ජිවිතේ...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    9.gif
    9.gif
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මටත් මේ ලගදි ඉදන් මාර විදිහට අතීතේ මතක් වෙන්නේ. ඇඩෙනවා බන්.. තව අවුරුදු 10ක් පස්සට යන්න තිබ්බ නම් කියලා හිතෙනවා.

    කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි මේ අපේ ජීවිත කියලා ජීවත් කරවන ඒවා අනුන්ගේ සිතුම් පැතුම්. මම එහෙම කිව්වේ හිතට එකගව බැලුවොත් මම ගේ හදන්නේ /වහනේ ගන්නේ / රැකියාව කරන්නේ / ඇදුමක් ඇදගෙන ඇවිදින්නේ මට පෙන්නන්න ඕනා උන්ට පේන්න. (එක තමා ඇත්ත )

    මෙහෙම කරලාහිටපු ගමන් ෆිලමට් එක ගියගමන් ලෝකෙන් චුත වෙනවා :baffled::rofl:.. එතකොට මම ජීවත් කෙරුවේ කාගේ උවමනා එපාකම් ද? :sorry:

    ගමෙන් කොළඹ ආවා තමා , ජීවිත කෙසේ වෙතත් යනකොට තියල යන දේවල් නම් ගොඩ නගාගත්තා. අනේ මන්දා... මම නම් වර්තමානෙට වඩා වර්ත්මානෙට පාර කපපු අතීතෙට ආදරෙයි...:sorry:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හුදකලාවත් වෙලාවකට හරිම සුන්දරයි.. ගෙවුණු අතීතය සිහි කරමින් මතක සයුරේ කිමිදෙන එකත් වෙනම ආතල් එකක්..
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    HAMOTAMA WAGAKIMA KIYANA DEWAL TAMANTA PAWARUNAMA,LABUNAMA ISSARA GATHAKARAPU LAMA KALAYA MATAK WEDDI AYETH A KALAYATA YANNA TIYENAWANAM KIYALA HITENA WARA ANANTHAI.AMMA THATHA GAWA INNA TIYENAM ASAI.ETH APITA HAMADAMA EHEMA INNA BA.APITH DAN ME RASSAWAL WALATA HURU UNAMA ISSARA GATHAKARAPU NIDAHASA NA DAN.....UDETA WEDATA YANAWA HAWASATA GDRA ENAWA,AYETH UDETA WEDATA YANAWA HAWASATA GDRA ENAWA...MAMA HITANNE HAMOTAMA OKA PODU DEYAK WENNA ATI KIYALA......
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    සිරාවට, මම නම් මාරම කරුමයක් කරල තියෙනව බන්, හැමදාම හිතෙන්නේ ජීවිතය විඳින්නේ නෑ, විඳවනව කියලා. මාරම දුකක් බන් ඒ වෙලාවට දැනෙන්නේ.
    ලංකාව පට්ට රටක් මචන්, එත් සුදුස්සාට සුදුසු තැන නෑ මේකෙ. කරන දෙවල් වලට නිසි ඇගයීමක් නැහැ. දුවන්නන් වාලෙ දුවනවා. ඒ වෙලාවට හිතෙනව බන් ආයේ පොඩි කාලෙට යන්න තිබ්බ නම් කියලා.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එක එකා හිතන හැටි තමයි නේද? :)

    මම ඇල්පිටි ඉද්දි නිකන්ම නිකන් ගෝතයා වගේ ඉඳියේ...මෙලෝ රහක් නෑ.... :sorry: ඒත් දැන් කිරුලපනේ බෝඩ් වෙලා ඉන්නේ නියමයි මටම කියලා නිදහස තියේ...හවස එන ගමන් බියර් එකක් ගහලා කෑලි ටිකක් බලලා පාඩුවේ ඉඳිය හැකි...:yes:
    මම කම්මලි උනාම සැවෝයි ගිහින් තියෙන ෆිල්ම් එකක් බලනවා....:yes:
    ගමේ හිටියනම් ගෙදර උන්ගෙයි, අහල පහල උන්ගෙයි කයි කතන්දර අහගෙන ඉන්න වෙන්නේ....:angry:
    මම ලබන මාසේ ජපන් යන්න ඉන්නේ එතකොට තව නියමයි....:love:
     
    • Like
    Reactions: Rockstar Athelete
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    එක එකා හිතන හැටි තමයි නේද? :)

    මම ඇල්පිටි ඉද්දි නිකන්ම නිකන් ගෝතයා වගේ ඉඳියේ...මෙලෝ රහක් නෑ.... :sorry: ඒත් දැන් කිරුලපනේ බෝඩ් වෙලා ඉන්නේ නියමයි මටම කියලා නිදහස තියේ...හවස එන ගමන් බියර් එකක් ගහලා කෑලි ටිකක් බලලා පාඩුවේ ඉඳිය හැකි...:yes:
    මම කම්මලි උනාම සැවෝයි ගිහින් තියෙන ෆිල්ම් එකක් බලනවා....:yes:
    ගමේ හිටියනම් ගෙදර උන්ගෙයි, අහල පහල උන්ගෙයි කයි කතන්දර අහගෙන ඉන්න වෙන්නේ....:angry:
    මම ලබන මාසේ ජපන් යන්න ඉන්නේ එතකොට තව නියමයි....:love:

    Congratulations bro :love::cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එක එකා හිතන හැටි තමයි නේද? :)

    මම ඇල්පිටි ඉද්දි නිකන්ම නිකන් ගෝතයා වගේ ඉඳියේ...මෙලෝ රහක් නෑ.... :sorry: ඒත් දැන් කිරුලපනේ බෝඩ් වෙලා ඉන්නේ නියමයි මටම කියලා නිදහස තියේ...හවස එන ගමන් බියර් එකක් ගහලා කෑලි ටිකක් බලලා පාඩුවේ ඉඳිය හැකි...:yes:
    මම කම්මලි උනාම සැවෝයි ගිහින් තියෙන ෆිල්ම් එකක් බලනවා....:yes:
    ගමේ හිටියනම් ගෙදර උන්ගෙයි, අහල පහල උන්ගෙයි කයි කතන්දර අහගෙන ඉන්න වෙන්නේ....:angry:
    මම ලබන මාසේ ජපන් යන්න ඉන්නේ එතකොට තව නියමයි....:love:

    Wish you all the best bro!!:cool::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එක එකා හිතන හැටි තමයි නේද? :)

    මම ඇල්පිටි ඉද්දි නිකන්ම නිකන් ගෝතයා වගේ ඉඳියේ...මෙලෝ රහක් නෑ.... :sorry: ඒත් දැන් කිරුලපනේ බෝඩ් වෙලා ඉන්නේ නියමයි මටම කියලා නිදහස තියේ...හවස එන ගමන් බියර් එකක් ගහලා කෑලි ටිකක් බලලා පාඩුවේ ඉඳිය හැකි...:yes:
    මම කම්මලි උනාම සැවෝයි ගිහින් තියෙන ෆිල්ම් එකක් බලනවා....:yes:
    ගමේ හිටියනම් ගෙදර උන්ගෙයි, අහල පහල උන්ගෙයි කයි කතන්දර අහගෙන ඉන්න වෙන්නේ....:angry:
    මම ලබන මාසේ ජපන් යන්න ඉන්නේ එතකොට තව නියමයි....:love:

    PHD එකටද යන්නේ.අපරාදෙ MIT ඒකෙන් ආපු scholarship එක rejected කළේ:yes: anyway congratulations. Whitewalker වගේ රට ගියාම elakiri නෑවිත් ඉන්න එපා :sorry:
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    හිතෙන්නෙ නැද්ද අපි මේ ගෙවන ජීවිතේ කිසිම තේරුමක් නෑ කියල. සල්ලි හම්බ කරනව කනව, බොනව බිල් ගෙවනව හැමදාම එකම දේ..

    සතියට සැරයක් wife ළමයි එක්ක එලියට ගිහින් ෆිල්ම් එකක් බලල කොහෙන් හරි කාල, එක්කො trip එකක් ගිහින් නැත්නම් යාලුවෝ එක්ක කොහෙහරි ගිහින් පොඩි drink එකක් දාල කොහොම කල ජීවිතේ හෙනම ඒකාකාරයි.

    මට මතකයි මම පොඩි කාලෙ උදේට අපේ ගෙදර තේ හදන්නේ තාත්තා... අම්ම උයනවා... තේ හදල ඉවර වෙලා " පුතේ.. තේ හරි " ඒ තමයි මගේ අවදිවීමේ එලාම් එක...
    පුතා නැගිටල ගිහින් තේ එක ගන්නවා... ඒ අරගෙන සාලෙට එනවා... පාන්දර නිසා කළුවරයි... රෑ පුරා දැල්වුනු වොට් 5 බල්බ් එකෙන් යාන්තමට අදුර බිදෙන ආලෝකයක්... පුටුවකින් වාඩිවෙලා ගන්නව කකුල් දෙක උඩට.. හොඳට ගුලි ගැහෙනවා... ඊට පස්සෙ ඇස් දෙකත් පියාගෙන අර තේ එක උගුරින් උගුර බොනව... විනාඩි 5ක් සමහර විට 10ක්.. තේ එක ඉවර වෙලත් ටිකක් වෙලා ඉන්නවා... ඒ මොහොතට මම පට්ට ආසයි...

    වහින වෙලාවට ඉස්තෝප්පුවේ තියෙන වේවැල් හාන්සි පුටුවට වෙලා වැස්ස දිහා බලන් ඉන්න එක මගේ පුරුද්දක්... රෑ නම් මම හුඟක් කැමතියි.... " අම්මේ... ප්ලේන් ටී එකක් " හුලඟට වදින හිරිකඩ එක්ක එන සීතල... දුම් දාන ප්ලේන් ටී එකෙන් එන රස්නෙ... ඒක නියම හැඟීමක්... විදින්නම ඕනි... අම්බානෙක අකුණු ගහන්නෙ නැත්තම් වැස්ස ඉවර වෙනකල්... එක්කො රෑ 10 - 11 වෙනකල් මම එතනින් හෙලවෙන්නෙ නෑ... අම්ම බත් එක බෙදල ගෙනත් දෙනව එතනට බැරිම තැන....
    හවසට ඇඟ හෝදන්න කලින් වැස්සොත් කමිසෙ ගලවල දාල වැලකට සරමත් කැහපට ගහගෙන වෙල පැත්තෙ තියෙන බැම්ම උඩින් වාඩි වෙලා වැස්ස දිහා බලන් ඉන්න එකටත් මම ආසයි. ගරාජ් එකේ වහල නිසා තෙමෙන්නෙ නෑ.. එත් හීකඩට තෙමෙනවා... එහෙම ඉදල නානකොට පට්ට...

    කැම්පස් යන කාලෙ සල්ලි අතේ තියෙන සමහර දවස් වල හිතෙනවා බියර් එකක් බොන්න නිදහසේ... නාගෙන ශෝටකුයි කමිසෙකුයි ඇඳගෙන රුපියල් 500කුයි හැඳුනුම් පතයි ( ජංගම දු.ක දාල එනවා ) අරගෙන පයින්ම එනවා පිළියන්දල ශැංහයි එකට... හවස 4 ට විතර කවුරුත් නෑ... කොනක මේසෙකින් වාඩි වෙලා ගෙන්න ගන්නව ලයන් එකක්... පොඩි ඔම්ලට් එකකුත්...පැය 2 - 3ක් ගත කරනවා... හිතවා... අතීතේ.. වර්තමානේ... අනාගතේ.... ලයන් ලාගර් 2ක් තමයි උපරිම බොන්නේ... ලාවට කික් එකක් තියෙනවා.. සෙනඟ පිරෙද්දි බිල ගෙවල මම එනවා... එන ගමන් කඩේකින් සම්බෝලත් එක්ක ආප්ප කනවා.. ආප්ප 3ක් ඇති... රුපියල් 15යි... දුම් දාන සැර... ගෙදර ඇවිත් ආයෙම ඇඟ පොඩ්ඩක් හෝදන් ඇදට.. නින්ද යනව ලෙසට.

    තව හිතුන ගමන් නගිනව ගාලු හරි මාතර හරි බස් එහෙක... ටිකට් ගන්නව කළුතරට... කළුතර බෝධිය ගාවින් බැහල රුපියල් 20 ක් දීල ගන්නව මල්.. තෙල් හඳුන්කූරු නම් නෑ... සෙරෙප්පු දෙකත් මුල්ලකින් තියල මල් පූජ කරනවා... හිතුනොත් බෝධියත් නාවනවා... ගඟ අයිනෙ තියෙන බුදු මැදුරට ගිහිල්ල නිදහසේ වඳිනවා... හිත පට්ටම නිදහස්... පාර පැනල උඩ බෝධිය ගාවට ගිහින් අයිනකින් වාඩි වෙනවා... එතන නිදහස්... කලබල අඩුයි... ජීවිතේ ගැන හිතන්න නියම වෙලාව... ටිකක් වෙලා ඉදල ආයෙම බස් එහෙක නැගල කොළඹ එනවා...

    ජීවිතේ එක වකවානුවක මම ඇබ්බැහි උනු... අදටත් ලංකාවට ගිය වෙලාවට පුළුවන් විදියට විඳින... සිද්ධීන් කීපයක්... මේ සිද්දි දාමයට මම පට්ට ආසයි...
    හැබැයි ඒ සිද්ධි දාමය මගේ ජීවිතෙන් ඈත් උනු... ලංකාවෙන් පිට උනාට පස්සෙ මට ඕනි වෙලාවට විදින්න බැරි සිද්ධීන් කීපයක් බවට පත්වෙනකල් ඒවයේ වටිනාකමක් මට ලොකුවට දැනුනේ නෑ...
    ඒ හැම එහෙකම තනිකම ගැබ් වෙලාද කියල හිතෙනවා... මම තනිකමට ආසද... ? ඔව් මම ආසයි... පට්ටම ආසයි...

    ඒත් රටින් පිටවෙලා නාදුනන මූනු මැද විදින තනිකමට මම ආස නෑ... ඒක වදයක්... ඒත් වෙලාවකට මම ඒ තනිකමත් විදිනවා... කපන්න බැරි අත සිබිනව වගේ...

    අන්තිමට කියන්න තියෙන්නෙත් ජීවිතේ හරිම ඒකාකාරයි...

    සිරාම කතාව.මගෙත් ඕකමයි.එකම දේ ගමේ ඉද්දි ඔය වගේ තනියම ඉන්නවට වඩා කොල්ලෝ සෙට් එක්කම ඔය ෆන් ගත්ත එක විතරයි.දැන් රට ඉදන් මොන සැප හම්බුනත් ඒ හිතේ සතුට නිදහස නැ.රේස් එක දුවනවා///
     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    වගකීම් වැඩි වුනහම ඔහොම තමයි bro....හිතට කිසිම නිදහසක් නැහැ .....අපේ ජීවිත සංකීර්ණ වෙලා වැඩි machan......
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    අපිට කොහෙද ඔය සැප , වැඩ වැඩ තමා :sorry:, මාසෙට නිවාඩු 2 විතර ගන්නවා :), ඕක තමා එකම නිදහස , weekend එකෙත් මොනවහරි ගෙදර වැඩ

    සිරාම කතාව.මගෙත් ඕකමයි.එකම දේ ගමේ ඉද්දි ඔය වගේ තනියම ඉන්නවට වඩා කොල්ලෝ සෙට් එක්කම ඔය ෆන් ගත්ත එක විතරයි.දැන් රට ඉදන් මොන සැප හම්බුනත් ඒ හිතේ සතුට නිදහස නැ.රේස් එක දුවනවා///
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    mamath oyawage thama ...eth mama lankawe ..mama hamadama hawasata wahane yanawa bellanwila...wela gawa nawaththala sindu tikak dagena ahagena indala enawa rata gedera..thaniyama yanne maarama feel ekak danenne......man me de katawath kiyala na yaluwektawath mama mehema raata yanawa thaniyama kiyala...:):)