වැල්ලවත්තේ ඔය කකුල නැති එකා මම දන්නවා.. මගෙන් එකපාරක් ඉල්ලුවා සල්ලි හෙන මර්සි දාලා, ඒ ඒරියා එකේ වෙන කවුරු හරි සද්දයක් දැම්මොත් පොරගෙ නම කියන්න කිව්වා - සුද්දා-වගේ නමක්. ඉතින් මර්සි දාලා සල්ලි ඉල්ලුවා.. මම නැහැ කිව්වා. මට මර්සිය තේරුන නිසා... පස්සෙ ඉනෙන් පිහියක් අරගෙන ටිකක් සද්දෙට ඉල්ලුවා.. මටත් මල පැන්නා. මාත් දැන් ගේමට.. කෙල්ල බය වෙලා... මට උගේ අනිත් කකුලට බඩු පැකට් කරන්නමයි හිතෙන්නෙ. හැබැයි ඊට කලින් කෙල්ල රු. 20 ක් අරගෙන ඌට දුන්නා බය වෙලා..![]()
ගෝල්ෆේස් එකේ සීන් එක චොර උන නිසා දෙහිවල ගියා ස්ටේශන් එක පැත්තේ වැල්ලේ ඇවිදින්න. එහේදිත් උබට උනා වගේ සීන් එකක් උනා. ඌ බලෙන්ම අඹ එකක් විකුණන්න හැදුවා රු.100/= වගේ. ඌ කුඩු ඩයල් එකක්. කොච්චර එපා කිවව්ත් ඌ ඇහුවේ නෑ. පස්සේ ඌ පොලිසීයෙන් මෙහෙම එන කපල් අල්ලන් යනවා කය්ලා කෙල්ලව බය කලා. පස්සේ උගෙන් අඹ එකක් ගත්තට පස්සේ උගේ නම කිව්වා තව කවුරු හරි සද්දේ දැම්මොත් කියන්න කියලා. තව ගෙයක් පෙන්නලා කිවව්ා වතුර ඕන්නම් එතනින් ගන්න කියලා.






