indiyawa ekka digatama saamen imu ban.
ara SL troll cricket page eke ekaa tamai friendship eka lagadima natikaranne.
u meda baratama indiyawata kade yanawa..
![]()
පිස්සුද පිස්සුද..
දේශපාලනෙයි ආගමයි සේරම ගාවගෙන ගෝත්‍රික මූඩ් එකට ගිහිං වයිරය පතුරමු..
හදවතින් ම ලාංකිකයි
![]()





මතක තියා ගනිල්ලා, ඉන්දියාව කවදාවත් අල්ලපු රට කියලා අපිට සප් කරලා නැතිවග. උන් අපිට සප් කරා නම් සප් කරේ අනිත් ටීම් එකත් එක්ක උන්ගෙ තරහව පිරිමහන්න විතරයි. ඒක පකිස්ථානෙට විතරයි. අනිත් ඕන රටක් එක්ක ඉන්දියාවෙ උන්ට ඕන වෙලාවක එකතුවෙන්න පුළුවන්. වර්ල්ඩ් කප් එකේදි උන් සප් කරේ ඕස්ට්‍රේලියාවට. ටී ටුවෙන්ටියෙදි උන් සප් කරේ වෙස්ට් ඉන්ඩීස් වලට මිසක් අපිට නෙවේ. මොනා උනත් ඔය අවස්ථා දෙකේදිම අපිත් එක්ක පක්කො හිටියා.
ඔය ෆයිනල් දෙකැදිම අපිට සපොර්ට් කරපු ඉන්දියන්කාරයො හිටියා.2007 වර්ල්ඩ් කප් එකෙඉන්දියාවැලියට ගියේ අපි ගහපු නිසා .ඒකනිසා ටිකක් සපොර් එක අඩුවෙන් තිබ්බේ.එත් වෙස්ට් ඉන්ඩිස් මැච් එකේ උන් සමසමව දෙපැත්තටම අපොර්ට් කලා.ඒකාලෙ ක්‍රික්ඉන්ෆො කමෙන්ට්ස් කියෙව්වානම් මතක ඇති.කොහොමත් ඉන්දියාවේ එවුන් ස්නත්,අර්ජුන.අරවින්ද, මාලිගට මාර විදියට gගරු කරනවා/පලවෙනි අයි.පි.එල් එකේ සචින්ටත් වඩා වගේ චියර් එකක් සනත්ට තිබ්බා.
ජීවිතේ පළමුවැනි වතාවටද මන්ද ලාංකිකයෝ වන අපි ඉන්දියාව මැච් එකක් දිනුවට සන්තෝෂ වුණේ . ලංකාවට කෙනහෙලි කරපු හෝ නැතිව හෝ ශ්‍රී ලාංකිකයින්ට නොදිරවපු ආඩම්බර ක්‍රීඩකයින් හැම යුගයකදීම ඉන්දියන් ටීම් එකේ හිටියා. අපිට ඉන්දියාව මුලින්ම එපා වුණේ අපි මුල්ම ටෙස්ට් එක ලංකාවේදී ඉන්දියාව පරදා දිනපු විට කපිල් දෙව් පැවසු මෝඩ උඩගු වදනින් විය හැකියි. "ශ්‍රී ලංකාවට කවදාවත් ටෙස්ට් තරගයක් ලංකාවෙන් පිට දිනිය නොහැකියි" - කපිල් දෙව් . නවසීලන්තයේදී අපි ප්‍රථම ටෙස්ට් ජය ලබා කපිල් දෙව්වත් පරාජය කළා. ලාංකිකයින්ට නොදිරවන ඉන්දියන් ක්‍රීඩකයින් හැම යුගයකදීම සිටි බව පෙනේ. ඒ අතරින් ගගුලි, හර්බජාන් සිං, කෝලි පෙරමුණේය. ඒ වාගේම, සුනිල් ගවස්කාර්, ටෙන්ඩුල්කාර්, සන්ජේ මන්ජෙකාර් වැනි ලාංකිකයින් ආදරය කළ ගොඩට අලුතෙන්ම රෝහිත් ශර්මා වැටි ඇත. හැබැයි, බන්ගලියෝ ඔය මොන නයි නැටුම අපිට දැම්මත් කෝලි සිටියා නම් ලාංකිකයෝ ඉන්දියාවට සපෝර්ට් නොකරන බව නම් නිසැකයි. මේ ඇති වුන ප්‍රේමය පවතින්නේ ඊලග ඉන්දියා - ලංකා තරගය එන තෙක් පමණක් බව සැවොම දනිති. .


අයිපීඑල් නම් වෙනම කතාවක්. උන් ටීම් වලට බෙදීගෙන උන්ගෙම උන්ටත් බනිනවා.
අපේ රටට සප් කරපු ඉන්දියන් කාරයෝ නෑ කියලා මම කියන්නෙ නෑ. මම කතා කරන්නෙ බහුතරය ගැන. උබට මතකද දන්නෙ නෑ, ටීටුවෙන්ටියෙ කමෙන්ට්‍රි කරේ සන්ජය වෙන්න ඕනේ. ඌ කිව්වා වෙස්ට් ඉන්ඩීස් කියන්නෙ ඉන්දියාවෙ සෙකන්ඩ් ෆේවරිට් ටීම් එක කියලා. වෙන්න පුළුවන් අපිත් කැමති වෙස්ට් ඉන්ඩීස්ලට තමයි. උන් නට නට සිංදු කියනවා එහෙම පට්ට. ඒත් බන් අසල්වැසි කමක් කියලා දෙයක් තියෙනවනෙ. ඒක සම්පූර්ණයෙන්ම ඉන්දියාව අමතක කරා.
Ape eun form ekata enna kochchara kal yaida eai?


ඉතින්බන් අපිත් එහෙමනේ .
අනිත් එක අයි.පි.එල්.වල සෙල්ලම්කරන නිසා වෙස්ටින්ඩිස් එවුන්ට් ඉන්දියන් එවුන්ට ගොඩක් සමිපයි.
ඒ වගේම අපිට ඉන්දියාව පෙන්වන්න බැරි ද්‍රොනි,කොලි,රොහිත් ගහපු සමහර මැච්වලින් අපි ට්‍රොමටයිස් වෙලා තියෙන හින්දනේ . උන්ටත් ලන්කාව නිසා එහෙම වෙලා තියෙනවා 954 ටෙස්ට් එක,96 සෙමි ෆයිනල් එක, උන් 54ට අවුට වුනු සාජාමැච් එක.ඒ වගේ මැච්වලින් ට්‍රොමටයිස් වෙච්ච ලමාකාලයක් තියෙන වුන් තමයි ඉන්දියාවේ අපේ වයසේ එවුන් .ඉතින් ස්මහර එවුන්ට හිහ යඉන් ලන්කාව එක්ක අවුලක් තියෙන එක පුදුමයක් නෙවෙයි.( මන්ජේකාර්ත් 96 සෙමිෆයිනල් එක සෙල්ලම්කරපු එකෙක්නේ.පොරයි සචිනුයි එකතුවෙලා විකට් 1ට සියක් විතර ගහලා හිබ්බ වෙලාවෙනේ පොලිම අගේ යන්න පටන් ගත්තේ . පොරට වර්ල්ඩ් කප් ෆයිනල් එකක් ගහන්න තිබ්බ චාන්ස් එක නැහිවුන එක අමතක වෙන්න බෑ)


මට නම් උන්ගේ දක්ශකම නිසා තරහ වෙන්න හේතුවක් නෑ. තාවකාලිකව එහෙම කේන්තියක් එන්න පුළුවන් ඒත් දිගටම එහෙම නෑ. මම කැමති නැත්තෙ උන්ගෙ තර්ඩ් ක්ලාස් වැඩ වලට. අපේ ටීම් එක අතිනුත් ඉන්දියාවට ඒ වගේ තර්ඩ් ක්ලාස් වැඩ වෙලා ඇති. ඩිල්ශාන් කරපු වැඩේ නම් හරිම කැතයි. ඩිලාට උනත් උන් එක්ක මළේ ඉන්න ඇත්තෙ උන් කරපුවා නිසයි. උන් තමයි ඕවා පටන් ගත්තෙ. ඒ කතා පැත්තකින් තියමුකො. උනුත් අපිත් දෙගොල්ලොම හොඳ උන් නෙවේ කියමුකො. ඉතින් අහවල් එකටද බන් ඔකුන් එක්ක අපි ශේප් වෙන්නෙ. කලින් හිටිය වගේ ගේමෙන් ඉමු. ඉන්දියන් උන් ග්‍රවුන්ඩ් සපෝර්ට් එකට තෑන්ක්ස් කරලා තිබ්බා. ඒවා කියවනකොටත් මට නම් අවුල් වගේ. උන් අපි ලඟට ආවේ නෑ. අපි තමයි උන් ලඟට ගියේ.
මමනම් කියන්නේ මොන රටේ එඋන් ආවත් අපි ගරු කරන්න ඕනේ
මේ වගේ ground support එකක් දෙන්න ඕනේ
මුල් තැන දෙන්න ඕනේ අපේ අයට
අනිත් team එකටත් අත්පුඩියක් හරි ගහන්න ඕනේ


මේකම තමයිමමත් කියන්නේ .ක්‍රිකට් කියන්නේ යුද්දයක් නෙවෙයි රසවිදින්න තියෙන ක්‍රිඩාවක්.අපි එකේ සතුටු වෙන්නේ අපි දිනන දවසට විතරක් නම් ඒක සතුටු වෙන්න අවස්ථා ගනන අඩු කරගැනිමක්.එන්ග්ලන්ඩ්වල එවුන්වගේ කවුරු හොදට කලත් චියර් කරන්න හැකියාව තියෙන්න ඕනේ.
මාත් කැමතියි බන් උබ ඔය කියන තැනට ඇවිල්ලා සෙන්චරියක් ගැහුවම අත්පුඩියක් ගහලා ඉන්න තත්වෙකට. හොඳ කැච් එකක් ගත්තම චියර් පාරක් දෙන්න. ඒත් අපේ උන් ඔය දෙකටම කරන්න හූ තියන එකනෙ. බංගලියෝ මේ ඊයෙ පෙරේදානෙ අපිත් එක්ක ගේම දාගත්තෙ. එදා මැච් එකෙත් මහමදුල්ලට හූ කිව්ව්ව හැටි දැක්කද? ඉන්දියන් කාරයොත් එක්ක ජම්මාන්තර වෛරයි. උන්ට චියර් කරා. දැන් කවුද අන්තගාමී? එදා ඉන්දියාවට සප් කරේම අන්තගාමී කම තිබ්බ නිසයි. නැත්නම් මධ්‍යස්ථව කවුරු දින්නත් එකයි කියලා ඉන්න තිබ්බනෙ. උබ හිතන්න එපා අපේ උන් ඉන්දියාවට චියර් කරේ අපේ උන්ගෙ හිතේ උපේක්ෂාව පිරිලා ඉතිරිලා ගිය හින්දා කියලා. එහෙම උනා නම් බංගලියන්ට හූ කියන්නෙ නෑ. බංගලියන්ගෙන් කාපු එකේ වේදනාව පිට කරගන්න විදිහක් නැතුවයි හිටියෙ.
එකග වෙනවා.
මහමදුල්ලාටහු කියපු එක නම් කැත වැඩක්. බන්ගලියන්ගේ ටීම් එකෙ ඉන්න ඩිසන්ට් පොරවල් kකිහිප හෙනාගෙන් එකෙක් ඌ.


මරුසිරා;22980454 said:ලංකාවේ ටීම් එක බන්ගලින්ටත් අන්තයි කියල පිළිගන්න ඕන .කාගේ කාගේත් නැටුම් බලන්න වෙන්නේ එනිසා .තිත්ත වුනත් ඇත්ත එක .
බන්ගලියෝ අපිට වඩා ඉස්සරහින් ඉන්නේ .![]()

එක පාරට උඩට එන්න බෑ බන්..
බොලින්ග් ටිකක් හදාගන්න ඕන හරියට ඕවරයක් දාගන්න එකෙක් නැතුව ටිකක් අමාරුයි තමයි කොහොමත්..
ටිකක් කල් යයි..
https://www.facebook.com/SanathJaya...44061588160/10155391398468161/?type=3&theater
ඉන්දියන් උන් පට්ට බනිල්ලක් බනින්නෙ අරුන්ට..
![]()

