මග තොටදී ඇය හමුවිය හැකිය ප්‍රවේශම් වන්න

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මග තොටදී ඇය හමුවිය හැකිය ප්‍රවේශම් වන්න

    මග තොටදී ඇය හමුවිය හැකිය ප්‍රවේශම් වන්න... දැනටමත් පහළොවක්‌ මුළාවෙලා

    * ඒ අතර පොලිස්‌ නිළධාරියෙකුත්

    hera2.jpg
    සුපුන් පොලිස්‌ නිලධාරියෙකි. කොළඹ අවට පොලිස්‌ ස්‌ථානයක ඔහු රාජකාරි කළේය. දිනක්‌ ඔහු රාජකාරි නිමවී තම නිවස බලා යැම සඳහා බම්බලපිටිය බස්‌ නැවතුම්පළට පැමිණියේය. එවිට වේලාව රාත්‍රී 7 පසුවී තිබිණි. බස්‌ නැවතුම්පළේහි මඟීන් සිටියේ කිහිප දෙනෙක්‌ පමණි. ඒ අතර වයස විසිපහක්‌ පමණ කිව හැකි තරුණියක්‌ද සිටියා. නවීන විලාසිතාව අනුව කොණ්‌ඩය සකසා තිබූ ඇය සැරසී සිටියේද තරමක කෙටි ගවුමකිනි. එතැන සිටි සැවොම වරින් වර ඇය දෙස බැලූහ. එලෙස බලා ඇයගේ සුන්දරත්වය තනි තනිවම විඳ ගත්හ. සුපුනුත් එලෙස කළේය.

    මොරටුව - කොළඹ බස්‌ රථයක්‌ එම බස්‌ නැවතුම්පළේ නැවැත්තුවේය. මඟීහු බොහොමයක්‌ එයට ගොඩවූහ. ඉතිරි වූයේ හතර පස්‌ දෙනෙකු පමණි. ඒ අතරට සුපුන් සහ එම තරුණියද සිටියහ. ජංගම දුරකථනය අතට ගත් තරුණිය දුරකථන ඇමතුමක්‌ ගැනීමට සැරසුණෝය. කිහිප වරක්‌ උත්සාහ කළද ඇයට අවශ්‍ය ඇමතුම ලබා ගැනීමට නොහැකි වූවාය. සුපුන් එදෙස බලා සිටියේය. එක්‌වරම ඇය සුපුන් දෙස බලා සිනහවක්‌ පෑවාය. සුපුන්ද එයට පෙරළා ප්‍රතිචාර දැක්‌වූවේය. ඒ සමඟම සුපුන් අසලට පැමිණි ඇය මෙලෙස පැවසුවේය.

    "අයියේ මට පොඩි උදව්වක්‌ කරන්න පුළුවන්ද"

    "මොකක්‌ද නංගි මගෙන් වෙන්න ඕනා"

    "මගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. නෙට්‌වර්ක්‌වල අවුලක්‌. මට අම්මිට කතා කරන්න ඕනා. අද ගෙදර යන්න පරක්‌කු වුණා. ඒක අම්මිට කියන්න ඕනා. නැතිනම් එයා බය වෙනවා"

    "අයියෝ... ඕක සුළු දෙයක්‌නෙ. මෙන්න ෆෝන් එක. ඔයා ඇති තරමක්‌ අම්මා එක්‌ක කතා කරන්න..."

    "තෑන්ක්‌ යූ අයියා" ඇය එලෙස පවසමින් සුපුන්ගේ ජංගම දුරකථනය රැගෙන ඇමතුමක්‌ ගත්තාය. ඉන්පසු ඇය ඉතා ළයාන්විත අයුරින් මොන මොනවාදොa පැවසුවාය. සුපුන්ට ඒවා පැහැදිලිව ඇසුණේ නැත. ඇහුම්කන්දීමට වුවමනාවක්‌ද තිබුණේ නැත. ඒ මොහොතේ සුපුන් එම සුන්දර යුවතියට වශීවී සිටියේය. ඔහු සිටියේ ඇය ගැන කල්පනා කරමින්ය.

    "අයියේ මෙන්න ඔයාගේ ෆෝන් එක. තෑන්ක්‌ යූ අයියා කරපු උදව්වට" නැවත වරක්‌ ඇය සුපුන්ට ස්‌තුති කළාය.

    "අයියෝ ඕක සුළු දෙයක්‌නෙ නංගී... මොකද මෙච්චර පරක්‌කු වෙලා"

    "අද ඔµSස්‌ එකේ වැඩ ගොඩක්‌ තිබුණා. සේරම ඉවර කරලා ආවේ. ඒකයි පරක්‌කු වුණේ..."

    "ආ... ඇත්තද... එතකොට නංගිගේ නම. කැමැතිනම් විතරක්‌ කියන්න..."

    "මොකට අකමැති වෙනවද අයියේ... මම තමාරා ලියනආරච්චි. ඉන්නේ මට්‌ටක්‌කුලියේ. එතකොට අයියා කවුද?"

    "මම සුපුන් ජනිත්. ඉන්නේ මාළිගාවත්තේ."

    "ඇත්තද අයියේ... හොඳයි දැන අඳුනගන්න ලැබිච්ච එකත්. අයියත් හැමදාම මේ වෙලාවට එනවද?"

    "නැහැ නංගී... මම වැඩකරන වෙලාව අනුව යන එන වෙලාවන් වෙනස්‌ වෙනවා"

    "අයියේ මේක මගේ නම්බර් එක. අයියා ඕන වේලාවක කතා කරන්න. ඔයා හොඳ කෙනෙක්‌ කියලා පේනවා. ඒකයි දුන්නේ..."

    "හරි නංගී මම කතා කරන්නම්. ඔයා පරිස්‌සමින් යන්න" ඒ සමඟම බස්‌ රථයක්‌ පැමිණියේය. ඇය සුපුන්ට "බායි" කියමින් එයට ගොඩවුණාය.

    hera.jpg
    සුපුන් එම තරුණියගේ සුන්දරත්වයට සහ ශරීරයට වශීවී තිබිණි. ජංගම දුරකථන අංකයක්‌ ඇය දුන් නිසා කෙසේ හෝ ඇය තමා සතු කරගත යුතු යෑයි සිතුවේය. එලෙස සිතමින් ඔහු බස්‌ රථයට ගොඩවූයේ තම නිවස බලා යැම සඳහා ය. තමාරාට පෙම්වතෙක්‌ නැතිව ඇති. එසේ සිටියා නම් අනිවාර්යයෙන්ම අද එනවනෙ... සුපුන් එලෙස සිතමින් ඔහුගේ සිත සතුටු කර ගත්තේය.

    තමාරා පරිස්‌සමින් නිවසට ගියාද දන්නේ නැහැ. කෝල් එකක්‌ දීලා බලන්න ඕනා. පව්. අහිංසක කෙල්ලෙක්‌ වගේ. එලෙස සිතූ සුපුන් ඇයට දුරකථන ඇමතුමක්‌ දිය යුතු යෑයි සිතුවේය. කලිසම් සාක්‌කුවෙන් ජංගම දුරකථනය අතට ගත් ඔහු තමාරාට දුරකථන ඇමතුමක්‌ ගැනීමට සැරසුණේය. එහෙත් ඔහුගේ සිත සලිත විය. යළි කිහිප වරක්‌ම ඒ ගැන කල්පනා කළේය. අවසානයේ සිත දැඩි කරගත් ඔහු ඇයට ඇමතුමක්‌ ලබා ගත්තේය.

    "හලෝ කවුද කතා කරන්නේ..." ඉතා ලයාන්විත හඬකින් ඇය ඇසුවාය.

    "හලෝ නංගී... මම සුපුන් ජනිත්. අද බම්බලපිටියේ දී මීට්‌ වුණේ"

    "ආ කියන්න අයියා... මට මතකයි අයියගේ නම්බර් එකද මේක"

    "ඔව් ඔව් ඔය මගේ නම්බර් එක තමයි"

    "හරි අයියේ... මම සේව් කරගන්නම්"

    "හරි නංගී මම කතා කළේ ඔයා පරිස්‌සමින් ගෙදර ආවද කියලා බලන්නත් එක්‌ක"

    "අනේ තෑන්ක්‌ යූ අයියා මම ගැන හොයලා බැලුවට. මම පරිස්‌සමින් ආවා. අයියත් ආවනේ... ගෙදර පරිස්‌සමින්"

    "ඔව් නංගීs... මමත් ආවා. එහෙනම් මම තියන්නම් ගුඩ් නයිට්‌"

    "ඕකේ අයියා ගුඩ් නයිට්‌"

    එම සංවාදය එලෙස අවසන් විය. එදින සුපුන් ජනිත්ට නිදි නැති රැයක්‌ විය. ඔහු ඇය ගැන කල්පනා කරමින්ම රාත්‍රිය ගත කළේය. ඒ වන විට සුපුන්ට පෙම්වතියක්‌ සිටියේය. එහෙත් තමාරාගේ රුවට වශීවූ ඔහු අවුරුදු කිහිපයක්‌ ආදරය කළ පෙම්වතිය පවා අමතක කර දැමීමේ මට්‌ටමක සිටියේය. පසුදින උදෑසන සුපුන්ගේ ජංගම දුරකථනයට "ගුඩ් මෝනින් අයියේ..." යෑයි කෙටි පණිවුඩයක්‌ ලැබී තිබිණි. ඒ තමාරාගෙන්ය. එලෙස පටන් ගත් මිතුදම මාස දෙකක්‌ තුළ එන්න එන්නම වැඩිවිය. සුපුන් තම පෙම්වතියට වඩා තමාරා ගැන සොයා බැලුවේය. "අයියේ මට ඔයත් එක්‌ක ලොකු දෙයක්‌ කතා කරන්න තියෙනවා. හෙට නිවාඩුවක්‌ දාලා එන්න පුළුවන්ද?"

    "හරි නංගී මම එන්නම්..."

    නියමිත වෙලාවටත් කලින් සුපුන් පෙරදින කතා කරගත් ස්‌ථානයට පැමිණියේය. පැවසූ වේලාව පසුවී විනාඩි විස්‌සකට පමණ පසු තමාරා පැමිණියේය. "අයියේ මට ඔයාට ලොකු දෙයක්‌ කියන්න තියෙනවා. ඒක නිසා නිදහසේ කතා කරන්න පුළුවන් ඕනම තැනකට යමු. මට ඔයාව විශ්වාසයි අයියේ... ඔයා කියන ඕනෑම තැනකට මම එනවා. මොකද මට මේ ගැන නිදහසේ කතා කරන්න ඕනේ. මං ගැන වරදවා හිතන්නත් එපා"

    සුපුන්ට එක්‌වරම කිසිවක්‌ සිතා ගැනීමට නොහැකි විය. අන්දමන්ද වූ ඔහු මෙලෙස පැවසුවේය.

    "ඇයි නංගී මොකක්‌ද ඔයාට වුණේ එකපාරටම. මට හිතාගන්න බැහැ. අපි පාර්ක්‌ එකකට ගිහිල්ලා කතා කරමු"

    "පාර්ක්‌වල යන්න බැහැ අඳුරන කට්‌ටියක්‌ ඇති. අපි වෙන නිදහස්‌ තැනකට යමු ප්ලීස්‌"

    "එහෙනම් අපි හෝටලයකට යමු"

    ඇය එක පයින්ම එයට කැමැති විය. ඒ අනුව ත්‍රිරෝද රථයකට ගොඩවූ එම යුවළ වැල්ලවත්ත ප්‍රදේශයේ නවාතැන් පොළකට ගියහ. ඉන්පසු ඔවුහු කාමරයක්‌ වෙන් කරගත්හ. තමාරා තම ජීවිත කතාව සුපුන්ට පැවසීමට පටන් ගත්තේa ඉන්පසුවයි. ඒ මෙලෙසින්ය.

    "අයියේ... මගේ ජීවිත කතාව බොහොම දුක්‌බර එකක්‌. මම වයස අවුරුදු 18 දී විවාහ වුණා. එයාට හුඟක්‌ සල්ලි තිබුණා. අපි අවුරුදු ගාණක්‌ සතුටින් ජීවත් වුණා. ඒ අතර අපිට පුතෙකුත් හම්බ වුණා. පුතාට අවුරුද්දක්‌ විතර යනකොට මගේ මහත්තයා වෙනස්‌ වෙන්න පටන් ගත්තා. අන්තිමට එයා මට සැලකුවේ තිරිසන් සතෙකුටත් අන්ත විදිහට. පස්‌සේ මට ආරංචි වුණා එයා කලින් කසාද බැඳපු කෙනෙක්‌ කියලා. ඒ විතරක්‌ නොවෙයි තව පවුල් දෙක තුනක්‌ එයා නඩත්තු කරනවලු"

    "තව හුඟක්‌ විස්‌තර එයා ගැන මම දැන ගත්තා. අන්තිමට තේරුණා මම රැවටුණා කියලා. මට මගේ ජීවිතේ එපා වුණා. අනේක වාරයක්‌ මැරෙන්න හිතුණා. ඒත් කිරිසප්පයෙක්‌ ඉන්නවනේ... එයා ගැන හිතලා මම ජීවත් වෙන්න තීරණය කළා. අර මනුස්‌සයත් එක්‌ක ඉන්න බැරි පාර මම අපේ මහගෙදරට ආවා. දැන් අම්මලත් එක්‌ක තමයි ඉන්නේ... මම කරන රැකියාවෙන් තමයි මුළු පවුලම නඩත්තු කරන්නේ... ඔන්න ඕක තමයි අයියේ මගේ ජීවිත කතාව."

    "මම මීට ඉස්‌සෙල්ල ඔය කතාව කාටවත් කියලා නැහැ. ඒත් ඔයාට කියන්න හිතුණා. ඒ මොකද කියලා දන්නේ නැහැ. මම දන්නවා අයියත් මට කැමැතියි කියලා. අපි හඳුනගත්ත ටික කාලයට ඔයා මට ගොඩක්‌ උදව් කරලා තියෙනවා. මම ගැන නිතරම හොයලා බැලුවා. මම කියන්නේ නැහැ මාව කසාද බඳින්න කියලා. සමහර විට අයියට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්‌ ඉන්න පුළුවන්. ඔයා එයාව බඳින්න. ඒකට කමක්‌ නැහැ. ඒත් මාව අමතක කරන්නත් එපා. අයියට මම කැමැතියි..."

    සුපුන්ගේ හදවත උණුවිය. තමාරා කෙරෙහි අනුකම්පාවක්‌ මෙන්ම ආදරයක්‌ද ඇතිවිය. "නංගි මට දුකයි ඔයාගේ ජීවිත කතාව ගැන. ඒත් දැන් ඔයා බය වෙන්න එපා. මම ජීවත් වෙලා ඉන්නකල් ඔයාව බලාගන්නවා. මාත් ලබන අවුරුද්දෙ කසාද බඳින්න ඉන්නේ. ඒත් ඔයාව අමතක කරන්නේ නැහැ" සුපුන් කාමරය තුළ තමාරාව වැළඳ ගනිමින් හැඟීම්බරව පැවසුවේය. එලෙස පැය තුනක්‌ පමණ නිදහසේ ඔවුහු දුක සැප බෙදා ගත්හ. ඉන්පසු ලද සෑම මොහොතකම ඔවුහු එලෙස නිදහසේ මුණ ගැසුණහ.

    එලෙස මාසයක්‌ පමණ ගතවිය. දිනක්‌ තමාරා සුපුන්ගෙන් රුපියල් ලක්‌ෂයක ණය මුදලක්‌ ඉල්ලුවේය. ඒ මාසයක්‌ ඇතුළත යළි ලබාදෙන පොරොන්දුව මතය. ඒ වන විටත් තෑගි භෝගවලට අමතරව අවස්‌ථා කිහිපයකදීම සුපුන් ඇයට මුදල් ලබාදී තිබිණි. සුපුන් අත ඒ මොහොතේ එතරම් මුදලක්‌ තිබුණේ නැත. තම මිතුරකුගෙනුත් අත මාරුවක්‌ ලබාගත් සුපුන් රුපියල් ලක්‌ෂයක්‌ ඇයට ලබා දුන්නේය.

    මාසයක්‌ පසුවිය. තමාරා සල්ලි දෙන බවක්‌ පෙනෙන්නට නැත. දිනක්‌ ඒ පිළිබඳව ඔහු ඇයගෙන් විමසුවේය. "අයියේ... තව මාසයක්‌ විතර දෙන්න. මම ලෝන් එකක්‌ ඇප්ලයි කළා. ඒක ලැබුණ ගමන් දෙන්නම්" ඇය එලෙස පැවසුවාය.

    "අනේ නංගි ඒ සේරම සල්ලි මගෙ නොවෙයි. යාළුවෙකුගෙනුත් ඉල්ල ගත්තා. එයා ආපහු ඉල්ලනවා. ඒකයි ඇහුවේ. මට පනස්‌දාහක්‌වත් දෙන්න..."

    "ඇත්තටම මගේ අතේ දැන් නැහැ. අයියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් ඉල්ලලා දෙන්න"

    "එයාගෙන් සල්ලි ඉල්ලන්න බැහැ. තව මාස කිහිපයකින් අපි කසාද බඳිනවනේ... එයා ඒකට ලැහැස්‌ති වෙනවා..."

    "බලමු මොකක්‌ද කරන්න පුළුවන් කියලා" ඇය එලෙස පැවසුවාය.

    දින සති ගතවිය. තමාරා වෙනදා මෙන් සුපුන් මුණගැසීමට පැමිණියේ නැත. ලබාදෙන දුරකථන ඇමතුම් ප්‍රමාණයද ක්‍රම ක්‍රමයෙන් අඩු කළේය. තමාරාට වුවමනා වූයේ සුපුන්ව මඟහැරීමටය. ඇය ඉතා සූක්‍ෂම අයුරින් එය සිදු කළාය. අවසානයේ සුපුන්ට තමාරාගේ වෙනස දැනුණි. දවස්‌ දෙක තුන ඇයගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිචාර නොමැත. සුපුන්ට යමක්‌ සිදුවී ඇති බව ඉවෙන් මෙන් දැනුණි.

    තමාරා ගැන කිසිදු තොරතුරක්‌ නොමැතිව සතියක්‌ පමණ ගතවිය. සුපුන් හැකි අයුරින් ඇය ගැන සොයා බැලුවේය. එහෙත් කිසිදු තොරතුරක්‌ ලබා ගැනීමට නොහැකි විය. එලෙස කාලය ගතවෙද්දී තමාරා, සුපුන්ට දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නේය.

    "අයියේ කොහොමද?"

    "කොහොමද අහනවා. ඔයා මොකක්‌ද කරන්නේ... මට බොරු කියලා සල්ලිත් අරන් දැන් සද්දයක්‌ වත් නැහැ. මට මගේ සල්ලි ටික ඕන"

    "මට දැන් දෙන්න සල්ලි නැහැ. මම කතා කෙරුවේ තව උදව්වකට. මට තව රුපියල් ලක්‌ෂ පහක්‌ ඕනෑ"

    "ඔයාට පිස්‌සුද"

    "පිස්‌සු මට නොවෙයි ඔයාට. මම ඔයා ගැන සේරම විස්‌තර දන්නවා. ඔයා බඳින්න ඉන්න ගර්ල්ගෙ නම, දුරකථන අංකය, ඉන්න තැන, ඔයා රාජකාරි කරන තැන සියල්ල දන්නවා. ඒක නිසා මම කියන දේ හොඳට අහගෙන ඉන්න. ඔයා මාත් එක්‌ක ගිය සමහර තැන්වල ෆොටෝ ඉඳන් මගේ ළඟ තියෙනවා. ඒක නිසා මට රුපියල් ලක්‌ෂ පහක්‌ දෙන්න. මම සතියක්‌ කල් දෙන්නම්. ඊට පස්‌සේ මගෙන් කිසි කරදරයක්‌ නැහැ"

    තමාරාගේ එම වචන ටික ඇසීමෙන් සුපුන් අන්දමන්ද විය. එක්‌වරම ඔහුට කරන්නේ කුමක්‌ද කියා සිතා ගැනීමට නොහැකි විය. තමා විශාල ප්‍රශ්නයකට මැදිහත් වී ඇති බව පමණක්‌ ඔහුට තේරුණේය. ඒ සමඟම ඔහු ඇයට මෙලෙස පිළිතුරු දුන්නේය.

    "කවුද කියනවා තමුන් මගෙන් කප්පම් ඉල්ලන්නේ... මගේ ළඟ දෙන්න සල්ලි නැහැ. දන්නවනේ මම කවුද කියලා"

    "ඔව් මම සේරම දන්නවා ඔයා ගැන විස්‌තර. මගේ සල්ලි ටික දීලා මේක ඉවර කරගමු. නැත්නම් ඔයාට කසාද බඳින්න වෙන්නෙත් නැහැ. රැකියාව කරන්න වෙන්නෙත් නැහැ. මම කියනවා තමුන් මාව බොරු කියලා අනාථ කළා කියලා"

    නීත්‍යනුකූල නොවන අයුරින් පංෙච්න්ද්‍රියන් පිනවීමට ගොස්‌ තමන් අමාරුවේ වැටී ඇති බව සුපුන්ට තේරුණි. තමාරා ඉතා සූක්‍ෂම අයුරින් තමාගේ සියලු පෞද්ගලික තොරතුරු පවා ලබාගෙන ඇති බව ඔහුට අවබෝධ විය. තමා පොලිසියේ සේවය කරන බව දැන දැනත් කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව කප්පම් ඉල්ලන්නේ ඇය ලෙහෙසි පහසු කාන්තාවක්‌ නොවන හෙයින් බවද ඔහුට දැණුනි. මෙයින් කෙසේ හෝ ගැලවිය යුතු යෑයි ඔහු සිතුවේය.

    සුපුන් සේවය කරන පොලිස්‌ ස්‌ථානයේ උසස්‌ නිලධාරියෙකුට තමා පත්වී ඇති තත්ත්වය පිළිබඳ සියලු විස්‌තර පැවසුවේය. ඒ අනුව ඔහු සුqපුන්ට උපදෙස්‌ කිහිපයක්‌ දුන්නේය. එතැන් සිට ඔහු ඒ අනුව ක්‍රියා කළේය. තමාරා නිතරම දුරකථන ඇමතුම් ලබාදී සුපුන්ට තර්ජනය කර මුදල් ඉල්ලුවේය. එලෙස ලබා නොදුන්නොත් ඉදිරියේදී සිදු කරන දේවල් පවා පැවසුවේය. අවසානයේ සුපුන් පැවසුවේ මුදල් ලබා නොදෙන බවයි. ඒ සමඟම ඔහු තම පෙම්වතියගේ ජංගම දුරකථන අංකයද වෙනස්‌ කළේය.

    සුපුන් තමන් ඉල්ලන රුපියල් ලක්‍ෂ පහ නොදෙන බව තමාරාට හැඟුණි. යළිත් වරක්‌ ඇය සුපුන්ට තර්ජනය කර පැවසුවේ ඔහු සේවය කරන පොලිස්‌ ස්‌ථානයට පැමිණ තමන් අනාථ කළ බව පවසා බොරු පැමිණිල්ලක්‌ දමා වන්දි මුදලක්‌ ලබාගන්නා බවයි. එවිට සුපුන් පැවසුවේ "සතයක්‌වත් දෙන්නේ නැහැ. පුළුවන් දෙයක්‌ කරන්න" කියාය.

    තමාරා සුපුන් සේවය කරන පොලිසියට පැමිණියේය. පැමිණ සුපුන් තමාව අනාථ කළ බව පවසමින් ඉහළ නිලධාරියකුට පැමිණිලි කළේය. ඒ වන විට සුපුන්ගේ මෙම සිද්ධිය බොහෝ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ දැන සිටියහ. සියල්ල සාවධානව අසා සිටි එම පොලිස්‌ නිලධාරියා සුපුන්වද ගෙන්වා පරීක්‍ෂණයක්‌ පැවැත්වීය. එහිදී ඇය පුන පුනා කීවේ බොරු කියමින් සුපුන් තමාව අනාථ කළ බවත්, ඒ සඳහා සැලකිය යුතු වන්දියක්‌ ඔහුගෙන් ලබාදෙන ලෙසත්ය.

    සුපුන්ගෙන්ද කරුණු විමසුවේය. ඔහු මුල සිට සියලු විස්‌තර පැවසුවේය. ඒ අතර ඉහළ පොලිස්‌ නිලධාරියාගෙන් ලැබුණු උපදෙස්‌ පරිදි තමරාගේ සමහර දුරකථන ඇමතුම් ඔහු පටිගත කර තිබුණි. ඒවාද ඇසීමට සැලැස්‌විය. ඒ අනුව සත්‍ය හෙළිවිය. අවසානයේ ඇය වැරැද්ද පිළිගත්තාය.

    පොලිස්‌ නිලධාරීහු වැඩිදුර ඇය ගැන පරික්‍ෂණ සිදු කළ අතර එහිදී අනාවරණය වූයේ ඇය මෝදර ප්‍රදේශයේ පදිංචි තරුණියක බවත්, රැකියාව වශයෙන් රාත්‍රී සමාජ ශාලාවක නාටකාංගනාවියක්‌ වශයෙන් සේවය කරන බවත්ය. එයට අමතරව ඇය මෙලෙස තරුණයන් සමඟ මිතුරු වී අවසානයේ ඔවුන්ගේ සියලු තොරතුරු ලබාගෙන මෙලෙස තර්ජනය කර කප්පම් මුදල් ලබාගන්නා බවයි. ඒ වන විටත් ඇය තරුණයන් බොහොමයක්‌ රවටා ලක්‍ෂ පනහකට අධික මුදලක්‌ වංචා සහගත ලෙස උපයාගෙන ඇත.

    තවත් මෙවැනි තරුණියෝ සමාජයේ බොහෝ වෙති. එම නිසා අනවශ්‍ය ලෙස පංෙච්න්ද්‍රියන් පිනවීමට ගොස්‌ අමාරුවේ නොවැටී තමාගේ සිත පාලනය කරගත හැකිනම් මෙවැනි කාන්තාවන් සමාජයෙන් තුරන් කළ හැකිය. තීරණය ඔබ සතුය.


    ගයාන් සමරසිංහ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සල්ලි සල්ලි.. දැන් නිලියෝ වගේ ඉන්න බඩුත් කරන්නේ ඕකම තමයි :yes::angry:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මචන් මම පියුමිව ගන්න ඉන්නෙ..එයා මේවගෙ කරන එකක් නෑනේද???:oo::oo:
     

    Nigan

    Banned
    Jun 9, 2018
    41
    4
    0
    Ganu dakala nathi ewunta itin magic thamai :angry: police porath amba modayek, policeyen ain karanna ona gothayawa hariyata baduwak gahannawath danne nathi kota kohe hora allannada :angry:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,999
    6,908
    113
    Nawala
    ගොසිප් පත්තරකාරයන් දකින හීන


    100% ඇත්ත, මහාචාර්ය නන්දසේන රත්නපාල වගේ සමාජ විද්වතුන් හිටිය රටක අද තමන් "සමාජ විශ්ලේෂකයෝ" කියලා තමන්ව හදුන්වගන්නා තුට්ටුදෙකේ පත්තර කාරයන්ගේ අතින්දාළ ලියන බහුබුත !! අනේ මට ඔය කෙල්ල හම්බෙන්නේ නෑ නේ !