නිවන්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සමහරු කියනව අාධ්‍යාත් මික ජීවිතය දියුනු කරගන්න කලින් එදිනෙදා ජීවිතය දියුනු කරගන්න කියල, ඒත් බුදු හාමුදුරුවො ලගට අාපු සුනීත, සෝපාක, පටාචාරා, අංගුලිමාල වගේ ගොඩක් අය එහෙම නෑ.
    අපි මේක කොතනින්ද පටන් ගන්න ඕන??
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    ඔය උබ කියලා තියෙන්නෙ බණ පදයක් දෙකක් එහෙම නැත්නම් දේශනයක් එහෙමත් නැත්නම් දවස් කීපයක් භාවනා කරලා නිවන් අවබෝධ කරගත්තු අය. උබ එහෙම කෙනෙක් නම් උබ මෙලහකටත් නිවන් අවබෝධ කරගෙන. එහෙනම් උබෙ සත්තිස්බෝධිපාක්ෂික ධර්ම සුදුසු මට්ටමට වැඩිලා නෑ. ඒ කියන්නෙ උබ ඒවා වඩන්න ඕනේ. ඒවා වඩන්න ඕනේ නම් උබ පැවිද්දෙක් වෙන්න ඕනි, ගිහි ජීවිතයෙ ඉඳන් වඩන්න හිතන්න ඉන්නව නම් උබ හිඟන්නෙක් වෙලා ඕවා වඩන්න උබට බෑ. උබට අධ්‍යාපනයක්, රැකියාවක්, ජීවත් වෙන්න සුදුසු පරිසරයක් වගේ දේවල් තමයි අවම අවශ්‍යතාවන්. ජීවත් වෙන්න නොසුදුසු කාන්තාරයක උබ ඉන්නව නම් එතන ඉඳන් ඕවා වඩන්න හිතෙන්නෙ නෑ. උබේ හිත යන්නෙ වතුර හොයාගන්න. හිගන්නෙක් වෙලා වඩන්නත් බෑයි කියන්නෙ බඩේ ගින්නටයි හිත යන්නෙ. මූලික අවශ්‍යතාවන් තිබුනොත් වෙනත් දෙයක් ගැන හිතන්න පුළුවන්.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සමහරු කියනව අාධ්‍යාත් මික ජීවිතය දියුනු කරගන්න කලින් එදිනෙදා ජීවිතය දියුනු කරගන්න කියල, ඒත් බුදු හාමුදුරුවො ලගට අාපු සුනීත, සෝපාක, පටාචාරා, අංගුලිමාල වගේ ගොඩක් අය එහෙම නෑ.
    අපි මේක කොතනින්ද පටන් ගන්න ඕන??

    එහෙම වෙන වෙනම දේවල් කරන්න බැ බන්. අධ්‍යාත්මිකව සතුටක් දැනෙන්නේ උඹට පුලුවන් විදිහට පොඩි දෙයක් හරි කරහම.

    පොඩි දෙයක් කරන්න කොතනින්වත් පටන් ගන්න ඕන නෑනේ.

    සුනීත සෝපාකලා එක්ක උඹ සංසදනය කරන්න බෑනේ. ඒ අය බුදු කෙනෙක් ඉන්න කාලයක ඉපදෙන්න සෑහෙන්න පින් කරපු අය. ඒ අයත් කවද හරි පොඩියට පටන් ගන්න ඇති...

    මන් බුද්ධාගම කෙනෙක් හන්ද අනිත් ආගම් ගැන කියන්න දන්නැ.
    ඒත් භාවනා නොකරත් බුද්ධාගමේ කියන දේවල් වල හැටියට ජීවත් වෙද්දීනන් එදිනෙදා ජීවිතේදී ලොකු සතුටක් දැනෙනවා අධ්‍යාත්මිකව මටනන්. කල්පනාවත් වැඩිවෙනව තේරෙනව. ඒක වෙනස්ම විදිහේ සතුටක්. :)

    උඹට පටන් ගන්න තැනක් ඕනමනන් පන්සිල් පහ රකින තැන ඉඳල පටන් ගනින්.
     

    Similar threads