ඉන්දිරා-මාතායි ප්‍රේමයේ රහස් යළි කරළියට!
ඇමරිකානු හමුදාවේ සේවය කළ එම්. ඕ. මාතායි 1946 සිට 1959 දක්‌වාම ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරුගේ පෞද්ගලික ලේකම්වරයා විය. ඔහුට සිය ධුරය හැර යැමට සිදුවූවේ සී. අයි. ඒ. ඔත්තුකරුවකු වශයෙන් චෝදනා එල්ල වීම නිසාය. පෞද්ගලික ලේකම් ධුරය හැරගියද නේරු සමඟ ඔහුගේ සබඳතා අත්හැරුණේ නැත. 1978 දී ඔහු Reminiscences of the Nehru Age මැයෙන් ග්‍රන්ථයක්‌ද 1979 දී My Days with Nehru මැයෙන් ග්‍රන්ථයක් ද එළිදැක්‌විය. මේ ග්‍රන්ථ දෙකම එළිදක්‌වනු ලැබුවේ 1977 දී ඉන්දිරා ගාන්ධි පරාජයට පත්වීමෙන් පසුය.
1978 දී නිකුත් වූ ග්‍රන්ථය සිංහල භාෂාවෙන් "නේරු යුගයේ අතීතාවර්ජනය" ලෙස නම් කර හැකිය. මෙහි මාතායි එක් පරිච්ඡේදයක් "She" හෙවත් ඇය යනුවෙන් වෙන්කර තිබී ඇතත් ප්‍රකාශකයෝ එය ඉවත් කර තිබේ. මෙහි ඇය කවුද? ඒ ඉන්දිරා ගාන්ධි වේ. මෙය දැන් අන්තර්ජාලය පුරා සංසරණය වේ.
එහි සටහන් වන්නේ කුමක්‌ද? මාතායි හා ඉන්දිරා අතර පැවැති ප්‍රේමනීය සම්බන්ධයයි. එහිදී මාතායි සටහන් කරන්නේ ඉන්දිරා සමග වසර 12 ක් පුරා පවත්වාගෙන ගිය ලිංගික ජීවිතය අවසන් වූයේ ඇය තවත් මිනිසකු සමග යහන්ගතව සිටිනු දැකීමෙන් බවයි. 1958 ශීත සමයේ එක් දිනක මාතායි සිය දහවල් ආහාරයෙන් පසුව ඉන්දිරාගේ කාමරයට ගියේ වැදගත් පණිවුඩයක් ලබා දීම සඳහාය. එහිදී දොර වසා තිබෙනු දක්‌නට ලැබුණු අතර දොරට තට්‌ටු කිරීමෙන් විනාඩි පහකට පමණ පසු ඉන්දිරා දොර යාන්තමට විවෘත කර මුහුණ එළියට දැම්මාය. මෙහිදී මාතායිට කාමරයේ සිටි ඇගේ තරුණ යෝගී ගුරුවරයා වූ ධිරේන්ද්‍ර බ්‍රහ්මචාරි දැකගත හැකි විය. ඒ දර්ශනයෙන් වික්‌ෂිප්ත වූ ඔහු මම පස්‌සේ එන්නම් යෑයි හැරී ගියේය. ඉන්පසු කිසි දිනක මාතායි ඉන්දිරා සොයාගෙන පැමිණියේ නැත.
පසුව අවස්‌ථා කිහිපයකදීම ඉන්දිරා උත්සහ කළේ තමා කාමරයේ යෝග ව්‍යායාම්වල නිරතවෙමින් සිටි බව මාතායිට අවබෝධ කරවීම සඳහාය. එහෙත් ඔහු ඒ බව පිළිනොගත්තේ ඔහුත් පිරිමියකු වූ නිසා බව සහතිකය. මේ සම්බන්ධය බිඳී ගිය පසු ඉන්දිරා ක්‍රමයෙන් මාතායි කෙරෙහි දැඩි විරෝධයක් දක්‌වන්නට වූ අතර අවසානයේ ඇය සිය මාරාන්තික සතුරා ලෙස සැලකුවේද සිය පැරණි පෙම්වතා බව මේ ග්‍රන්ථයෙන් හෙළිවේ. ඇගේ චපලකම දැනගත් වහාම මාතායි ඉන්දිරා විසින් තමාට එවනු ලැබූ සියලු ශෘංගාරාත්මක ලිපි සියල්ල ආපසු භාරදී ඇත. ඒ අනුව මේ ප්‍රේමය වෛරයක් බවට පත්ව තිබේ.
මාතායි "ඇය" පරිච්ඡේදයේ ඉන්දිරාගේ රූ සපුව වර්ණනා කරයි. ඇයට ක්‌ලියෝපැට්‍රාගේ නාසයද පව්ලින් බොනපාට්‌ගේ දැස ද විනස්‌ගේ ළය මඬල ද සතුව තිබේ. කායිකව මෙන්ම මානසිකවද ඉන්දිරා ගැහැනියකුට වඩා පිරිමියකු විය. ඉන්දිරා හා මාතායි අතර ප්‍රේම සම්බන්ධය පැවති කාලයේ මේ දෙදෙනා පෞද්ගලිකව ඔවු නොවුන් ඇමතූ නම් දෙකක් විය. ඉන්දිරා මාතායි ඇමතුවේ 'බුපත්" ලෙසය. තමාට පුටිල් යෑයි අමතන්න යෑයි ඇය දන්වා තිබිණි. බුපත් - පුටිල් ප්‍රේමය සියල්ලන්ටම හොර රහසේ පැවතියේ නම් නැත. මේ වන විට ඉන්දිරා ෆේරොස් ගාන්ධි හා විවාහ වී සිටි අතර දරුවන් ද සිටින මවක් වූවාය. නමුත් ඇයට සිය සැමියා එපා වී තිබිණි.
තමා සමග ලිංගික ඇසුරකට එක්‌වන්නැයි මුලින්ම යෝජනා කරනු ලැබුවේද ඉන්දිරා බව මෙහිදී මාතායි සටහන් කර ඇත. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා මීට පෙර කිසිම ගැහැනියක සමග ලිංගික ඇසුරක් පවත්වා නැති බවයි. මේ ආරාධනය සිදුකර ඇත්තේ 1948 නොවැම්බර් 18 වැනිදාය. ඒ ඉන්දිරාගේ උපන් දිනයට පෙර දිනය. මාතායිගේ ලිංගික දැනුම වර්ධනය කිරීම සඳහා ඇය ග්‍රන්ථ දෙකක් ද පරිත්‍යාග කර ඇත. එම එක් ග්‍රන්ථයක් ඒබ්‍රහම් සිටොන් විසින් රචනා කරන ලද ස්‌ත්‍රිලිංගිකත්වය පිළිබඳ වූවකි.
ඉන්දිරා නිරන්තරව මාතායි හමුවේ ප්‍රකාශ කර ඇත්තේ "අනේ බුපත් මම ඔයාට ඇත්තටම ආදරෙයි" යනුවෙනි.
ඉන්දිරා කිසිම විටක උපත් පාලනයට කැමති වූවේ නැත. ඇය පනහ දශකයේ මුල් භාගයේදී මේ ලේඛකයා නිසා ගැබ් ගත්තාය. එහිදී ඇය තමා හොඳින් දන්නා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ වෛද්‍යවරිය හමුවීමට ගියාය. එහි එම වෛද්‍යවරිය ගබ්සාවක් කිරීම ප්‍රතික්‍ෂේප කළ නිසා ඉන්දියාවේ අයෝමය කතට වෙනත් වෛද්‍යවරියකගේ පිහිට පැතීමට සිදුවිය. කවරක් නමුත් ඇය පරිච්ඡේදය අවසානයේ මාතායිගේ සටහන කුමක්‌ද? මම ඇය සමග දැඩි ලෙස ප්‍රේමයෙන් බැඳුනෙමි යන්නයි. ඉන්දිරා ගාන්ධි යනු එතෙක් මෙතෙක් ඉන්දියාවේ බිහිවූ බලවත්ම අගමැතිනිය විය. මාතායි සමහර සිද්ධීන් අතිශයෝක්‌තියට නගා ඇති බවටද චෝදනා එල්ල වේ. කවරක් නමුත් ඇය ද ගැහැනියක් බව අප අමතක කළ යුතු නැත.
චතුර පමුණුව
http://www.divaina.com/2017/07/23/diyaga06.html

තොගෙ ආච්ච් 48 ඉපදුනා නං තොගේ වයස කීයද?
මිනිහ මැරුනේ තරුන කාලෙමනේ...කවුද දන්නේ නෑ සිරිමාවොව ඇද්දේ?