෙවි ක්‍රීම් කප් 1/2
    කුරුඳු කුඩු ස්වල්පයක්


    කුරුඳු සහ විප්ඩ් ක්‍රීම් හැර අනෙක් සියල්ල බ්ලෙන්ඩර් එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. විප්ඩ් ක්‍රීම් සහ කුරුඳු කුඩු උඩින් දමා පිලිගන්වන්න.


    5. Honey & Hot Chocolate

    Source – honey.com
    අවශ්‍ය ද්‍රව්‍ය
    කිරි කප් 4
    වැනිලා තේ හැඳි 2
    මී පැණි මේස හැඳි 2
    මිල්ක් කුකින් චොකලට් 100g


    කිරි වලට චොකලට් එක් කර මද ගින්දරේ තබා චොකලට් දිය වෙන තුරු රත් කරගන්න. ලිපෙන් ඉවත් කර වැනිලා සහ මී පැණි එක් කර පිලිගන්වන්න.


    6. Avocado Chocolate Shake

    Source – 52kitchenadventures.com
    අවශ්‍ය ද්‍රව්‍ය
    කිරි කප් 1 1/2
    කොකෝවා පව්ඩර් මේස හැඳි 3
    සීනි මේස හැඳි 3
    ඉදුණු අලි ගැට පේර ගෙඩියක මදය
    වැනිලා ස්වල්පයක්
    දියකරගත් චොකලට් චිප් මේස හැඳි 2
    අයිස් කැට


    සියල්ල එකට එක් කොට බ්ලෙන්ඩර් කර ගන්න.


    7. Iced Chocolate
    :love::love::love::love::love::love::love:
    Source – cocktailcrewindia.com
    අවශ්‍ය ද්‍රව්‍ය
    උණු වතුර කප් 3/4
    සීනි කප් 1/2
    කොකෝවා පව්ඩර් කප් 1/2
    චොකලට් සිරප් තේ හැන්දක්
    කිරි කප් 1
    කුඩු කරගත් අයිස් කැට කප් 2
    සෝඩා ටිකක්
    මිල්ක් කුකින් චොකලට් 50g (දියකරගත්)
    අයිස් ක්‍රීම් ස්කූප් එකක්
    මිංචි කොල ටිකක්


    වතුර, සීනි, කොකෝවා පව්ඩර් සහ කුකින් චොකලට් එකට බ්ලෙන්ඩ් කරගන්න. එයටම කිරි එක් කර නැවත බ්ලෙන්ඩ් කරගෙන නිවෙන්නට පසෙකින් තබාගන්න.
    නිවුනු පසු එයට අයිස් කැට එක් කර නැවත බ්ලෙන්ඩ් කරගන්න.
    සෝඩා ටිකක් වීදුරුවේ අඩියට මුලින් දමා එයට උඩින් සාදාගත් චොකලට් මිශ්‍රණය දමා අයිස්ක්‍රීම් ස්කූප් එකක් දමා මිංචි කොල වලින් සරසා පිලිගන්වන්න.
    :):):):):):):):):):):):):):):):):):):):)
     
    • Like
    Reactions: netsurfer