සමරිසි ඇසුර නීතිගත කරයි
ඉන්දියාව සමරිසි ඇසුර නීතිගත කරයි.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. ඒ අනුව තවදුරටත් සමරිසි ඇසුර සාපරාධී වරදක් නොවේ.
377 වැනි කොටසේ හැඳින්වෙන සම ලිංගිකත්වය "සාපරාධී වරදක්" ලෙස වර්ග කිරීම යටත් විජිත යුගයේ නීතියෙන් අනුමත කර තිබිණි. එය සමලිංගිකත්වය අපරාධයක් ලෙස නම් කෙරුණු ලොව පැරණි නීතිවලින් එකකි. 2009 දී දිල්ලි මහාධිකරණය විසින් මෙම නීතිය මුලින් ම බිඳ දැමූ නමුත් 2013 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය නැවත ස්ථාපනය කරනු ලැබුවා. ඒ දේශපාලන, සමාජීය සහ ආගමික කණ්ඩායම් කිහිපයක් විසින් යළි පිහිටුවීම සඳහා පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුවයි.
මෙම නව ඓතිහාසික තීන්දුව ලබා දෙමින් අගවිනිසුරු දිපක් මිශ්රා ප්‍රකාශ කළේ "ලිංගික සංසර්ගය සාපරාධී කර ගැනීම අසාධාරණ, අත්තනෝමතික හා පැහැදිලිවම ව්‍යවස්ථා විරෝධී යි" බවයි.
ඉන්දියාවේ ප්‍රධාන නගරවල සමරිසි ඇසුරට එරෙහි නීතිය ඉවත් කිරීමට පක්ෂව මහජන මතය ලැබී තිබුණු නමුත් ආගමික කන්ඩායම් හා ගම්බද ජනතාව දැඩි විරෝධයක් පළකරනවා. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව තව දුරටත් අභියෝගයට ලක් නොකළ හැකි බැවින්, එය ඉන්දියානු LGBT ප්‍රජාව ලබාගත් විශාල ජයග්‍රහණයක් බව BBC ඇතුළු ජාත්‍යන්තර පුවත් වාර්තා කරනවා.
source - ITN Trending
BBC
BBC NEWS LINK

ලංකාවට මොනවා වෙයිද ?

Last edited: