ප්ලේන් එකක් සොරකම් කර පැරෂුටයෙන් බැස පලා&#3484

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ප්ලේන් එකක් සොරකම් කර පැරෂුටයෙන් බැස පලා&#3484

    ප්ලේන් එකක් සොරකම් කර පැරෂුටයෙන් බැස පලාගිය සොරා

    නිල් අහසේ දඩයක්කාරයෝ
    image_f80081d200.jpg

    පැහැර ගැනීමට ලක්වූ ගුවන් යානය රෙනෝ ගුවන් තොටේ නවතා තිබෙන අයුරු දැක්වෙන එෆ් බී අයි ඡායාරූපයක්

    ඇමරිකානු එෆ්.බී. අයි ඉතිහාසයට 1971 නොවැම්බර් 24 වැනිදා කිසිසේත්ම අමතක නොවෙන බව සහතික කර කියන්නට පුළුවනි. එයට හේතුව නම් ඩී.බී කූපර් නමැති හාදයා ගුවන් යානයක් පැහැරගෙන එෆ්.බී. අයි ඇසට වැලි ගසා අතරමගදී පැරෂුටයකින් පලා ගිය දිනය එදා බැවිනි. සැකකරුවන් 800 දෙනෙකුගෙන් ප‍්‍රශ්න කරමින් හා ඇමරිකානු පුරවැසියන් දහස් ගණනකගෙන් තොරතුරු විමසමින් වසර ගණනාවක් ප්ලේන් හොරා පසුපස හඹා ගියද, ඇමරිකානු එෆ්.බී. අයි ආයතනය අපකීර්තියට පත් කරමින් ප්ලේන් හොරා සදහටම සැඟව ගියේය. අදටත් ඩී.බී කූපර්ගේ ගුවන් මංකොල්ලය නොවිසඳුණු අබිරහසක් ලෙස එෆ්.බී. අයි ඉතිහාසයේ හා ඇමරිකානු අපරාධ ඉතිහාසයේ ඉතිරිව ඇත. 2006 සිට 2016 දක්වා වසර 10ක් යනතුරු මෙම පරීක්ෂණය අඛණ්ඩව සිදු කෙරිණි.

    1971 නොවැම්බර් 24 වැනිදා සැන්දෑවේ, පෝට්ලන්ඩ් අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණි ඩැන් කූපර් යනුවෙන් තමා හඳුන්වාගත් හාදයෙක් නෝර්ත්වෙස්ට් ඔරියන්ට් එයාලයින් වෙතින් වොෂිංටනයේ සියැටල් දක්වා යාමට ගුවන් ටිකට්පතක් මිලදී ගත්තේය. පෝට්ලන්ඩ්හි සිට සියැටල් දක්වා යාමට සාමාන්‍යයෙන් ගතවෙන්නේ පැය භාගයකි.


    මේ මිනිසා 40 දශකය පසු කරමින් සිටින පෙනුමක් සහිත වූ අසාමාන්‍ය තැන්පත් ගති ස්වභාවයකින් යුක්ත වූ අයෙකි. ව්‍යාපාරිකයෙකු මෙන් කළු පැහැ කෝට් කලිසම් ඇඳ සිටි ඔහු මනාව මදින ලද සුදු පැහැ කමිසයක් ඇඳ, කළු පැහැ ටයි පටියෙහි සුදු පැහැති මුතු ඇටයක් සහිත ටයි පින් එකක්ද ගසා සිටියේය.

    ඔහුට පියාසරන්නට සිදුවූයේ බෝයිං 727 යානයේ 18ක්‍් නම් වූ අසුනෙහිය. යානය පිටත් වෙන තුරු රැඳී සිටි අතරවාරයේ සිගරැට්ටුවක් දල්වා ගත් ඔහු බර්බන් හා සෝඩා මිශ‍්‍ර පානයක් ඉල්ලා සිටියේය. ඔහු වෙතින් දකින්නට ලැබුණු අසාමාන්‍ය නිහැඬියාව නිසා වරක් දුටු පමණින් කෙනෙකුගේ මතකයේ රැඳෙන චරිතයක් විය.

    ඇමරිකානු ඉතිහාසයේ අපකීර්තිමත් ගුවන් මංකොල්ලය

    වෙලාව සවස තුන පසු වීමත් සමඟ මෙතෙක් වේලා නිහඬව අසුන්ගෙන සිටි අතිශය නිහඬ මගියා, ගුවන් සේවිකාවක කැඳවීය. කිසිම කලබලයකුදු නැතිව සිය බ්‍රීෆ්කේසය විවෘත කර එය දෙස බලන ලෙස ගුවන් සේවිකාවට සංඥා කළේය. එහි තිබිය හැක්කේ කුමක්දැයි කිසිසේත් සැක නොකළ ගුවන් සේවිකාව දුටු දසුනින් ගල් ගැසුණාය. එහි ඇතුළත තිබුණේ වයර් රාශියක් ඇමිණූ බෝම්බයකි.

    මෙතැන් සිට මෙය පැහැරගැනීමට ලක්වූ යානයක්. දැන් ඔබ මා ළඟින් අසුන් ගන්න. දැන් මම කියන දේ කොළයක ලියන්න. කලබල වීමෙන් අනවශ්‍ය කරදරයක් ඇති වෙතැයි බිය වූ ගුවන් සේවිකාව, ඔහුගේ ඉල්ලීම ඒ හැටියටම ඉටු කළාය.

    පැහැර ගැනීම ගැන දැන්වූ අවස්ථාවේ පවා හැඩකාර මංකොල්ලකරු කිසිදු සැකක්, චකිතයක් නොපෙන්වූ බව ගුවන් සේවිකාවට හොඳින් මතකයේ තිබුණි. පැහැර ගැනීම වෙනු​ෙවන් ඉල්ලා සිටින කප්පම් ගැන ද ඔහු සෙමින් පැහැදිලි කළේ නොවැටහෙන ගණිත සිද්ධාන්තයක් සිසුවෙකුට කියා දෙන ඉවසිලිමත් ගුරුවරයෙකු පරිද්දෙනි. ඉන්පසු ගුවන් සේවිකාව එම කොළයත් රැගෙන පිවිසියේ නියමු කුටියටයි.

    ඔහුගේ ඉල්ලීම් වූයේ ඇමරිකානු ඩොලර් විස්සේ කොළවලින් ලක්ෂ දෙකක් (අද මුදලින් ඇ. ඩො මිලියන එකයි දශම දෙකක්) පැරෂුට් හතරක් හා සියැටල් ගුවන් තොටේ ඉන්ධන පිරවූ ට‍්‍රක් එකක් නවතා තැබීමත්ය.
    ඉල්ලීම් නොලැබුණහොත් ගුවන් යානය පුපුරවා හරින බව කියා ඔහු තර්ජනය කළේය. යානයේ නියමුවා මංකොල්ලකරුගේ ඉල්ලීම් සියැටල් ගුවන්තොට වෙත දැන්වීය. කිසිදු පසුබෑමකින් තොරව ඉල්ලීම් පිළිගැනුණි. ගුවන් සමාගමේ සභාපති ඒ සියල්ලටම එකඟ වෙමින්, ඔහුට සහයෝගය දක්වන ලෙස යානයේ කාර්ය මණ්ඩලයෙන්ද ඉල්ලා සිටියේය.


    ක‍්‍රමයෙන් යානය සියැටල් වෙත ළඟා විය. එෆ්.බී.අයි. විසින් ඡායාරූපගත කෙරුණු ඇමරිකන් ඩොලර් 20 කොළ 10,000ක් හා අනෙකුත් ඉල්ලීම් ලැබුණු නිසා මංකොල්ලකරු එහි සිටි මගීන් 36 දෙනා නිදහස් කර හැරියේය. එහෙත් ගුවන් නියමුවා, සහයක ගුවන් නියමුවා, පියාසර ඉංජිනේරුවෙක් හා ඔහු මුලින්ම මුණගැසුණු ගුවන් සේවිකාව ටීනා මක්ලර් යානයේ රඳවා තබා ගත්තේය.

    image_5d0f1d191a.jpg

    ගුවන් සේවිකා ටීනා මක්ලර් සිද්ධිය විස්තර කරමින්. යානයේ නියමු දෙදෙනාද ඇයට පසෙකින්
    image_0905a0fe91.jpg

    මංකොල්ලකරුගේ යැයි සැක කළ හිස් කබලක්


    අමුතු ඉල්ලීම්

    යානය ගිනිකොන දෙසට, එනම් මෙක්සිකෝ සිටි දෙසට හැකි තරම් පහතින් හා සෙමින් පියාසර කරන ලෙස මංකොල්ලකරු කියා සිටියේය. එමෙන්ම එය අඩි 10,000කට වඩා උඩට නොගන්නා ලෙසත් (ගුවන් යානයක සාමාන්‍ය පියාසර උස වන අඩි 36,000කි) තවත් නියෝග කිහිපයක්ද පැනවීය. නමුදු එම නියෝග අනුව මෙක්සිකෝ සිටි වෙත පියාසර කළ නොහැකි බව ගුවන් නියමුවා දන්වා සිටි පසු වාද විවාදවලින් අනතුරුව ඔහුගේ ගමනාන්තය ලෙස සැලසුම් කරගෙන සිටි මෙක්සිකෝ සිටි වෙනුවට නෙවාඩා ප‍්‍රාන්තයේ රෙනෝ වෙත යාමට එකඟ විය. පිටුපස දොර විවෘත කර පියගැට පෙළද පහත් කර තබන්නැයි ඔහුගෙන් නැවත නියෝගයක් පැමිණියේය. එහෙත් පියාසැරියේදී එසේ කිරීම සුදුසු නැතැයි කියමින් ගුවන් නියමුවා එයට ද එකඟ නොවීය.


    පැය පහකට පසු අවසානයේ පස් දෙනෙකු රැගත් යානය ගුවනට නැංවිණි. මංකොල්ලකරුට නොපෙනෙන ලෙස ෆයිටර් යානා දෙකක් පැහැරගත් බෝයිං යානයට ඉහළින් හා පහළින් පියාසර කෙරෙමින් යානය හඹා යමින් තිබිණි.

    අබිරහස් පලා යාම

    නියමු කුටියට ගොස් එහි දොර ඇතුළතින් අගුලු දමාගෙන සිටින ලෙස මංකොල්ලකරු ගුවන් සේවිකා ටීනා මක්ලර්ට කියා සිටියේ එම අතරවාරයේදීය. පියාසැරිය අරඹා විනාඩි 20කට පසුව, එනම් රාත‍්‍රී අටට පමණ යානයේ පියගැට විවෘත කර තිබෙන බව අඟවමින් නියමු කුටියේ අනතුරු අඟවන රතු බුබුල දැල්වෙන්නට විය. එම සිදුවීමෙන් මඳ වේලාවක් ඉක්ම යන විට යානය තුළ වායු පීඩනය වෙනස් වූ බව ද නියමුවන්ට දැනගන්නට ලැබිණි. රාත‍්‍රී 8.13 සටහන් වූ අවස්ථාවේ යානයේ පිටුපස කොටසින් හදිසි ගැස්මක් ඇති විය. එවර යානයේ සමතුලිත බව ගිලිහී ගියෙන් නියමුවාට එය නැවත සකසන්නට පවා සිදුවිය. නමුත් දොර විවර කිරීම තහනම් නිසා නියමුවෝ ඔවුනට අණ ලැබුණු පරිදි යානය නෙවාඩා හි රෙනෝ ගුවන් තොට වෙත රැගෙන ගියහ. යානය ගොඩ බස්වන විට හමුදා සෙබළු හා එෆ් බී අයි ආයතනය මගින් යානය වට කරගත් අතර ඒ වන විටත් මංකොල්ලකරු අතුරුදන්ව සිටියේය.

    අවසානයක් නැති සෙවිල්ලක්

    දොරින් දොරට යමින් අතුරුදන් වූ මංකොල්ලකරු සෙවීම ඇරඹුණේ එයින් පසුවයි. සැකකරු අතරමගදී යානයෙන් පැන ඇති බව තහවුරුවීමත් සමඟ එම වර්ගයේම ගුවන් යානයකින් කිලෝ 90ක බරක් අහසේදී මුදා හරිමින් සැකකරුගේ අරුම පැනිල්ල පිළිබඳව යම් අදහසක් ලබා ගන්නට කටයුතු කෙරිණි. වොෂිංටනයේ මර්වින් විල අසලදී ඔහු යානයෙන් පනිනන්ට ඇතැයි අනුමාන කෙරිණි. එහෙත් කොපමණ මෙහෙයුම් දියත් කළත් මර්වින් විල අවටින් කිසිදු සාක්ෂියක් හමු නොවිණි. අඩු තරමින් යානය හඹා ගිය අනෙකුත් යානාවල රේඩාර්වලට හෝ සැකකරු හසුවී නොතිබිණි.

    එෆ් බී අයි කණ්ඩායමේ නායක, එෆ් බී අයි නියෝජිත ලැරී කාර්ගේ පළමු අනුමානය වූයේ සැකකරු හොඳ පුහුණුවක් ඇති පැරෂුට්කරුවකු විය හැකි බවයි. එහෙත් ඒ අනුමානය නිවැරදි නොවිය හැකි යැයි පරීක්ෂණ කණ්ඩායමට සිතුණේ වසර කිහිපයක්ම ගත වූ පසුවයි. පැයට සැතපුම් 200ක තද සුළං හා වැහි සහිත ඝන අන්ධකාර රාත‍්‍රියක පළපුරුදු පැරෂුට් කරුවෙකුවත් පැනීමට අවදානමක් නොගනු ඇති බව ඔවුනට සිතුණේ එවිටයි.
    අවසානයේ ඔවුනට සාක්ෂි වශයෙන් ඉතිරි වූයේ සැකකරු ගුවන් යානයේ දමා ගොස් තිබුණු ටයි පින් එක, ඇඟිලි සලකුණු 66ක් හා පැරෂුට් දෙකකි. ඔහුට ලබාදුන් පැරෂුට්වලින් හොඳම පැරෂුට් දෙක ඉතිරිව තිබියදී වෙනත් පැරෂුටයක් රැගෙන ගොස් තිබුණේ වැරදීමකින් යැයි ඔවුහු අනුමාන කළහ.


    image_883015a72d.jpg

    ගං ඉවුරේ තිබී හමුවූ කප්පම් මුදල් නෝට්ටු

    image_5d0c47d6aa.jpg

    සිදුවීම් සලකුණු කළ සිතියමක් ​


    සාක්ෂියක් හමුවෙයි

    1980 දී කොළොම්බියා ග​ෙඟ් ඉවුරක් අසල සෙල්ලම් කරමින් සිටි අවුරුදු අටක කොලුවෙකුට වැල්ලේ තිබී කප්පම් ලබාගත් නෝට්ටු සහිත පැකට් තුනක් හමුවිය. ඒවා මංකොල්ලකරුට ලබාදුන් නෝට්ටු බව එෆ් බී අයි ආයතනයට හඳුනා ගැනීමට හැකිවිය. එහෙත් ඉතිරි මුදල්වලට සිදුවූයේ කුමක්දැයි අද වනතෙක් කිසිදු හෝඩුවාවක් නැත. මංකොල්ලකරුට ලබාදුන් නෝට්ටුවල සීරියල් අංක සියල්ල පරිගණක ගත කර තිබෙන බැවින් එම නෝට්ටුවලින් එකක් හෝ භාවිත කළහොත් ඒ බව අනාවරණය වනු ඇත. 2016 දී මෙම පරීක්ෂණය වසා දැමුවත්, කූපර් භාවිත කළ පැරෂුටයේ කොටසක් යැයි සැක කළ දිරාගිය පැරෂුට් කැබැල්ලක් සියැටල්හි සිට රෙනෝ දක්වා ගුවන් මාර්ගයේ පහතින් පිහිටි කැස්කේඩ් කඳුවැටියේ දුහුවිලි ගොඩක තිබී හමුවූ බැවින් 2017 සැප්තැම්බර් මාසයේදී පරීක්ෂණය නැවත පණ ගැන්විණ.

    නමුදු ඒ සොයා ගැනීමෙන් මෙම පරීක්ෂණයට ආලෝකයක් නොලැබුණු අතර එහි අබිරහස් ස්වභාවය තවදුරටත් උග‍්‍ර විය. ඩී. බී කූපර් තවමත් පලා යමින් සිටින්නේ යැයි ආධුනික එෆ් බී අයි නියෝජිතයෝ පවා සැක කරති. කෙසේ නමුත් ඩී. බී කූපර් අනෙකුත් ගුවන් මංකොල්ලකරුවන් අතර වීරයෙක් වූ අතර බොහෝ කොල්ලකරුවෝ කූපර් මෙන් කප්පම් ගෙන පලා යන්නට උත්සාහ කිරීමේදී අල්ලා ගනු ලැබිණි.

    ගුවන් ආරක්ෂණ ක‍්‍රම අද මෙන් දියුණුව නොපැවතුණු ඒ අතීතයේ කූපර් කළ ගුවන් මංකොල්ලයේ ඇති විශේෂත්වයක් නැත. එහෙත් පසුව වූ සිදුවීම් මාලාව නිසාය මෙම මංකොල්ලය ප‍්‍රසිද්ධියට පත් වූයේ.
    මංකොල්ලකරුගේ සැබෑ අනන්‍යතාව කුමක්ද, ඔහු සැබැවින්ම මිය ගොසින්ද, ජීවත්ව සිටිමින් තවමත් පලා යන්නේද, කප්පම් මුදල්වලට සිදුවූයේ කුමක්ද, මංකොල්ලකරුගේ අරමුණ කුමක් වීද යනාදි ගැටලු කිසිවකට කොතෙක් සෙවුවද තවමත් පිළිතුරු ලැබී නැත. තාක්ෂණය ඉතා දියුණු අදටත් ඩී.බී කූපර් ගුවන් මංකොල්ලය අබිරහසකි.




    නිසංසලා දිසානායක
    අන්තර්ජාලය ඇසුරිනි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    haha පොර පැන ගත්ත වෙන්නත් පුළුවන් ගොඩක් අය එක එක කතා කියනවා කූපර් ගැන
     
    • Like
    Reactions: netlife007

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    mama nam kagwath rep kapanne ne machan... mata rep oneth nehe , oyalata kiyawanna demme... sorry mama oya kalin demma kiyala dekke nehe...

    mage neme bn owa. mama kalin dakala thiyenawa kattiya Repost kiyala danawa. ekayi mamath dala baluwe, mokada wenne kiyala
    Rep++:yes:
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    prison break එකේ ඉන්නවා D.B Cooper
    ඒකේ නම් 5 million ඉස්සුවා කියලා කිවුවේ
     

    Similar threads