ආදරයේ ඇඳුම

weerasuriyas

Member
Jan 24, 2018
48
33
0
img_0148-e1482457306323.jpg

එක දවසක් අම්මට - හිතුණානේ යන්නට
තම පුතුගේ නිවසට - ඔහු දැකලා එන්නට

අම්මා එහි යන විට - සැංගී දොර ලඟ සිට
පැනපි ලේලි ඇඟටම - අමු හෙළුවැල්ලෙන් සිට

පිස්සු හැදිල දැයි තොට - ඉන්නෙ උපන් විලසට
නැන්දම්මා ඇහුව ලෙසට - ඈ ඇඹරෙයි විළිපිට

සමාවෙන්න මව් මට - හිතුවේ ඔහු විලසට
ඒකයි දොර අස්සෙ හිටං - පැන්නේ මේ විලසට

විලිසංගය නැතුවට - හැසිරෙන්නේ මෙලෙසට
ඇඳුමක් දාගං විගහිං - ඈ ගොරවයි රුදුවට

අම්මා මේ අහන්ට - ලැජ්ජයි මට කියන්ට
මේකයි ආදරේ ඇඳුම - ඔහු කැමතිම දකින්ට

මේක අහපු අම්මට - හිතුණා මේ විලසට
මමත් ඇඳිය යුතු වේ මේ - අලුත්ම ඇඟලුම හෙට

පසුදා ගොස් නිවසට - සැමියා එන මොහොතට
හෙළුවෙන් ඉඳගෙන උන්දා - පැනපි ඔහුගෙ සිරුරට

වයසක සැමියාහට - මහ පුදුමෙකි දක්නට
මදන යකා වැහුණාදැයි - ඇහුවා ඔහු හනිකට

ගියාට අපි වයසට - අඩු නෑ සෙනෙහස මට
මේකයි ආදරේ ඇඳුම - ලස්සනයිද එය මට

මේක අහපු සැමියට - හිනාගියා හෙමිහිට
ඇඳුම මැදල තිබුණා නම් - අගෙයි කියවුණා හිට

**** - හුදු හාස්‍ය උදෙසා පමණයි.

හම්මියෝ මේක.... මෙන්න මෙතැනින් ගත්තේ... https://dirtykavi.blogspot.com/:D:D
 
Last edited: