මිනීමැරූ~පෙම්වත්තු

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මිනීමැරූ~පෙම්වත්තු

    එකෝමත් එක කාලෙක එක්සත් ජනපදයෙ ටෙක්සස් ප්‍රාන්තයෙ බොනී නම් තරුණ ගෑණු ළමයෙක් හිටියා.

    අඩි 5ක්වත් උස නැති, රත්තරන් පාට කැරලි කොණ්ඩයක් තිබ්බ මේ හුරුබුහුටි ගෑණු ළමයට තද දුඹුරු පාට කොණ්ඩයක් තිබ්බ ක්ලයිඩ් නම් කඩවසම් පිරිමි ළමයෙක්ව මුණගැහුනා.

    එකිනෙකාට ආදරේ කරන්නට ගත් ඒ දෙන්නා ඊට පස්සෙ සතුටෙන් ජීවත් වු… නෑ.

    මේ කතාව දිගහැරෙන්නෙ ඒ විදියේ ආදර කතාවක් වගේ නෙවෙයි. සාමාන්‍ය පෙම්වතුන් මධුසමයට රට වටේ යද්දි, මේ දෙදෙනා එක්සත් ජනපදය පුරා ගියේ බැංකු සහ වෙළඳසැල් කොල්ලකන්නයි!


    bonnieclyde24a-8-web-701x933.jpg
    bonnieclyde24a-8-web-701x933.jpg

    බොනී පාකර් සහ ක්ලයිඩ් බැරෝ (nydailynews)


    බොනී එලිසබෙත් පාකර් සහ ක්ලයිඩ් චෙස්නට් බැරෝ

    බොනී සහ ක්ලයිඩ් එකිනෙකා මුණගැසුණේ 1930 වසරේ ජනවාරියේ දී ටෙක්සස් වලයි.

    ඔවුන් මුණගැසෙන විට ක්ලයිඩ් 20හැවිරිදි අවිවාහකයෙකුව සිටි අතර, 19හැවිරිදි වූ බොනී ඒ වන විට බන්ධනාගාරගත කර සිටි මිනීමරුවකු සමඟ විවාහ වී සිටියා.

    එක් දිනක පොදු මිතුරෙකුගේ නිවසේ දී පළමුවරට මුණගැසුණු මේ දෙදෙනා එයින් මාස කීපයක් තුළ දී පෙම්වතුන් බවට පත්වුණා.
    මේ පෙම් පුවත ඇරඹී ඉතා කෙටි කලකින් ගෙවල් බිඳුමකට වරදකරු වූ ක්ලයිඩ්ව සිරගෙට යැවෙනවා.

    බොනී විසින් සිරගෙය තුළට රහසේ ‍රැගෙන ආ තුවක්කුවක් යොදාගෙන හිරෙන් පැනීමට සමත් වුණත්, නැවතත් හසුව බන්ධනාගාරයට යැවෙන ඔහු එයින් නිදහස් වන්නේ 1932 වසරේ පෙබරවාරියෙදී යි.

    හිරෙන් නිදහස් වූ ක්ලයිඩ් නැවතත් බොනී සමඟ එක්වෙනවා.


    bonnieandclyed.jpg
    bonnieandclyed.jpg



    බොනී සහ ක්ලයිඩ් විසූ නිවසක් පොලීසිය විසින් වැටලූ අවස්ථාවේ සොයාගත් ඡායාරූපයක් (mirror.co.uk)

    බොනී, ක්ලයිඩ් හමුවීමට පෙර කිසි දිනෙක කිසිදු අයුරක අපරාධයක යෙදුනු බවට සාධක නැහැ.

    නමුත් ක්ලයිඩ් නම් ඉන් පෙර සිව් වරක් පමණ පොලීසියට හසුව තිබුණේ වාහන, වෙළඳසැල්, හා සේප්පු කොල්ලකෑම වැනි අපරාධයන්ට යි.

    1930 දී සිරගත වූ පසු ඔහු එහි සිටි තවත් සිරකරුවකුගේ හිස්කබල කුඩුවන ලෙස ඊයම් පයිප්ප කැබැල්ලකින් පහර දී තිබුණත්, එයට වරදකරු වූයේ ඒ වන විටත් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳිමින් සිටි වෙනත් සිරකරුවෙක්.


    බොනී සිරගෙට

    ක්ලයිඩ් සිරගෙයින් නිදහස් වූ සමය එක්සත් ජනපදයේ මහා වෙළඳ පරිහානියක් පැවති කාලයක්. ‍
    එකල රැකියාවක් සොයාගැනීම ඉතා අපහසු කටයුත්තක් වුණා. ඉතින් සිරෙන් නිදහස් වූ වහාම වාගේ ක්ලයිඩ් පා තැබුවේ පරණ අපරාධකාරී දිවියටමයි.

    ඔහු වෙළඳසැලක් කොල්ලකෑමට ගිය එක් ගමනකට ප්‍රථම වරට බොනීත් එකතු වුණා.


    clyde7a-9-web-701x888.jpg
    clyde7a-9-web-701x888.jpg

    1930 – ’32 අතර කාලයේ ගනු ලැබූ ඡායාරූපයක් (nydailynews.com)



    ක්ලයිඩ්ගේ කල්ලිය හැඳින්වුණේ “බැරෝ කල්ලිය” යන නමින්. පොලිසියට හසුව බන්ධනාගාර ගතකිරීම නිසා කල්ලියේ සාමාජිකයින් නිරන්තරයෙන් වෙනස් වුණත්, සාමාන්‍ය සාමාජිකයින් වුණේ ක්ලයිඩ්, බොනී, රේ හැමිල්ටන්, ජෝන්ස්, බක් බැරෝ, බ්ලාන්ච් බැරෝ, සහ හෙන්රි මෙත්වින් නම් අයෙක්.

    බොනී සහභාගී වූ පළමු කොල්ලකෑමේදීම පොලීසියට හසුවන ඇයව මාස කීපයකට බන්ධනාගාර ගතකෙරෙනවා.
    ඒ අතරතුරේ වෙළඳසැලක් කොල්ලකෑමට ගිය ක්ලයිඩ් සහ හැමිල්ටන් අතින් එහි අයිතිකරු මරණයට පත්වෙනවා.

    සිරෙන් නිදහස් වූ බොනී නැවතත් ක්ලයිඩ් හා එක්වන්නේ ඔහු මිනීමරුවෙකු බව ද දැන දැනයි.


    මහා රට හරහා ධාවනය!

    bccouples-701x571.jpg
    bccouples-701x571.jpg



    ඔවුන් සිය කෙටි ජීවිතය විනෝදයෙන් සහ ප්‍රීතියෙන් ගතකළ බවට සාධක එමටයි (USA Today)

    ඊළඟට පැමිණි වසර දෙක පුරාවටම බොනී සහ ක්ලයිඩ් එක්සත් ජනපදයේ ප්‍රාන්ත 5ක් හරහා ගමන් කරමින් කොල්ලකෑම් ‍රැසක් සිදුකළා. ටෙක්සස්, ඔක්ලහෝමා, මිසූරි, ලුයිසියෑනා, සහ නිව් මෙක්සිකෝ යන ප්‍රාන්තයන්හි, ප්‍රාන්ත සීමාවට ආසන්න ප්‍රදේශයන්වල ඔවුන් සැරිසැරුවේ, පොලිස් නිලධාරියෙකුට අපරාධකරුවෙකු හඹායමින් වුවද ප්‍රාන්ත සීමාවක් හරහා යා නොහැකි බවට වූ පැරණි නීතියක් තම වාසියට ගනිමිනුයි. පොලීසියට හසුවීමෙන් වැලකීමට ඔවුන් තමා ගමන් කළ කාර් රථය නිතර මාරු කළේ නව කාරයක් පැහැරගැනීමෙන්!
    සොරකමේ යෙදෙමින්, තැනින් තැනට පලා යමින් කාලය ගත කළත්, මේ යුවල සිය පවුල් සමඟ සමීප සබඳතාවක් පවත්වා ගත්තා. මාස කීපයකට වරක්, පොලීසියට හසුවී වෙඩිකෑමේ අවදානම මැද පවා ඔවුන් සිය පවුල් හමුවට ගොස් තිබුණා.


    bonnieandclydewantedposter-701x701.jpg
    bonnieandclydewantedposter-701x701.jpg

    යුවල අල්ලාගැනීම සඳහා ආරක්ෂක අංශයන්හි නිලධාරීන් අතර බෙදාහැරි පත්‍රිකාවක් (icollector.com)



    ඔවුන් කීප විටක්ම පොලීසියට හසුවීමට ගොස් බේරුණු අවස්ථාවන් බොහොමයි.
    1934 ජනවාරියේ දිනෙක ඊස්ට්හැම් ප්‍රාන්ත බන්ධනාගාරයට කඩා වැදුනු යුවල මැශින් තුවක්කු සහ ස්වයංක්‍රීය පිස්තෝල භාවිත කර ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා, ඔවුන්ගේ කල්ලියේ සිට පොලිස් භාරයට පත් වූ සිරකරුවන් 5දෙනෙකු බේරාගෙන පලායෑමට සමත් වුණා. එහිදී බන්ධනාගාර ආරක්ෂකයින් කීප දෙනෙකුම මියගිය බව සඳහන්.
    එසේම දුසිම් ගණනින් කුඩා බැංකු, ඉන්ධන පිරවුම්හල්, සහ වෙළඳසැල් කොල්ලකෑම්, වාහන පැහැරගැනීම්, සහ පොලිස් නිලධාරීන්ට වෙඩි තබා මරාදැමීමේ සිදුවීම් ‍රැසක් මේ කාලයේදී ඔවුන් අතින් සිදුකෙරුනා.

    ඔවුන්ගේ කල්ලිය විසින් වසර කීපයක් තුළ මරාදැමුනු පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් සංඛ්‍යාව අඩුම තරමේ 9දෙනෙකු වත් වන බවයි කියැවෙන්නේ.
    අවසන් දිනයන්

    1934 අප්‍රේල් මස ටෙක්සස් හි දී බොනී-ක්ලයිඩ් යුවල විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව ඝාතනය කළා.

    ඉන් දින කීපයකට පසුව තවත් නිලධාරියෙකුට මාරාන්තික තුවාල සිදුකළ ඔවුන්, පොලිස් උසස් නිලධාරියෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකර අතැර දමාගොස් තිබුණා.

    මේ නිසා එක්සත් ජනපදයේ FBI ආයතනය විසින් මොවුන් දෙදෙනා අල්ලා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත් අතර, ඔවුන්ගේ ඡායාරූප, ඇඟිලි සලකුණු, හැඩරුව විස්තර, සහ අපරාධ වාර්තා සිය සෑම නිලධාරියෙකුම අතරේම බෙදා හැරුනා.

    යුවල සිය කල්ලියේ මෙත්වින් නමැත්තාගේ පියාව හමුවීමට ලුයිසියෑනා ප්‍රදේශයේ ගමකට නිතර යන-එන බවට FBI විසින් සොයාගත්තේ ඒ අතරේදී යි.

    එනිසා ඔවුන් නැවත කවදා පැමිණෙන්නේද යන්න පිළිබඳව නිලධාරීන් සිටියේ ඉතාමත් සෝදිසියෙන්.


    PAY-UNSEEN-END-OF-BONNIE-AND-CLYDE.jpg
    PAY-UNSEEN-END-OF-BONNIE-AND-CLYDE.jpg

    ඔවුන් ගමන් කළ කාර් රථයට වෙඩි ප්‍රහාරයන් 100කට වඩා එල්ල වී තිබුණා (Mirror)



    1934 මැයි 21 වන දා ටෙක්සස් සිට ලුයිසියෑනා පැමිණ මෙත්වින්ගේ පියා හමුවීමට බොනී, ක්ලයිඩ්, සහ හෙන්රි මෙත්වින් විසින් සැලසුම් කර ඇති බව FBI සහ ප්‍රදේශයේ ආරක්ෂක අංශයන් විසින් සොයාගැනුනා.

    නමුත් ගමන අතරේ මෙත්වින් හදිසියේ ඔවුන්ගෙන් මගහැරුණු නිසා, ඔහු සොයාගෙන ඔවුන් දෙදෙනා මෙත්වින්ගේ පියාගේ නිවසට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වූ පොලිස් නිලධාරීන්, ඔවුන් එන මග රැකවල් ලා සිටියා.

    එසේම, මෙත්වින්ගේ පියාගේ පැරණි ට්‍රක් රථය අත්අඩංගුවට ගත් නිලධාරීන්, එහි රෝදයක් ඉවත් කර මග අයිනේ නවතා තැබුවේ, ඒ රථය හඳුනාගන්නා බොනී-ක්ලයිඩ් යුවල විසින් එතැන නැවතී බලනු ඇතැයි අනුමාන කරමිනුයි.
    ඔවුන් සිතූ අයුරෙන්ම මැයි 23වන දා උදෑසන බොනී සහ ක්ලයිඩ්, සොරාගත් ෆෝඩ් V-8 රථයකින් මෙත්වින් නිවසට පැමිණෙමින් සිටියේ ලුයිසියෑනාවේ 154 අධිවේගී මාර්ගය හරහායි. බලාපොරොත්තු වූ පරිද්දෙන්ම මෙත්වින්ගේ පියාගේ රථය දකින ඒ දෙදෙනා සිය රියෙහි වේගය බාල කරන අතර, එහි පඳුරු අතරේ සැඟව සිටි පොලිස් නිලධාරීන් 6දෙනෙකු එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ රථයට පිට පිට වෙඩි තබනවා. වටෙන්ම එල්ල වූ වෙඩි පහර 130ක් හමුවේ බොනී සහ ක්ලයිඩ්ට පලායෑමට හැකිවන්නේ නැහැ.
    වයස අවුරුදු 23ක් සහ 24ක්ව සිටි බොනී පාකර් සහ ක්ලයිඩ් බැරෝ යුවල 1934 මැයි 23වන දා ලුයිසියෑනාවේදී මරණයට පත්වෙනවා.



    policeposseshotbarrow.jpg
    policeposseshotbarrow.jpg

    බොනී සහ ක්ලයිඩ්ට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් කණ්ඩායම (Mirror)

    ජනයාගේ ආලය ලැබූ යුවල

    බොනී සහ ක්ලයිඩ් තමන් කවදා හෝ මියගිය පසු එක ළඟ පිහිටන සොහොන් දෙකක වැළලෙන්නට කැමැත්තෙන් සිටියත්, බොනීගේ පවුල එයට විරෝධය දැක්වූ නිසා ඔවුනට සිය අවසන් නින්ද නිදන්නට වෙන්නේ සොහොන් පිටි දෙකකයි.

    බොනීගේ අවමංගල්‍යයට 20 000කට අධික පිරිසක් සහභාගී වූ අතර, මල් වඩම් සහ ශෝක ප්‍රකාශයන් දසතින් එවනු ලැබුවා. ක්ලයිඩ්ගේ අවමඟුල රහසේ පැවැත්වූවක් නිසා එතරම් ජනකායක් පැමිණි වගක් අසන්නට ලැබෙන්නේ නැහැ.
    ඔහුගේ සිරුර ඔහුගේ සොයුරාගේ සොහොන අසලින් තැන්පත් කෙරුනා.


    Bonnie-Clydedeathnews-701x466.jpg
    Bonnie-Clydedeathnews-701x466.jpg

    බොනී සහ ක්ලයිඩ්ගේ මරණය පිළිබඳව වූ පුවත්පත් ලිපියක් (ThoughtCo)



    කෙතරම් දරුණු අපරාධයන් සිදු කළත්, ඔවුන් දෙදෙනාත් කාගේ හෝ ආලය දිනා සිටින්නට ඇති.

    පහත දැක්වෙන්නේ බොනී පාකර්ගේ සොහොන්ගල මත කොටා ඇති කවියේ සරල පරිවර්තනයයි.
    “හිරු එළියෙනුත්, පිණි දියෙනුත් පිපෙන මල් තවත් අලංකාර වනවා සේම
    ලෝකය තවත් දීප්තිමත් කෙරුනේ ඔබ වැන්නන්ගේ ජීවිතයන්ගෙනි”
    ඈත්, ක්ලයිඩුත් ගත කළ ජීවිතයන් සලකා බලන විට බොහෝ දෙනෙකු මේ පද දෙක හා එකඟ නොවන්නට පුළුවන්.
    නමුත් ඔවුන්ගේ ක්‍රියාකලාපය මොහොතකට අමතක කළහොත්, ක්ලයිඩ් සාමාන්‍ය ගති පැවතුම් සහිතව ජීවිතය ඇරඹූ තරුණයෙකු බවත්, බොනී කවි ලිවීමට ප්‍රිය කළ, සරල යුවතියක බවත් කීමට සාධක තිබෙනවා. දෙදෙනා කොතරම් සමීපව, ආලයෙන් වෙලී සිටියත්, බොනී හා ක්ලයිඩ් කිසිදා විවාහ වූයේ නැහැ.

    මියයන විටත් බොනී පාකර් පැළඳ සිටියේ ඈ ක්ලයිඩ් හමුවීමට ප්‍රථමව විවාහව සිටි රෝයි ‍තෝර්න්ටන් විසින් ඈට පැළඳි මඟුල් මුදුවයි.


    bonniegrave-701x564.jpg
    bonniegrave-701x564.jpg

    බොනීගේ පාකර්ගේ සොහොන මත පිහි‍ටුවා ඇති ඵලකය (wizbangpop.com)


    https://roar.media/sinhala/main/features/bonnie-and-clyde/