ප්‍රශ්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    හොඳ චේතනාවකින් උනත් බොරුවක් කියන එක පවක් ද?
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    Afaik මොන චෙතනාවකින් කිව්වත් බොරු කීම පවක්.
    බොරු කියන්න වෙන අවස්තාව මග අරින එක වෙනම එකක්.
    අපේ අය හදා ගෙන තියනව චේතනාව හොද නම් බොරු කිව්වට පව් නැහැ වගෙ කතාවක්.
    එහෙම එකක් නම් නැහැ මන් දන්න තරමින්.
    චේතනාව කුමක් වුවත් බොරුව පවක්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    උඹ අවජාතක ලමයෙක් වෙලා ඉන්නකොට උඹ හදාගන්න ගත්තු දෙමවුපියන් උඹ upset යයි කියලා උබට බොරු කියන එක උඹ අනුමත කරනවාද?

    උබේ තාත්තා මැරිලා කියලා උබේ අම්මා උබට බොරු කියනවට කැමතිද? නමුත් ඇත්තටම උබේ තාත්තා ජීවත් වෙනවා නම් කොහේ හරි අෑතක උබට මුණ දෙන්න බැරි විඳියට? අම්ම හිතන්නේ උබේ හොඳට බොරු කියනවා කියලා.

    හැමෝම බොරු නං කියනවා කියනකොට full ජොලි. හැබැයි කවුරුවත් කැමති නෑ තාම ට වෙන කවුරු හරි බොරු කියලා රවටනවට
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බොරු කියන එකෙන් එහෙම දෙයක් වෙනව. වරදක් නොවෙන්න කාටවත් බොරු කියන්න බැහැ.

    ''චේතනා හං භික්ඛවේ කම්මන් වදාමි''
    කෙනෙක්ව රවටන හිතකින් නොකීවොත් ඒක අකුසලයක් වෙන්නෑ..

    මුසාවාදා අකුසලය සම්පූර්ණවෙන්ඩ කරුණු 4ක් සම්පූර්ණවෙන්ඩ ඕන, ඒවයින් එකක් තමා, කෙනෙක්ව රවට්ටන අදහසින් බොරුවක් කියන එක යහපත් අදහසක් මුල්වෙලා කීවොත් අකුසලයක් වෙන්නෑ....

    පංචායුධ ජාතකේ තියෙනව බෝධිසත්වයෝ යක්ෂයෙකුට අහුවෙලා එවෙලෙ කියනව ''යක්ෂය මගේ ඇඟේ භයානක ආයුධයක් තියෙනව,මාව කෑවොත් ඒ ආයුදේ ඇනිල තොපද මියයයි කියල''...යකා මේකට රැවටිලා, බයවෙලා උන්වහන්සේව අත අරිනව..

    එවෙලෙ එහෙම කීවෙ බෝධිසත්වයන්ගෙ ආත්ම ආරක්ෂාව වෙනුවෙන්,එවෙලෙ බෝධිසත්වයන්ට අකුසලයක් වුනේ නෑ,..බෝධිසත්වයෝ අතින් කිසිම ආත්ම භවයක කැඩිල නැති එකම සිල් පදෙත් මුසාවාදනෙ...පැහැදිලිනෙ කතාව ඉතින්...
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    ''චේතනා හං භික්ඛවේ කම්මන් වදාමි''
    කෙනෙක්ව රවටන හිතකින් නොකීවොත් ඒක අකුසලයක් වෙන්නෑ..

    මුසාවාදා අකුසලය සම්පූර්ණවෙන්ඩ කරුණු 4ක් සම්පූර්ණවෙන්ඩ ඕන, ඒවයින් එකක් තමා, කෙනෙක්ව රවට්ටන අදහසින් බොරුවක් කියන එක යහපත් අදහසක් මුල්වෙලා කීවොත් අකුසලයක් වෙන්නෑ....

    පංචායුධ ජාතකේ තියෙනව බෝධිසත්වයෝ යක්ෂයෙකුට අහුවෙලා එවෙලෙ කියනව ''යක්ෂය මගේ ඇඟේ භයානක ආයුධයක් තියෙනව,මාව කෑවොත් ඒ ආයුදේ ඇනිල තොපද මියයයි කියල''...යකා මේකට රැවටිලා, බයවෙලා උන්වහන්සේව අත අරිනව..

    එවෙලෙ එහෙම කීවෙ බෝධිසත්වයන්ගෙ ආත්ම ආරක්ෂාව වෙනුවෙන්,එවෙලෙ බෝධිසත්වයන්ට අකුසලයක් වුනේ නෑ,..බෝධිසත්වයෝ අතින් කිසිම ආත්ම භවයක කැඩිල නැති එකම සිල් පදෙත් මුසාවාදනෙ...පැහැදිලිනෙ කතාව ඉතින්...

    ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ බන්, බෝධිසත්වයෝ අතින් මුසාවාද හැර අනිත් සිල් පද 4 බිදුන අවස්ථා ටික කියපන්කො.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Afaik මොන චෙතනාවකින් කිව්වත් බොරු කීම පවක්.
    බොරු කියන්න වෙන අවස්තාව මග අරින එක වෙනම එකක්.
    අපේ අය හදා ගෙන තියනව චේතනාව හොද නම් බොරු කිව්වට පව් නැහැ වගෙ කතාවක්.
    එහෙම එකක් නම් නැහැ මන් දන්න තරමින්.
    චේතනාව කුමක් වුවත් බොරුව පවක්.

    How to pronounce afaik ? ඇෆයික් ? :baffled:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ බන්, බෝධිසත්වයෝ අතින් මුසාවාද හැර අනිත් සිල් පද 4 බිදුන අවස්ථා ටික කියපන්කො.

    බෝධිසත්වයෝ දේපල තණ්හාවෙන් තමන් සහෝදරයව කන්දකින් පල්ලෙහාට තල්ලු කරල මරල දානව, රජකෙනෙක් වෙලා ඉපදුණු ආත්මෙක රටේ මනුස්සයෙක්ව මරනව,තාපසයෙක් වෙලා ඉපදිලා රජ්ජුරුවන්ගෙ බිසවත් එක්ක එකට ඉදල 3 වෙනි සිල්පදේ කැඩෙනව....ඔය වගේ හුඟක් ඇති ජාතක පොතේ බැලුවොත් ඔව් දෙව්දත් ගල් පෙරලුවේ එහෙමත් ඒ කරපු පව්වල විපාක විදිහට....තව උන්වහන්සේට බුදු වෙලත් කරපු කර්ම හින්ද රෝග 12ක් හැදුන බුදුවුණු ආත්මෙදි...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle

    බෝධිසත්වයෝ දේපල තණ්හාවෙන් තමන් සහෝදරයව කන්දකින් පල්ලෙහාට තල්ලු කරල මරල දානව, රජකෙනෙක් වෙලා ඉපදුණු ආත්මෙක රටේ මනුස්සයෙක්ව මරනව,තාපසයෙක් වෙලා ඉපදිලා රජ්ජුරුවන්ගෙ බිසවත් එක්ක එකට ඉදල 3 වෙනි සිල්පදේ කැඩෙනව....ඔය වගේ හුඟක් ඇති ජාතක පොතේ බැලුවොත් ඔව් දෙව්දත් ගල් පෙරලුවේ එහෙමත් ඒ කරපු පව්වල විපාක විදිහට....තව උන්වහන්සේට බුදු වෙලත් කරපු කර්ම හින්ද රෝග 12ක් හැදුන බුදුවුණු ආත්මෙදි...

    Jathaka katha wala source eka mokakda?

    Buduhamuduruwo 550 ma kiyala thiyanawada?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Jathaka katha wala source eka mokakda?

    Buduhamuduruwo 550 ma kiyala thiyanawada?

    ත්‍රිපිටකේ සූත්‍ර පිටකෙ,ඛුද්දක නිකායෙ ජාතක පාලිය කියල ගාථා වගයක් තියෙනව,බුදු හාමුදුරුවන්ගෙ පෙර ආත්ම ගැන කියවෙන...ඒකෙන් තමා පන්සිය පනස් ජාතකේ ලියවෙන්නෙ....547 යි තියෙන්නෙ 550ක් කීවට..