japan pelapothata giya ape karunananda 1964

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මේ කියන්න යන කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ රණතුංග කරුණානන්ද මහතා (1936 - 1975) ඔයා කලින් අහලත් නැතුව ඇති. ඒ වුනත් ලංකාවේ වගේම ජපානයේත් හරිම ප්‍රසිද්ධ චරිතයක්.

3gKV6Jk.jpg


ඔහු 1964 දී ජපානයේ තිබුණු ඔලිම්පික් තරඟාවලියේ 10,000m ඉසව්ව දුවන්න සහභාගී වුනා. තරඟය ආරම්භ වෙලා සුළු මොහොතකින් කරුණානන්දව පහු කරගෙන හැමෝම දිව්වා.
පළමුවන වට 10 නිමාවන විට කරුණානන්දට වටයක විතර ලීඩ් එකක් තියලා අනිත් හැමෝම ඉදිරියෙන් හිටියා. 20 වන වටය පටන්ගන්න කොට කරුණානන්ද හිටියේ අන්තිමට.

ඇමරිකානු ක්‍රීඩකයා මෙහි රන් පදක්කම දිනාගන්න සමත් වුනා. ඔය විදියට 1,2,3 ස්ථාන නම්කෙරුනා. හැබැයි ඒ අවස්ථාවේත් කරුණානන්ද හිටියේ වට 4ක් 1600m පිටුපසින්.
ඉතින් දැන් ජයග්‍රහණ ලබලා ඉවර නිසා ගොඩක් අය තරඟය මගින් අත්හැරලා දැම්මා. හැබැයි අපේ කරුණානන්ද තරඟය නතර කලේ නැහැ ඔහුට තව 1600m ක් තියෙනවා දුවන්න.

පළමුවන මීටර් 400 දුවනකොට ප්‍රේක්ෂකාගාරයේ සිටි අය උසුළු විසුළු කරමින් හිනාවෙන්න ගත්තා. මොකද ඒ වෙනකොටත් දුවමින් හිටියේ කරුණානන්ද විතරයි. අනිත් හැමෝම තරඟය ඉවර කරලා නැත්නම් අත්හැරලා.
හැබැයි තුන්වන මීටර් 400 දුවද්දී ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් හඬ අහන්නට ලැබුනා. අවසන් මීටර් 400 දී මේ ධෛර්යවන්ත මිනිසා වෙනුවෙන්ප්‍රේක්ෂකයින් නැගිට අත්පොලසන් ලබාදුන්නා .
60000 ක් පමණ ප්‍රේක්ෂයන්ගේ අත්පොලසන් නාදයෙන් දසත ගිගුම් දෙද්දී කරුණානන්ද තරඟය අවසන් කළා. ඒ ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයා බවට පත්වෙමින්.

pafYNRI.jpg


මෙහිදී සියලුදෙනාගේම ගෞරවය සහ ආචාරය ඔහුට හිමිවුණා. අවසානයේදී කරුණානන්ද පවසා තිබුනේ 'මට අවශ්‍ය වුනේ මේ තරඟය ආරම්භ කරන්න පමණක් නෙමෙයි, එය අවසන් කරන්නටත්' බවයි.
අපේ කරුණානන්ද මහතාගේ මේ කතාව ගැන 5 ශ්‍රේණියේ ජපන් පෙලපොතේ පළමු පාඩමේ ධෛර්යවන්ත මිනිසා ලෙස සටහන් වෙනවා.

ykmQpxm.jpg



මේ තියෙන්නේ ඒ වීඩියෝ එක...:yes: