සෙන් කතා 2

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    TSp0hgA.jpg


    සුබ දවසක් වේවා එළකිරි සහෝදර සහෝදරියනි....

    පාදඩ අසපුව බ්ලොග් අඩවියෙන් රැගෙන මෙහි පලකල '' සෙන් කතා '' හූයේ දෙවෙනි කොටස අද මම ඔබට ගෙනෙනවා.
    මතක් කරන්න ඕනේ තමුන්ගේ නිර්මාණ අයිතියක් වෙනින් තැනක වෙනින් කෙනෙක් යටතේ පල කරන්න අවසර දුන් '' පාදඩයා ''. :yes:
    ඊළඟට අපි කොයි කව්රුත් දන්න අපේ GT අයියා. :yes:

    සෙන් කතා පළමු හූය නොකියවපු කෙනෙකුට පහත ලින්ක් එක ඔස්සේ ගිහින් කියවන්න පුළුවන්.


    https://www.elakiri.com/forum/showthread.php?t=1861002

    .................................................//..........................................................

    සෙන් කතා - 2


    ධර්මාවබෝධය​

    jFKmEMP.jpg


    අධිරාජ්‍යයා දවසක් ප්‍රසිද්ධ මහළු සෙන් භික්‍ෂුවක් හමු වෙන්න ගියා.

    "ගුරුතුමනී, ධර්මාවබෝධය ලබපු කෙනෙක් මිය ගියාම වෙන්නෙ මොකද්ද​?"

    "මම දන්නෙ නෑ"

    අධිරාජ්‍යයා පුදුම වුනා.

    "ඒත් ඔබවහන්සේ ධර්මාවබෝධය ලබපු කෙනෙක් නෙ?"

    "ඒත් මම මැරිල නෑ නෙ?"



    ගෝනුස්සා

    4RBGZFI.jpg


    මහළු සෙන් භික්‍ෂුවක් ගඟක් ළඟ තිබුණ ගහක් මුල භාවනා කරමින් සිටියා. විවේක ගන්නා මොහොතක ඇස් දෙක ඇරල බැලුවම ඔහු දැක්කා ගඟේ ගෝනුස්සෙක් ගහගෙන එන හැටි. ඌ අසරණ වෙලා අඬු විහිදමින් බේරෙන්න උත්සහ කළත්, සැඩ රළ පාර ඌව දිහටම ගඟ පහලට ඇදගෙන ගියා.

    භික්‍ෂුව ගහේ මුලක් අල්ල ගෙන ගඟට එබිලා ගෝනුස්සව අතින් අරගන්න උත්සහ කළා. ඒත් අත දැම්ම විතරයි ගෝනුස්සා අතට දෂ්ඨ කලා. දළ පාර යන්තම් වැදුනත්, ගෝනුස්සා විෂ සහිත එකෙක් නිසා භික්‍ෂුවට තද වේදනාවක් දැණුනා. ඔහු අත ආපහු ඇදල ගත්තා.

    ඒත් ඊළඟ මොහොතේදී භික්‍ෂුව ගහේ මුල තවත් තදින් අල්ලගෙන ආපහු සැරයක් ගඟට අත දැම්මෙ ගෝනුස්සව බේරගන්න​.

    ඒ සැරෙත් ගෝනුස්සා අතට දෂ්ඨ කළා. ඒ සැරේ නම් දළ පාර තදින්ම වැදුනා. භික්‍ෂුව වේදනාවෙන් මිරිකෙමින් බිම පෙරළුනා. ඔහුගේ අතෙන් ලේ බින්දු කඩා හැලුනා. ටික වේලාවකින්ම අත ඉදිමුනා.

    අසලින් ගිය මගියෙක් භික්‍ෂුව වේදනාවෙන් පෙළෙනවා දැකල එතැනට දුවගෙන ආවා. සිද්ධ වුන දෙය දැනගත්තම ඔහු භික්‍ෂුවට දොස් පැවරුවා.

    "ඔබට මොකද වෙලා තියෙන්නෙ? ඒ වගේ නපුරු, විසකුරු සතෙක් බේරගන්න තමාගෙ ජීවිතය අනතුරේ දාගන්නෙ මෝඩයෙක් විතරයි. ඔබ දන්නවද ඔය විෂෙන් ඔබ මිය යන්න වුනත් පුළුවන් කියලා?"

    භික්‍ෂුව බිම වැතිර ඉන්න ගමන්ම ඔහුට උත්තර දුන්නා.

    "දෂ්ඨ කිරීම ගෝනුස්සගෙ සොබාවය​. ඒත් ඒක එහෙමයි කියල මට මගේ සොබාවය වෙනස් කරගන්න පුළුවන් ද​?"



    හොඳ නරක​

    MUV0PYs.jpg


    බන්කෙයි කියන්නේ ඉතාම ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක්. ඔහුගෙන් භාවනාව ඉගෙන ගන්න ජපානයේ හතර කොනේ ඉඳලම භික්‍ෂූන් ආවා.

    එක දවසක් මේ භාවනා පන්තියක හිටපු ගෝල භික්‍ෂුවක් හොරකමක් කරල අහුවුනා. අනෙක් භික්‍ෂූන් "සොර භික්‍ෂුව​" බන්කෙයි ඉදිරියට අරගෙන ආවා. ඒත් බන්කෙයි ඒක ගැන කිසි දෙයක් කළේ නෑ.

    දවස් කීපයකට පස්සේ ඒ භික්‍ෂුවම ආයෙත් හොරකමක් කරල අහුවුනා. අනෙක් භික්‍ෂූන් ආපහු සැරයක් බන්කෙයිට පැමිණිලි කලා. ඒත් ඔහු ආයෙත් මොකවත් කරේ නෑ.

    අනෙක් භික්‍ෂූන් මේකෙන් දැඩි කලකිරීමකට පත් වුනා. ඔවුන් එකතු වෙලා තීරණයක් ගත්තා. ඔවුන් පහුවදාම සියළු දෙනා අත්සන් කළ පෙත්සමක් බන්කෙයිට බාර දුන්නා. ඒ පෙත්සමේ තිබුනේ එක්කෝ බන්කෙයි සොර භික්‍ෂුව භාවනා පන්තියෙන් ඉවත් කරන්න ඕනෙ, නැතිනම් අනෙක් සියළු දෙනා පන්තියෙන් ඉවත් වන බවට කළ ප්‍රකාශයක්.

    බන්කෙයි පෙත්සම කියවල බැලුවා. සියළුම භික්‍ෂූන් ව කැඳෙව්වා.

    "ඔබ සියළුදෙනා හරි වැරැද්ද හොඳින් දන්නවා. ඔබලා කැමති නම් වෙනත් භාවනා පන්තියකට සහභාගී වෙලා ඔබේ අධ්‍යන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒත් මේ භික්‍ෂුව හරි වැරැද්ද මොකද්ද කියල දන්නෙ නෑ. මම ඔහුව මෙතැනින් ඉවත් කළොත් ඔහුට උගන්වන්නෙ කවුද​? ඒ නිසා ඔබ සියළු දෙනා ඉවත් වුනත් මම ඔහුට උගන්වන්න ඕනෙ"



    වාසනාව​

    eqU2LBn.jpg


    දුප්පත් මහළු ගොවියෙක් හිටියා. ඔහු තරුණ කාලෙ ඉඳල මහළු වෙනකම්ම කලේ කුඹුරු ගොවිතැන​.

    එක දවසක් ඔහුගේ අශ්වයා කැලේට පැනල ගියා. ඔහුගේ අසල්වැසියෝ කණගාටුවෙන් හිස සලලා මෙහෙම කිව්වා.

    "කොච්චර අවාසනාවක් ද​?"

    ඒත් ගොවියා කලබල වුනේ නෑ.

    "හ්ම්....... අපි බලමුකෝ"

    පහුවදා පැනල ගිය අශ්වයා කැලෑ අශ්වයො තුන් දෙකනෙක් එක්ක ආපහු ආවා. ඒක දැකපු අසල්වැසියෝ ඉතාමත් ප්‍රීතියට පත් වුනා.

    "කොච්චර වාසනාවක් ද​?"

    ඒත් ගොවියා කිව්වෙ මෙච්චරයි.

    "හ්ම්....... අපි බලමුකෝ"

    ඊළඟ දවසේ ගොවියාගේ පුතා කැලෑ අශ්වයෙක් පිටේ නගින්න හදද්දි අශ්වයා පිටින් වැටිලා කකුල කැඩුනා. අසල්වැසියෝ ගොවියා හමුවෙලා තමාගෙ කණගාටුව ප්‍රකාශ කලා.

    "කොයිතරම් අවාසනාවක් ද​?"

    ඒත් ගොවියා කම්පා වුනේ නෑ.

    "හ්ම්....... අපි බලමුකෝ"

    පහුවදා හමුදා සේවයට බඳවා ගැනීමේ නිලධාරීන් ගමට ආවා. ඔවුන් ආවේ ළඟ එන යුද්ධයක් වෙනුවෙන් තරුණයන් හමුදාවට බඳව ගන්න​. ඒත් මහළු ගොවියාගේ පුතාගේ කැඩුණ කකුල නිසා ඔහුව හමුදාවට බඳවා ගත්තේ නෑ.

    අසල්වැසියෝ ආයෙත් තමාගේ ප්‍රීතිය පළ කලා.

    ""කොච්චර වාසනාවක් ද​?"

    "හ්ම්....... අපි බලමුකෝ"



    පෙළහර​

    ofmHunQ.jpg


    තරුණ සෙන් භික්‍ෂූන් තුන් දෙනෙක් දිය පාරක් අසබඩ භාවනා කරා. ඔවුන් රාත්‍රියට නිදාගත්ත පැල තිබුනේ ගඟෙන් එහා පැත්තේ.

    එක දවසක් ඔවුන් භාවනා කරන්න පටන් ගන්න හදද්දිම එක පාරටම එක භික්‍ෂුවක් නැගිට්ටා.

    "මට මගේ පැදුර අමතක වුනා නෙ"

    ඔහු කිසි අමුත්තක් නැතුව දිය පාරට බැහැල වතුර මතුපිටින් ඇවිදගෙන එහා පැත්තට ගිහින් පැදුරත් අරගෙන ආපහු වතුර මතුපිටින් ඇවිදගෙන මෙගොඩට ආවා.

    ඒක බලාගෙන හිටපු දෙවැනි භික්‍ෂුවත් නැගිට්ටා.

    "මට දැන් මතක් වුනේ, මට අද උදේ හෝදපු ඇඳුම් වේලෙන්න දාන්න අමතක වුනා"

    ඔහුත් දිය පාරට බැහැල වතුර මතුපිටින් ඇවිදගෙන එහා පැත්තට ගිහින් ටික වෙලාවකින් ආපහු වතුර මතුපිටින් ඇවිදගෙන මෙගොඩට ආවා.

    මේක බලාගෙන හිටපු තුන් වැනි භික්‍ෂුව කලබල වුනා. මේ දෙන්න මට පේන්න පෙළහර පානවද​? ඔවුන් මට වඩා භාවනාවෙන් ඉදිරියට ගිහින් ද​?

    ඔවුන්ට දෙවෙනි නොවෙන්න හිතපු තුන්වැනි භික්‍ෂුවත් නැගිට්ටා.

    "එහෙනං මට පෙළහර පාන්න බෑ කියලද හිතන්නෙ? ඔන්න බලාගන්නවා!"

    ඔහුත් දිය පාර ළඟට ගිහින් වතුර උඩට අඩිය තියල දිය මතුපිට ඇවිදින්න හැදුවා. ඒත් ඔහු ඉණක් දක්වා වතුරේ ගිලිල ගියා. මුළු ඇඟම තෙත බරිත වෙලා තිබුනත් ඔහු නැවත නැවත වතුර මතුපිට ඇවිදින්න උත්සහ කළා. ඒ හැම සැරේම ඔහු වතුරේ ගිලුනා.

    අනෙක් භික්‍ෂූන් දෙන්නා සගයා දිහා බොහොම උනන්දුවෙන් බලාගෙන හිටියා.

    ටික වෙලාවකින් එක් භික්‍ෂුවක් අනෙක් භිෂුවගෙන් මෙහෙම ඇහැව්වා.

    "අඩිය තියන්න ඕනෙ ගල් තියන තැන අපි මිනිහට කියමුද​?"


    ...............................................//..........................................................

    මගේ රචනයක් නොවේ.
    උපුටා ගැනීම : පාදඩ අසපුව බ්ලොග් අඩවිය


    https://paadadaasapuva.blogspot.com/

    එහෙනම් කිරී වාසි ඔබට ජය වේවා. :):)
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ස්තුතියි පුතේ..........මේ එළකිරියේ උඹව මග නොහැර මට GT ගේ අස්සටවත් රිංගන්න බෑ ඕයි :P:P

    Wede kianne man online enne koi welawatada ubath mekata ringanawane . :lol::baffled: :rofl:

    Belu belu atha uba do.. :P