ඇමෙරිකාවේ ස්ටෝන්හෙන්ජ්.....
ඇමෙරිකාවේ ස්ටෝන්හෙන්ජ් හෙවත් ජෝර්ජියාවේ ඵලකය....
ඉතිහාසයේ තවත් එක් ප්‍රශ්නාර්ථයක් ලොවට ඉතිරි කල මනුෂ්‍යය වර්ගයාගේ තවත් එක් අභිරහස් නිර්මාණයක් ගැන තමයි මේ තොරතුරු ගෙනෙන්නේ.
මෙය අභිරහසක් වන්නේ, කුමක් අරමුණු කොට මෙය නිර්මාණය කලාද, එමෙන්ම මේ නිර්මාණයේ සංකල්ප වාදියා පිලිබඳ නිවැරදි තොරතුරක් ඉතිරි නොවීමයි.
වර්ෂ 1979 ජුනි මාසයේ ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇල්බර්ට් කවුන්ටි හි පිහිටි '' ඇල්බර්ටන් ග්‍රැනයිට් '' සමාගමට පුද්ගලයෙක් පැමිණේ. R.C.Christian හෙවත් රොබර්ට් ක්‍රිස්ටියන්
( සත්‍යය නමක් නොවන බව පසුව තහවුරු විනි)වශයෙන් තමාව හැඳින්වූ මේ පුද්ගලයා,තමා
''පක්ෂපාති ඇමෙරිකානුවන්'' කිහිප දෙනෙකුගෙන් සැදී කුඩා සංගමයක් නියෝජනය කරමින් පැමිණි බව සඳහන් කරමින් ග්‍රැනයිට් ඵලකයක් නිර්මාණය කිරීම සඳහා ඇණවුමක් භාර දෙනවා.
නමුත් සමාගම විසින් පුද්ගලයාගේ ස්වාභාවයත් ඔහුගේ ඇණවුමේ ස්වාභාවයත් ඔහුගේ තොරතුරු වල ඇති අස්වාභාවික බවත් නිසා ඇතිවූ සැකය මත එම ඉල්ලීම මුලදී ප්‍රතික්ෂේප කරනු ලබනවා.
සමාගම විසින් ඒ සඳහා හේතු වශයෙන්, එහි ප්‍රමාණයේ විශාල කම නිසා අවශ්‍යය උපකරණ නොමැතිකම,ඒ සඳහා විශේෂඥ දැනුම අවශ්‍ය බව ඉදිරිපත් කරනු ලබනවා.
නමුත් රොබර්ට් මේ ඉල්ලීම සියල්ල පිළිගනිමින් ඒ සඳහා සියලු වියදම් දැරීමට සුදානම් වෙනවා.
එමෙන්ම ඔහුගේ එක විශේෂ ඉල්ලීමක් වනුයේ, මේ නිර්මාණය කරනු ලබන කණ්ඩායම පිලිබඳ සියලු තොරතුරු වසර 20 කාලයක් සඳහා රහසිගතව තබා ගන්න ලෙසයි.
මේ නිර්මාණ ය බාර ගන්නා සමාගම එහි කටයුතු සිදුකෙරෙන අතරතුර රොබර්ට්, මේ ඉදිකිරිම
සඳහා සුදුසු භූමි භාගයක් 1979 ඔක්තෝම්බර් 01 දින ජෝර්ජියාවේ ගොවි මහතෙකු වූ Wayne Mullinex නම් පුද්ගලයාට අයිති අක්කර 05 ඉඩමක් සින්නක්කර ඔප්පුවක් තුලින් ලබා ගන්නවා.
1980 මාර්තු 22 දින කුඩා සමුහයක් ඉදිරියේ වාඩාත් අප්රසිද්ධව විවෘත කරනු ලබන මේ නිර්මාණයේ
අයිතිය සහ ඉඩමේ අයිතිය ඉන්පසුව සමාගම නමට හැරවීමට රොබර්ට් කටයුතු කරන ලදී.
ඵලකයේ ඉදිකිරීම් අතරතුර
ඵලකයේ ස්වාභාවය -
සම්පුර්ණ උස අඩි 19 අඟල් 3 ( 5.87 m )
සම්පුර්ණ බර - 107,840 kg
ප්‍රධාන ඵලක 4 උස අඩි 16
ඝන මීටර් 26.9 ග්‍රැනයිට් මේ සඳහා භාවිතා කොට ඇත.
ඇත්තටම මේ ඵලකය කුමක් අරමුණු කොට නිර්මාණය කරන ලද්දක්ද ?මෙහි අන්තර්ගතය කුමක්ද?
වඩාත් පුදුම දනවන සිද්ධිය මෙයයි.
මෙය සිරස් අතට පිහිටි ප්‍රධාන ඵලක 04 කින් සහ ඒවායේ උඩින් තිරස් අතට තබන ලද ඵලකයකින් සමන්විතයි.සිරස් ඵලක 04 තුල භාෂා 08 න ලියන ලද Guidelines හෙවත් අණපනත් 10 අඩංගු වෙයි.ඉංග්‍රීසි, ස්පාඥ්ඥ, ස්වාහිල් ( නැගෙනහිර අප්‍රිකානු භාෂාවක්), සැන්ස්ක්‍රිට් ( උර්දු භාෂාවේ මුල් ස්වරුපය ), හීබෘ, අරාබි, චීන හා රුසියානු භාෂා යන භාෂා මේ සඳහා යොදා ගෙන ඇත.
Guidelines හෙවත් අණපනත්
01 - Maintain humanity under 500,000,000 in perpetual balance with nature.
- ලෝක ජනගහනය මිලියන 500 ට අඩු සහ සොබාදහම සමග සදාතනික බැඳීමකින් යුක්ත විය යුතුය.
02 - Guide reproduction wisely — improving fitness and diversity.
- වඩාත් බුද්ධිමත් ලෙස ප්‍රති නිෂ්පාදනය වෙත යොමුවෙන්න, විවිධත්වය සහ පැවැත්ම පිලිබඳ සැලකිලිමත් වෙන්න.
03 - Unite humanity with a living new language.
- එකම භාෂාවක් යටතේ මනුෂ්‍යත්වය එක්සේසත් කරන්න.
04 - Rule passion — faith — tradition — and all things with tempered reason.
- විශ්වාසයන්, ඇදහීම්,සම්ප්රදායන්ගේ ප්රකෝපකාරී සීමාවන් පාලනය කරන්න.
05 - Protect people and nations with fair laws and just courts.
- මනුෂ්‍ය වර්ගයාගේ ආරක්ෂාව පිණිස සෑම ජාතියක්ම,විනිශ්චය කිරීමට සාධාරණ අධිකරණයක් හා නීති පද්ධතියක් ඇති කරන්න.
06 - Let all nations rule internally resolving external disputes in a world court.
- ලොව සෑම ජාතින්ටම අභ්‍යන්තර/ බාහිර ආරවුල් විසඳාගැනීමට එකම අධිකරණයක් ඇති කරන්න.
07 - Avoid petty laws and useless officials.
- සුළු නීති සහ නොගැලපෙන නිලතල ඉවත් කරන්න.
08 - Balance personal rights with social duties.
- මිනිස් අයිතිවාසිකම් සුරැකීම සමාජ වගකීමක් සේ සලකන්න.
09 - Prize truth — beauty — love — seeking harmony with the infinite.
- සත්‍යය, ආදරය, සුන්දරත්වය සහ සංහිඳියාව තුලින් සදාතනික බැඳීමක් ඇතිවේ.
10 - Be not a cancer on the earth — Leave room for nature — Leave room for nature.
- සොබාවධර්මයට ඉඩදෙන්න, මනුෂ්‍ය වර්ගයා එහි පිළිලයක් නොවන්න.
ඵලකයේ විද්‍යාත්මක විවරණය ( මේ පිලිබඳ නියම අදහසක්මට ලබා ගැනීමට නොහැකි වුනු නිසා මම මේ පිලිබඳ විස්තර කලේ නෑ.
කැමති කෙනෙකුට විකිපීඩියා තුලින් හරි අන්තර්ජාලයේ වෙනත් අඩවි තුලින් හරි මේ පිලිබඳ වැඩි විස්තරයක් ගන්න පුළුවන් )
එමෙන්ම මෙහි අඩි කිහිපයක් බටහිර දිසාවට වෙන්නට පොළෝ මට්ටමේ සවි කර ඇති තවත් කුඩා ඵලකයක මෙහි තොරතුරු සටහන් කර ඇත.එහි මැද මේ වාක්‍යය කණ්ඩය සටහන් කොට ඇත.
'' Let these be guidestones to an Age of Reason ''.
මෙය කුමන අරමුණක් අරභයා ලියන ලද්දක්ද යන්න අදටත් ගැටලුවකි.
මේ කුඩා ඵලකයේ තවත් භාෂා 4 ක නම් එහි සතර කොන් වලින් සටහන් කර ඇත.
ඒ නම්, බැබිලෝනියානු, ශාස්ත්‍රීය ග්‍රීක,සැන්ස්ක්‍රිට් හා පුරාණ ඊජිප්තු යන හතරයි.
මේ පිලිබඳ විවිධ මත පවතින අතර,
සමහර පුද්ගලයන් පවසන්නේ මෙහි සංකල්පවාදියා එක්තරා මානසික වයාධියකින් පසුවූවෙකු බවයි.
නමුත් මාර්ක් ඩයිස් නම් ඇමෙරිකානු මතවාදියාට අනුව මොහු සාතන් වාදියකු, අන්තක්‍රිස්තු අදහන පුද්ගලයෙකු බවයි.ඔහු New world order (NWO ) හා සම්බන්ධයක් ඇති බවයි.
කෙසේ වෙතත් 2008 හා 2014 යන වර්ෂ වලදී මේ ඵලකය ට හානි වන අයුරෙන් එහි සටහන් හා වාක්‍යය ලියා තිබිණි.
තොරතුරු හා ඡායාරුප අන්තර්ජාලයෙනි.
පරිවර්තනය මා විසින්.
යම් යම් අඩුපාඩු ඇතොත් එව්වා ඉදිරිපත් කරන මෙන් කිරී වාසි සියලුම ඇත්තන්ගෙන් ඉලා හිටිමි.
එහෙනම් කට්ටියට ජයවේවා....

කැමති කෙනෙකුට විකිපීඩියා තුලින් හරි අන්තර්ජාලයේ වෙනත් අඩවි තුලින් හරි මේ පිලිබඳ වැඩි විස්තරයක් ගන්න පුළුවන් ) එමෙන්ම මෙහි අඩි කිහිපයක් බටහිර දිසාවට වෙන්නට පොළෝ මට්ටමේ සවි කර ඇති තවත් කුඩා ඵලකයක මෙහි තොරතුරු සටහන් කර ඇත.එහි මැද මේ වාක්‍යය කණ්ඩය සටහන් කොට ඇත.
'' Let these be guidestones to an Age of Reason ''.
මෙය කුමන අරමුණක් අරභයා ලියන ලද්දක්ද යන්න අදටත් ගැටලුවකි.
මේ කුඩා ඵලකයේ තවත් භාෂා 4 ක නම් එහි සතර කොන් වලින් සටහන් කර ඇත.
ඒ නම්, බැබිලෝනියානු, ශාස්ත්‍රීය ග්‍රීක,සැන්ස්ක්‍රිට් හා පුරාණ ඊජිප්තු යන හතරයි.
මේ පිලිබඳ විවිධ මත පවතින අතර,
සමහර පුද්ගලයන් පවසන්නේ මෙහි සංකල්පවාදියා එක්තරා මානසික වයාධියකින් පසුවූවෙකු බවයි.
නමුත් මාර්ක් ඩයිස් නම් ඇමෙරිකානු මතවාදියාට අනුව මොහු සාතන් වාදියකු, අන්තක්‍රිස්තු අදහන පුද්ගලයෙකු බවයි.ඔහු New world order (NWO ) හා සම්බන්ධයක් ඇති බවයි.
කෙසේ වෙතත් 2008 හා 2014 යන වර්ෂ වලදී මේ ඵලකය ට හානි වන අයුරෙන් එහි සටහන් හා වාක්‍යය ලියා තිබිණි.
තොරතුරු හා ඡායාරුප අන්තර්ජාලයෙනි.
පරිවර්තනය මා විසින්.
යම් යම් අඩුපාඩු ඇතොත් එව්වා ඉදිරිපත් කරන මෙන් කිරී වාසි සියලුම ඇත්තන්ගෙන් ඉලා හිටිමි.
එහෙනම් කට්ටියට ජයවේවා....

Last edited:
කරපු කියපු කෙනෙක් නැතිලු, කරේ ඇයි කියලත් නැතිලු නේද