මේ දාලා තියන සැලරි රේන්ජ් එක හරි මචන්. මම වැඩ කලේ ඔය උඩ දාලා තියන තැන් වලින් එකක.
ම UCSC සපෙෂල් ඩිග්‍රිය කලේ. අපි තමා වර්ටුසා එකට අවුරුදු 4 ස්පෙෂල් ඩිග්‍රි කරල ගියපු පළවෙනි බැච් එක. අපිට කලින් සිනියර් බැච් වල ජෙනරල් ඩිග්‍රි කරපු අය වර්ටුසා ගියාට ස්පෙෂල් කරපු අය ඩිවලපර්ස් ලා විදියට ගියෙ නෑ.
ඒකට හේතුව උනේ 2008 ඇමරිකාවෙ ක්‍රයිසිස් එක කාලෙදි වර්ටුසා එකෙන් රොතු බුරුතු පිටින් කොල්ලො එළියට දාපු එක. අපේ ස්පෙෂල් ඩිග්‍රිය කලේ 60යි ඉතින් උන්ට කොහොමත් පට්ට ඩිමාන්ඩ් ඒ කාලෙ ඉදන්ම. ඒ හින්දා වර්ටුසා යන්න උමනාවක් තිබ්බෙ නෑ ඒ අයට. අපි තමා මොඩයො වගේ මුලින්ම වර්ටුසා ලණුව කෑවේ (ලොල්)
අපි ජොබ් වලට යන කාලෙ තමා වර්ටුසා එකෙන් extraodrinary above average salaries දීලා මෝරා සෙට් එකේ ටොප් 10 බාන්න පටන් ගත්තෙ. වර්ටුසා එකෙන් තමා ඔය අනවශය සැලරි වැඩි වීම සහ කම්පිටිෂන් එක පටන් ගත්තෙ. ඒ කාලෙ ලංකාවෙ වැඩිපුරම ගෙවුවෙ WSO2. WSO2 එකට දඩ ඉන්වෙස්ට්මන්ට් එකක් ඇවිත් අම්බානක එක්ස්පෑන්ඩ් කලා. ඒ හිනදා මොරටුවෙ ඔක්කොම WSO2 එකට යන්න තමා හැදුවෙ. ඒකට තව හේතුවක් උනා වර්ටුසා එක ගාමන්ට් එක වගේ කොල්ලො බෙන්ච් කර කර ඉන්දියාව එක්ක තරගෙට අඩුගානට අඩු කාලෙන් කරන්න ප්‍රොජෙක්ට් හිගා කාපු එක වගේ දේවල් සහ WSO2 එකේ තිබ්බ අප්ටුඩේට් ටෙක් ස්ටැක් එක. ඉතින් මොරටුවෙ බැච් ටොප් සහ මුල් 10 ගන්න වර්ටුසා එකේන අපිට දීපු සැලරිය ඩබල් කරලා මොරටුවට දුන්නා. ඒකට අපි UCSC ගේම ඉල්ලුවා මායි තව 2න්කුයි විතරයි අපේ ස්පෙෂල් ඩිග්‍රි කරපු උනගෙන් වර්ටුසා ගියේ අපි 3 දෙනාම අස් වුනා විතරක් නෙවේ අපේ ජූනියර් බැච් වල උන් වර්ටුසා දැම්මෙ නෑ ඇප්ලිකේෂන් එකක් වත් ඉගාව අවුරුදදෙ.
ඔතනින් වර්ටුසා එකට කෙල උනා. මොකද කියනවා නම් වර්ටුසා එකට පෙරහැරේ ඉස්සරහින් යන්න මොරටුවෙන් කට්ටිය ගත්තට ඕනෙම උනොත් මෝරා කම්පියුටර් සයන්ස් බැච් එකෙන් 10ක් එයි. උන් අනික් වේකන්සි ටික පුරවන්න ඕනෙ අපෙනුයි පෙරාදෙනියෙන් ඉගාවට ස්ලිට්එක අපි ගියේ නැති උනාම වර්ටුසා එකට අර වැඩි පඩි දි දී මොරටුවෙන්ම අපේ වේකන්සි ටිකත් ගොඩ දාන්න වෙනවා එතකොට අනික් කම්පැනි නිකන් ඉන් නෑ උනුත් වැඩි ගනන් දෙනවා ඉතින් මොරටුවෙ උන් ටික ඒවටත් යනවා කොච්චර කරත් 120යි බැච් එකේ ඉන්නෙ
මොකද අපිට පස්සෙ අවුරුද්දෙ ෆ්‍රෙෂර්ස් ලා එලියට එද්දි ඉන්ඩස්ට්‍රි එකෙන් කලින් අවුරුද්දෙ වර්ටුසා එක කරපු දේ ආදර්සෙට අරන් තිබ්බෙ. බැච් එකේ ටොප් ඩයල් ටික ගන්න උවමනාවට 99x, MIT, IFS, Aepona සහ WSO2 කලින් වර්ටුසා දීපු ගානට වඩා වැඩි ඔෆර් දුන්නා. ඒ අස්සෙ ඒ කාලෙ monovia කියල තිබ්බ කම්පැනි එක ට ඇමරිකන් ඉන්වෙස්ටර් කෙනේක (Sysco) ඇවුත් leapset කියල නම වෙනස් කරා (දැන් Sysco Labs කියන්නෙ මේක) ඊට පස්සෙ කෙලින්ම ඩොලර් වලින් පඩි දීනා එා කට්ටිය ෆ්‍රෙෂර්ස් ලට දෙන සැලරි එක අලුත්ම ලෙවල් එකකට ඉස්සුවා.
මම දැන් අයින් වෙද්දි ඒ කම්පැනි එකේ 175ක් දුන්නා අලුතෙන් ආපු එකෙක්ට. ඌ පට්ට වැඩ්ඩෙක් නම් 200 ක් උනත් දීලා ගන්නවා. අවුල තියෙන්නෙ මේ කම්පැනි ඔක්කොම අනවශ්‍ය තරගයක් හදලා තියනවා UOM Eng,Pera Eng, Ruhuna Eng, UCSC(4th year) ආයතන වල ෆ්‍රෙෂ් ග්‍රැඩ් ලා ගන්න. ඒත් ගවර්මන්ට් අනික් යූනි වල අවුටු වෙන කම්පියුටර් හරි සොෆට්වෙයා හරි ඩිග්‍රි තියන ෆ්‍රෙෂ් ග්‍රැඩ් ලට මේ සැලකිිල්ල නෑ. මෙතන වෙන්නෙ තනිකර වැරදි වැඩක් මොකද ඒවයෙ විතරක් නෙවෙෙ ප්‍රයිවට් කැම්පස් වලින් පවා අවුටු වෙන පට්ට වැඩ්ඩො ඉන්නවා උන්ට ඉතින් අවුරුද්දක් 2ක් පට්ට කට්ටක් කන්න වෙනවා තැනකට එන්
මචන් උඹ UCSC 6th Batch ද?
ඇත්ත නමම නේද කිරියේ දාල තියෙන්නෙ




