Sex Life of Indira Gandhi

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉන්දිරා-මාතායි ප්‍රේමයේ රහස්‌ යළි කරළියට!



    6b72aafa686d1f398c04e88757b93eaa--gandhi-quotes-indira-gandhi.jpg


    ඇමරිකානු හමුදාවේ සේවය කළ එම්. ඕ. මාතායි 1946 සිට 1959 දක්‌වාම ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරුගේ පෞද්ගලික ලේකම්වරයා විය. ඔහුට සිය ධුරය හැර යැමට සිදුවූවේ සී. අයි. ඒ. ඔත්තුකරුවකු වශයෙන් චෝදනා එල්ල වීම නිසාය. පෞද්ගලික ලේකම් ධුරය හැරගියද නේරු සමඟ ඔහුගේ සබඳතා අත්හැරුණේ නැත. 1978 දී ඔහු Reminiscences of the Nehru Age මැයෙන් ග්‍රන්ථයක්‌ද 1979 දී My Days with Nehru මැයෙන් ග්‍රන්ථයක්‌ ද එළිදැක්‌විය. මේ ග්‍රන්ථ දෙකම එළිදක්‌වනු ලැබුවේ 1977 දී ඉන්දිරා ගාන්ධි පරාජයට පත්වීමෙන් පසුය.

    1978 දී නිකුත් වූ ග්‍රන්ථය සිංහල භාෂාවෙන් "නේරු යුගයේ අතීතාවර්ජනය" ලෙස නම් කර හැකිය. මෙහි මාතායි එක්‌ පරිච්ඡේදයක්‌ "She" හෙවත් ඇය යනුවෙන් වෙන්කර තිබී ඇතත් ප්‍රකාශකයෝ එය ඉවත් කර තිබේ. මෙහි ඇය කවුද? ඒ ඉන්දිරා ගාන්ධි වේ. මෙය දැන් අන්තර්ජාලය පුරා සංසරණය වේ.

    එහි සටහන් වන්නේ කුමක්‌ද? මාතායි හා ඉන්දිරා අතර පැවැති ප්‍රේමනීය සම්බන්ධයයි. එහිදී මාතායි සටහන් කරන්නේ ඉන්දිරා සමග වසර 12 ක්‌ පුරා පවත්වාගෙන ගිය ලිංගික ජීවිතය අවසන් වූයේ ඇය තවත් මිනිසකු සමග යහන්ගතව සිටිනු දැකීමෙන් බවයි. 1958 ශීත සමයේ එක්‌ දිනක මාතායි සිය දහවල් ආහාරයෙන් පසුව ඉන්දිරාගේ කාමරයට ගියේ වැදගත් පණිවුඩයක්‌ ලබා දීම සඳහාය. එහිදී දොර වසා තිබෙනු දක්‌නට ලැබුණු අතර දොරට තට්‌ටු කිරීමෙන් විනාඩි පහකට පමණ පසු ඉන්දිරා දොර යාන්තමට විවෘත කර මුහුණ එළියට දැම්මාය. මෙහිදී මාතායිට කාමරයේ සිටි ඇගේ තරුණ යෝගී ගුරුවරයා වූ ධිරේන්ද්‍ර බ්‍රහ්මචාරි දැකගත හැකි විය. ඒ දර්ශනයෙන් වික්‌ෂිප්ත වූ ඔහු මම පස්‌සේ එන්නම් යෑයි හැරී ගියේය. ඉන්පසු කිසි දිනක මාතායි ඉන්දිරා සොයාගෙන පැමිණියේ නැත.

    indira+gandhi-dhirendra+brahmachari.jpg


    පසුව අවස්‌ථා කිහිපයකදීම ඉන්දිරා උත්සහ කළේ තමා කාමරයේ යෝග ව්‍යායාම්වල නිරතවෙමින් සිටි බව මාතායිට අවබෝධ කරවීම සඳහාය. එහෙත් ඔහු ඒ බව පිළිනොගත්තේ ඔහුත් පිරිමියකු වූ නිසා බව සහතිකය. මේ සම්බන්ධය බිඳී ගිය පසු ඉන්දිරා ක්‍රමයෙන් මාතායි කෙරෙහි දැඩි විරෝධයක්‌ දක්‌වන්නට වූ අතර අවසානයේ ඇය සිය මාරාන්තික සතුරා ලෙස සැලකුවේද සිය පැරණි පෙම්වතා බව මේ ග්‍රන්ථයෙන් හෙළිවේ. ඇගේ චපලකම දැනගත් වහාම මාතායි ඉන්දිරා විසින් තමාට එවනු ලැබූ සියලු ශෘංගාරාත්මක ලිපි සියල්ල ආපසු භාරදී ඇත. ඒ අනුව මේ ප්‍රේමය වෛරයක්‌ බවට පත්ව තිබේ.

    80750690.jpg


    මාතායි "ඇය" පරිච්ඡේදයේ ඉන්දිරාගේ රූ සපුව වර්ණනා කරයි. ඇයට ක්‌ලියෝපැට්‍රාගේ නාසයද පව්ලින් බොනපාට්‌ගේ දැස ද විනස්‌ගේ ළය මඬල ද සතුව තිබේ. කායිකව මෙන්ම මානසිකවද ඉන්දිරා ගැහැනියකුට වඩා පිරිමියකු විය. ඉන්දිරා හා මාතායි අතර ප්‍රේම සම්බන්ධය පැවති කාලයේ මේ දෙදෙනා පෞද්ගලිකව ඔවු නොවුන් ඇමතූ නම් දෙකක්‌ විය. ඉන්දිරා මාතායි ඇමතුවේ 'බුපත්" ලෙසය. තමාට පුටිල් යෑයි අමතන්න යෑයි ඇය දන්වා තිබිණි. බුපත් - පුටිල් ප්‍රේමය සියල්ලන්ටම හොර රහසේ පැවතියේ නම් නැත. මේ වන විට ඉන්දිරා ෆේරොස්‌ ගාන්ධි හා විවාහ වී සිටි අතර දරුවන් ද සිටින මවක්‌ වූවාය. නමුත් ඇයට සිය සැමියා එපා වී තිබිණි.

    indira1.jpg


    තමා සමග ලිංගික ඇසුරකට එක්‌වන්නැයි මුලින්ම යෝජනා කරනු ලැබුවේද ඉන්දිරා බව මෙහිදී මාතායි සටහන් කර ඇත. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා මීට පෙර කිසිම ගැහැනියක සමග ලිංගික ඇසුරක්‌ පවත්වා නැති බවයි. මේ ආරාධනය සිදුකර ඇත්තේ 1948 නොවැම්බර් 18 වැනිදාය. ඒ ඉන්දිරාගේ උපන් දිනයට පෙර දිනය. මාතායිගේ ලිංගික දැනුම වර්ධනය කිරීම සඳහා ඇය ග්‍රන්ථ දෙකක්‌ ද පරිත්‍යාග කර ඇත. එම එක්‌ ග්‍රන්ථයක්‌ ඒබ්‍රහම් සිටොන් විසින් රචනා කරන ලද ස්‌ත්‍රිලිංගිකත්වය පිළිබඳ වූවකි.

    ඉන්දිරා නිරන්තරව මාතායි හමුවේ ප්‍රකාශ කර ඇත්තේ "අනේ බුපත් මම ඔයාට ඇත්තටම ආදරෙයි" යනුවෙනි.

    ඉන්දිරා කිසිම විටක උපත් පාලනයට කැමති වූවේ නැත. ඇය පනහ දශකයේ මුල් භාගයේදී මේ ලේඛකයා නිසා ගැබ් ගත්තාය. එහිදී ඇය තමා හොඳින් දන්නා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලයේ වෛද්‍යවරිය හමුවීමට ගියාය. එහි එම වෛද්‍යවරිය ගබ්සාවක්‌ කිරීම ප්‍රතික්‍ෂේප කළ නිසා ඉන්දියාවේ අයෝමය කතට වෙනත් වෛද්‍යවරියකගේ පිහිට පැතීමට සිදුවිය. කවරක්‌ නමුත් ඇය පරිච්ඡේදය අවසානයේ මාතායිගේ සටහන කුමක්‌ද? මම ඇය සමග දැඩි ලෙස ප්‍රේමයෙන් බැඳුනෙමි යන්නයි. ඉන්දිරා ගාන්ධි යනු එතෙක්‌ මෙතෙක්‌ ඉන්දියාවේ බිහිවූ බලවත්ම අගමැතිනිය විය. මාතායි සමහර සිද්ධීන් අතිශයෝක්‌තියට නගා ඇති බවටද චෝදනා එල්ල වේ. කවරක්‌ නමුත් ඇය ද ගැහැනියක්‌ බව අප අමතක කළ යුතු නැත.

    චතුර පමුණුව


    http://www.divaina.com/2017/07/23/diyaga06.html
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    ඔක්කොම කුණු ගොඩවල් තමා බන්. අපි අදහන සෙරම එවුන් කරන්න ඕන සෙරම එව්වා කරලා අපිට යහපත් මාර්ගෙ යන්න උපදෙස් දෙන උන්

    අපෙ රටෙත් ඔහොම තමා.

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලනවානම් දන්නවා ඔය ලොකු නම්බුකාර පවුල් වල තරම .
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    ඔක්කොම කුණු ගොඩවල් තමා බන්. අපි අදහන සෙරම එවුන් කරන්න ඕන සෙරම එව්වා කරලා අපිට යහපත් මාර්ගෙ යන්න උපදෙස් දෙන උන්

    අපෙ රටෙත් ඔහොම තමා.

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලනවානම් දන්නවා ඔය ලොකු නම්බුකාර පවුල් වල තරම .
    :dull:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මරුසිරා;22990673 said:
    බම්ප්

    මහත්මාගන්දිත් කොලු කාරයෙක්ලු නේ :dull:


    ජයහින්ඩ් :lol:

    ගාන්ධිගේ ස්වයං චරිතාප්‍රදානයෙ ලියලා තියනවා ගනිකාවන් හමුවෙන්න ගියා කියලා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගාන්ධිගේ ස්වයං චරිතාප්‍රදානයෙ ලියලා තියනවා ගනිකාවන් හමුවෙන්න ගියා කියලා


    බදු ගැහුවට උ කොල්ලොත් ගහල තියෙනවලු .වැඩිය කැමති කොල්ලන්ටලු .:baffled:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩේ අප්පා...මාර එව්වනේ වෙලා තියෙන්නේ ඒ කාලේ....:baffled:
    අපේ සිරිමාවොත් ඔය වගේ ලින්ගිකව හැසිරිලා ඇති නේද? :confused: මිනිහ මැරුනේ තරුන කාලෙමනේ...කවුද දන්නේ නෑ සිරිමාවොව ඇද්දේ? :confused::confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දිරා ගේ පළමු පෙම්වතා ශ්‍රී ලාංකිකයෙක්. ඔහු නමින් විශාරද ලයනල් එදිරිසිංහ. මේ දෙන්න ගේ ප්‍රේමය ඇරබෙන්නේ ඔවුන් දෙදෙනා ලක්නව් භාත්ඛන්දේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. ශ්‍රී ජවාහල්ලාල් නේරු මේ සම්බන්ධයට විරුද්ධ වුනු නිසා දෙන්න වෙන් උන කියනවා.

    ලයනල් එදිරිසිංහ මහත්මය නම් ජිවිතේ පුරාම අවිවාහකව හිටිය. ඉන්දිර ලංකාවට ආවිට ලයනල් මහත්මය හමුවන්නට යාම ඉතාම ප්‍රසිද්ධ රහසක්. ඉන්දිරා අපේ හාදයට කතා කරන්නේ සිං කියල කියලයි ඔය දෙන්න ගැන දන්නා අපේ පියාණන් වහන්සේ නම් කියන්නේ.