හිර ගෙදර ජීවිතේ...2...පැතුම් කර්නර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    "Welcome to M2" - අක්මාල් බායි මාව පිළිගන්න ඉස්සරහට ආවා. අතට අත දීලා අනිත් අයව හඳුන්වා දුන්නා.

    " මම සිංහල කතා කලාට පකිස්තානයේ, අර ඉන්නේ ඛාන්, එයත් පකිස්තානයේ, එහා පැත්තේ අමිල් එයා මාලදිවයිනේ, මේ ඉන්නේ ඩඩා, මැදිවියේ වූ මුස්ලිම් පෙනුමක් තිබු හැඩි දැඩි පිරිමියෙකු ඔහු මා හට පෙන්වූයේ ය.

    ඩඩා යැයි එහි හැඳින්වු මේ මැදිවියේ මෝරා ගිය මිනිසා මද සිනාවක් පාමින් මා දෙස බලා සිටියේ ය. ඔහුගේ හිස කෙස් තවමත් කළුය. එහෙත් මුහුණ පුරා වැවුණු රැව්ල සුදු වෙන්නම ඉදී ගොසිනි. ඒ රැවුල අනුරාධපුරයේ නුවර වැවේ මද සුළඟින් නැගෙන රෑලි මෙන් උස පහත් වී තිබුන ද ඒවා ඒකාකාරීව පහතට පීරා තිබිණ. දොරින් උඩ සවි කර තිබූ ටීවී එකේ රිමෝට් එක ඔහු අතේ ය. මේ කුටියේ ගෞරවය දිනා ගත් වැඩිහිටියා ඔහු බව මට වැටහිණ. ඒ නිසාම පියෙක් මෙන් යන අදහස ඇතිව කවුරුත් ඔහුට ඩඩා යැයි ඇමතූහ.

    තවත් තරුණයන් 6 දෙනෙක් එහි වූයේ ය. ඔවුහූ ශ්‍රී ලාංකික තරුණයෝ ය. දෙදෙනෙකුගේ කොණ්ඩා ඉතා දිගට වවා තිබිණ. මුහුණ පුරා රැවුල ඇත්තෝ කිහිපදෙනෙකි.

    මේ සියල්ලෝ ඒ කුඩා කුටියේ බිම එලා ගත් පැදුරු කම්බාල් මත දිග හැර ගත් ගත් ඇඳරෙදි උඩ හාන්සි වී සිටියෝය. එක් අයෙකුට අඩි දෙකක පළලින් ද අඩි 6ක දිගකින්ද යුක්ත ඉඩක් බිමින් වෙන් කර ගැනීමට ඒ කුටිය ප්‍රමාණවත් වීම වාසනාවක් යැයි මට සිතිණ. ඔවුන් සතු සීමිත ඉඩ බෙදා ගැනීමට පැමිණි අලුත් අමුත්තා ගැන වැඩි කැමැත්තක් ඔවුන් තුල නොවූවා විය හැකිය. එහෙත්, යකඩ දොරින් ඇතුලට වසා දැමූ පසු අපි සියල්ලෝම එකම සිර කරුවෝය. උස පහත් කම් නැති සමානයෝ ය. කූඩුවෙන් එළියේ වූ මුදලට, බලයට, ධනයට ඇති ගෞරවය ඇතුලේ නැතුවා සේය. ජාතිය, ආගම , වර්ගය කුමක් දැයි අනෙකාට එතරම් වැඩක් නැති බව තේරුම් යෑමට මට වැඩි කාලයක් ගත නොවිණි.

    සිරකුටියේ කෙළවරක මුල්ලේ ඉහළින් බුදු පහනක තවමත් දැල්වෙන බුදු පහනද ඒ එළියෙන් ආසනයේ පූජා කර ඇති වතු සුද්ද මල් පේළිය ද මට පෙනෙයි. අන්තිම චුට්ට පිච්චෙන හඳුන්කූරෙන් නික්මෙන සුවඳ කුටිය සිර කුටියක් බව මොහොතකට අමතක කරවුයේන් මා එහි වූ කුඩා ඉඩක බිම වාඩිවූයේ ගිමන් හැරීමට ය. තමා සතු වූ කාපට් එකක් දිග හැර ගත් ඩඩා දෙවියන් ඇමදීම ආරම්භ කලේ කුරානයද ලඟට ගනිමිනි. ඒ දෙසට දිග හැරී තිබූ මාගේ කකුල් දෙකේ දිශාව වෙනස් කල මා, එරමිනියා ගොතා ගත්තෙමි.

    වේෆර්ස් බිස්කට් කීපයක් සමග ප්ලේන්ටියක් කුටිය තුලදීම තැනු ඔවුන් මා හට සංග්‍රහ කලේ සියල්ලෝම භුක්ති විඳින හැන්දාවේ තේ එක හිමින් උරන ගමන් ය. ඔවුන් තොරතෝංචියක් නැතිව අරගලයේ තතු විමසයි. තේ උගුරෙන් උගුරට දිග කතාවකට ඉන්ධන ලැබෙයි. හිතේ වූ පීඩනය බිඳ ගෙන ගැලපුන වචන එක් කොට ඔවුන්ට අරගලයේ තතු පහදා දුන්නෙමි.

    කුටියේ කොණක වූ වැසිකිළියත් එහි වූ පයිප්පයත් පෙන්වා මා හට නා ගැනීමට අක්මාල් බායි කියා සිටිය නිසා, එහි ගොස් නා පිරිසිදු වී මල්ලේ ඔබා රැගෙන ආ ඇඳුම් මාරු කර ගත්තෙමි. වෙලාව රාත්‍රී නවයාමාර වී තිබිණ.

    " පෝලීම්, පෝලිම්" - එළියෙන් යමෙකු කෑ ගසමින් පැමිණෙයි. සිර කුටියේ වූ සියල්ලෝ නැගිට සිටියේන් මාත් එයට සූදානම් වූයේමි. දොරින් එබුනු බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙකු අප කුටිය තුල කී දෙනෙක් සිටී දැයි ගණන් කර ගත්තේ ය. අක්මාල් බායි ඔවුන්ට ඒ ගණන් කිරීම වෙනුවෙන් උදව් කලේ ය. "එකොළහයි" - ඔවුන් එය සටහන් කොට පිටව ගියේ බිත්තියේ අලවා තිබූ පුංචි කඩදාසි තීරුවකට අත්සනක් දමමිනි.

    ඒත් එක්කම සිර කුටිය කඩි ගුලක් මෙන් ඇවිස්සින. සියල්ලෝම ඔවු නොවුන් නිදා සිටි කොට්ට පැදුරු අකුලා ගත්තේ ය. වැසිකිළියේ බිත්තියක එල්ලා තිබූ කොස්ස රැගෙන ආ එකෙකු වේගයෙන් මුළු සිර කුටියම අතුගා දැමුවේ ය. අකුළා ගත් කොට්ටා පැදුරු ඉතා සංයමයෙන් ඉරක් හෝ නැතුව එකිනෙකා එලා ගත්තේ අනතුරුව ය. මේ නිර්මාණය වන්නේ නිදා ගන්නා යහන් බව මට තේරුම් ගියේ ය. අලුතින් පැමිණි මා හට වැඩි ඉඩක් නොවුයෙන් මා හට ඉඩක් වෙන්වූයේ වැසිකිළිය ආසන්නයේමය. පැදුරක් නවා, ඒ උඩට රෙද්දක් දමා, කොට්ටයක් සමග පහසු යහනක් මටත් නිර්මාණය කර දීමට අක්මල් බායි කටයුතු කලේ ය.

    මෙගා බෝතයක් කපා එහි කළු රෙදි දමා ආලෝකය ආවරණය කල හැකි කොපුවක් වැනි වූ උපකරණයෙන් කුටියේ විදුලි බල්බය ආවරණය කෙරූ අතර ඇතිවූ මන්දාලෝකී තත්ත්වය විඩා බර මගේ දෙනෙත් වේගයෙන් නින්දට බර කෙරුවේය. අනෙක් ඈයො වැසිකිළිය පාවිච්චි කරන විට ඉඳහිට විසි වී ආ වතුර බිංදු මාගේ කකුල් වලට වැටී තෙත්බර කලත්, දින දෙක තුනක් යහමින් නොලැබුණ නින්දේ බර ප්‍රභල වී තිබිණ.

    මා සියල්ල මොහොතකට අමතක කල යුතුය. ශක්තිමත්ව මෙයට මුහුණ දිය යුතුය. හිත මෙන්ම ගත ද එයට සූදානම් කර ගත යුතුය. කුටියෙන් එළියේ වූ මිදුල සෙවණ කරන ගසක් සුළඟට වැනෙන සේයාවක් දොරේ කූරු අස්සෙන් අඩවන් දෙනෙතට මට පෙනෙයි. මා නින්දට යන විට එළිය පේනෙවාට කැමතිය. හමා ආ සීතල සුළඟ ද සෙලවුනු ගසේ සිළිසිලිය ද ටීවී එකේ දෙවන ඉනිමේ ශබ්දයෙන් ආ මානසික ආතතිය මග හැරියේන්, නිදි සුව මාගේ දෑස් පියන් අලවා දැමුවේ ය.

    පැතුම් කර්නර්
    #කොළඹ_හිරගෙදර_ජෑම්ගහ
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඩඩා යැයි එහි හැඳින්වු මේ මැදිවියේ මෝරා ගිය මිනිසා මද සිනාවක් පාමින් මා දෙස බලා සිටියේ ය. ඔහුගේ හිස කෙස් තවමත් කළුය. එහෙත් මුහුණ පුරා වැවුණු රැව්ල සුදු වෙන්නම ඉදී ගොසිනි. ඒ රැවුල අනුරාධපුරයේ නුවර වැවේ මද සුළඟින් නැගෙන රෑලි මෙන් උස පහත් වී තිබුන ද ඒවා ඒකාකාරීව පහතට පීරා තිබිණ. දොරින් උඩ සවි කර තිබූ ටීවී එකේ රිමෝට් එක ඔහු අතේ ය. මේ කුටියේ ගෞරවය දිනා ගත් වැඩිහිටියා ඔහු බව මට වැටහිණ. ඒ නිසාම පියෙක් මෙන් යන අදහස ඇතිව කවුරුත් ඔහුට ඩඩා යැයි ඇමතූහ.
    Season 2 Prostitute GIF by IFC

    මා සියල්ල මොහොතකට අමතක කල යුතුය. ශක්තිමත්ව මෙයට මුහුණ දිය යුතුය. හිත මෙන්ම ගත ද එයට සූදානම් කර ගත යුතුය
    dragging rick santorum GIF

    පැතුම් කර්නර්
    #කොළඹ_හිරගෙදර_ජෑම්ගහ
    GIF by moodman
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ටාං ටාං ටාං, යකඩ තහඩුවකට කල පහර දීමකින් නැගුණු ගෝරනාඩුවකින් බුරුල් උන දෑස්, යකඩ දොරේ කනු අස්සෙන් ආ උදෑසන මන්දාලෝකයට ඉඩ දුන්නේ කොළඹ අහසේ සීමිත වූ අරුනැල්ලේ ප්‍රබෝධය වෙනදාට තරම් විඳ ගැනීමට අපහසු කඩා වැටුණු හිතත් අවදි කර ගනිමිනි. තාප්ප කීපයකින් එහා වූ කොළඹ නාලන්දයේ සිටිය දී ද, කිලෝමීටර් භාගයකට එහායින් වූ කොළඹ වෛද්‍ය පීඨයේ සිටියදී ද හොඳින් හුරු වූ මේ අහස වැලිකඩ සිටිය දී ප්‍රිය නොවුනේ අහසේ වැරැද්දකට නොව බන්ධනාගාරයේ වූ සිරවී ඇති හිතේ අමාරුවට බව මට සිතිණ.

    කැලණියේ වෙදමුල්ලේ ඉස්කෝලේ සිටිය දී එහිදී ද හඬ ගෑවේ කෝච්චි පාරවල් වල රේලි පීලි සිල්බර කොටයට සවි කරනා ඝණ යකඩ තහඩුවකට මිටියකින් තැලීමෙනි. එබැවින් හිර ගෙදර මේ අවදි කිරීමට තැළූ යකඩයෙන් නිකුත් වූ මුවහත් සද්දය වෙදමුල්ල ඉස්කෝලේ ද සිහි කලේ නිරායාසයෙනි. බොහෝ ආරණ්‍යය වල දක්නට ඇති තැන්පත් වූ තාපස සිත් අවදි කරන මොට සද්දයක් නිකුත් කරන ලී බෙර මෙන් නොව සිර කුටියේ ඇති දැඩි පීඩිත හිත් අවදි කිරීමට ඒ මුවහත් යකඩ ගැටෙන හඬ අත්‍යාවශ්‍ය වූවා විය හැකිය.

    "පෝලීම්, පෝලීම්" - ඈතින් ඇහෙන හඬත් සමඟම පිළිවෙලට අඩුක් කල කඳන් යායක් මෙන් බිම නිදා සිටි සිර කුටියේ සාමාජිකයෝ වේගයෙන් නැගී සිටියේ ඔළුව පහත් කර මඩේ කෑම සොයමින් සිටි කොකුන් රෑනක් එකවර බෙල්ල උස්සා විපරම් කරන්නාක් මෙනි. කුටියේ දොර අසළට බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙකු පැමිණ එහි දොර විවෘත කලේන් කුටියේ වූ සියල්ලෝම පේළියට දොරෙන් ඉවතට ගියේ ය. නිලධාරීන් ශබ්ද නගා සිරකරුවන් පිරිස ගණන් කොට සටහන් කර ගත්තේ ය. සිර ගෙදර මාගේ පලමු දිනය එසේ ඇරඹී තිබිණ.

    කුටියේ දොර විවෘත වීමෙන් අනතුරුව අප පැමිණ තිබුණේ අඩි තිහක් පමණ දිගා හා පළල වූ හතරැස් මිදුලකට ය. එහි ද තුන් පැත්තකින් වටවූ අඩි 10ක් පමණ වූ උස තාප්පය. එක් පැත්තකින් හිර කුටි 2කි. ඒවා M1 හා M2 යැයි නම් කොට තිබිණ. M2 කුටියේ අප 11 දෙනෙක් වූ අතර, M1 කුටියේ පෝලිම් කිරීමේදී ඉන් ඉවතට පැමිණි සිර කරුවන් ප්‍රමාණය 10ක් වූයේ ය. ඇතැමුන් සරම් ඇඳ සිටියේය, ඇතැමුන් කොට කලිසම් ඇඳ සිටීයේ ය. මේ සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ බැවින් හිර ගෙදර ජම්පර් ඇඳි සිර කරුවන් මෙහි නොමැත. හැමෝම ගෙදරින් ගෙනා පහසු ඇඳුමකින් සැරසී සිටියේ ය.

    මේ හතරැස් මිදුලේ වූ තාප්ප නම් විවිධ කාලවල තිබූ පරණ ගොඩනැගිලි වලින්ම ඉතිරි වූ නෂ්ඨාවශේෂ බිත්තීන් ය. ඒවායේ කපරාරු බිඳී ඇතුලේ වූ කබොක් ගල් තැනින් තැන මතු වී තිබූ අතර, කලින් කල දැමූ නඩත්තු කපරාරු පැච් වලින් එම බිත්ති රළු වී තිබිණ. හිර කුටියේ ඉදිරියෙන්ම ඇති එහා කොළේ තාප්පයේ අඩියෙන් හාරා යන ලොකු කාණුවකි. ඒ තාප්පයෙන් එහා තිබෙන E වාට්ටුවේ ජලය එම කාණුවෙන් ගලා ගියේ ය. තරමක ඉහළ සිට පහළට පැමිණෙන මේ කාණුවේ ජලය වේගයෙන් ගලා බහින දිර පාරක නොනවතින දිය බිඳෙන ශබ්දයේ තොර තෝංචියකින් ඒ මිදුල් කොටුව පුරවා දමා තිබුනේ ය. දෙසීයකට අධික රැඳවියන් සංඛ්‍යාවක් සිටින ඉස්පාසුවක් නැති E වාට්ටුවේ නාන වතුර ටැංකියෙන් නොකඩවා ගලා ආ ජලයෙන් මේ කාණුව දිවා කාලයේ කිසි විටෙක හිස් නොවුණි.

    අප සිටි මේ විවෘත හතරැස් කොටු මිදුලේ එක් කෙලවරක වම් පැත්තේ විශාලව වැඩුණු එහෙත් තාප්පවලින් ඉහළට යෑමට නොදුන් ජෑම් ගසක් වූයේ ය. එහි අතු හරහට දික් වී සෙවණ දෙන ආකාරයෙන් සකස් කර ගෙන තිබූ අතර වම් බිත්තියත් කාණුවත් අතර වූ පොළොවෙන් සිමෙන්ති කොටසක් පලා ගෙන ඒ ජෑම් ගහ වැඩී තිබුණේය. කොටුව පුරා සිමෙන්ති අතුරා තිබූ අපිළිවෙලට උස් පහත් වූ පොළොව රාත්‍රිය පුරා ජෑම් ගහෙන් වැටුණු කොළ වලින් හැඩි වී තිබුණ. වම් බිත්තියට යටින් අසූචි බටයක් කඩා ගෙන ආ තවත් හිඩැසකින් කාන්දු වූ අසූචි මිශ්‍ර ජලය ජෑම් ගසේ මුල් ටික නාවා ගෙනම E වාට්ටුවෙන් ආ කාණුවට හිස් වූයේ ය.

    සිර කුටි තිබුන පැත්තෙන්ම වූ එක් කොටසකින් වූ තවත් ගේට්ටුවකින් එම හතරැස් කොටුව බන්ධනාගාරයේ කොරිඩෝවට විවෘත වූයේ ය. M1 හා M2 කුටි දෙකට යන එන මූලික දොර එයයි. ඒ දොරින් එළියේ සිර කරුවන් දෙපළක් හා නිලධාරියෙන් කල්දේරම් දෙකක් තියා ගෙන කෑම බෙදමින් සිටියේ ය. කුටියෙන් එළියට පැමිණි හැමෝම ඇතුලේ තිබූ මල්ලකින් එළියට ගත් බෑගයකින් පිංගාන බැගීන් රැගෙන බත් බෙදා ගැනීමට එළියට ගියේ ය. හාල් සේරුවක හැඩය ගත් යකඩ ටින් හැඩැති භාජනයකින් මැන ඉන් පිරෙන්නට එකක් ඒ සිර කරුවා විසින් එක් එක් පිඟානට බෙදා දුන්නේ ය. මා රැගෙන ගිය පිඟාන ඉන් උතුරා ගිය අතර ඒ බත් ප්‍රමාණය මට වේල් 3 කට සෑහේ. ඉන් කොටසක් අඩු කිරීමට මා කාරුණිකව ඔහුට කීවේය. ඊළඟ කල්දේරමේ වූයේ පොල් සම්බෝල ය. හැමෝටම හැඳි දෙක බැගීන් ලැබුණු අතර මා ඉන් එකක් පමණක් ගත්තේ එය හොඳටම ප්‍රමාණවත් වූ නිසා වෙනි.

    සිර ගෙදර හැමෝටම උදෑසන ආහාරය ලෙස ලැබෙන්නේ බත් හා පොල්සම්බෝල ය. එය දිනපතා කෑම දුෂ්කර බැවින්දෝ රැඳවියන් කාගෙවත් මුහුණට සිනාවක් ගෙන ඒමට උදෑසන වේල අසමත් වූයේ ය. කලින් දා කුස්සියේ දුටු විශාල බොයිලේරුවේ තම්බා ඇති බත් , ගෙදර මුට්ටියේ බත් වල රසට කිට්ටු කෙරුවේ නොමැත. බත් යනු තැම්බූ වතුරෙන් ඉදිමී ඇති පිෂ්ඨය වූවත් උයන ක්‍රමය අනුව එහි රසය වෙනස් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    උදෑසන ආහාරය කුමත් වූවත් එය කා දැමීමට සිදු වන්නේ ආයෙත් දහවල් වන තුරු කුමක් කෑමට ලැබෙවී දැයි යන සැකය නිසා ය. සීත කාලයට තණකොළ අහේනිය නිසා බඩ ගින්නට පිදුරු ගිලින හරකුන් මෙන් සිර කුටියේ වැසියෝ ඇඟිල්ලෙන් ඔබමින් ඒ බත සමග සම්බෝලය සප්පායම් වූයේ ය.

    උදෑසන ආහාරය අවසාන වත්ම මිදුලේ වූ ගේට්ටුව වසා දැමූ අතර, සිර කුටි දෙකේම වූ රැඳවියන් හට මිදුලේ කාලය ගත කිරීමට අවස්ථාව ලැබිණ. යලිත් සිර කුටිය හවස 5.30 වසන තුරු මේ මිදුලේ නිදහස අපිට තිබේ.

    සිය කුටියේ වූ බයිබල් කීපයක් අතට ගත් විශාල සිරුරකින් යුතු අප්‍රිකානු ජාතිකයෙකු එහි තිබූ කැඩුණු ප්ලාස්ටික් පුටුවකුත් රැගෙන මිදුලේ වම් දකුණු කෙලවර වූ මුල්ලට වැදුනේ ය. කොටකලිසමක් සහ ස්කිනියක් හැඳ සිටි ඔහුව කවුරුත් හැඳින්වූයේ බාබා ලෙසයි. ඔහු කළු ජාතිකයෙකු වුව ද මා තරම් කළු සම් ඇත්තෙකු නොවූයේන්, මට ඔහු සුදට පෙනිණ. ඔහු සිය භාෂාවෙන් ගීතිකා කියමින් මිදුලේ මුල්ලට වී දීර්ඝකාලයක් දෙවියන්ට යාඤා කලේ ය. වසර 3කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින ඔහු ඇඳ සිටින ස්කිනියේ ලියා තැබූ වචන පෙළ ඔහු හදවතින්ම විශ්වාස කරන බව මට සිතිණ. එහි ලොකු අකුරින් Never Give Up යැයි ලියා තිබිණ.

    මේ කොටුවේ ඌ අනෙක් සුවිශේෂීම දෙය වූයේ ඉදිරි බිත්තියට ආසන්නයේම වූ වතු සුද්ද මල් ගසයි. අවුරුදු කීපයක් වයස ඇති මේ වතු සුද්ද ගහ වටේම කොන්ක්‍රීට් ගල් වලින් බැඳි කොට බිත්ති 4 කි. එහි පුළුවන් අයුරින් ගසේ සාත්තුවට දැමූ පෝර පස් තට්ටුවකි. උදෑසන පිපිණු මල්, කුටි දෙකේ වූ රැඳවියන් දෙදෙනෙකු විසින් කුඩා භාජන දෙකකට නෙලා ගත්තේ බාබා ගේ යාඤාවට ඇහුම්කන් දෙන ගමන්මය.

    මේ හතරැස් කොටුව පිරවූ ජෑම් ගසත්, වතු සුද්ද මල් ගසත් මා හට කරුණාරත්න අමරසිංහයන් ඉගැන්වූ ස්ලෝකයක් මතක් කලේය.

    " ඡ්‍යාම් අන්න්ශ්‍ය කුර්වන්තී,
    තිෂ්ටන්ති ස්වයං ආතාපේ,
    පලාන්‍යෙපි පරාර්ථාය,
    වෘක්ෂාහ් සත්පුරුෂාහව...

    සෙවණ දෙන්නේ අනුන්ටයි
    තාමම අව්වේ සිට,
    පල හටගන්නේද අනුන් වෙනුවෙන් මයි,
    ඒ නිසා වෘක්ෂයෝ නම් සත්පුරුෂයෝම ය.

    පැතුම් කර්නර්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මූ දවස් කීයක් හිරේ උන්න ද බං ?
    රංජ එහෙම එලියට ඇවිල්ල පට්ට රචනා ලියයි නේ ........ :growl:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    විශාල සිරුරකින් යුතු අප්‍රිකානු ජාතිකයෙකු එහි තිබූ කැඩුණු ප්ලාස්ටික් පුටුවකුත් රැගෙන මිදුලේ වම් දකුණු කෙලවර වූ මුල්ලට වැදුනේ ය. කොටකලිසමක් සහ ස්කිනියක් හැඳ සිටි ඔහුව කවුරුත් හැඳින්වූයේ බාබා ලෙසයි
    love and hip hop vh1 GIF

    ඔහු කළු ජාතිකයෙකු වුව ද මා තරම් කළු සම් ඇත්තෙකු නොවූයේන්, මට ඔහු සුදට පෙනිණ
    maths GIF

    මොනා නැතත් පුක ඌරු පුකවෙන්නම ඥොක්කන් වෙලා වgay
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    හිරගෙදර ජීවිතේ...1... පැටුම් කරගල

    උසාවියේ අරගල කරුවන් වෙනුවෙන් පිණට කතාකරන ලෝයස්ල දැන් හොයාගන්නත් නැති තරම්...
    අතේ තිබුණ පිච්චිය පුදල අල්ලගත්ත. ජෑම් ගහ යට බංකුවක හිටපු ලෝ බජට් ලෝයර්ගෙ ඔලුවට ගැහුව වගේ මිටියෙන් මේසයට තඩිබාපු විනිසුරු, මාව රිමාන්ඩ් කිරීමට නියෝග කරා.

    බන්ධනාගාර බසය තුල මා සමග විලංගුලා සිටි අටයි හතරෙ මහ සොහොන් ඩයල් සිරකරුවා සමග සිටි මුලු කාලය තුලම, ඔහුගේ බැල්ම යොමුවී තිබුණේ මා වෙතටයි...
    මෙය මට නුහුරු සහ බියමුසු හැඟුම් ගෙන එන්නක් වුණා...

    බසයෙන් බසිනවිට, "ඒයි කණ්නඩිය... මෙහෙ වර" ඒ ජේලර් වරයෙකු මා හට දුන් නියෝගයයි... එතනින් අපව තවත් කුටියකට රැගෙනගොස් විවිධ පරීක්ශාවන්ට ලක් කරා... ඒ අතර මගේ විස්තර සටහන්කරගනු ලැබුව...
    "තොගෙ රස්සාව මොකක්ද...?" "මම ඩොක්ටර් කෙනෙක්.." මම තරමක් උජාරුවෙන් පැවසුවා..
    එතන සිටි අය මද වේලාවක් නිහඬව සිට, කොක් හඬලා සිනාසෙමින්..., "ආ දොස්තර මහත්තය එහෙනං මේ පැත්තට වරෙන්කො..." කියමින් ලියාපදිංචි කටයුතු සඳහා මාව කැඳවාගෙන ගියා...

    ඊටපස්සෙ අපිව අරන් ගියේ ක්ලින්ක් එකට... එතන හිටපු ලේඩි ඩොක්ටර්ට "මමත් ඩොක්ටර් කෙනෙක්..." කියා තුන් හතර වතාවක් පැවසුවත්, මාව නෑසුනාක් මෙන් ඇය විසින් විස්තර සටහන් කරගත්ත...

    එතනින් මාව රැඳවියන් සිටි ස්ථානයට යවනුලැබුව... අලුත් රැඳවියන් දුටු සැනින්, එතන සිටියවුන්, විසිල් ගසමින්, සූ...සූ... ගාමින් විවිද හස්ත සංඥා පෙන්වමින් අපව උනුසුම් අයුරින් පිළිගත්ත... එතනට පැමිණිය කෙනෙක්... "මොකක්ද වැරැද්ද? ලොකු තවුවක්ද, පොඩි තවුවක්ද" යනුවෙන් මගෙන් විමසා සිටිය....
    "මම තමයි අරගලේ පැ...." මම කතාව නිම කිරීමටත් කලින්ම... "හා...හා... කමක් නෑ. අපි අලුත් උන්ට හොඳට සලකනව, මේක බීපන්කෝ..." කියමින් වතුර බෝතලයක් මාහට ලබාදුන්න...
    එහි තිබුණ ජලයේ පැහැය යම් වෙනසක් තිබුණත්, තිබුණ පිපාසයට උගුරු කීපයක් පානය කරා... "හුටා...මුත්‍රා... තුඃ..."
    "බීපිය ඕක ඉවරවෙනකල්..." තර්ජනය හමුවේ මුත්‍රා බෝතලය පානය කර අවසන් කිරීමට මා හට සිදුවුණා...

    දැන් තිබෙන්නෙ අපව කූඩු වලට ගාල් කිරීමයි. එය තීරණය කරනු ලබන්නේ ප්‍රධාන ජේලර් මහත්තය...
    "මූ නේද අරගලේ අස්සෙ රිංගල ගුටි නොකා බේරුන එකා... අපි මූව දාමු විශේෂ කූඩුවකට... ගුන්ඩු සෝමෙ ඉන්න M2 එකට මූව ගිහින් දාන්න....."

    "ඒ රාත්‍රිය දිග වෙයි... මට හිතුනා...."
    පැටුම් කරගල...

    @tharakaf මම මේක ලියන්න නෙමෙයි හිටියෙ... මූ මේක නවත්තන්නෙ නෑනෙ... එපි තුනක් යනව බලන් ඉන්න බැරි තැන මාත් ලියන්න ගත්ත...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401

    @riduna pm ado menna muwa ganin bogey maha ponziyage katha liyanna. Aduma gaane kiyawala athal ekak hari gann apuluwan.
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    ටාං ටාං ටාං, යකඩ තහඩුවකට කල පහර දීමකින් නැගුණු ගෝරනාඩුවකින් බුරුල් උන දෑස්, යකඩ දොරේ කනු අස්සෙන් ආ උදෑසන මන්දාලෝකයට ඉඩ දුන්නේ කොළඹ අහසේ සීමිත වූ අරුනැල්ලේ ප්‍රබෝධය වෙනදාට තරම් විඳ ගැනීමට අපහසු කඩා වැටුණු හිතත් අවදි කර ගනිමිනි. තාප්ප කීපයකින් එහා වූ කොළඹ නාලන්දයේ සිටිය දී ද, කිලෝමීටර් භාගයකට එහායින් වූ කොළඹ වෛද්‍ය පීඨයේ සිටියදී ද හොඳින් හුරු වූ මේ අහස වැලිකඩ සිටිය දී ප්‍රිය නොවුනේ අහසේ වැරැද්දකට නොව බන්ධනාගාරයේ වූ සිරවී ඇති හිතේ අමාරුවට බව මට සිතිණ.

    කැලණියේ වෙදමුල්ලේ ඉස්කෝලේ සිටිය දී එහිදී ද හඬ ගෑවේ කෝච්චි පාරවල් වල රේලි පීලි සිල්බර කොටයට සවි කරනා ඝණ යකඩ තහඩුවකට මිටියකින් තැලීමෙනි. එබැවින් හිර ගෙදර මේ අවදි කිරීමට තැළූ යකඩයෙන් නිකුත් වූ මුවහත් සද්දය වෙදමුල්ල ඉස්කෝලේ ද සිහි කලේ නිරායාසයෙනි. බොහෝ ආරණ්‍යය වල දක්නට ඇති තැන්පත් වූ තාපස සිත් අවදි කරන මොට සද්දයක් නිකුත් කරන ලී බෙර මෙන් නොව සිර කුටියේ ඇති දැඩි පීඩිත හිත් අවදි කිරීමට ඒ මුවහත් යකඩ ගැටෙන හඬ අත්‍යාවශ්‍ය වූවා විය හැකිය.

    "පෝලීම්, පෝලීම්" - ඈතින් ඇහෙන හඬත් සමඟම පිළිවෙලට අඩුක් කල කඳන් යායක් මෙන් බිම නිදා සිටි සිර කුටියේ සාමාජිකයෝ වේගයෙන් නැගී සිටියේ ඔළුව පහත් කර මඩේ කෑම සොයමින් සිටි කොකුන් රෑනක් එකවර බෙල්ල උස්සා විපරම් කරන්නාක් මෙනි. කුටියේ දොර අසළට බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙකු පැමිණ එහි දොර විවෘත කලේන් කුටියේ වූ සියල්ලෝම පේළියට දොරෙන් ඉවතට ගියේ ය. නිලධාරීන් ශබ්ද නගා සිරකරුවන් පිරිස ගණන් කොට සටහන් කර ගත්තේ ය. සිර ගෙදර මාගේ පලමු දිනය එසේ ඇරඹී තිබිණ.

    කුටියේ දොර විවෘත වීමෙන් අනතුරුව අප පැමිණ තිබුණේ අඩි තිහක් පමණ දිගා හා පළල වූ හතරැස් මිදුලකට ය. එහි ද තුන් පැත්තකින් වටවූ අඩි 10ක් පමණ වූ උස තාප්පය. එක් පැත්තකින් හිර කුටි 2කි. ඒවා M1 හා M2 යැයි නම් කොට තිබිණ. M2 කුටියේ අප 11 දෙනෙක් වූ අතර, M1 කුටියේ පෝලිම් කිරීමේදී ඉන් ඉවතට පැමිණි සිර කරුවන් ප්‍රමාණය 10ක් වූයේ ය. ඇතැමුන් සරම් ඇඳ සිටියේය, ඇතැමුන් කොට කලිසම් ඇඳ සිටීයේ ය. මේ සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ බැවින් හිර ගෙදර ජම්පර් ඇඳි සිර කරුවන් මෙහි නොමැත. හැමෝම ගෙදරින් ගෙනා පහසු ඇඳුමකින් සැරසී සිටියේ ය.

    මේ හතරැස් මිදුලේ වූ තාප්ප නම් විවිධ කාලවල තිබූ පරණ ගොඩනැගිලි වලින්ම ඉතිරි වූ නෂ්ඨාවශේෂ බිත්තීන් ය. ඒවායේ කපරාරු බිඳී ඇතුලේ වූ කබොක් ගල් තැනින් තැන මතු වී තිබූ අතර, කලින් කල දැමූ නඩත්තු කපරාරු පැච් වලින් එම බිත්ති රළු වී තිබිණ. හිර කුටියේ ඉදිරියෙන්ම ඇති එහා කොළේ තාප්පයේ අඩියෙන් හාරා යන ලොකු කාණුවකි. ඒ තාප්පයෙන් එහා තිබෙන E වාට්ටුවේ ජලය එම කාණුවෙන් ගලා ගියේ ය. තරමක ඉහළ සිට පහළට පැමිණෙන මේ කාණුවේ ජලය වේගයෙන් ගලා බහින දිර පාරක නොනවතින දිය බිඳෙන ශබ්දයේ තොර තෝංචියකින් ඒ මිදුල් කොටුව පුරවා දමා තිබුනේ ය. දෙසීයකට අධික රැඳවියන් සංඛ්‍යාවක් සිටින ඉස්පාසුවක් නැති E වාට්ටුවේ නාන වතුර ටැංකියෙන් නොකඩවා ගලා ආ ජලයෙන් මේ කාණුව දිවා කාලයේ කිසි විටෙක හිස් නොවුණි.

    අප සිටි මේ විවෘත හතරැස් කොටු මිදුලේ එක් කෙලවරක වම් පැත්තේ විශාලව වැඩුණු එහෙත් තාප්පවලින් ඉහළට යෑමට නොදුන් ජෑම් ගසක් වූයේ ය. එහි අතු හරහට දික් වී සෙවණ දෙන ආකාරයෙන් සකස් කර ගෙන තිබූ අතර වම් බිත්තියත් කාණුවත් අතර වූ පොළොවෙන් සිමෙන්ති කොටසක් පලා ගෙන ඒ ජෑම් ගහ වැඩී තිබුණේය. කොටුව පුරා සිමෙන්ති අතුරා තිබූ අපිළිවෙලට උස් පහත් වූ පොළොව රාත්‍රිය පුරා ජෑම් ගහෙන් වැටුණු කොළ වලින් හැඩි වී තිබුණ. වම් බිත්තියට යටින් අසූචි බටයක් කඩා ගෙන ආ තවත් හිඩැසකින් කාන්දු වූ අසූචි මිශ්‍ර ජලය ජෑම් ගසේ මුල් ටික නාවා ගෙනම E වාට්ටුවෙන් ආ කාණුවට හිස් වූයේ ය.

    සිර කුටි තිබුන පැත්තෙන්ම වූ එක් කොටසකින් වූ තවත් ගේට්ටුවකින් එම හතරැස් කොටුව බන්ධනාගාරයේ කොරිඩෝවට විවෘත වූයේ ය. M1 හා M2 කුටි දෙකට යන එන මූලික දොර එයයි. ඒ දොරින් එළියේ සිර කරුවන් දෙපළක් හා නිලධාරියෙන් කල්දේරම් දෙකක් තියා ගෙන කෑම බෙදමින් සිටියේ ය. කුටියෙන් එළියට පැමිණි හැමෝම ඇතුලේ තිබූ මල්ලකින් එළියට ගත් බෑගයකින් පිංගාන බැගීන් රැගෙන බත් බෙදා ගැනීමට එළියට ගියේ ය. හාල් සේරුවක හැඩය ගත් යකඩ ටින් හැඩැති භාජනයකින් මැන ඉන් පිරෙන්නට එකක් ඒ සිර කරුවා විසින් එක් එක් පිඟානට බෙදා දුන්නේ ය. මා රැගෙන ගිය පිඟාන ඉන් උතුරා ගිය අතර ඒ බත් ප්‍රමාණය මට වේල් 3 කට සෑහේ. ඉන් කොටසක් අඩු කිරීමට මා කාරුණිකව ඔහුට කීවේය. ඊළඟ කල්දේරමේ වූයේ පොල් සම්බෝල ය. හැමෝටම හැඳි දෙක බැගීන් ලැබුණු අතර මා ඉන් එකක් පමණක් ගත්තේ එය හොඳටම ප්‍රමාණවත් වූ නිසා වෙනි.

    සිර ගෙදර හැමෝටම උදෑසන ආහාරය ලෙස ලැබෙන්නේ බත් හා පොල්සම්බෝල ය. එය දිනපතා කෑම දුෂ්කර බැවින්දෝ රැඳවියන් කාගෙවත් මුහුණට සිනාවක් ගෙන ඒමට උදෑසන වේල අසමත් වූයේ ය. කලින් දා කුස්සියේ දුටු විශාල බොයිලේරුවේ තම්බා ඇති බත් , ගෙදර මුට්ටියේ බත් වල රසට කිට්ටු කෙරුවේ නොමැත. බත් යනු තැම්බූ වතුරෙන් ඉදිමී ඇති පිෂ්ඨය වූවත් උයන ක්‍රමය අනුව එහි රසය වෙනස් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    උදෑසන ආහාරය කුමත් වූවත් එය කා දැමීමට සිදු වන්නේ ආයෙත් දහවල් වන තුරු කුමක් කෑමට ලැබෙවී දැයි යන සැකය නිසා ය. සීත කාලයට තණකොළ අහේනිය නිසා බඩ ගින්නට පිදුරු ගිලින හරකුන් මෙන් සිර කුටියේ වැසියෝ ඇඟිල්ලෙන් ඔබමින් ඒ බත සමග සම්බෝලය සප්පායම් වූයේ ය.

    උදෑසන ආහාරය අවසාන වත්ම මිදුලේ වූ ගේට්ටුව වසා දැමූ අතර, සිර කුටි දෙකේම වූ රැඳවියන් හට මිදුලේ කාලය ගත කිරීමට අවස්ථාව ලැබිණ. යලිත් සිර කුටිය හවස 5.30 වසන තුරු මේ මිදුලේ නිදහස අපිට තිබේ.

    සිය කුටියේ වූ බයිබල් කීපයක් අතට ගත් විශාල සිරුරකින් යුතු අප්‍රිකානු ජාතිකයෙකු එහි තිබූ කැඩුණු ප්ලාස්ටික් පුටුවකුත් රැගෙන මිදුලේ වම් දකුණු කෙලවර වූ මුල්ලට වැදුනේ ය. කොටකලිසමක් සහ ස්කිනියක් හැඳ සිටි ඔහුව කවුරුත් හැඳින්වූයේ බාබා ලෙසයි. ඔහු කළු ජාතිකයෙකු වුව ද මා තරම් කළු සම් ඇත්තෙකු නොවූයේන්, මට ඔහු සුදට පෙනිණ. ඔහු සිය භාෂාවෙන් ගීතිකා කියමින් මිදුලේ මුල්ලට වී දීර්ඝකාලයක් දෙවියන්ට යාඤා කලේ ය. වසර 3කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින ඔහු ඇඳ සිටින ස්කිනියේ ලියා තැබූ වචන පෙළ ඔහු හදවතින්ම විශ්වාස කරන බව මට සිතිණ. එහි ලොකු අකුරින් Never Give Up යැයි ලියා තිබිණ.

    මේ කොටුවේ ඌ අනෙක් සුවිශේෂීම දෙය වූයේ ඉදිරි බිත්තියට ආසන්නයේම වූ වතු සුද්ද මල් ගසයි. අවුරුදු කීපයක් වයස ඇති මේ වතු සුද්ද ගහ වටේම කොන්ක්‍රීට් ගල් වලින් බැඳි කොට බිත්ති 4 කි. එහි පුළුවන් අයුරින් ගසේ සාත්තුවට දැමූ පෝර පස් තට්ටුවකි. උදෑසන පිපිණු මල්, කුටි දෙකේ වූ රැඳවියන් දෙදෙනෙකු විසින් කුඩා භාජන දෙකකට නෙලා ගත්තේ බාබා ගේ යාඤාවට ඇහුම්කන් දෙන ගමන්මය.

    මේ හතරැස් කොටුව පිරවූ ජෑම් ගසත්, වතු සුද්ද මල් ගසත් මා හට කරුණාරත්න අමරසිංහයන් ඉගැන්වූ ස්ලෝකයක් මතක් කලේය.

    " ඡ්‍යාම් අන්න්ශ්‍ය කුර්වන්තී,
    තිෂ්ටන්ති ස්වයං ආතාපේ,
    පලාන්‍යෙපි පරාර්ථාය,
    වෘක්ෂාහ් සත්පුරුෂාහව...

    සෙවණ දෙන්නේ අනුන්ටයි
    තාමම අව්වේ සිට,
    පල හටගන්නේද අනුන් වෙනුවෙන් මයි,
    ඒ නිසා වෘක්ෂයෝ නම් සත්පුරුෂයෝම ය.

    පැතුම් කර්නර්
    සුපිරි මචං.... උඹට මුව පුද්ගලිකව හමුවෙනවා නම් experience share කරාට තෑන්ක් කරා කියපන්.....

    අපි නොදන්න දේ දැනගැනීම මෝහයෙන් මිදෙන්න එකම මාර්ගයයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    මචං උඹලට තෙල් ටික ගෑස් ටික ගන්න පෝලිම් වල ඉන්න වැඩ සිද්ද කලේ, අත දරුවො වැඩිහිටියො බේත් නැතුව මැරෙන තැනට වැඩ සිද්ද කලේ උද්ධමනය වැඩි කරවලා හම්බකරන එකට වටිනාකමක් නැති කලේ පැචුමා නෙමෙයි මචං.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උදෑසන අවදි වත්ම හිරු එළිය වැටෙන යකඩ ගේට්ටුව දිහා බලා සිටීමට සිදු වීම හිත තුල වූ 'මා සිර කරුවෙකුයි' යැන හැඟීම වේගයෙන් අවදි කරයි. උදෑසන හය වන විට ඇහෙන යකඩ තැටිය තලන සද්දය ඇහෙන තුරු කන් දෙකට ඉවසිල්ලක් නැතුවා සේය. නැංගුරම් දමූ නැවක නැංගුරම පපුවට වැටුනා මෙන් නිදි පැදුරෙන් නැගිටීමටත් බැරි බරක් හිතේ කැකෑරේ. බොයිලේරුවක පීඩනයෙන් තැම්බෙන වතුර පපුව මැද්දේ නටමින් පිටවෙන වාශ්ප මෙන් සුසුම් සමග වේගයෙන් පිටවීමට තනයි. ඒවායේ සද්දයට අහලින් නිදන මරුවා ඇහෙරේවී යැයි සිතා හැඟීම් හිත තුලම සිර කර ගැනීම වඩා යෝග්‍යයැයි සිතා ඒ වේදනාවන් හිතේම තද කර ගත්තෙමි.

    සිර ගෙදර මේ ගත වන දෙවැනි දවසේ පළමු දිනයට වඩා දැඩි පීඩනයකින් සිත වෙලා ගෙන ය. පෙර දිනයේ මාගේ නීතීඥයා ලෙස හමුවීමට පැමිණි උඳුල් ප්‍රේමරත්න විසින් කියා දී ගිය කරුණු නිසා සිතේ තැවුල වැඩි බී තිබේ.

    " උඹව දාන්න ඉන්නේ පෙරැට්ටුවකට. ඕක වට තුනක් ඇදගෙන යන්න පුළුවන්. ඕකෙන් උඹව අනිවාර්යයෙන් හඳුනා ගන්නවා. උඹ එතන හිටියේ නෑ කියලා එකක් නෑ. එහෙම රාජ්‍යයක උඹ ජීවත් වෙන්නේ. එහෙම රාජ්‍යයක් එක්ක උඹ හැප්පුනේ. ඒවාට මූණ දෙන්න වෙන කොට මේ වගේ තමයි."

    " උඹ අගෝස්තු 4 නඩු දිනේට යන කොට ඇප ලැබෙයි කියලා විශ්වාස කරන්න එපා. හිත හදා ගෙන ඉඳපං. ලැබුනොත් හොඳයි. නොලැබුනොත් උඹට තවත් ඔය පීඩනය වැඩි වෙනවා. මාස 6ක් වත් ඉන්න සූදානම් වෙයන්." - ඔහුගේ වචන මගේ හිතට කඩා පාත් වූයේ අකුණු ගසන්නාක් මෙනි. උඳුල් මේ හිර ගෙදර යාව ජීව සාමාජිකයෙකුව සිටියේ ය. අන්තරේ කැඳවුම් කරු ලෙස කලක් සේවය කල ඔහු ඒ සමයේ හිර ගත වූයේ පුරුද්දට මෙනි. මේ හිර ගෙදර බොහෝ නිලධාරීන් ඔහු සමග තවමත් බොහෝ හිතවත් ය. වාට්ටු තිබෙන තැන්, ඒවායේ ඔහු සිටි අයුරු, එහිදි මාකඳුරේ මදුෂ් ආදීන් ඇසුරු කිරීමට සිදුවූ අයුරු ඔහු මීට පෙර දමා හට කියා තිබුනේ ය.

    කොළඹ නාලන්දයේ 2001 උසස් පෙළට ජීව විද්‍යාව ඉගෙන ගත් මමත් උඳුලුත් එක ලඟින්ම බංකු දෙකේ අන්තිම පේලියේ වූ ගජ මිතුරන් වූයේ ය. මා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සමත් වෙද්දි උඳුල් පේරාදෙණියේ දන්ත වෛද්‍ය පීඨයට ගියේ ය. එහිදී ශිෂ්‍ය දේශපාලනයේ පුරෝගාමියෙකු වූ ඔහු, පූර්ණ කාලීන ක්‍රියාකරුවෙකු ලෙස අන්තරේ සමග එක් වූයේ දන්ත වෛද්‍ය අධ්‍යාපනයට සමු දීමෙනි. එහෙත් ඒ සමගම සමගාමීව නීති විද්‍යාලයට එක් වූ ඔහු පසු කාලීනව නීතීඥයෙකු ලෙස සමත් වූයේ ය. එක කූඩුවේ වූ කුරුල්ලෝ දෙදෙනෙකු දෙපැත්තට වැටුණාක් මෙන් මා සිංගප්පූරුවේ රැකියාවට ගොස් ලිබරල් වෙළඳපොළ ආර්ථිකයට බර වූ දේශපාලනයකට පිවිසි අතර, පේරාදෙණියේ ශිෂ්‍ය දේශපාලනය තෝරා ගත් උඳුල් වාමාංශිකයෙකු වූයේ ය.

    ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ද ඔහු ඇසුරු කල පොත පත ද ඔහු ඇසුරු කල සමාජය ද ඔහුව නිරායාසයෙන් වාමාංශිකයෙකු කරද්දී, රට හදන ධනය ජනිත කරනවන පාර සොයා ගිය මා ඇසුරු කල පොත පත, සමාජය ආදියෙන් ලිබරල් වෙළඳපොළ ආර්ථිකයක් විශ්වාස කරන්නෙකු කරවීය. අප දෙදෙනාගේ දේශපාලන කියෑවීම දෙපොළකට වැටුණත්, අපේ මිත්‍ර කම නොවෙනස්ව ගලා ආවේ ය. මටත් වඩා බොහෝ අත්දැකීම් ලබා ඇති ඔහුගෙන් ලැබෙන අදහස් වලට මා අදටත් ඉතා ගරු කරමි. මා මේ උගුලට හසු වූ මොහොතේ පටන් ඔහු ඉතා ළඟින් සිටිමින් ඒ කාලය ගත කර ගැනීමට මට ශක්තියක් වූයේ ය.

    උදෑසන පෝලීම් කිරීමෙන් අනතුරුව ජෑම් ගහ යට සෙවණේ හිඳ ගෙන සම්බෝලයයි බතයි ගිල දැමූ මා හිතේ ඇතිවූ බර සැහැල්ලු කර ගැනීමට ක්‍රමයක් සෙවූයේ ය. ඉඳල ගෙන මුළු මිදුලම අතු ගෑවේ ය. කැරම් අත් කීපයක් ගැසුවේ ය. පොත අරගෙන කියැවීමට උත්සහ කෙරුවේ ය. ඒත් අද මාගේ හිත මෙල්ල වන පාටක් නොමැත. බිරිඳ තවමත් එංගලන්තයේ බැවින් දරුවන් දෙදෙනා මාගේ මව සමග නිවසේ ය. ඔවුන්ට එය කෙසේ දැනෙනවා ඇත් ද? එංගලන්තයේ සිටින බිරිඳ ලංකාවට පැමිණීමට තව මාසයක් පමණ තිබේ. ඇය තනියෙන් එය කෙසේ දරා ගන්නවා ඇත් ද? දරුවෙක් අසනීප උනොත්? අනතුරක් උනොත්? දුර්වල වූ හිතට ඒවා අභියෝග ය. වෙනදාට නොදැනෙන තරම් දුකක්, වේදනාවක්, බියක් අද දැනෙයි. ඒ හිත අස්වසා ගැනීමට මා ගෙදරට කතා කල යුතුය. සුබසාධනයෙන් කෝල් එකක් ගැනීමට සිතා මා නිලධාරියෙකු ඇමතූයෙමි.

    ඒ නිලධාරියා මා කාරුණික ලෙස සුබසාධන අංශයට රැගෙන ගියේ ය. ඔවුන් මාගේ විස්තර පොතක සටහන් කර ගෙන ඇමතුමේ කොන්දේසි සඳහන් කලේ ය. " කෝල් එක විනාඩි 2යි. ලවුඩ්ස්පීකර් දාලා ගන්න ඕනේ. අපි දෙන්නෙක් අහගෙන ඉන්නවා" - තේරුණා ද? "ඔව්" - මා එකඟ වූයේන් ඔවුන් මාගේ මවගේ නොම්මරය ඇමතුයේ ය.

    " අම්මේ , ඔක්කොම හොඳින් ද? "
    "ඔව් පුතේ, අපි හොඳින්, අපි නෙවෙයි ඔයා හොඳින් ද? - ඇය කියයි.
    " ඔව් මට ඉන්න පුළුවන්. දරුවෝ කොහොමද ? "
    " ඒ දෙන්නත් හොඳින්, ඔයා බය එන්න එපා. අපි ඒ දෙන්නව හොඳින් බලා ගන්නවා. ඔයා හිත හදා ගන්න. මේ දේට ඔයා මූණ දෙන්නම ඕනේ. ඔයාට පුළුවන්."
    " ඔයා ඕක දැන ගෙන හිටියනේ. කවදා හරි ඔහොම වෙනවා කියලා. ඉතිං අපි ඒකට මූණ දෙමු. ඔයාට ඔහොම උනේ රට වෙනුවෙන් වැඩ කරලා. ඒ නිසා කම්පා වෙන්න එපා. හොඳට කෙලින් ඉඳගෙන මූහුණ දෙන්න."
    මාගේ වචන පැටලෙයි. ඇයට පිළිතුරු දීමට නොහැකියි සිතෙයි. දුරකථනයේ විනාඩි 2 පසුවී තත්පර කීපයක් ගොස් තිබේ. තව කතා කරන්න කමක් නෑ යැයි කියමින් නිලධාරීන් මට දෑසින් දුරකථන ඇමතුම කර ගෙන යන ඉඟි කරයි. ඔවුන් ද මාගේ හැඟීම් බර වීම තේරුම් ගත් සෙයකි. එහෙත් වැඩි යමක් කීමට මාගේ මුව නොසෙල්වෙයි. කණ්නාඩි දෙකට ඇතුලෙත් දෑස් පිරී ඇති බව මට දැනෙයි.
    " විශාඛා ට කියන්න මම කතා කලා කියලා, මම හොඳින් කියලා. මම තියන්නම්, ආයේ ගන්නම් දවසක" මා දුරකථන විසන්ධි කළෙමි.

    කණ්නාඩි දෙක ගලවා ගත් මා දැස් මිරිකා පිහිදා දැමීමි. නිලධාරීයා සමග යලිත් අපගේ කූඩුවට පැමිණ ජෑම් ගහ ලඟ මුල්ලේ කොණක වාඩි වී දෑතින් දෑස් වසා ගත්තෙමි. ගල් අටවා තැනූ අමුණක ගල් අස්සෙන් වතුර බේරෙන්නා සේ ඇඟිලි අතරින් මිරිකී ආ කඳුළු බිඳු මුහුණේ තැවරී පහළට ගලා ගියේ ය. නික්මෙන කඳුළු බිංඳුවක් ගාණේ හිතේ කැකෑරුණ බර හෑල්ලු වූයේ විසප්පු ගෙඩියක් පලා හැරව ඉවත් කල පසු ක්‍රමයෙන් වේදනාව අඩු වන්නා සේය. එබැවින් ඒ වේදනාව පිට වෙන තුරු කඳුළු ගලා යාමට ඉඩ දී මා මොහොතක් දෑස් බුරුල් කලෙමි.

    " පුතා, හිතන්න එපා එච්චර. හිතන්න හිතන්න අමාරුයි. ඒ ඒ මොහොතට මුහුණ දෙන්න." - මගේ පිටට තට්ටුවක් දැමු ඩඩා මා අස්වසා ගැනීමට මැදිහත් වූයේ ය.

    මාගේ කණ්ඩායම ඉදිරියේ මන්ත්‍රයක් මෙන් මැතිරූ කරුණක් මා යළි මෙනෙහි කළෙමි. " බෝයිස් අපි දේශපාලනය තෝරා ගෙන තියෙන්නේ, මේකෙදි හිරේ යන්නයි වෙඩි කන්නයි සිද්ද වෙන්න පුළුවන්, ඒ නිසා අපි ඒවට හිත සූදානම් කර ගෙන ඉන්න ඕනේ."- මේ කරුණ මා බිරිඳට ද අම්මාට ද කීපවිට කියා ඇත්තේ ය. ඒ තුලින් යන විට උරුම වේදනාවට අප සියල්ලන් සූදානම් වූවත්, ඒ සූදානම ප්‍රමාණවත් නොවන බව දැන් පැහැදිලි ය.

    දිග වතුර බටයක කෙළවරට මෙගා බෝතලයක කට කපා සවි කිරීමෙන් ජෑම් කැඩීමට උපකරණක් මේ M2 රැඳවියෝ විසින් සකස් කර ගෙන තිබිණ. එකිනෙකා පැමිණ විටින් විට කොළ අස්සේ සැඟවී, ඉදී ඇති ජෑම් කඩා ගෙන සිය මන දොල සපුරා ගනියි. මේ ගසේ සුවිශේෂීත්වය නම් කෙතරම් ජෑම් කඩා ගත්ත ද තවෙකෙකුට කඩා ගැනීමට තවත් ජෑම් සැඟවී තිබීම ය. ලොකුවට රතුවට ඉඳිණු ගෙඩි මෙන්ම යාන්තමින් කහ වූ ගෙඩි ද දුටු දුටු වෝ කඩා ගෙන කෑවෝය. කවුරුන් කඩා ගෙන කෑවත් සිය ඵල නොසඟවා ඒවා සොයා එන ඕනෑම එකෙකුට තරා තිරම නොබලා සංග්‍රහ කල මේ ජෑම් ගස සිරකරුවන් ගේ පිනකට මෙහි පහළ වූවක් යැයි මට සිතිණ. මේ ගස නොවන්නට කොළඹ සිර ගෙදර මීට වඩා බොහෝ දුක්ඛිත වීමට ඉඩ තිබිණ. ගහට කොළට පෙම්බැන්දෙකු වන මා හට මෙසේ ගසක සෙවණකට වී සිටින්නට ලැබීම මා මෙතෙක් සිටවූ මහා ගස් ප්‍රමාණය නිසා ලද කර්මයක ප්‍රතිඵලයක් මැයි මට සිතිණ.

    සිරගෙදර සිමෙන්ති පොළොව පලා ගෙන ඉහළට වැඩී, කුණු කානුවෙන් ආ වතුරෙන් ද කාන්දු වූ අසූචි වලින්ද පෝෂණය වූ මේ ජෑම් ගස දිනපතා, නොනවත්වා මේ සිරකරුවන් ට අහරක් ලබා දුන්නේ ය. සමාජයෙන් ලබා දෙන ජරා වූ සියල්ල අවශෝෂණය කර ගෙන ඒ සියල්ල ප්‍රණීත ඵල බවට පත් කොට උන්ගේම කුස පිරවූ අතර, කොළ බවට පත් කොට හෙවණ ද හුස්ම ද ලබා දුන්නෝ ය. මේ ජෑම් ගස වන් සත්පුරුෂයෝ බිහි වෙන සමාජයක් අප නිර්මාණය කළ යුතුය. එවිට සමාජය සුව පත් කිරීම අමාරු නොවනු ඇත.

    පැතුම් කර්නර්
    #කොළඹ_හිරගෙදර_ජෑම්ගහ