යාළුවනේ දැවෙන දැවෙන ප්රශ්නයක් තියනවා. විහිලුවකට ගන්නේ නැතුව පුළුවන් විදියට උත්තරයක් දීපල්ලා මේ අසරණයාට... මේකයි සිද්දිය.
ඊයේ මට ඔෆිස් එකේ වැඩකට හදිස්සියේම දුරගමනක් යන්න සෙට් උනා. මමත් ඉතින් නිවාඩු දවසේ නිදහසේ ඉන්නවත් බෑ මොන කරුමයක්ද මන්ද කියල හිතන් බස් එකේ ගමන යන්න පටන් ගත්ත. දුර ගමන් බස් එකකට නැග්ග. අර මචන් කව්රු හරි එකෙක් අවුලෙන් වාත වේවි ඉන්න කොට එකපාරටම දෙවියෝ හරි/අනංගයා හරි වෙන මොකෙක්හරි අර දුකින් ඉන්න එකාට ආතල් සීන් එකක් මවල දෙනවා වගේ බස් කොන්ද මට සීට් එකක් පෙන්නුවා එතන ඉන්න කෙනා ලගින් බහිනවා කියල. මාත් එතනට ගියා.
යකෝ මෙන්න ලස්සන සුද්දියෝ දෙන්නෙක් එතන. මම වාඩි උන සීට් එකේ එක කෙල්ලයි. ඊට ඉස්සරහ සීට් එකේ ඒකිගේ යාළුවා. දෙන්නම ලස්සන කෙල්ලෝ. හැබැයි මට ඉස්සරහ සීට් එකේ වාඩි වෙච්ච කෙල්ල මාරම ලස්සනයි.
කොල්ලගේ පපුව ඩාන්.... ඩීන් ගාල ගියා බන්.
කොහොමින් කොහොම හරි මම අර කෙල්ල දිහා වරින් වර බැල්මට් එක දාගෙන සිතින් පෙම් කර කර හිටිය. එක පාරටම අර ඉස්සරහ සීට් එකේ කෙල්ල ටවුන් එක ගැන පොඩි විස්තරයක් අහන්න කතා කළා. ඔන්න කොල්ලට පොටක් පෑදුනා. කෙල්ලෝ දෙන්නම ඊට පස්සේ ෆිට් එකේ කතා කළා.
මුන් දෙන්නා ජර්මන් කෙල්ලෝ. අර ගොඩක්ම ලස්සන කෙල්ලගෙන් මම හිමින් සීරුවේ කොල්ලෙක් ඉන්නවද ඇහුවා. ඒකි නෑ කිව්වා. මගේ හිත ගියා බොලව් ඒ කෙල්ලට සිරාවටම. මුන් කැම්පස් කෙල්ලෝ, මාත් කැම්පස් ගිහින් තියන නිසා අපේ කතාව බොහොම ලගින් ගියා.
කොහොමින් කොහොම හරි මම බහින්න ඕන තැනත් කිලෝමීටර් 15ක් විතර පහුවුනා. ඒක මතක් උනෙත් බොසා කෝල් කරාම. ඉතින් මම හදිස්සියේම බස් එකෙන් බහින්න උනා. හදිස්සියේ මම මගේ Email එක අර මගේ සීට් එකේ වාඩිවෙලා හිටපු කෙල්ලට දුන්නා. ඒකිත් ඒකිගේ එක මගේ ෆෝන් එකේ ටයිප් කරා . හැබැයි අර මගේ හිත ගියපු කෙල්ල (මේකිගේ යාළුවා )ගේ contacts ගන්න බැරි උනා.
මුන් ජර්මන් කෙල්ලෝ උනාට සාරියක් අන්දලා ගත්තොත් ජර්මන් කියන එක හොයන්න බෑ බන්. කොන්ඩෙත් කළු පාටට ආසන්නයි. ඇඟේ තියන්නේ මාර ලස්සන සුදක් (අර ගොඩක් සුද්දීයෝන්ගේ තියන චාටර් සුද නෙමෙයි).
දැන් තමා කතාවේ හොදම හරිය. දැන්මට නිකන් මොකක්ද, මොකක්ද වගේ බන්. අර එක කෙල්ලෙක් බොක්කටම වැදුනා. මේකිව contact කරගන්න තියන එකම විදිය ඒකිගේ අර යාළුවගේ E-mailඑක විතරයි.
උබල මොකෝ මේ ගැන කියන්නේ .....
1. උන්ගේ-අපේ කල්චර් වෙනස් නිසා වැඩේ අතහැරලා දාන්නද ? (බොක්කට වැදිච්ච එකක් එක පාරටම අයින් කරන්නත් බෑනේ බන් ...)
2. කෙල්ලෝ දෙන්නෙක් විතරක් ආවේ මුන් කෙලි සීන් එකේ එවුන්ද බන් ?
මේක දැන් හිතට වදදෙන ප්රශ්නයක් බන්. පොඩ්ඩක් මම ගැන හිතල උපදෙසක් දීපල්ලා.......ඔෆිස් එකේ එකෙකුටවත් කියන්න බෑ, මොකද බහින තැන පහුවුනේ මට නින්ද ගිය නිසා කියල බොරුවක් දාල තියෙන්නේ.