සංවර්ධන News

Is that you

Banned
Sep 3, 2018
186
24
0
නීතියේ ස්වාධීනත්වය, ප්‍රජාත්‍රන්ත්‍රවාදය, යුක්තිය ,සාධාරනය,යහපාලනය , වගවීම ,තොරතුරු දැන ගැනිමේ අයිතිය , එකේ නොකී මෙකී දේවල් රටේ ඇතිකරනව කියල, කටමැත දොඩෝල, රටම අන්දල, බලේ ගත්ත, නිවට සිරිසේනයි වද රනිලයි...රටටම උදාකරල දුන්න වෙනස,යහපාලනයද මේ..
 

Is that you

Banned
Sep 3, 2018
186
24
0
නීතියේ ස්වාධීනත්වය, ප්‍රජාත්‍රන්ත්‍රවාදය, යුක්තිය ,සාධාරනය,යහපාලනය , වගවීම ,තොරතුරු දැන ගැනිමේ අයිතිය , එකේ නොකී මෙකී දේවල් රටේ ඇතිකරනව කියල, කටමැත දොඩෝල, රටම අන්දල, බලේ ගත්ත, නිවට සිරිසේනයි වද රනිලයි...රටටම උදාකරල දුන්න වෙනස,යහපාලනයද මේ..

කුණුහර්පයෙන් බැන්නේ ඇයි මට.. කැත්ය්නේ
 

monson

Well-known member
  • May 7, 2007
    25,317
    27,803
    113
    $ 1 b Colombo financial city to kick off in Oct
    image_848b665970.jpg


    ·[FONT=&quot] [/FONT]Minister Ranawaka says international financial city to be inaugurated on 18 Oct.

    ·[FONT=&quot] [/FONT]Govt. approval given for MoU with CHEC for building complex

    ·[FONT=&quot] [/FONT]CIFC to be located on 6.8 ha of land that belongs to Govt.

    ·[FONT=&quot] [/FONT]FDI of $ 400 m in Phase I and $ 600 m in Phase II

    ·[FONT=&quot] [/FONT]Plans underway for hospital, international school and convention centre also on Govt. section

    ·[FONT=&quot] [/FONT]Praises venture for knowledge transfer including teaching local engineers how to reclaim land

    The Colombo International Financial City (CIFC) is to be inaugurated in mid-October, Megapolis and Western Development Minister Champika Ranawaka said yesterday as the Government gears up for the next stage of the Port City project.

    CIFC is integral to Government plans for its share of the 269 hectares of the Port City project. Minister Ranawaka outlined plans to inaugurate the project on 18 October while addressing an event in Welimada yesterday, a statement released by his Ministry said.

    “There were huge protests against the Port City when we came into power. There were disagreements over security, environmental problems and even sovereignty issues because of the ownership of land by a Chinese company. However, we successfully resolved all those problems and ensured that the land would only be given on a 99-year lease. We also ensured that there would be more green spaces, residential areas and beach for the people of Sri Lanka to enjoy. As part of these efforts, work on the Colombo International Financial City will begin on 18 October,” he was quoted as saying.

    The greening measures for the Port City, including the planting of trees, will be rolled out during the next one and a half years, Ranawaka assured. He also pointed out that due to the $ 1.4 billion Port City project Sri Lanka was able to attract its largest ever Foreign Direct Investment (FDI) and benefit from knowledge transfer due to the venture.

    “Now we have engineers who know how to reclaim land from the sea. This is a new achievement for us and it was learnt by Sri Lankans as part of the Port City project. We will begin initial construction of Port City buildings next year and we are open to investment from any country. Anyone is welcome to become part of this project. We are already formulating plans to construct a state-of-the-art hospital, an international school and large convention centre on the land allocated to the Government. The Chinese company will construct a building that will enable us to attract the top banks and other financial institutions to operate in Sri Lanka,” he added.

    The Government last December approved a proposal to sign a Memorandum of Understanding (MOU) with China Harbour Engineering Company (CHEC) Port City Colombo to develop the CIFC building complex valued at $ 1 billion on reclaimed land.

    According to the Megapolis Ministry, the building complex will be located on 6.8 Ha of land and entail a FDI of approximately $ 400 million in Phase 1 and a further $ 600 million in Phase II. The Government has also appointed a special committee to formulate laws that the CIFC will function under and is likely to move forward on the proposals next year.

    - http://www.ft.lk/top-story/--1-b-Colombo-financial-city-to-kick-off-in-Oct-/26-662407
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,317
    27,803
    113
    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ඉදිකිරීමට යෝජිත පොළොන්නරුව ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ සිදු විය. නවීන තාක්ෂණික පහසුකම් සහිත මෙම පුහුණු මධ්‍යස්ථානය පොළොන්නරුව, හිගුරක්ගොඩ, මැදිරිගිරිය පාරේ, දොර දෙක ප්‍රදේශයේ පිහිටි අක්කර 17 ක භූමි භාගයක ඉදිකෙරෙන අතර නෙදර්ලන්ත ණය පහසුකම් යටතේ වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6500 කි.

    41141771_10156402942081327_5245800285703503872_n.jpg

    41300386_10156402943441327_5739908184022188032_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156402941941327&__tn__=-UCH-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,317
    27,803
    113
    Sri Lanka inks US$82.6mn rail passenger coach deal with India

    Sep 08, 2018 06:39 AM GMT+0530

    ECONOMYNEXT - State-run Sri Lanka Railways has inked a 82.64 million US dollar deal to buy 160 passenger coaches from RITES Ltd, the Indian High Commission (embassy) in Colombo said.

    RITES Ltd, an Indian state firm will be paid from a 318 million dollar line of credit given by the Exim Bank of India in June 2017 to upgrade Sri Lanka's rail tracks and rolling stock.

    RITES Ltd will also supply 6 diesel multiple units (DMUs) and 10 locomotives to Sri Lanka. Texmaco Rail & Engineering Ltd, a private firm will supply 20 container carrier wagons and 30 fuel tank wagons.

    The rolling stock will also be paid from the credit line.

    The passenger coaches will be custom made to suit the requirement of Sri Lanka railways, the statement said.

    Mukesh Rathore, Director (Technical), RITES Ltd. and G S Withanage, Secretary, Ministry of Transport & Civil Aviation of Sri Lanka, had signed the contract. (Colombo/Sept08/2018)

    - https://economynext.com/Sri_Lanka_inks_US$82.6mn_rail_passenger_coach_deal_with_India-3-11823-6.html
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    බස් සහ දුම්රිය සඳහා භාවිත කිරීමට හැකි පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීම

    - ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා නවීකරණය සහ මගීන්ගේ පහසුව පිණිස පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමයක් යටතේ විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රමිතිගත පොදු කාඩ් පත් ව්‍යාපෘති රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



    good work.



    ඕක කොයි කාලේ ඉදන්ද කරන්නේ.ඔය වැඩේට hong kong වලින් එක්කෙනෙක් ආවේ 2014 ද කොහෙද.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,317
    27,803
    113
    බදුල්ල - චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා කිලෝමී‍ටර 27.75ක් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම

    - බදුල්ල - චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන අදියර 03ක් යට‍තේ, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල විසින් සලසනු ලබන අරමුදල් සහාය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. එහි තුන්වන අදියර වශයෙන් බදුල්ල - චෙන්කලාඩි මාර්ගයේ කිලෝමී‍ටර 249.8 සිට 277.55 දක්වා වන ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,837.43ක බදු රහිත මුදලකට මාගා ඉංජිනියරින් (පෞද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සැමට සෙවණ ග්‍රාමශක්ති ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ උතුරු සහ දකුණු පළාත් තුළ නිවාස 1,200ක් ඉදි කිරීම

    - රජය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමශක්ති ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ උතුරු පළාතේ ගම්මාන 25ක නිවාස ඒකක 600ක් සහ දකුණු පළාතේ ගම්මාන 25ක නිවාස ඒකක 600ක් ඉදි කිරීම සඳහා ඉන්දියානු රජය විසින් රුපියල් මිලියන 600ක මූල්‍ය අනුග්‍රහයක් ලබා දී ඇති අතර, ඒ අනුව එම ගම්මානවල ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එම වැඩසටහන යටතේම උතුරු පළාතේ තවත් නිවාස ඒකක 600ක් සහ දකුණු පළාතේ නිවාස ඒකක 600ක් ඉදි කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ඉන්දීය රජය විසින් දක්වා ඇති එකඟතාවය අනුව එම නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට සහ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම

    - සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, රුපියල් මිලියන 5,015ක ආයෝජනයක් සහිතව රත්නපුර මහ රෝහලට ආසන්නව පිහිටි අක්කර 20ක භූමිභාගයක ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර තිබේ. මෙම වෛද්‍ය පීඨයේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය සලකා ඒ සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය සඳහා වන සායනික ගොඩනැඟිල්ල ඉදි කිරීම සහ ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රජරට, කොළඹ, රුහුණ සහ නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

    - රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමාණුකූලව වැඩි කිරීමට සැලසුම් කර ඇති බැවින් ඒවායේ ශිෂ්‍යයින්ට වඩාත් ගුණාත්මක යටිතල පහසුකම් සලසා දීම පිණිස රජරට, කොළඹ, රුහුණු සහ නැ‍ඟෙනහිර යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨය සඳහා දේශන ශාලා ඇතුළත් රසායනාගාර සංකීර්ණයක් ඉදි කිරීම සහ එහි මිහින්තලේ ශිෂ්‍ය නේවාසිකාගාර පරිශ්‍රයේ ආපන ශාලා ඉදි කිරීම, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨය සඳහා නව ගොඩනැඟිල්ලේ පළමු අදියර ඉදි කිරීම, නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ නව සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ ගොඩනැඟිල්ලේ පළමු අදියර ඉදි කිරීම හා එහි ප්‍රධාන ගොඩනැඟිලි පරිශ්‍රයේ අලුත්වැඩියාවන් යනාදී සංවර්ධන කාර්යයන් රුපියල් මිලියන 3,690.42ක ආයෝජනයක් සහිතව සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මැදි ආදායම් නිවාස ණය යෝජනා ක්‍රමය

    - මැදි ආදායම් නිවාස සංවර්ධන ව්‍යාපෘතිවලින් පළමුවරට නිවසක් මිලදී ගන්නා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම මැදි ආදායම් ලාභීන්ට ඒ සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා සහන ණයක් ලබා ගත හැකි වන පරිදි මැදි ආදායම් නිවාස ණය යෝජනා ක්‍රමය ව්‍යාප්ත කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයට අයදුම් කිරීම සඳහා පෙර පැවති වයස් සීමා වෙනුවට බැංකු විසින් නිවාස ණය ලබා දීමේදී සාමාන්‍යයෙන් අනුගමනය කරනු ලබන වයස් සීමාවන් සැලකිල්ලට ගනිමින් සහ පෞද්ගලික අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිවලින්ද නිවාස මිල දී ගැනීමට හැකි වන පරිදි ප්‍රතිලාභීන් වැඩි සංඛ්‍යාවකට සහන සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මීට අදාළව අතිගරු ජනාධිපතිතුමා විසින් යෝජනා කර තිබූ පරිදි මෙම වැඩසටහනට සුදුසුකම් ලැබීමට අදාළ මාසික ආදායම් මට්ටම පහළ දැමීමටද තීරණය විය.

    දේපළ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා වන ඒකාබද්ධ ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය

    - දේපළ ලියාපදිංචි කිරීමේදී ඉඩම් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම මඟින් ආයෝජකයින්ට ව්‍යාපාර පහසුකරණය පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ නංවාගැනීමේ අරමුණින් ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ ඇත. දේපළ ලියාපදිංචිය සඳහා පවතින ක්‍රමවේදය අනුව දින 51ක් ගතවන අතර, ඒ සඳහා පියවර 09ක් අනුගමනය කළ යුතුය. ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් එම කාලසීමාව දින 05ක් දක්වා සහ පියවර 02ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරනු ලැබේ. 2018 වර්ෂය තුළ මෙම වැඩසටහන බස්නාහිර සහ දකුණු පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ඉදිරි කාලය තුළ මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බණ්ඩාරවෙල, දියතලාව හා හපුතලේ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ තුළුමුව ව්‍යූහය ඉදි කිරීම

    - උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී බලපෑමට ලක් වී ඇති ග්‍රාම නිලධාරි කොට්ඨාස 63හි පදිංචිකරුවන්ගේ වත්මන් හා අනාගත ජල අවශ්‍යතා සපුරාලීම පිණිස බණ්ඩාරවෙල, දියතලාව හා හපුතලේ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලබන ඩයබරා ජලාශය මෙම ව්‍යාපෘතියේ ජල ප්‍රභවය වශයෙන් හඳුනාගනු ලැබ ඇත. දැනට ඩයබරා ජලාශය ඉදි කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතින බැවින් එම ජලාශය පිරවීමට පෙර තුළුමුව ඉදි කිරීම සිදු කළ යුතු බැවින් එම කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය/මධ්‍යම ඉංජිනේරු සේවා සමාගම වෙතින් සිදු කරවා ගැනීම පිණිසත් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිසත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    Decisions taken by the Cabinet of Ministers at its meeting held on 11.09.2018
    Read more:
    https://www.news.lk/cabinet-decusio...f-ministers-at-its-meeting-held-on-11-09-2018
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2018-09-11