Mass surveillance - Are you ready

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    hqdefault.jpg


    සාමාන්‍යයෙන් Mass surveillance සිස්ටම් එකක් ගේන්නේ ත්‍රස්තවාදය,සමාජ කැළඹීම් සහ ජාතික ආරක්ෂාව වගේ මාතෘකා මුල් කරගෙන.

    අන්තර්ජාලය,සමාජ ජාල වෙබ් අඩවි සහ සේවාවන් රටක් අවුලවන්න ,ආණ්ඩු පෙරළන්න පාවිච්චි කරන්න පුලුවන්ද කියනදේට ඉතිහාසයෙන් ගන්න උදාහරණ තියෙනවා.. සිරියාව ඇතුලු අරාබි වසන්නතයේ ගොදුරු බවට පත් වූ මුස්ලිම් රටවල්..2015 වසරේදී ලංකාවේ ආණ්ඩු පෙරළිය.

    2001 ඇමෙරිකාවේ සිදුවූ ද්විත්ව ත්‍රස්ත ප්‍රහාර මුල් කරගෙන ඔවුන් මුලු රටම ආවරණය වන විදියට ඩිජිටල් ඔත්තු බැලීමේ පද්ධති ස්ථාපිත කලා.හේතුව විදියට ගත්තේ ත්‍රස්තවාදය මැඩලීම.මෙම ඔත්තු බැලීම් පද්ධති අන්තර්ජාලය හරහා ලෝකය පුරා රටවල ක්‍රියාත්මකයි.මේවා හරහා ඇමෙරිකාවට ලැබී තිබෙන හැකියාව කොතරම් ප්‍රබලද යන්න එඩ්වඩ් ස්නෝඩන් පෙන්වා දී තිබේ.මේ හරහා පුද්ගල නිදහස කොතරම් හෑල්ලුවට ලක්ව තිබේද යන්න තේරුම් ගැනීම කල හැක්කේ පෞද්ගලිකත්වය ගැන හැඟීම් මාත්‍රයක් හෝ තිබෙන අයෙකුට පමණයි.

    ලංකාවේ සිදුවෙමින් තිබෙන සමාජ කැළඹීම් හරහා මෙරට ජනයාගේ පෞද්ගලිකත්වයත් අහිමි වන දිනය වැඩි ඈතක නොවන බවට දැන් සංඥා දිස්වෙමින් ඇත.මෙරට තුල Mass surveillance system ස්ථාපිත කිරීම කෙසේ වෙතත් එවැනි කාර්යයන් කල හැකි සුළු පරිමාණ system ස්ථාපනය කිරීමෙන් රටේ ආරක්ෂාව තහවුරු කිරීම කෙසේ වෙතත් ඒවාහි හැකියාවන් සිය බලය රැක ගැනීම,විරුද්ධවාදීන් දඩයම් කිරීමට භාවිතා කිරීම සඳහා උපරිමයෙන් භාවිතා කරාවි යන්න නම් සහතිකය.
     
    • Like
    Reactions: Garrus

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    111014_1538_StingRayTec1.jpg


    Stingray phone tracker

    මේක මොබයිල්පෝන් ටැප් කරන උපාංගයක්(IMSI-catcher).ඇමෙරිකාව තමයි දැනට මේක බහුලවම පාවිච්චි කරන්නේ,විශේෂයෙන් උන්ගේ පොලිසිවල මේක තියෙනවා.

    stingray-700x845.jpg


    මේකෙදී කරන්නේ ටෙලිකොම් සමාගමේ දුරකතන කුළුනත් මොබයිල් පෝන් එකත් අතර ව්‍යාජ දුරකතන කුලුනක් මවා පාන එක.මේක හරියට දෙන්නෙක් කතා කරද්දී මැද ඉදන් අහන් ඉන්නවා වගේ වැඩක්.මේ උපාංගය දුරකතන කුළුනක් විදියට ක්‍රියා කරන නිසාත් සැබෑ දුරකතන කුළුනට වඩා ප්‍රබල සංඥා නිකුත් කරන නිසාත් මොබයිල් පෝන් මුලින්ම සම්බන්ධ වෙන්නේ අර උපාංගය එක්ක.එතනින් පස්සේ වෙන දේ කියන්න ඕනේ නෑනේ.


    300px-Stingray.png

    ඔය තියෙන්නේ භාණ්ඩේ වැඩ කරන හැටි සරලව

    මේවා ලංකාවේ නෑ කියලා කියන්න බෑ.මොකද ආණ්ඩුවට මෙහෙම දෙයක් ගෙන්නන එක මහ ලොකු දෙයක් නෙමෙයි.ඒ නිසා ලංකාවේ අයියලා ටික පරිස්සමින් වැඩ කලොත් හොඳයි.

    [/QUOTE]
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප්

    පොන් එකෙන් මල්කඩන උන්ව අල්ලලා ඇට ලාච්චුවේ දායි ඕන කොල්ලනේ පරිස්සමින් :rofl::P

    සිරිලන්කට් පොලෝසිය කොලොත් ඔහොම දෙයක් තමයි හිටන් :rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මෙතැන ලොකුම අවුල American උන්ට ඕකට පිලිවෙලක් තියෙනව authority එකක් ඇතුව ඕකට දශමයක් හරි responsibility එකක් ඇතුව access දෙන්නේ. නමුත් ලංකාවේ කොල්ලටයි බල්ලටයි හැම එකාටම මෙකට access කරන්න පුළුවන් වෙනවා පගාවක් දුන්නම හරි අදුරන contact එකකින් හරි. Corruption එක නිසා ඇමතිලා බලය පාවිච්චි කරලා ජල්තර ඔක්කොම ගහයි.

    අන්තිමට හැම එකාම අපේ call වලට අහගෙන ඉඳියි. Signal encrypted call විතරයි මම use කරන්නේ.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඒ කොහොමද බන්?

    Signal කියලා කිව්වේ open source project එකක්. ඉස්සර red call කියලා encrypted call app එක මෙකට connect කරලා තියෙන්නේ.

    Whatsapp viber end to end encrypted කිව්වට රට බයිලා කියලා ගැහුවට උන් backdoor දීල තියෙනව. මුන්ගේ backdoor නැහැ කියලා sure source code එක එලියෙ නිසා. හැබැයි මෙහෙම එකක් තියෙනව http://www.elakiri.com/forum/showthread.php?p=22946746#post22946746
     
    Last edited: