ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!
මේ දිනවල ක්‍රියාත්මක වන අසාධාරණ මෙන්ම සමාජ විරෝධී දුම්රිය සේවක වැඩ වර්ජනය නිසා ලංකාවේ ජනජීවිතයට සහ ව්‍යාපාරික කටයුතුවලට බලවත් පහරක් වැදී ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.
තම ඉල්ලීම් සාධාරණ ලෙස දිනා ගැනීමට මෙවැනි ක්‍රියාමාර්ගයන් ගැනීම සේවක අයිතිවාසිකමක් වූවත් එය කළ යුතු සාධනීය ක්‍රමයක් තියෙනවා. ලෝකයේ දියුණු රටවල කටයුතු සිදු වන්නෙ එහෙමයි.
එහෙත් ලංකාව නම්වූ 2500 ක ඉතිහාසයක් තියෙන රටේ මෙවැනි දේ සිදු කරන්නේ මහ ජනතාව ප්‍රාණ ඇපයට තබා ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් කරමින්ය. විෂම සමාජයක තත්වය මෙසේය.
මෙවැනි තත්වයක් නැති කිරීමට නම් දැඩි පාලනයකින් යුතු පුද්ගලයෙකු රටේ නායකයා විය යුතුය. මැති ඇමති වරුන් සියලු දෙනාම (කට වාචාලයන් ඇතුලුව ) නිසි අයුරින් පාලනය කිරීමේ හැකියාව මොහුට තිබිය යුතු අතර ඉදිරිය ගැන දැකීමකින් (future vision) යුතු පුද්ගලයෙකු විය යුතුය.
මම දකිනා ආකාරයට අද කරලියේ සිටින මෙවැනි එකම පුද්ගලයා (පක්ෂ පාට බේද අමතක කර) ගෝඨාභය රාජපක්ෂ මහතා පමණි.
____________
1980 වර්ෂයේ සිංගප්පූරුවේ ගුවන් සේවයේ නියමුවන් (Singapore Airlines) සමාජ සහ නීති විරෝධී වැඩ වර්ජනයක් දියත් කලා. මේ තත්වය නිසා එරටේ පවත්නා නීතිය අනුව ගුවන් සේවකයන් හට විරුද්ධව නඩු පැවරීමට කටයුතු සම්පාදනය කෙරුනා.
උසාවියේ පෙනී සිටීමට ප්‍රථම මෙම ගුවන් නියමුවන්ට තවත් පුද්ගලයෙකු හමු වීමට සිදු වුනා.
එම පුද්ගලයා නම් එවකට සිංගප්පූරුවේ අගමැති ලි ක්වාන් යූ මහතාය. එදා දිනය 1980 දෙසැම්බර් 1 වනදාය.
ලී කවාන් යූ මහතා ඔවුනට මෙසේ පැවසූවා.
"මම ඔබලා අද හමුවන්නේ දුරකථනය ඔස්සේ නෙමෙයි... මම ඔබලා හමු වන්නෙ මුහුණට මුහුණ දීලා... මම වැඩ කරන්නෙ එහෙමයි...
මම ඔබලාට විකල්ප දෙකක් ලබා දෙනවා...
පළවෙනි එක... කරුණාකරලා මෙම අසාධාරණ වැඩ වර්ජනය නවත්තලා ඔබලාගේ ඉල්ලීම නියම විදියට ඉදිරිපත් කරන්න... බලන්න... මේ වැඩ වර්ජනය හින්ද අපේ ගුවන් සේවයට මිලියන ගාණක පාඩුවක් වෙලා තියෙනවා... රටේ කීර්ති නාමය පලුදු වෙලා... ඒ හින්ද රට ගැන හිතලා වැඩට එන්න...
දෙවෙනි විකල්පය.. ඔබලා එසේ වැඩ එන්න සුදානම් නැත්නම් කරුණාකරල ගෙදර යන්න.... මම Singapore Airlines ගුවන් සමාගම වහලා දාලා අලුතෙන්ම ගුවන් සේවයක් ආරම්භ කරනවා... මම ඒකට අලුතෙන්ම ගුවන් නියමුවන් ලෝකයෙන් හොයා ගන්නවා... මට ඒක අමාරු දෙයක් නෙමෙයි...
පළමු තීරණය ඔබ අතේ... දෙවැනි සහ අවසාන තීරණය මගේ අතේ..."
කිසිදු වචනයක් නොපවසා ලී ක්වාන් යූ මහතාගේ කාර්යාලයෙන් නික්ම ගිය වෘත්තීය සමිති නායකයන් මිනිත්තු 65 කාලයක් තුලදී නැවත සේවයට පැමිණීමට තීරණය කරා !!!
ඇයි ඔවුන් එසේ සේවයට පැමිණීමට තීරණය කලේ? ඔවුන් දන්නවා අන්තිමේදී පරදින්නේ ඔවුන් කියලා. ලී ක්වාන් යූ මහතාගේ නායකත්වය ගැන ඔවුන් හොඳට දන්නවා.
වැඩ වර්ජනය සාර්ථකව අවසාන කිරීමෙන් පසු ලී ක්වාන් යූ මහතා මෙසේ ප්‍රකශ කලා.
"ඔවුන් දැන ගෙන හිටියා මම ගුවන් සේවය වහලා දාන්න සූදානම් කියලා... ඒ එක්කම ඔවුන් දන්නවා ඔවුන් නොමැතිව මට අලුත් ගුවන් සේවයක් පටන් ගන්න පුලුවන් කියලා... හොඳට මතක තියා ගන්න... සිංගප්පූරුවට ඕන යකඩ හස්තයක් තියෙන පාලකයෙක්... මම සිංගප්පූරුව හැදුවෙ මුලු ජීවිතයම කැප කරලා... මම ඒක කාටවත් නැති කරන්න දෙන්නෙ නෑ..."
මේ දේශාභිමානී ලී ක්වාන් යූ මහතාගේ කියමනයි.
_________________
ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.
ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය.
(වෙනත් විකල්ප පුද්ගලයෙකු සිටී නම් කරුණාකර ඒ කවුරුන්දැයි පවසන්න )
https://mothership.sg/2017/11/lee-kuan-yew-singapore-airlines-union/