විදුලි සැර වැදීම ගැන හරියටම දැනගනිමු..

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    විදුලි සැර වැදීම ගැන හරියටම දැනගනිමු..

    විදුලි සැර වැදීම ගැන හරියටම දැනගනිමු..

    2016-01-27_345Clipboard01sds.jpg


    විදුලි සැර වැදීම (Electric Shock)

    විදුලි සැර වැදීම කියලා කියන්නේ ශරීරය හරහා විදුලිධාරාවක් ගමන් කිරීම නිසා, ක්ෂණිකව ශරීරයේ ඇතිවනඋත්තේජනයකටයි. අපට විදුලි සැර වැදීමනිසා හිරිවැටීම,වේදනාව,පිළිස්සුම් තුවාල මෙන්ම මරණයද සිදුවීමට පුළුවන්.
    විදුලිධාරාවක් ගලායාම සදහා සෑමවිටම විභව අන්තරයක් (V) හා සංවෘතපරිපථයක් අවශ්‍ය වෙනවා. ඒවගේම විදුලිය සෑමවිටම ප්‍රතිරෝධය අඩුම මාර්ගයේ ගමන්කිරීමට උත්සාහකරනවා.
    ඉතින් අපට විදුලි සැර වැදීමක් සිද්ධවෙන්නේ බොහෝවිට අපගේ ශරීරයේ කොටසක් විදුලිය ගමන්කරනපරිපථයේ කොටසක් වූ විටයි. එවගේම පොළොව සෑමවිටම ශූන්‍ය විභවයක් (0V) දරන නිසා, යම් හෙයකින් විදුලිය ගෙනියන පරිවරණය නොකල සන්නායකයක් අපේ ඇගේ ගෑවුනොත් ඒ ස්ථානයේ සිට අපේ ශරීරයහරහා පොළොව දක්වා විභව අන්තරයක් ඇතිවේ.
    සාමාන්‍ය නිවසක විදුලි රැහැනක් මෙලෙස ස්පර්ශ වූවානම් 230V පමණ විභව අන්තරයක් අප ශරිරය හරහාඇතිවේ. එවිට අපේ “ශරිරයේ ඇති ප්‍රතිරෝධ මට්ටම” අනුව ඊට සරිලන ධාරා ප්‍රමාණයක් අප ශරීරය හරහා භූගත වෙනවා. සරලව කියනවනම් ඔය විදියට තම අපේ ශරීරය හරහා විදුලිය ගමන්කිරීමක් සිද්ධවෙන්නේ.


    මිනිස් ශරීරයේ ඇති ප්‍රතිරෝධ ප්‍රමාණය
    2.jpg


    ඉහත රූපයෙන් දැක්වෙන්නේ සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ශරීර අභ්‍යන්තරයේ විවිධ අවයවවල පවතින ප්‍රතිරෝධ ප්‍රමාණය පිලීබද දළ සටහනක්වේ.
    සාමාන්‍යයෙන් එය 1000Ω (1kΩ) පමණ වෙනවා යැයි උපකල්පණය කරනවා. නමුත් එය එක් එක් පුද්ගලයාගේ ශරීරය අනුව, ශරීර අභ‍යන්තරයේ ඇති ප්‍රතිරෝධය වෙනස්වෙනවා.
    උදාහරණයක් විදියට වියලි සමක් ඇති පුද්ගලයන්ගේ අභ‍යන්තර ශරීර ප්‍රතිරෝධය 100000Ω (100kΩ)පමණ ඉහල අගයක් ගන්නවා. ඒවගේම නිතර නිතර දහඩිය දමන තෙත් සමක් ඇති පුද්ගලයන්ගේ ශරීරඅභ‍යන්තර ප්‍රතිරෝධය 500Ω හෝ ඊටත් අඩු අගයක් තිබිය හැක.
    (තවද අප ශරීරයේ ජලය ස්පර්ශ වී තිබේනම් එයින්ද අපේ ශරීරයේ ඇති ප්‍රතිරෝධ ප්‍රමාණය අඩුවෙනවා.)
    ‘ප්‍රතිරෝධය’ කියලා කියන්නේ විදුලි ධාරාවක් ගලායාමට ඇතිකරන බාධාවටයි. ප්‍රතිරෝධය අඩුවන විට වැඩිවිදුලි ධාරාවක් ගලායන අතර, ප්‍රතිරෝධය වැඩිවන විට අඩු විදුලි ධාරාවක් ගලායාම සිදුවේ. ඒඅනුව ඕම්ගේනියමය (V=IR) භාවිතයෙන් කිසියම් විභව අන්තරයකදි ගලායන ධාරාව අපට සොයාගැනීමට පුළුවන්.


    විදුලි සැර වදින ආකාර

    3.jpg


    අපට විදුලි සැර වැදීම දෙආකාරයකට සිදුවෙන්න පුළුවන්.

    1)ඍජු විදුලි සැර වැදීම
    2)අනියම් විදුලි සැර වැදීම
    යන දෙආකාරයටම විදුලි සැර වැදීමේ හැකියාව පවතිනවා.


    01. ඍජු විදුලි සැර වැදීම
    4.gif


    ඍජු විදුලි සැර වැදීම කියන්නේ. සජීවි සන්නායකයක්(Live වයරයක්) හෝ උපකරණයක සජීවි විදුලිය ඇති කොටසක් ඍජුවමඅපගේ නොදැනුවත්කම නිසා හෝ අපගේ ශරිරයේ ස්පර්ශ වීම තුලින් අපට විදුලි සැර වැදීමටයි. බොහෝ විට මෙමගින් අපටබරපතල හානි සිදුවන්න පුළුවන්. නමුත් නිවසේ ට්‍රිප් ස්විචය(TripSwitch) නිවැරදිව ක්‍රියාත්මක වෙනවානම්. එවැනි අනතුරකින්ජීවිතය බේරාගැනීමට පුළුවන්


    02.අනියම් විදුලි සැර වැදීම

    අනියම් විදුලි සැරවැදිම කියන්නේ. කිසියම් උපකරණයක ඇති විදුලි කාන්දුවක් එහි ලෝහ රාමුවටකාන්දුවීමෙන් පසු, එය අප ස්පර්ශ කිරීම නිසා අපට විදුලි සැර වැදිමයි..
    ගොඩක් දෙනෙක්ට මෙවගේ විදුලිය කාන්දුවෙන උපකරණවලින් නම් Shot එක ඇගට වැදිලා ඇති. ගොඩක්වෙලාවට Computer එකේ System Unit එකෙන් හරි LCD Monitor එකෙන් හරි කරන්ට් එක වැදිලා ඇති.


    5.jpg


    ඒක එහෙම වෙන්නේ අදාල උපකරණය නිවැරදි විදියට භූගතකරලා (Earth) නැති නිසයි. නිවැරදි විදියටඋපකරණය භූගතකලානම් ඒ කාන්දුවෙන ධාරාව, අපේ ඇඟ හරහා නොයා EarthWire එක දිගේ යනවා.

    ශරීරය හරහා ගලායන ධාරාවේ ප්‍රමාණය හා එහි ස්වභාවය

    6.jpg


    අපිට කරන්ට් එක වදිනවා කියන්නේ ඇත්තටම ඇම්පියර් 3,4ක පමණ ධාරාවක් අපේ ශරීරය හරහා ගලායනවාකියන එක නෙමේ. සැබෑවටම නම් 50mA(0.05A)ක පමණ ධාරාවක් වුවත් ප්‍රමාණවත් මිනිසෙකු මරණයට පත්කිරීමට.
    "ඉහත රූපයෙන් ඕගොල්ලන්ට දැනගන්න පුලුවන් විවිධ ධාරා ප්‍රමාණ වලදි අපට දැනෙන ස්වභාවයන් මොනවගේද කියලා."
    දැන් අපි බලමු 220Vක පමණ විදුලි සැරයක් වැදීමකදි සාමාන්‍යයෙන් අපේ ශරීරය හරහා කොපමණ ධාරාවක්ගලායාමට පුලුවන්ද කියලා.


    7.jpg


    මෙහිදි විදුලි සැර වදින පුද්ගලයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 1000Ω කියලා උපකල්පණය කලොත්, අපිටතේරෙනවා ඔහුගේ ශරීරය තුලින් 220mA පමන ධාරාවක් ගලායනවා කියලා.
    නමුත් ඔහුගේ හෝ ඇයගේ ශරීර අභ‍යන්තර ප්‍රතිරෝධය 100000Ω සිට1000Ω දක්වා වෙනස් වෙන්නපුලූවන්. ඒක තීරණය වෙන්නේ පුද්ගලයාගේ ශරීර ස්වභාවය අනුවයි. 'ශරීර ප්‍රතිරෝධය' වැඩිවන තරමට ගලායන ධාරාව අඩුවෙනවා වගේම වෙන හානියත් අඩුවන බව ඕගොල්ලො මතක තියාගන්න.


    විදුලි සැර වැදිම ආශ්‍රිතව අපට ඇති ගැටලු…?

    01. කරන්ට් එක වැදුනම අපිව එයට ඇලෙන්නෙ ඇයි?

    7.7.jpg


    අපගේ ශරීරයේ ඇති අවයව අතර සංඟදා ගමන්කරන්නේ කුඩා විද්‍යුත් සංඟඳා වශයෙනුයි.සාමාන්‍යයෙන් 1mA - 20mAක පමණ ධාරාවක් එහිදි ගමන්කරනවා. (හරියටම නම් දන්නේ නෑ.)

    නමුත් අපිට බාහිර බලපෑමකින් විදුලි සැරයක් වැදුන විට එම ස්ථානයේ පේශින් තදින් සංකෝචනය වෙනවා.එහිදි ශරීරයට පිටින් ලැබෙන ධාරාව 20mAට වැඩිනම්, මොලය විසින් එම පෙදෙසේ පේශින් වලට ලිහිල් වන ලෙස යවන කුඩා විද්‍යුත් සංඟදාව ප්‍රතික්ශේප වෙනවා. ඒනිසාඅපේ කැමැත්තට(මොලයට) අනුව විදුලිරැහැනෙන් ඉවත්වීමට අපට හැකියාවක් ලැබෙන්නේ නෑ.


    02.කරන්ට් එක වැදුනම විසිවෙන්නෙ ඇයි?

    20mA පමණ විදුලි සැරයක් වැදීමේදී අපේ ශරීරය තදින් සංකෝචනය වෙනවා. (හැකිලෙනවා) එනිසා අපිව විදුලියට තදින් ආකර්ෂණය වෙලයි තියෙන්නේ. නමුත් එක්වරම විදුලි සැපයුම අඩුවුනොත් හෝ විදුලි සැපයුම නැතිවුනොත්, මොලය විසින් යවන සංඟඳාව අදාල අවයවයට එක්වරම ලැබෙනවා. ඒනිසා එම පේශීන් එක්වරම ලිහිල්වීමක් සිදුවෙනවා, ඒනිසා අපව එක්වරම විසිවීයාමක් සිදුවෙනවා.

    03.කරන්ට් එක වදිනකොට වෙවුලන්නේ ඇයි?

    සාමාන්‍යයෙන් අපට ලැබෙන ප්‍රත්‍යාවර්ථ ධාරාවේ සංඛ්‍යාතය 50Hz විතර වෙනවා. අපිට 10mA පමණ විදුලි සැරයක් වැදීමේදි අපේ ශරීරයත් එම සංඛ්‍යාතයට අනුවම ක්‍රියාත්මකවීමට පටන්ගන්නවා. ඒනිසා අපිට දැනෙනවා වෙවුලීමක් සිදුවෙනවා කියලා. එවගේම 50mAට වැඩි ධාරාවකදි අපේ හදවතත් 50Hz පමණ වේගයෙන් කම්පණය වීමට ලක්වන නිසා අප එයින්ම මියයාමද සිදුවෙනවා.

    විදුලි සැර වැදීමෙන් ආරක්ෂාවන අයුරු..

    "සෑමවිටම විදුලිය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදි සෙරෙප්පු 2ක් භාවිතා කරන්න මොකද තමාට විදුලි සැර වැදුනත් එය ඍජුවම භූගතවිය නොහැකිනිසා තමාට සිදුවන හානිය අවමවේ. එහෙත් විදුලි සැර වදිනවිට සෙරෙප්පු 2ක් දාගෙන හිටියත්, වෙනත් ස්ථානයක් නැතිනම් බිත්තියක් ස්පර්ශ කරගෙන සිටිනවානම් තමාට විදුලි සැර වදිනවා."


    8.jpg


    "තෙතමනය සහිත අතින් විදුලි උපකරණ අල්ලන්න යන්න එපා!. මොකද එමගින් තම ශරීර අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩුවන අතර, තම අතේ ඇති වතුර විදුලි උපකරණයේ සන්නායක හා ගැටීමෙන් ලුහුවත් වීමක් (Short) සිදුවීමටද පුළුවන්.."

    9.jpg


    "මාසයකට සැරයක්වත් නිවසේ ඇති ට්‍රිප් ස්විචයේ (Trip Switch) ඇති Test Button එක ඔබා එය ක්‍රියාත්මක වෙනවාද (Off වෙනවාද) කියා නිරීක්ෂණය කරන්න. එසේ නොවේනම් පලපුරුදු කාර්මිකයෙක් ලවා නව ස්විචයක් යොදන්න..."

    10.jpg


    "යම් අයෙකුට විදුලි සැර වදින විට ඔහුව ඍජුවම ඇල්ලීමට නොයන්න. වෙනත් පරිවාරක දණ්ඩක් (කොස්සක් වගේ දෙයක්) මාර්ගයෙන් විදුලි රැහැන ඔහුගේ ශරීරයෙන් ඉවත්කරන්න. නැතිනම් ප්‍රධාන ස්විචය මගින් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන්න."

    උපුටාගැනීම
    Electronicpantiya
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මම පුංචි කාලේ වෙසක් කූඩුවකට ලයිට් දාන්න වයර් එකේ ඉන්සියුලේෂන් එක දත් වලට අල්ලලා සුද්ද කළා. මම ඕෆ් කරපු ස්විච් එක මල්ලි ඔන් කරලා තිබිලා මගේ කටට කරන්ට් වැදුනා. වයර් එක දත් වලින් විකලා එලියට අදින නිසා තත්පරයක් දෙකක් වගේ කාලයක් තමයි කරන්ට් වැදුනේ. ඊට පස්සේ දවසක් දෙකක් යනකම් කන දේවල් විකලා ඉවර උනාම, උගුරෙන් පහලට යන (ගිලින ) ක්‍රියාවලියේ අවුලක් තිබුනා . ඒ කියන්නේ අපි බත් කටක් විකලා, හොඳින් කැබලි උනාම ඒක ඉබේම ගිලෙනවා. මම බත් කට විකනවා මිසක් ගිලෙන්නේ නැහැ. බත් හුඟක් වෙලා විකමින් ඉන්න කොට පැණි රසත් වෙනවා. ඊට පස්සේ හිතලා ගිලින්න ඕනෑ . වාසනාවට දවසකින් දෙකකින් ලෙඩේ හොඳ උනා.
     
    • Like
    Reactions: Amith0424