ගොරවනවා

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
Dear පෙන්ස්,
මම පට්ට විදියට ගොරවනවලු නිදා ගත්තම.
කෝච්චියේ යද්දිත් නින්ද ගියාම ගොරවනවා.
මේකට විසදුමක් නැද්ද?
මොනා සම්බන්ද ඩොකෙක්ට පෙන්නුවොත්ද හොද?
 
  • Like
Reactions: craabeysinghe

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    කරන්න තියෙන දේ උඩුබැලි අතට නිදා ගන්නේ නැතුව පැත්තට හැරිලා නිදා ගන්න.නැත්නම් ෆාමසි වල බෙහෙතක් තියෙනවා ගන්න පුළුවන්.

    1aa7b7cdd18d02c45ec8684bd248d397.jpg
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,904
    113
    ලංකාවේ.. ලංකාවේ
    mama ahala thiyenneth sema nisa wenawa kiyala
    phycision kenek ta pennala ahanna...


    thawa ebay ehwma thiyanwa podi belt/coller ekak daala nida ganna scene ekak. wada karanawada kiyala nam hariyatama danne nee. mama danna ekkenk ewa genalla pawichchi kara. guna ahuna kiwwe nam naa
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    1. නින්දෙන් ගොරවන ගොඩක් අය අධික ස්ථුලතාවයෙන් [මහත බවින්] පීඩා විඳින අය බව ඔබ දන්නවද?

    2. ඒ වගේම ඔවුන් ගොරවනකොට එහා පැත්තේ කෙනාට දැනෙන්නේ කොටයක් ඉරනවා වගේ තමා. මේක සංඛ්‍යාතයක් විදියට කියනවා නම් නම් ඩේසිබල් 50ත් 100ත් අතර ශබ්දයක් නින්දෙන් ගොරවන්නෝ වරකට නිකුත් කරනවා

    3. සෑම කාන්තාවන් 5 දෙනෙකුන්ගේ 1 දෙනෙක් ගොරවනබව ඔබ දන්නවද? පිරිමින්ගේ මේ ප්‍රතිශතය සෑම 3දෙනෙකුටම 1ක් වෙනවා. මෙයට අමතරව මේ නින්දෙන් ගොරවන දෙපාර්ශවයේම අය හර්ද ආබාධයකට භාජනය වීමේ 30%ක සම්භාවිතාවයකුත්, ආඝාතයට ගොදුරු වීමේ 67% සම්භාවිතාවයකුත් පවතිනවා.

    4. උගුරේ මාංශපෙශීන් බොහෝ ලිහිල් වූ විටත් නින්දෙන් ගෙරවීම ආරම්භ වෙනවා. ඊට අමතරව ඔබ කිසියම් රෝගයකට බෙහෙත් හෝ ඇල්කොහොල් සහිත බිමක් පානය කර තිබෙනවා නම් ඔබට නොදනිම ගොරවන්නට පටන් ගැනීම නවත්වන්නට බැහැ.

    5. නාසය අවහිර වීමක් හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමක් නින්දෙන් ගෙරවීමට හේතු විය හැකියි. උගුර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ තුල වායුපිඩනය වෙනස් වීම නිසාත් මේ ගෙරවීම ඇතිවන්නට බොහෝ ඉඩකඩ තියෙනවා. අපි නිදාගෙන ඉන්නකොට එක පාරටම අපේ හුස්ම හිරවුනා වගේ දැනෙන්නේ මෙන්න මේ වගේ අවස්ථා වල තමා.

    6. ඇත්තටම ඔබ නින්දෙන් ගොරවන එක කිසිම හානියක් නැහැ. එත් එයින් ඔබට වැළදෙන්නට නියමිත රෝගී තත්ත්ව ගැන නිහඬව කියාපානවා. ඒ නිසා ඔබ ගොරවනවා නම් පොඩ්ඩක් ඔබේ පවුලේ වෛද්‍ය වරයාට කියලා පොඩ්ඩක් ඔබේ පවුලේ ප්‍රවේනි ගත රෝග මෝනවද කියලා දැනගෙන ඉන්න එක වටිනවා

    7. ගෙරවීම සමහරවිට “නිදි වැලකුම් ඇප්නියාව (Obstructed Sleep Apnea – OSA )” නම් රෝගී තත්වයට හේතුවක් වන්නට පුළුවන්. නින්දේදී සමහර අවස්ථා තිබෙනවා හදවතට එන වායුධාරාවන් උගුර හරහා යන. එහෙත් සමහර අවස්ථාවල පුද්ගලයාගේ ස්වසන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී හුස්ම ගැනීම තත්පර කීපයකට නවතිනවා. මෙය විශාල සෞඛ්‍ය ගැටලු ගොඩකට හේතුවක්. තත්පර 10 ක් වගේ කාලයක් හුස්ම ගැනීම නැවතුණු විට එම පුද්ගලයාගේ ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ඇන හිටිනවා. එය සෘජුවම මොළයට බලපානවා.

    නින්දෙන් ගොරවන හැම වෙලාවම OSA හැදෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. එහෙත් එයින් ආරම්භ වෙන්නට ඉඩකඩ තියෙන බව අපි අමතක කලයුතු නැහැ.

    8. ගොරවනකොට අපි නොදනිම අපි නින්දෙන් අවදි වෙනවා. ඒත් අපිට එය දැනෙන්නේ නැහැ. ඔබ දිවා කාලය තුලදී නිදිමතක් දැනෙනවා නම්, එදිනෙදා වැඩ කරගෙන යන්න අපහසු නම් ඒ මෙසේ නින්ද මැද්දේ ඇහැරිම වන්නට බැරි නැහැ. ඉතින් අපේ ඵලදායිතාව අඩුවන්නේ අපිත් නොදැනුවත්වම.

    9. නින්දෙන් ගෙරවීම පාලනය කිරීමට නිදා ගන්න හදනවිට තමන්ගේ පුරුදු කොට්ටය මතට තව වැඩිපුර කොට්ටයක් එකතු කරගැනීමෙන්, සිරුරේ බර අඩු කරගැනීමෙන්, නින්දට කලින් අල්කොහොල් භාවිත කරනවා නම් එය නැවත්වීමෙන් වගේම නිදා ගන්න ඉරියව්ව වෙනස් කිරීම මගිනුත් මේ ගෙරවීම නතර කරන්නට හැකියාව ලැබෙනවා.

    ඒ වගේම තමා කුඩා පළලක් ඇති කොට්ටයකට පොල් කට්ටක් තබා බඳවා නින්දට පෙර පිට පැත්තෙන් තිබ්බම ගොරවන එක අඩු වන බව අපේ පැරැන්නන් කියනවා..!

    10. එයිනුත් අපහසුනම් පුහුණුව ලත් වෛද්‍ය වරුන් සහ හෙදියන්ගේ අධීක්ෂණය යටතේ sleep study පරීක්ෂණයක් පවත් වීමෙන් මේ ගැන නිගමනයට එන්නට පුළුවන්කම ලැබෙනවා. කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය ආශි‍්‍රත රෝග ඒකකයේ එවැනි පර්යේෂණාගාරයක් පිහිටුවා තිබෙනවා. එයින් එම පරීක්‍ෂණය ගැටළුවක් නැතිව ඔබට සිදු කර ගන්න පුළුවන්.



    source
     
    • Like
    Reactions: Red-Cat

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    කරන්න තියෙන දේ උඩුබැලි අතට නිදා ගන්නේ නැතුව පැත්තට හැරිලා නිදා ගන්න.නැත්නම් ෆාමසි වල බෙහෙතක් තියෙනවා ගන්න පුළුවන්.

    1aa7b7cdd18d02c45ec8684bd248d397.jpg

    thanks yalu :D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    නින්දෙන් ගොරවනවා කියන්නේ සෙක්ස් පැත්ත එච්චර සතුටුදායක නැ

    ජුන්ඩ පොඩි
    අල්ලපු ගමන් බඩු යනවා
    නගිනවා හොරයි
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    නින්දෙන් ගොරවනවා කියන්නේ සෙක්ස් පැත්ත එච්චර සතුටුදායක නැ

    ජුන්ඩ පොඩි
    අල්ලපු ගමන් බඩු යනවා
    නගිනවා හොරයි

    :yes::(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    math goranawa kiyala kiyanawa..
    passe semata beheth gattama hari giya...
    age mahatha ehemath balpanawa mama hitanne..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,467
    113
    නින්දෙන් ගොරවනවා කියන්නේ සෙක්ස් පැත්ත එච්චර සතුටුදායක නැ

    ජුන්ඩ පොඩි
    අල්ලපු ගමන් බඩු යනවා
    නගිනවා හොරයි

    :rofl::rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,639
    7,975
    113
    Kotahena
    Android software එකක් තියෙනව snore මොකක්ද මන්දා search කරපන්. එමෙන් sleep track කරනවා snore වෙනවද කියලා. උදේට report එකක් බලන්න පුළුවන් කොයි කොයි වෙලාවෙ ද ගෙරෙව්වෙ සහ audio එකක් record වෙලා තියෙනව ඒ part ටික විතරක්.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    නින්දෙන් ගොරවනවා කියන්නේ සෙක්ස් පැත්ත එච්චර සතුටුදායක නැ

    ජුන්ඩ පොඩි
    අල්ලපු ගමන් බඩු යනවා
    නගිනවා හොරයි

    ජෝක් එකට මෙහෙම දැම්මට කමක් නෑ. ඒත් මේව පට්ට බොරු :yes::yes: