මේ ත්‍රෙඩ් එක සුරතල් සතුන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතලා දාන්නේ.
ඊයේ හවස අපේ ගෙදරට පාරේ යන බල්ලෙක් ගෙදරට ආවා. ඌ සැහෙන බඩගින්නේ හිටියේ. දවස් ගානකින් හරි හැටි කෑමක් ලැබිලා නැහැ. පස්සේ මම උට හොඳට කන්න දුන්නා. කාල ඉවර වෙලා ඌ ඔහේ මිදුලේ වැතිරිලා ඉන්න ගමන් උට නින්ද ගිහින් තිබ්බා. ලඟට ගිහින් බලනකොට තමයි දැක්කේ උගේ ඇඟේ කිනිතුල්ලෝ දහස් ගණනක් වහලා තියනවා කියලා. එක දැක්කම සැහෙන පව් කියල හිතුනා.
ගෙදර තිබ්බ ටික් ගාර්ඩ් කියල ලික්විඩ් එකක්. ඒක අපේ බල්ලට ගෙනාපු එකක්. ඒක උගේ ඇඟට ඉස්සා. එත් අද උදේ බලනකොට කිනිතුල්ලෝ එහෙම්මමයි. පස්සේ ගියා කාර්ගිල්ස් ෆුඩ් සිටි එකට. එතැනදී මෙන්න මේ ටිකමිට් කියන බෙහෙත හම්බ උනා. මේක රුපියල් 380 වගේ ගානක් උනේ. මේක ගෙනත් ඇල්වතුර ලීටරයකට මිලිලීටර් 2 දිය කරලා බල්ලට ස්ප්‍රේ කළා. කකුල් යට බඩ යට ඔක්කොටම ස්ප්‍රේ කළා.
පැය දෙකක් ගියේ නැහැ උගේ ඇඟේ ඉන්න ඔක්කොම කිනිතුල්ලෝ එලියට එන්න ගත්තා. දහස් ගානක් කිනිතුල්ලෝ පැටවූ එලියට එන්න ගත්තා. උන් ඔක්කොම පනාවකින් පීරලා අයින් කරා. පස්සේ අයෙමත් පැයක් යනකොට තව තවත් මතු වෙන්න ගත්තා. ඔහොම විටින් විට සිය ගණන් එලියට එන්න ගත්තා.
මේ බෙහෙත් සැහෙන සැර බෙහෙතක්. හරි පරිස්සමෙන් දාන්න ඕනේ. වස . නියමිත මාත්‍රාවට අනුව දාන්න වග බලා ගන්න. බෙහෙත දාල දවස් 5 යනකන් බල්ලව නාවන්න එපා. කලින් නෑව්වොත් බෙහෙතේ සැර බාල වෙනවා.
දැම්මට පස්සේ බල්ලා තුලින් අසාධ්‍ය තත්වයක් පෙන්නුම් කලොත් වහාම බල්ලව නාවන්න. මේක රේගියුලර් පාවිච්චි කරන්න එපා. සතාට විෂ වෙන්න පුළුවන්.

දෙමල අර සමනලයා මලවගේ
මුගෙ භාශාව රනිල් හාමු කතා කරන භාශාව 