Rekava (1956) | හෙළ සිනමාවේ රිදී "රේඛාව"
Rekava (1956) | හෙළ සිනමාවේ රිදී "රේඛාව"
-
-
-
මේ asksajee ගෙ රිප් එක වන අතර නැවැත රි-අප් කිරීමකි.
720p.DVDRip.H265.AAC | 1.1GB| DOWN LOAD |
-
හෙළ සිනමාවේ රිදී "රේඛාව"
ලංඩනයේ ප්‍රකට පුවත්පත් කලාවේදියෙකු ලෙස කලක් සේවය කල ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් නමැති මේ මහා කලාවේදියා පසු කලෙක ලංකාවට පැමින රජයේ චිත්‍රපට අංශයට බැඳුනේය. එහෙත් ස්වල්ප කාලයකින්ම එහි සේවය ඔහුට රිසි නොවින ඔහුට අවශ්‍ය වුයේ සිංහල සිනමාව නව මගකට යොමු කරවීමටය. එබැවින් ඔහු ප්රවෘත්ති අංශයෙන් අස්වී සීමාසහිත චිත්‍ර ලංකා නමින් පිහිටුවා ගත් සමාගමට, ටයිටස් තොටවත්ත සහ විලී බ්ලෙක් සම්බන්ද කරගත්තේය. එම ත්‍රිමුර්තිය එක්වීමේ මහැගි ප්රථිඵලය වුයේ, සිංහල සිනමාවේ 55වන චිත්‍රපටය ලෙස "රේඛාව” බිහිවීමය. ලාංකික ගැමි ජීවිතය අලලා ලෙස්ටර් විසින් ලියූ කතාවේ - දෙබස් රචනය කරන ලද්දේ ප්‍රවීන ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකවරයකුවු K. A. W පෙරේරා විසිනි.
ගාමිනී ෆොන්සේකා සහ ප්‍රේමනාත් මොරායස් රේඛාවේ නිශ්පාදන කලමණාකරුවන් ලෙස දායක වුහ. විලී බ්ලෙක් කැමරාව මෙහෙයවු අතර ටයිටස් තොටවත්ත චිත්‍රපටය සංස්කරනය කලේය. වේශ නිරූපණය ඩෙරික් ඩෙනිස්ගෙන්ද ශේෂ පලිහක්කාර (කලා අධ්‍යක්ෂණයෙන්ද) ඉටු කෙරිනි.
1956 මෙරට විප්ලවලින් පිරුණු වසරක් ලෙස හැදින්විය හැකිය. සුප්‍රසිද්ධ 56 දේශපාලන පෙරළිය පමණක් නොව සමාජීය, සන්ස්කෘතික සහ සාහිත්‍යයමය පරිවර්තන යුගයක ආරම්බය සිදුවිය.
1947 දී "කඩවුණු පොරොන්දුවෙන්" ඇරඹුණු සිනමා වන්ශ කතාවේ 39 චිත්‍රපටය වූයේ 1956 දෙසැම්බර් 28 තිරගතවූ "රේඛාවයි". එය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්යයක්ශණයකි. රේඛාව සින්හල සිනමාවේ හැරවුම් ලක්ශයක් විය. රේඛාව බිහිවන තුරු තිරගතවූ බොහොමයක් චිත්‍රපට ඉන්දියානු කාබන් කොපි විය. එය මුලුමනින්ම පටිගත කරන ලද්දේ ශ්‍රී ලන්කාවෙදීය. එසේම චිත්‍රාගාරයකින් පිට ස්වබාවික පසුතලයක පටිගත කළ පළමුවැන්න විය. රේඛාව උඩු ගන් බලා පිහිනූවක් යැයි කිව හැක්කේ එබැවිණි. ජගත් චිත්‍රපට උළෙලක් නියෝජනය කළ පළමු සිංහල චිත්‍රපටයද එය විය.
රේඛාවට ඇතුලත් වුනු ගීත තනු සකසනු ලැබුවේ සුනිල ශාන්ත විසිනි. ගරු මර්යලීනු ජයකොඩි පියතුමා එම ගීත තනු වලට අර්ථ පූර්ණ පද මාලා ලියූ වේය. මෙම ගීත සඳහා සංගීතය සැපයූවේ බඔරැන්ද ශ්‍රීනාත් පෙරේරා නොහොත් B.S. පෙරේරාය. චිත්‍රපටියේ පසුබිම් සංගීතය සහ වාදන K.A. දයාරත්නගෙනි.
ගීත
1. සුදු සඳ එළියේ - ඉන්ද්‍රානි විජේබණ්ඩාර
2. ඕලු නෙළුම් නෙරියරඟාලා - සිසිර සේනාරත්න
3. ඉර හඳ ඇනිල්ලේ වැලිමත ලියවෙනවා - තිලකසිරි ප්‍රනාන්දු
4. අනුරාපුර පොලොන්නරුව (විරිඳු) - අයිවෝ ඩෙනිස්
5. සීගිරි ලඳකගෙ මල්වට්ටියෙ ලා - ලතා වල්පොල
6. වෙසක් කැකුළු අතු අග ඉද - ඉන්ද්‍රානි විජේබණ්ඩාර සහ පිරිස
රේඛාව චිත්‍රපටියේ ගීත පටිගත කරනලද්දේ ඉන්දියාවේ ශබ්දාගාරයකදීය. එම ගීත B ROWWS සමාගමේ ලෝටස් ලාංඡනය යටතේ අංක 2000 - 2001 සහ 2002 යටතේ ග්රැමෆෝන් තැටි නිකුත් කෙරින.
සැයු. අංක 1955 තිරගත වුනු චිත්‍රපට අතුරෙන් හොඳම චිත්‍රපටය ලෙස දීපසිඛා සම්මානය හිමි වූයේ රේඛාවටය.
රේඛාවේ සියළුම එළිමහන් දර්ශන රූගත කලේ අලව්වේ වෑවල ගම්මානයේදීය.
නමුත් එය වාණිජ අතින් සාර්ථක වුයේ නැත. එහි ජනප්‍රිය තරු රග පෑවේ නැත. ජනප්‍රිය ඉන්දීය සිනමා කෘතියක ලක්ශණ කිසිවක් එහි නොවීය. චිත්‍රපටය නැරඹූ සල්ලිවලින් ආප්ප කෑවා නම් හොඳ යැයි ලෙස්ටර්ගේ මුහුණටම එකෙකු කීවෙලූ. නමුත් රේඛාවෙන් ඇරඹුණු පෙරළිය මල්පල ගැනුණේ තවත් වසර කිහිපයකට පසුවයි. එය හෙළ සිනමාව නැමැති මන්දිරයේ ශක්තිමත් අත්තිවාරම වැන්න.
මේ එහි එන අදටත් ජනප්‍රිය ගීයක්. පද රචනය ගරු මර්සලීන් ජයකොඩි පියතුමා. ගී තනු සුනිල් සාන්ත. ගායනා කරන්නේ ඉන්ද්‍රානි විජේබණ්ඩාර.
-
1h 29min | Drama | 28 December 1956 (Sri Lanka)
7.6/10 · IMDb
95% liked this film Google users
Release date: December 28, 1956 (Sri Lanka)
Director: Lester James Peries
Writer: Lester James Peries
Stars: Somapala Dharmapriya,Myrtle Fernando,Shesha Palihakkara
Producer: Lester James Peries
Music composed by: Sunil Santha
Screenplay: Lester James Peries
Country Sri Lanka
Language Sinhala
-
මේ asksajee ගෙ රිප් එක වන අතර නැවැත රි-අප් කිරීමකි.
720p.DVDRip.H265.AAC | 1.1GB| DOWN LOAD |
Last edited:




