මම පරණ ෆයිල්වගයක් අවුස්සද්දි අහු උනෙ. ඕකට ගියා මාත් එක්ක මගෙ යාලුවෙකුත් උගෙ අම්මාත් ආවා.. අතේ සල්ලි තිබුනෙත් නැහැ ඒ ඇන්ටිමයි ගෙවුවෙ. ඔන්න අද වගේ මතකයි යූටියුබ් ක්ලිප් ටිකක් එකතු කරලා මූවි සවුන්ඩ්ට්රැක් එහෙම දාලා ඇඟේ මයිල් කෙලින් වෙන්ඩ හදාපු වීඩියෝ එකක් එහෙම පෙන්නුවා.. අම්මට සිරි නාසාවලින් යවන රොකට්වලත් ජාවා!! සැටලයිට්වලත් ජාවා.. කාර් එකෙත් ජාවා.. අනාගතේම ජාවා..
මං ආවා කිරියට.. ඒ සර්ච් කරා.. හය්යූ.. උන් කවුද කියල ඒටු සෙඩ් තිබ්බා. යාලුවාටත් උගේ අම්මටත් ගිහින් කිව්වා මේක මාර වංචාවක් යන්ඩ එපා බැඳපු පන්සියය අතඇරලා දාන්ඩ කියලා. ඇහුවෙ නැහැ. ඌ හිතුවා ඉරිසියාව කියලා. පස්සේ ඌ සෑහෙන ගානක් වියදම් කරලා අවුරුදු ගානක් නාස්ති කරගෙන කොල්ලා පවු දැන් ත්රීවිල් පදිනව.
කිරිය නිසා ලැබුන දේවල් බොහෝමයි.. ඒ ෆයිල් එකේම තිබිලා මේ එකවුන්ට් එකත් හම්බුනෙ.







