කාගීල්ස් ආයතනය වට්ටක්කා සේරම මිලදී ගනී
කාගීල්ස් ආයතනය නවගත්තේගම වට්ටක්කා සේරම මිලදී ගනී
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම කොන්කඩවල සහ ගාමිණි පුර වට්ටක්කා ගොවින්ගේ වට්ටක්කා වගාව අලෙවි කර ගැනීමට නොහැකිව විනාශ වූ බව ප්‍රවෘත්ති පළ වීමත් සමඟ එම වට්ටක්කා මිලදී ගැනීමට කාගීල්ස් ආයතනය ඉදිරිපත් වී තිබේ.
සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා කාගිල්ස් ආයතනයට කළ ඉල්ලීමකින් පසු එම ආයතනය නවගත්තේගම කොන්කඩවල සහ ගාමිණි පුර ගම්මාන වෙත පැමිණ මෙම වට්ටක්කා තොගය මිලදී ගැනීම අද (03) සිදු කළේය.
නවගත්තේගම කොන්කඩවල හා ගාමිණී පුර ගම්මාන වල ගොවින් වී වගා කර ගැනීමට ජලය නොමැතිව ගොවිතැනින් ඉවත් වී වට්ටක්කා වගා කර තිබුණේ භුගත ලිං වල ජලය උපයෝගි කර ගනිමින්ය. මෙසේ වගා කළ වට්ටක්කා වලින් එක් ගොවියකුට කිලෝ 15000 ක් 20000 ක ප්‍රමාණයක් ලැබි තිබූ අතර සියලුම ගොවින්ගේ වට්ටක්කා කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ලැබි තිබුණි .
නොසිතු ලෙස වට්ටක්කා මිල පහත වැටීම නිසා ගොවින්ට එම අස්වැන්න රුපියල් 7- 8ට වත් අලෙවි කර ගැනීමට නොහැකි විය. එම වට්ටක්කා ගොවීන්ගේ නිවෙස් තුළ කුණු වී යන අයුරු මාධ්‍ය තුළින් හෙළිදරව් වීමත් සමඟ ඊට මැදිහත් වු සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා මෙම ගොවින්ගේ අස්වැන්න මිලදි ගැනීමට කාගිල්ස් ආයතනයෙන් ඉල්ලිම් කර තිබුණි .
ඒ අනුව කාගිල්ස් (ලංකා ) සමුහයේ උප සභාපති රංජිත් පේජ් මහතාගේ උපදෙස් මත සමුහ කළමණාකරු කීර්ති ගෝනසේකර මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වගාකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව වට්ටක්කා කිලෝවක් රුපියල් 20 බැගින් මිලදී ගත්තේය.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන් .චිත්‍රානන්ද මහතාගේ මැදැහත් විමේන් පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ එස්.පි. විරසේකර මහතා සහ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ මෙම කාර්යය සිදු කෙරුණු අතර නවගත්තේගම සහකාර ප්‍රාදේශීය ලේකම් අයේෂා වික්‍රමසිංහ මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියාය.
මෙහිදි අදහස් දැක්වු කාගිල්ස් ආයතනයේ සමුහ කළමණාකරු කිර්ති ගෝනසේකර මහතා මෙසේ අදහස් දැක්වීය.
“ අපි කවදත් ගොවින්ට අත දෙන ආයතනයක්. ඇත්තටම සතුටුයි මේ නවගත්තේගම වට්ටක්කා වගාව අපිට මිලදි ගන්න ලැබීම ගැන . මාධ්‍ය වලින් මේ පිළිබඳව පළ නොවෙන්න අපි මේ සම්බන්ධව දන්නේ නැහැ. විශේෂයෙන් ලංකාදීපයට ස්තූති කළ යුතුයි. එසේ නොවන්නට අපි කවුරුත් දන්නේ නැහැ මේ වන විනාශය ගැන.
- http://www.lankadeepa.lk/latest_news/කාගීල්ස්-ආයතනය-නවගත්තේගම-වට්ටක්කා-සේරම-මිලදී-ගනී/1-528359
Now