බොස්_කණට_ගහපු හෝටලය අවුරුදු 5කට පස්සේ සල්ල&#35

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බොස්_කණට_ගහපු හෝටලය අවුරුදු 5කට පස්සේ සල්ල#

    එදා හොටෙල් වේටර් කෙනෙක්.. බොස් මට කනට ගහපු හෝටලය අවුරුදු 5කට පස්සේ මම සල්ලි වලට ගත්තා

    28467938_178753279576094_2249092945954622461_n.jpg

    ජීවිතය ගැට ගහගන්න මේ ලෝකයේ මොනතරම් දුකක් විදින මිනිසුන් සිටිනවද ඒ දුක තේරෙන්නේ එවැනි දුකක් විදපු මිනිසුන්ට පමණි මේ කියන්න යන්නේ ඒවගේ පහල අදින් පටන් ගත්ත මිහිපිට දෙවියෙක් මෙනි පුද්ගලයෙක් පිලිබදවයි. තම ධනය කිසිදු ලෝබ කමක් නොමැතිව බෙදා දෙන මිනිසුන් අපට හමුවන්නේ පැරණි කතා තුලය. නැතිනම් වෙනත් විදෙස් රටවල කතා පුවත් තුලය. නමුත් ජීවිතේ පහලම අඩියෙන් පටන්ගෙන අද ධනපතියකු වී අසරණ මිනිසුන්ට අත දිග හැර උදව් කරන පුද්ගලයින් අප රට තුලද ඇත. ප්‍රියංග පුෂ්ප කුමාර යනු එවැනි උතුම් පුද්ගලයෙකි.

    පහලම අඩියේ සිට ඉහලට ආ ප්‍රියංග අද මැණික් ව්‍යාපාරිකයෙකි. එමෙන්ම ව්‍යාපාර ගනනාවක හිමිකරුවෙකු වන ඔහු මේ වන විට අසරණ පුද්ගලයින් වෙනුවෙන් කල උදව් උපකාර මෙන්ම ආගමික ස්ථාන වෙනුවෙන් කල බෙදා දීම්ද නිමක් නැත. ඇවිදීමට නොහැකි රෝගීන් වෙනුවෙන් පමනක් රෝද පුටු 5000 ක් බෙදා දී ඇති ඔහු නිවාස 29 ක් තනා දී ඇත්තේ හිසට සෙවනක් නොමැති අසරණ මිනිසුන් වෙනුවෙනි. දාගැබ් 6 ක් හා සංඝාවාස 13 ක් ඉදිරිකර ඇති ඔහු කකුල් නොමැති ආබාධිත පුද්ගලයින්ට කකුල් 285 ක් ලබා දී ඇත. මේ ඔහු කරන සේවයෙන් බිදක් පමනි. ඔහු අසරණ පුද්ගලයින් වෙනුවෙන් ලක්ෂ ගනනක මුදල් වෙන් කර තබන අතර අසරණ පුද්ගලයින්ගෙනුත් වැඩිම අසරණ පුද්ගලයින්ට උදව් කිරීම ඔහුගේ එකම අරමුණ බව නිතරම පවසයි.

    ජීවිත කාලයට පමනක් නොව පරම්පරා ගනනකට වුව මුදල් හම්බකර ඇති ප්‍රියංග අද ධනවතකු උනත් එදා ඔහුගේ දුප්පත් දිවිය ගැන ඔහු පවසන්නේ මෙලෙසයි ” පොඩි කාලේ අපි ඉස්කෝලේ යද්දි හරි ආසයි බස් එකේ යන්න. ඒත් ඒකට සල්ලි නෑ. ඉතිං අපි කිලෝමීටර් 12 ක් විතර පයින්ම යනවා. නෑදෑයෝ පවුලේ අය ඔක්කොම එකතු වෙන නිසා මහන්සියක් දැනෙන්නේ නෑ. ඒලෙවල් ඉවරවෙනකම්ම අපි ඉස්කෝලේ ගියේ ඒ විදිහට පයින්මයි. දවසක් අපේ ගේ ලගින් කඨින පෙරහැරක් ගියා. ගමේ හැමෝම ගෙවල් ඉස්සරහට ඇවිත් ඒක බලනවා. ඒ හැමෝම සල්ලි දුන්නත් අපිට දෙන්න සල්ලි තිබුනේ නෑ. මම එදා ළග හිටපු යාළුවෙකුට කිව්වා. කවදාහරි මම තනියම අවුරුද්දකට සැරයක් හාමුදුරුවෝ සීයකට දානයක් දෙනවා අවුරුද්දකට සැරයක් කියලා. 2010 අවුරුද්දේ මම පතල් රස්සාව කරන කාලේ එතන හිටියා මැණික් බිස්නස් කරපු අයියා කෙනෙක්. එදා පොල්ගහවෙල මහමෙව්නාවට බාර ගත්තු දානයක් මම ඉල්ල ගත්තා. හාමුදුරුවෝ 286 නමකට මම ඒ දානේ තනියම දුන්නා. එදා කඨින පින්කම යද්දි පොඩි කාලේ හාමුදුරුවෝ සිය නමකට දානයක් දෙන්න හිටපු මම ලේසි නැතත් හාමුදුරුවෝ 286 නමකට කිසිම අඩුවක් නැතිව දානයක් දුන්නා.

    මම ඉස්සර කාලයක් හෝටලයක වැඩ කරා. දවසක් ඒ හෝටලේ ලොකු විවාහ උත්සවයක් තිබුනා. මේ හෝටලේ මිදුලේ තිබුනු අඹ ගහක ගෙඩි ඉදිලා බිමට නැමිලා තිබුනා. ඉතිං මේ මංගල උත්සවයකට ආපු දරුවෙක් අම්මට කරදර කරනවා අඹ ගෙඩියක් කඩලා දෙන්න කියලා. අම්මා බලනවා ළමයගේ කෑ ගැහිල්ල නතර කරන්න ඒත් බෑ ළමයා අඹ ගෙඩිය ඉල්ලලම අම්මට කරදර කරනවා. බැරිම තැන මම ගිහින් ඒ පොඩි ළමයට අඹ ගෙඩියක් කඩලා දුන්නා. මට තාමත් මතකයි ඒ වෙලාවේ දරුවගේ මුණ සතුටින් පිරුන හැටි. හැබැයි ඒ සතුට වැඩි වෙලා තිබුනේ නෑ. හෝටලේ ආරක්ෂක නිළධාරියෙක් ඇවිත් මට කතා කලා බොස් පණිවඩයක් එවලා කියලා. මම බොස්ගේ කාමරයට යද්දිම බොස් මට හිතාගන්නත් බැරි වෙන්න කනට ගැහුවා ‘හිතුන හිතන වෙලාවට අඹ කඩලා දෙන්න මේක තමුන්ගේ බුදලයක්ද‘ කියලා අහලා අර අම්මයි දරුවයි ඉස්සරහදිම. එහෙම මනුස්සයෙන්ට මොනවා තේරුම් කරන්නද මම එදා දවසේ වැඩ ඉවර කරලා රස්සාවෙන් එදා හවසම අයින් වෙලා ගෙදර ආවා.

    අවුරුදු ගානකට පස්සේ මම ව්යාාපාර පටන් අරන් හොඳ ස්ථාවරයක ඉද්දි දවසක් යාලුවෙක් මට කෝල් කරලා කිව්වා මම ඉස්සර වැඩ කරපු හෝටලය විකුණන්න දාලා කියලා. පස්සේ මම ගියා හෝටලය බලන්න. බොස් මාව අදුනගත්තා. එදා තමයි බොස් මාව ගේ ඇතුලට එක්ක ගියේ. මගෙන් විස්තර ඇහුවා. පස්සේ බොස් කිව්වා හෝටලයනම් විකුණනවා හැබැයි ඔයාට බ්‍රෝකර් ගාස්තුනම් ගන්න වෙන්නේ හෝටලය ගන්න අයගෙන් කියලා. බොස් හිතලා තියෙන්නේ මම බ්‍රෝකර් කෙනෙක් කියලා. පස්සේ මම හෝටලයේ ගාන ඇහුවා. මම කියපු ගානට වඩා සතයක්වත් අඩු නැතිව ගෙවලා හෝටලය සල්ලි වලට ගත්තා. මට දේශපානලයට එන්නවත් කිසිම දේකට එන්නවත් අදහසක් නෑ. මම මිනිස්සුන්ට උදව් කරන්නේ කිසිම ඒ වගේ බලාපොරොත්තුවකින් නෙමේ. දැන් මම හම්බ කරන්න ඕනේ සල්ලි හම්බ කරලා ඉවරයි. මට ඕනේ නැති අයට උදව් කරන්න නෙමේ සමාජේ නැතිම අසරණම මිනිස්සුන්ට උදව් කරන්න විතරයි.


    Mas media news

     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ammeh
    mtat ona mewage wenna
    eth apita koinda manik wikunana ayyala'

    mewage ayata paathaala balapaam nadda?
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    machan oya kolla hikkaduwe hottel 1th weda kara api dannawa wetter kenek nidan case wala thama hitiye . ita passe thama goda giye , e dawas walath muta hena chance wadinawa mala salli ehema hariyata ehidinawa
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    echchara igana genath nathi. sallith echchara nathi kenek . echchara ikmanata salli karayen una eka prasnayak
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    machan oya kolla hikkaduwe hottel 1th weda kara api dannawa wetter kenek nidan case wala thama hitiye . ita passe thama goda giye , e dawas walath muta hena chance wadinawa mala salli ehema hariyata ehidinawa

    Meke un keeyak ube rep kapaida danne ne okata :rofl: