මුතුරාජවෙල වනසා කරන්න යන අපරාධය
ශ්‍රී ලංකාවේ පරිසර සංවේදීභාවය අතින් ඉතාමත් වැදගත් තෙත්බිම වන මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියෙන් අක්කර 406ක් නීති විරෝධී ලෙස ව්‍යාපාරිකයෙකුට පවරා තිබෙන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහන් කරයි.
අදාළ ව්‍යාපාරිකයා විසින් මෙම භූමිය තුළ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ හරහා විශාල පරිසර හානියක් සිදුවන බවත් එම ව්‍යාපාරයේ සාමාජික පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂක සජීව චාමිකර මහතා සඳහන් කළේය.
හෙක්ටයාර 3068ක විශාලත්වයකින් යුත් මෙම පරිසර පද්ධතිය තුළ සමනල් විශේෂ 67ක්, බත්කූරන් විශේෂ 34ක්, මත්ස්‍ය විශේෂ 133ක්, උභය ජීවීන් 15ක්, උරග විශේෂ 37ක්,පක්ෂි විශේෂ 129ක්, ක්ෂීරපායීන් විශේෂ 34ක් ජීවත්වන බවත්,ඊට අමතරව මෙම භූමියේදී ඉතාමත් දුර්ලභ සංක්‍රමණික පක්ෂි විශේෂ වන දම්සිළුටුදෑතුඩුවා හා දම් පිළිහුඩුවා, පළගැටි කුරුල්ලා නැමැති කුරුලු විශේෂද දැකගත හැකි බව සජීව චාමිකර මහතා සඳහන් කළේය.
මෙතරම් වටිනාකමක් සහිත තෙත් භූමිය දේශපාලඥයන් හා දේශපාලන හිතවතුන් විසින් විනාශ කර දමන බවද පවසා සිටියේය.
මුතුරාජවෙල තෙත් බිම් ප්‍රදේශය අනතුරේ අක්කර 406 ක පරිසරය වනසා කරන්න යන අපරාධය