මුන්ට හෙන වදින්නේ නෑනේ බන්.. ඒවත් වදින්නේ කුඹුරක වැඩ කර කර ඉන්න අහින්සක ගොයියෙක්ටම තමා
ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට
ඔගස්ටින් ප්‍රනාන්දු
කොළඹ පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී නිවසකට දැඩි ලෙසින් හානි කරමින් සිදුවු අනතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශකට අයත් කැබ් රථය පැදවු යශෝධ රංගේ බණ්ඩාර මහතා ජයවර්ධන පුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (8) අලුයම අත්අඩංගුවට ගත් බව ආරචිචිකටිටුව පොලිසිය කියයි.
ඊයේ (7) අලුයම එකට පමණ කරුකුපොනේ අතුරු මාර්ගය ඔස්සේ අධි වේගයෙන් පැමිණි මෙම කැබ් රථය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන බංගදෙණිය කෝටිටපිටිය හන්දියේ පදිංචි හේවාගාල්ලගේ චාමක ලහිරු නුවන් අමරදිවාකාර මහතාට අයත් නිවසට දැඩි ලෙසින් හානි කරමින් එම නිවසේ තාප්පය හා බිත්තිය කඩා ගෙන සාලයට ඇතුළු වී තිබිණි.
මෙම රථය පැදවු බව කියන යශෝධ රංගේ බණ්ඩාර අනතුර සිදුවු අවස්ථාවේ දී අධික ලෙසින් මත්පැන් පානය කර සිටි අතර එම රථයෙහි තිබි විදේශ මත්පැන් බෝතලයක් සෝඩා බෝතලයක් විකටි කුරක් බේස් බෝල් පිත්තක් හා කඩුවක් තිබි පොලිස් බාරයට ගෙන ඇත.
මීට පෙරත් වාහනෙන් පිස්සු කෙලල එක්කෙනෙක් මැරිල තිබ්බ තව වරක් එකම පවුලෙ හතරදෙනෙක් තාමත් ප්‍රතිකාර ගන්නවලු... දැන් තමයි අත්අඩංගුවට ගත්ත කියන්නෙ... ඌ බෙහෙත් අරගෙන බලෙන්ම ටිකට් කපාගෙන ගෙදරත් ගිහින් තිබ්බ පෙරේදා.. අත්අඩංගුවට අරගෙන තිබ්බෙ නැහැ. පොලිසිය ස්වාධීන නිසා වෙන්න ඇති. අපි මේ බල්ලෙක් පනිද්දි ඌව බේරන්න යද්දි පොඩ්ඩක් තනි ඉර කැපුනොත් රවල, ගොරවල, අඩි හප්පල දඩ ගහල ඇටදෙකත් තලලයි එවන්නෙ...
අනවසර ඉදිකිරීමක් කියල ගේ කඩල අයින් කරන්නෙ නැතුව පුදුමයි අතඩංගුවට ගත්ත..

ඕකා අර මාලක සිල්වාට වඩා හපන් එකෙක්.කලිනුත් අහිංසක මිනිස්සු මරපු එකෙක්.ඕකව මරන්න එකෙක් නැහැනේ.
mun happunata marenneth na bn kalakanni wesige puthala
මැරෙන්නේ කොහෙද බන් උන් යන්නේ කෝටි ගණන් වටින හොද වාහන වල.
90%ක්ම එහෙම තමයි බන් අර එක්කෙනෙක් කාලයක් බාලවයස්කාර කෙල්ලෙක් අඹුකමට තියාගෙන හිටිය මොකද වුනේ. මේ අනිත් එක්කෙනා. ඇයි රාජගිරියෙදි මහ එක්කෙනෙක් කොල්ලෙක් අබ්බගාතයෙක් කරල ඌටම බැනල ඔය යසට ඉන්නෙ සුදු කිට දාගෙන.
අමාත්‍යංශ වාහන ආයිබෝං....
අපේ බද්දෙන් අත්ත අපේ බද්දෙන්ම නඩත්තුවෙන... වාහන...

මුන්ට හෙන වදින්නේ නෑනේ බන්.. ඒවත් වදින්නේ කුඹුරක වැඩ කර කර ඉන්න අහින්සක ගොයියෙක්ටම තමා



munwa me cab ekenma happla maranna onaමීට පෙරත් වාහනෙන් පිස්සු කෙලල එක්කෙනෙක් මැරිල තිබ්බ තව වරක් එකම පවුලෙ හතරදෙනෙක් තාමත් ප්‍රතිකාර ගන්නවලු... දැන් තමයි අත්අඩංගුවට ගත්ත කියන්නෙ... ඌ බෙහෙත් අරගෙන බලෙන්ම ටිකට් කපාගෙන ගෙදරත් ගිහින් තිබ්බ පෙරේදා.. අත්අඩංගුවට අරගෙන තිබ්බෙ නැහැ. පොලිසිය ස්වාධීන නිසා වෙන්න ඇති. අපි මේ බල්ලෙක් පනිද්දි ඌව බේරන්න යද්දි පොඩ්ඩක් තනි ඉර කැපුනොත් රවල, ගොරවල, අඩි හප්පල දඩ ගහල ඇටදෙකත් තලලයි එවන්නෙ...
අනවසර ඉදිකිරීමක් කියල ගේ කඩල අයින් කරන්නෙ නැතුව පුදුමයි අතඩංගුවට ගත්ත..