යුවතියකට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න!

jdxxx

Member
May 22, 2018
42
6
0
යුවතියකට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න!

දිනෙක මතුදා දෛවයෝගෙන්
ඔබව හමුවී නම්..
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්..//

බැදි ආදරේ සඟවා හිතේ
නොකියා මෙමා උන්නා..
ඔබ දන්නෙ නැ - මා කීවේ නැ
හඬනා හැඟුම් පෙන්නා ළයේ..
ආදරෙන් අමතාවී..

දිනෙක මතුදා....

ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
හෙට හෝ ඔබත් යාවී...
තනිවූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ - පසුතැවී අදුරේ..

අබේවර්ධන බාලසූරිය ගයන මේ ගීතයෙන් කියවෙන්නෙ කෙල්ලකට තම ආදරය නොපවසා පසු තැවෙන තරුණයෙකු ගැන. අපි ගොඩක් දෙනා ආදරය කියාගන්න බැරිව හිරවෙලා ඉඳල තියෙනවා, ඒ අත්දැකීම විඳල තියෙනවා. නමුත් එහෙම නොකියා කල් බල බල ඉඳලා ඒ කෙල්ල තමන්ගෙ ආශ්‍රයෙන් වෙන්ම වෙලා යන අත්දැකීම අපි ගොඩ දෙනෙක් ලබල නැහැ කියල මම විශ්වාස කරනවා...

මීට අවුරුදු පහකට කලින් උසස්පෙළ පන්තියකදි මට ඒ විදියටම එක්තරා තරුණියක් මුණ ගැහෙනවා. ඇය පන්තියට එන්නේ 2012 වසරේ අගම. ඇය කිසිම විශේෂත්වයක් නොතිබුණු බොහොම සාමන්‍ය පවුලක තරුණියක්. කැපී පෙනෙන තරම් ලස්සනකුත් නැහැ.. මට එයා විශේෂ කෙනෙක් වුනා. මොන හේතුවකට එහෙම වුණාද කියන්න මම දන්නෙ නැහැ. කවදාවත් කෙල්ලකට නොබැඳිච්ච මගෙ හිත මේ කෙල්ල ගැන ආදරෙන් හිතන්න පටන් ගන්නවා. ඒ හැඟීම මොකක්ද කියන්න අත්දැකීම් මට නැතත්, ඒ ආදරේ කියල කියන්න බැරි කමක් නෑනේ.

මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

මම ඇය එක්ක කතා කරනවා. පාඩම් අහගන්නවා, එදිනෙදා විස්තර කතා කරනවා. කවමදාවත් මට අමුත්තක් පෙන්නුවෙ නෑ, අහංකාරකමක් පෙන්නුවෙ නෑ. මට තිබුණු ලැජ්ජාව නිසා මම දිනෙන් දින මගේ ආදර හිත ඇගෙන් වසං කලා.

මේ පන්තියෙ හිටියෙ ළමයි බොහොම ටික දෙනයි. තරමක් වැස්ස සහිත රැයක පන්තිය ඇරිලා අනිත් ළමයි හැමෝම යන්න ගියත් ඇගේ තාත්තගේ වෑන් එක කැඩිල තිබුණු නිසා තාත්තා වෙලාවට ආවෙ නෑ ඇයව එක්ක යන්න. තාත්තා එනතුරු පන්තිය ඉදිරිපිට තිබුණු කඩපිලට වෙලා අපි දෙන්නා හිටියා. මම ඇයට තනි රැක්කා... මොන තරම් සුන්දරද! :love:
ඒ රැය මට කිසිම දවසක අමතක වෙන රැයක් නම් නෙමෙයි

කාලය ගත වෙන්නෙ ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින්. ඒ මාස කීපය ගෙවුනෙ හිතන්නත් බැරි තරම් ඉක්මනට. විභාගයෙන් පස්සෙ අපි හමුවෙන එක බොහොම අඩුවුණා. නතර වුණා කිව්වොත් ඊටත් නිවැරදියි. අපි දෙන්නා තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට. ඇය විශ්වවිද්‍යාලෙ ගියා, මම ගියේ නැහැ. ඒ කතාවට එතනින් තිත තැබුණේ මගේ හදවතේ නොමැකෙන කැළලක් ඉතුරු කරලා

ඔබට වසඟ වූ දෑසක අබිමන්
සඟවා විසිතුරු තුරුණු ළයේ,
සුසුම් කුණාටුව ගලා ගියාදෙන්
එය මට සුවයකි කුමාරියේ

කාලය ඉගිලෙයි මා බැඳි සෙනෙහස තාමත් රහසකි ඔබට ළඳේ
පාළු හුදෙකළා තාපය අතරේ සතුටු උදානය සිතක ඇඳේ

ඔබට වසඟ වූ දෑසක අබිමන්
සඟවා විසිතුරු තුරුණු ළයේ,
සුසුම් කුණාටුව ගලා ගියාදෙන්
එය මට සුවයකි කුමාරියේ

ඔබ වෙත ඈඳෙන සිතිවිලි දැවටී නිදිබර හදවත අවදි කලා
මා පැතු ආදර සිහිනය එපමණි, චංචල සිත අද නිහඬ වෙලා

ඔබට වසඟ වූ දෑසක අබිමන්
සඟවා විසිතුරු තුරුණු ළයේ,
සුසුම් කුණාටුව ගලා ගියාදෙන්
එය මට සුවයකි කුමාරියේ

මේ ලෝකෙ හැම කෙනෙකුටම, කොටින්ම සනත් නන්දසිරි මහත්මයට පවා මේ ගීතය සාමාන්‍ය ගීයක් වෙන්න ඇති. මම ඇය ගැන මවාගත්තු සිහින ලෝකෙක හිටපු කාලෙදි මම නිතර අහපු ගිතයක් තමයි මේක. අද මේ ගීතය පුදුම විදියට මගෙ හිත පාරවනවා. පරණ තුවාලෙට පිහියකින් අනින්නා වගේ
කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ. ඒ ආදරය, වේදනාව, පසුතැවීම මිශ්‍ර හැඟීම විඳින්න හිත ආසා නිසා වෙන්න ඇති...

අපි දෙන්නා පාරවල් දෙකක ගිහින් දැනට අවුරුදු පහක් වෙනවා. අදටත්, මේ මොහොතටත් මට ඇයව මතක් වෙනවා. මීට අවුරුදු පහකට කලින් ඇයව දුටුව විදියටම මගෙ ඇස් පියාගත්තම ඇගේ ලොකු ඇස් දෙක, කුරුලෑ එකක් දෙකක් තිබුණු කම්මුල්, හැම වෙලේම නළලට වැටෙන කෙස් රොද, ඒ වැටෙන වෙලාවට ඇය ඒ කෙස් රොද දකුණු කනට ඉහළින් දමාගන්න විදිය මට මවාගන්න පුළුවන්.

ඒ මතක් වෙන මොහොතක් පාසා මට මා ගැනම තරහක් ඇති වෙනවා. තරහ හිතුවට ඇඬුවට ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. ඒ වගේම ගිය දේ ඇතුන් ලවාවත් අද්දන්න බැහැ. ඉතින් මේ නිවැරදි කරගන්න බැරි වරද මාව ජීවිත කාලය පුරාම වේදනාවට පත් කරයි සමහරවිට.

2015 අවුරුද්දේ අළුත් අවුරුද්දට සුභ පතන්න මම ඇයට කතා කරපු වෙලාවෙ දැනගන්න ලැබුනේ ඇගේ පරණ අංකය භාවිතයේ නොමැති බව. ඒ අංකය වැළලිලා ගියේ ඇයත් මාත් අතර තිබුණු එකම සන්නිවේදනය සම්බන්ධතාවය සුණුවිසුණු කර දමමින්.

මේ සිද්ධියෙන් මම ඉගෙනගත්තු පාඩම තමයි යමක් කරන්න තියෙනවා නම් ඒක කල් නොදමා ඒ වෙලාවෙම කිරීම සුදුසුයි කියන එක. එතකොට අලාභ පසුතැවීම් දුක්වීම් ගොඩක් අඩු කරගන්න පුළුවන්.

දැන් මට පෙම්වතියක් ඉන්නවා. නමුත් මගේ "පළමු පෙම්වතියගේ" මතකයෙන් මිදෙන්න මට හරි අමාරුයි. සමහරක්විට ඇය ගැන හිත හිතා මම දැන් කෙල්ලට කරන්නෙ ලොකු අසාධාරණයක් වෙන්නත් ඇති. මොනව කරන්නද ජීවිතේ ඔහොම තමා...
 
Last edited:

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න. ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මට කොයි තරම් හිතුනත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. මේ වෙනකොට මම 11 වසරේ. මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව. ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. මමත් ගියා. එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. ඔහොම කාලය ගෙවුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම වසර. ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා. ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා. ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා. ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා. ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා. ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා. ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා. මම දන්නේ නෑ ඒ මොකද කියලා. මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග. මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා. කාලය ගෙවී ගියා. මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා. "මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්....

    කවදාවත් හිතේ ආදරේ හන්ගගෙන ඉන්න එපා ඇතිවෙන්න හරි නැතිවෙන්න හරි කියල දාන්න ඕනේ..

    අවුරුදු 3,4කට කලින් මම fb එකෙ දැකලා save කරගත්ත එකක්..
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593

    That was damn emotional :(:(:(:(
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    ඔකේ මෙහෙම seen එකක් තියෙනවා..පට්ට ෆිට් එකේ ඉදල කැමතිද කියල ඇහුවම යාලුවෙක් වගේ ආශ්‍රය කලේ කියල තරහ වෙනවා...... මට ඔහොම උනා අහලත් බැ අහන්නේ නැතුව ඉදලත් බැ .......

    Yuwathiyakata_Oba_Adare_Nam_Billy.jpg
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    ඊට පස්සේ ආයේ දකින කොට හිතට මාර අප්සට්.... හැමදාම යාලුවෝ වගේ හිටියනම් අදටත් මම සතුටින් ...... හිතේ දැන් කිසි සතුටක් නැ ... office එකේ දවස ගෙවෙනවා .... අපි අපේ වෙන්නේ නැ කවදාවත් .....
    dineka%2Bmage%2Bshihan%2Bmihiranga.jpg
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    කෙල්ලෙක් හිනා වෙලා කථා කලාම හිතන්නේ මට කැමති නිසා කියල.එත් එක එහෙම නැ..ඒක යාලුවෝ වගේ ආශ්‍රයක් විතරයි.එත් සමහර අය ඒ level එක pass කරලා කෙල්ල set කරගන්නවා...අදටත් මට ඒ මට්ටමට එන්න බැරි උනා...මගේ ආදරේ තාම මම ගාව එක කවුරුවත් බාර ගන්නේ නැ .... මග තොට couple දකින කොට පුදුම දුකක් එත් මම මොනා කරන්නද ?? තවමත් ගොඩක් උත්සහ කරනවා ... දිනන්න බැරි උනා එත් තාම උත්සාහය අතහැරියේ නැ.......
     
    jdxxx

    Member
    May 22, 2018
    42
    6
    0
    මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න. ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මට කොයි තරම් හිතුනත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. මේ වෙනකොට මම 11 වසරේ. මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව. ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. මමත් ගියා. එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. ඔහොම කාලය ගෙවුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම වසර. ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා. ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා. ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා. ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා. ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා. ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා. ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා. මම දන්නේ නෑ ඒ මොකද කියලා. මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග. මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා. කාලය ගෙවී ගියා. මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා. "මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්....

    කවදාවත් හිතේ ආදරේ හන්ගගෙන ඉන්න එපා ඇතිවෙන්න හරි නැතිවෙන්න හරි කියල දාන්න ඕනේ..

    අවුරුදු 3,4කට කලින් මම fb එකෙ දැකලා save කරගත්ත එකක්..

    මාත් ඔය කතාව කියෙව්වා කොහේ හරි. මට ඕක උනා නම් මන් කෝච්චියට පනිනවා බන්.
     
    jdxxx

    Member
    May 22, 2018
    42
    6
    0
    කෙල්ලෙක් හිනා වෙලා කථා කලාම හිතන්නේ මට කැමති නිසා කියල.එත් එක එහෙම නැ..ඒක යාලුවෝ වගේ ආශ්‍රයක් විතරයි.එත් සමහර අය ඒ level එක pass කරලා කෙල්ල set කරගන්නවා...අදටත් මට ඒ මට්ටමට එන්න බැරි උනා...මගේ ආදරේ තාම මම ගාව එක කවුරුවත් බාර ගන්නේ නැ .... මග තොට couple දකින කොට පුදුම දුකක් එත් මම මොනා කරන්නද ?? තවමත් ගොඩක් උත්සහ කරනවා ... දිනන්න බැරි උනා එත් තාම උත්සාහය අතහැරියේ නැ.......

    හිනාවෙලා කතා කරන තමන් ගැන විශේෂ යාලුකමක් පෙන්නන කෙල්ලෙක් අනිවාර්යයෙන්ම හිතේ එහෙම අදහසක් ඇතිවයි ඒ හිනා වෙන්නේ කතා කරන්නේ. අහපු ගමන් බෑ කියයි, ඒ ගෑණු ගතියනේ. මමනම් දකින්නේ කෙල්ලගේ විශ්වාසය දිනාගැනීම වගේම උඹේ කැපවීමත් වැදගත්. ආදරේ දැනෙන්න ඇරපන්, ඒක effective
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මගෙත් ඔහොම ආදරයක් තිබුනා/තියනවා.. හැබැ‍යි මම කිව්වෙත් නෑ...කියන්නෙත් නෑ:yes:
     
    jdxxx

    Member
    May 22, 2018
    42
    6
    0
    මගෙත් ඔහොම ආදරයක් තිබුනා/තියනවා.. හැබැ‍යි මම කිව්වෙත් නෑ...කියන්නෙත් නෑ:yes:

    ඇයි බන් ඒ? පරක්කු වැඩි වෙන්න ඉස්සරලා කියපන්කෝ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ආදරය වගේ දේවල් බොහොම ප්‍රාතමික හැගීම්, ඔවගෙන් වෙන්නෙ කිසීම තේරුමක් නැති දේවල් විතරයි, ඔව ඇත්තටම මනුස්සය මුලා කරන්ඩ සාතන් ස්මතුකරපු දේවල්..සර්පායගේ ලණු කන උන් හැමතැනම...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    ඔය ආදරය වගේ දේවල් බොහොම ප්‍රාතමික හැගීම්, ඔවගෙන් වෙන්නෙ කිසීම තේරුමක් නැති දේවල් විතරයි, ඔව ඇත්තටම මනුස්සය මුලා කරන්ඩ සාතන් ස්මතුකරපු දේවල්..සර්පායගේ ලණු කන උන් හැමතැනම...

    එරෝසන් බ්‍රෝ ඇත්ත කියපන් දේශපාලනේ ඇරෙන්න කෙල්ලෙක් උබේ ජීවිතේ හිටියෙම නැද්ද?
    :rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    tfs අලුත් සින්දුවක් කලින් අහල නැහැ
    btw ඔහොම හේතුවක් නැතුව එන සමහර CRUSH වලට නොකිය ඉන්න එකම හොදයි සමහර වෙලාවට නම් . පස්සේ කෙල්ල අවරුදු ගානකින් දකිද්දී හිතෙන්න පුළුවන් හොඳ වෙලාට ඇහුවේ නැත්තේ කියන එක.