රථ විනීත සුත්‍රය, අනපනසති සුත්‍රය, ගිරිමානන්ද සුත්‍රය, මහා සතිපට්ඨාන සුත්‍රය කියවා තේරුම්ගත් අයවලුන්ට විසුද්ධි මාර්ගයේ ගැටලු ඇති තැන් දක්නට නොලැබේ. සප්තවිසුද්ධිහි එන චිත්ත විසුද්ධිය කියන කරණය "මැනවින්" පැහැදිලි කර තිබීම මේ අයට අවුලකි. මේ අයට අනුව බුද්ධගෝෂ හිමියන් සුළු ෂණික සමාධියක් ප්‍රමාණවත් කියා "පමණක්ම" කිව යුතුය. මේ අයට අනුව බුදුනුත් වැරදිය. මන්ද බුදුන්වහන්සේත් විවිද අවස්ථා වලදී විවිද ධ්‍යාන පැහැදිලි කර යෝගාවචර භික්ෂුන් උනන්දු කර ඇති නිසාය.
වොෂින් මැෂින් එකට මැනුවල් එකක් ලියන්න කිව්වොත් ලිවිය යුත්තේ "ශනික සේදුම" ගැන පමණක්ද නැතිනම් වයර් එක සම්බන්ද කිරීමේ සිට රෙදි සෝදා නැවත වයර් එක ගැලවීම දක්වා ද? නොතේරේ නම් ලඟපාත තියන ඉංගිරිස් මැනුවල් එකක්වත් බලන්න. ඉතින් විසුද්ධියට ලියු මැනුවල් එකේ සියල්ල ගැනම තිබීම පමණක් මේ අයට මහා දෝෂයකි. කෙලෙස් මල උදුරන්නට වශී කරගත් ධ්‍යනයෝ කෙසෙත්ම අවශ්‍ය නැත. සතිපට්ටානය ප්රමුඛ ශුෂ්ක විපස්සනාවම ප්රමාණවත්ය. නමුත් මේ අය එම කාරණය දඩ මීමා කරගෙන සැරසෙන්නේ වෙනත් කාරණයකටය, එනම්;
ලංකාවේ ශුෂ්ක විපස්සනාව (ධ්‍යාන තොරව වහ වහා නිවන් දකින ක්‍රමවේදය) ප්‍රචලිත කෙරු රේරුකානේ චන්දවිමල යතිවරයනන්ට මෙම නිගන්ටයින් පහර ගසන්නට සැරසෙයි. එදා බුරුම භාවනා, බඩේ භාවනා ලෙස උතුම් සතිපට්ඨානයට පහරගැසූ මේ අයම අද බුද්ධගෝෂ හිමියන් "පිට දෙසක් කාරයෙක් බව හුවා" ඒ සමගම රේරුකානේ හිමියන් සඳහන් කරමින් මේ කරන්නේ උන්වහන්සේත් "පිට රටියෙකුය" කිරීමටය. ජාත්‍යාලය පිට දමා දහම විකුර්ති කරන මෙවැනි මහන්තලාගෙන් ප්‍රවේසම් විය යුතුයි.