සාමාන්‍යයෙන් Mass surveillance සිස්ටම් එකක් ගේන්නේ ත්‍රස්තවාදය,සමාජ කැළඹීම් සහ ජාතික ආරක්ෂාව වගේ මාතෘකා මුල් කරගෙන.
අන්තර්ජාලය,සමාජ ජාල වෙබ් අඩවි සහ සේවාවන් රටක් අවුලවන්න ,ආණ්ඩු පෙරළන්න පාවිච්චි කරන්න පුලුවන්ද කියනදේට ඉතිහාසයෙන් ගන්න උදාහරණ තියෙනවා.. සිරියාව ඇතුලු අරාබි වසන්නතයේ ගොදුරු බවට පත් වූ මුස්ලිම් රටවල්..2015 වසරේදී ලංකාවේ ආණ්ඩු පෙරළිය.
2001 ඇමෙරිකාවේ සිදුවූ ද්විත්ව ත්‍රස්ත ප්‍රහාර මුල් කරගෙන ඔවුන් මුලු රටම ආවරණය වන විදියට ඩිජිටල් ඔත්තු බැලීමේ පද්ධති ස්ථාපිත කලා.හේතුව විදියට ගත්තේ ත්‍රස්තවාදය මැඩලීම.මෙම ඔත්තු බැලීම් පද්ධති අන්තර්ජාලය හරහා ලෝකය පුරා රටවල ක්‍රියාත්මකයි.මේවා හරහා ඇමෙරිකාවට ලැබී තිබෙන හැකියාව කොතරම් ප්‍රබලද යන්න එඩ්වඩ් ස්නෝඩන් පෙන්වා දී තිබේ.මේ හරහා පුද්ගල නිදහස කොතරම් හෑල්ලුවට ලක්ව තිබේද යන්න තේරුම් ගැනීම කල හැක්කේ පෞද්ගලිකත්වය ගැන හැඟීම් මාත්‍රයක් හෝ තිබෙන අයෙකුට පමණයි.
ලංකාවේ සිදුවෙමින් තිබෙන සමාජ කැළඹීම් හරහා මෙරට ජනයාගේ පෞද්ගලිකත්වයත් අහිමි වන දිනය වැඩි ඈතක නොවන බවට දැන් සංඥා දිස්වෙමින් ඇත.මෙරට තුල Mass surveillance system ස්ථාපිත කිරීම කෙසේ වෙතත් එවැනි කාර්යයන් කල හැකි සුළු පරිමාණ system ස්ථාපනය කිරීමෙන් රටේ ආරක්ෂාව තහවුරු කිරීම කෙසේ වෙතත් ඒවාහි හැකියාවන් සිය බලය රැක ගැනීම,විරුද්ධවාදීන් දඩයම් කිරීමට භාවිතා කිරීම සඳහා උපරිමයෙන් භාවිතා කරාවි යන්න නම් සහතිකය.


