යුවතියකට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න!
දිනෙක මතුදා දෛවයෝගෙන්
ඔබව හමුවී නම්..
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්..//
බැදි ආදරේ සඟවා හිතේ
නොකියා මෙමා උන්නා..
ඔබ දන්නෙ නැ - මා කීවේ නැ
හඬනා හැඟුම් පෙන්නා ළයේ..
ආදරෙන් අමතාවී..
දිනෙක මතුදා....
ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
හෙට හෝ ඔබත් යාවී...
තනිවූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ - පසුතැවී අදුරේ..
අබේවර්ධන බාලසූරිය ගයන මේ ගීතයෙන් කියවෙන්නෙ කෙල්ලකට තම ආදරය නොපවසා පසු තැවෙන තරුණයෙකු ගැන. අපි ගොඩක් දෙනා ආදරය කියාගන්න බැරිව හිරවෙලා ඉඳල තියෙනවා, ඒ අත්දැකීම විඳල තියෙනවා. නමුත් එහෙම නොකියා කල් බල බල ඉඳලා ඒ කෙල්ල තමන්ගෙ ආශ්රයෙන් වෙන්ම වෙලා යන අත්දැකීම අපි ගොඩ දෙනෙක් ලබල නැහැ කියල මම විශ්වාස කරනවා...
මීට අවුරුදු පහකට කලින් උසස්පෙළ පන්තියකදි මට ඒ විදියටම එක්තරා තරුණියක් මුණ ගැහෙනවා. ඇය පන්තියට එන්නේ 2012 වසරේ අගම. ඇය කිසිම විශේෂත්වයක් නොතිබුණු බොහොම සාමන්‍ය පවුලක තරුණියක්. කැපී පෙනෙන තරම් ලස්සනකුත් නැහැ.. මට එයා විශේෂ කෙනෙක් වුනා. මොන හේතුවකට එහෙම වුණාද කියන්න මම දන්නෙ නැහැ. කවදාවත් කෙල්ලකට නොබැඳිච්ච මගෙ හිත මේ කෙල්ල ගැන ආදරෙන් හිතන්න පටන් ගන්නවා. ඒ හැඟීම මොකක්ද කියන්න අත්දැකීම් මට නැතත්, ඒ ආදරේ කියල කියන්න බැරි කමක් නෑනේ.
මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්
මම ඇය එක්ක කතා කරනවා. පාඩම් අහගන්නවා, එදිනෙදා විස්තර කතා කරනවා. කවමදාවත් මට අමුත්තක් පෙන්නුවෙ නෑ, අහංකාරකමක් පෙන්නුවෙ නෑ. මට තිබුණු ලැජ්ජාව නිසා මම දිනෙන් දින මගේ ආදර හිත ඇගෙන් වසං කලා.
මේ පන්තියෙ හිටියෙ ළමයි බොහොම ටික දෙනයි. තරමක් වැස්ස සහිත රැයක පන්තිය ඇරිලා අනිත් ළමයි හැමෝම යන්න ගියත් ඇගේ තාත්තගේ වෑන් එක කැඩිල තිබුණු නිසා තාත්තා වෙලාවට ආවෙ නෑ ඇයව එක්ක යන්න. තාත්තා එනතුරු පන්තිය ඉදිරිපිට තිබුණු කඩපිලට වෙලා අපි දෙන්නා හිටියා. මම ඇයට තනි රැක්කා... මොන තරම් සුන්දරද!
ඒ රැය මට කිසිම දවසක අමතක වෙන රැයක් නම් නෙමෙයි
කාලය ගත වෙන්නෙ ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින්. ඒ මාස කීපය ගෙවුනෙ හිතන්නත් බැරි තරම් ඉක්මනට. විභාගයෙන් පස්සෙ අපි හමුවෙන එක බොහොම අඩුවුණා. නතර වුණා කිව්වොත් ඊටත් නිවැරදියි. අපි දෙන්නා තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට. ඇය විශ්වවිද්‍යාලෙ ගියා, මම ගියේ නැහැ. ඒ කතාවට එතනින් තිත තැබුණේ මගේ හදවතේ නොමැකෙන කැළලක් ඉතුරු කරලා
ඔබට වසඟ වූ දෑසක අබිමන්
සඟවා විසිතුරු තුරුණු ළයේ,
සුසුම් කුණාටුව ගලා ගියාදෙන්
එය මට සුවයකි කුමාරියේ
කාලය ඉගිලෙයි මා බැඳි සෙනෙහස තාමත් රහසකි ඔබට ළඳේ
පාළු හුදෙකළා තාපය අතරේ සතුටු උදානය සිතක ඇඳේ
ඔබට වසඟ වූ දෑසක අබිමන්
සඟවා විසිතුරු තුරුණු ළයේ,
සුසුම් කුණාටුව ගලා ගියාදෙන්
එය මට සුවයකි කුමාරියේ
ඔබ වෙත ඈඳෙන සිතිවිලි දැවටී නිදිබර හදවත අවදි කලා
මා පැතු ආදර සිහිනය එපමණි, චංචල සිත අද නිහඬ වෙලා
ඔබට වසඟ වූ දෑසක අබිමන්
සඟවා විසිතුරු තුරුණු ළයේ,
සුසුම් කුණාටුව ගලා ගියාදෙන්
එය මට සුවයකි කුමාරියේ
මේ ලෝකෙ හැම කෙනෙකුටම, කොටින්ම සනත් නන්දසිරි මහත්මයට පවා මේ ගීතය සාමාන්‍ය ගීයක් වෙන්න ඇති. මම ඇය ගැන මවාගත්තු සිහින ලෝකෙක හිටපු කාලෙදි මම නිතර අහපු ගිතයක් තමයි මේක. අද මේ ගීතය පුදුම විදියට මගෙ හිත පාරවනවා. පරණ තුවාලෙට පිහියකින් අනින්නා වගේ
කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ. ඒ ආදරය, වේදනාව, පසුතැවීම මිශ්‍ර හැඟීම විඳින්න හිත ආසා නිසා වෙන්න ඇති...
අපි දෙන්නා පාරවල් දෙකක ගිහින් දැනට අවුරුදු පහක් වෙනවා. අදටත්, මේ මොහොතටත් මට ඇයව මතක් වෙනවා. මීට අවුරුදු පහකට කලින් ඇයව දුටුව විදියටම මගෙ ඇස් පියාගත්තම ඇගේ ලොකු ඇස් දෙක, කුරුලෑ එකක් දෙකක් තිබුණු කම්මුල්, හැම වෙලේම නළලට වැටෙන කෙස් රොද, ඒ වැටෙන වෙලාවට ඇය ඒ කෙස් රොද දකුණු කනට ඉහළින් දමාගන්න විදිය මට මවාගන්න පුළුවන්.
ඒ මතක් වෙන මොහොතක් පාසා මට මා ගැනම තරහක් ඇති වෙනවා. තරහ හිතුවට ඇඬුවට ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. ඒ වගේම ගිය දේ ඇතුන් ලවාවත් අද්දන්න බැහැ. ඉතින් මේ නිවැරදි කරගන්න බැරි වරද මාව ජීවිත කාලය පුරාම වේදනාවට පත් කරයි සමහරවිට.
2015 අවුරුද්දේ අළුත් අවුරුද්දට සුභ පතන්න මම ඇයට කතා කරපු වෙලාවෙ දැනගන්න ලැබුනේ ඇගේ පරණ අංකය භාවිතයේ නොමැති බව. ඒ අංකය වැළලිලා ගියේ ඇයත් මාත් අතර තිබුණු එකම සන්නිවේදනය සම්බන්ධතාවය සුණුවිසුණු කර දමමින්.
මේ සිද්ධියෙන් මම ඉගෙනගත්තු පාඩම තමයි යමක් කරන්න තියෙනවා නම් ඒක කල් නොදමා ඒ වෙලාවෙම කිරීම සුදුසුයි කියන එක. එතකොට අලාභ පසුතැවීම් දුක්වීම් ගොඩක් අඩු කරගන්න පුළුවන්.
දැන් මට පෙම්වතියක් ඉන්නවා. නමුත් මගේ "පළමු පෙම්වතියගේ" මතකයෙන් මිදෙන්න මට හරි අමාරුයි. සමහරක්විට ඇය ගැන හිත හිතා මම දැන් කෙල්ලට කරන්නෙ ලොකු අසාධාරණයක් වෙන්නත් ඇති. මොනව කරන්නද ජීවිතේ ඔහොම තමා...

Last edited: