නිවැරදි බුදු දහම දැනගන්න නම් හැමදේම පාලියෙන් කරන්න ඕනේ කියන අදහසක් මෙතන නෑ.
වැරදි බුද්ධාගම ඇතිවුනේ මෙහෙමයි.
පෘතග්ජන, කිසිදු මගපලයක් නොලැබූ අනරිය ගිහි පැවිදි පිරිස පාලි >> සංස්කෘත >> සිංහල විදිහට බුදු දහම මේ වගේ දෙයක් වෙන්න ඇති කියලා අනුමානයෙන් පැවසීම. නොදැකපු නිවනක් ගැන අනුමානයෙන් කියලා සම්මත කරගෙන තමනුත් මුලාවී අන් අයවත් මුලා කිරීම.
නිවැරදි බුදු දහම දැනගන්නේ මෙහෙමයි.
නිවන් දුටු, මග පල ලැබූ අරිය උත්තමයෙක් හෙවත් කල්‍යාන මිත්‍රයෙක් තමන් දුටු ඒ නිවන අවබෝධ කරගත් අයුරු මාගධී (පාලි) දේශනා ඇසුරෙන් සිංහල බසින් පැහැදිලි කර දෙනවිට, එම ධර්ම දේශනවලට අවධානයෙන් සවන් දීම මගින්. ඉතින් පරම සත්‍යය දැකපු කෙනෙකුට ඕනෙම බාසාවකින් මාගධී (පාලි) දේශනා ඇසුරෙන් නිවන් දකින මග පෙන්වා දෙන්න පුළුවන්.
බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ මුළු ශාසනයම රඳා පවතින්නේ කල්‍යාන මිත්‍ර සම්පත්තිය මත කියලා, ඒ කිව්වේ සාසනය පවතින්නේ ධර්මය කියල කවුරුහරි අච්චු ගහපු පොත පතින්වත්, පෙරහරට ගහන බෙර දවුල් සද්දය නිසාවත් නෙවෙයි.
කළු ධර්ම, කෙලෙස් ධර්ම නසපු කල්‍යාන මිත්‍රයෙක් තමන් දැක්ක ඒ නිවන ලබාගන්න මාර්ගය මෙයයි කියල මොන බාසාවෙන් හරි දේශනා කරනවානම් විතරයි සාසනය පවතින්නේ. කවුරුහරි තමන් නොදැකපු නිවනක් ගැන අනුමාන කරලා සම්මත කරගෙන මොන බාසාවෙන් පොත් අච්චු ගහල දේශනා කරත් සාසනයක් පවතින්නේ නැහැ.