කාලෙක ඉඳන් ලියන්න හිතන් හිටපු ඒත් මගෑරුණු හැබැයි මහන්සියක් අරන් ලියන්න වටිනා පුද්ගලයෙක්, සැමදා නොවෙනස් නිරහංකාර මිත්‍රයෙක් ගැන ලියන්න හිතුවේ ඒක යුතුකමක්ම නිසා නෙවේ හිතේ තියෙන ගෞරවයක් නිසා කිව්වොත් හරියටම හරි.
ඒ පුද්ගලයා නැත්නම් ක්‍රීඩකයා,
"සුබසිංහ මුදියන්සේලාගේ අශාන් ප්‍රියන්ජන"
එහෙමත් නැත්නම් උඹලා අපි හැමෝම දන්න විදියට අශාන් ප්‍රියන්ජන.
අශාන්ව මුලින්ම මට මුණ ගැහුණේ අපි 9 වසරේ ඉන්නකොට වගේ තමයි මතකයේ තියෙන්නේ.ඒ කාලේ උනත් අශාන් කිව්වම ඉස්කෝලේ හැමෝම දැනගෙන හිටපු චරිතයක්. හැබැයි එහෙම කියලා අශාන්ගේ ඔය සමහර උන්ගේ වගේ අලි ඔලුවක් නම් තිබ්බේ නෑ.හැමවෙල්වෙම හිනා වෙලා ආතල් එකේ ඉන්න කොල්ලෙක් විදියට තමයි අශාන්ව අපි ඒ කාලේ උනත් දැක්කේ. අශෝක විද්‍යාලේ තමන්ගේ මුල් පාසැල් අධ්‍යාපනය ලැබුව අශාන් අපේ ඉස්කෝලෙට ආවේ 9 වසරෙදි.
ඒ ක්‍රිකට්, කරාටේ දෙකම නිසා කිව්වොත් නිවැරදියි. මොකද ඒ කාලේ බස්නාහිර පළාතේ ක්‍රිකට් වලින් වගේම කරාටේ වලිනුත් අශාන් වැඩ පෙන්නපු කෙනෙක්.
බොරු කියන්න ඕන නෑ ඉතින් අපේ ඉස්කෝලෙට ආවම අශාන් ගහපු කරාටේ නම් අපි දැකලා නෑ අපි දැක්කේ බෝලෙට රිදෙන්න ගහපු බැට්ස්මන් කෙනෙක් තමයි.
අශානුයි මමයි මුලින්ම එකම පංතියේ ඉගෙනගත්තේ 10 වසරෙදි. ඒ කාලේ උනත් අශාන් කියන්නේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක්. වැඩේ කියන්නේ දිල්ශාන් මුණවීරත් හිටියේ අපිට එහා පන්තියක.
එයාගේ ප්‍රහාරාත්මක පිතිකරණය ගැනත් ඔයාලට ආය අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. ඒ කාලේ අපි මැච් බලන්න ගියේ මුණවීර, අශාන් දෙන්නා 6 ඒවා ගහලා තාප්ප පලන එක බලන්න තමා. අනිත් කෙනා ප්‍රිමෝෂ් පෙරේරා.
කොටින්ම කියනවනම් ඒ කාලේ ඕන ටීම් එකක් එක්ක u17 u19 ගහන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමක් අපේ ඉස්කෝලෙට තිබ්බා. දැනුත් එහෙම නෑ කියන්නේ නෑ.
කොහොම කොහොම හරි අශාන්ලා අපි OL ඉවරවෙලා සෙක්ශන් මාරු උනාට පස්සේ ඉස්සර තරම් මුණගැහුනේ නැති උනත් හම්බුන තැන කතා කරලා,ඒ මදිදට ඉඳලා හිටලා සොෆ්ට් බෝල් මැච් එකක් ගහන්න හරි ආවා.
අශාන් ආපු දවසට බයෝ එකේ උන් ගොඩ
මෙහෙම ගිහින් බිග්මැච් ගහන කාලවලදිත් අශාන් ගොඩක් වැඩ පෙන්නුවා.අපේ සහෝදර පාසල එහෙම නැත්නම් ආනන්දේ සමකාලීනයෝ තමයි චන්දිමාල් වගේ ක්‍රීඩකයෝ. බිග්මැච් නම් ඩ්‍රෝ උන එක තමයි වැඩිපුරම උනේ.
ඉතින් මේ කාලෙදිම තමයි අශාන්ගේ නායකත්වයෙන් U19 ශ්‍රී ලංකා ටීම් එක ලෝක කුසලානෙට යන්නේ.මම මෑතකාලේ දැකපු හොඳම U19 කණ්ඩායමත් ඒක. අශාන්, චන්දිමාල්, තිරිමාන්න, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ඇන්ජෙලෝ පෙරේරා,සචිත් පතිරණ, රොශේන් සිල්වා වගේ අය තමයි ඒ කණ්ඩායමේ හිටියේ. මගේ මතකය හැටියට අපි ඒ තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට ආවා. විරාට් කෝලිලගේ ඉන්දීය කණ්ඩායම තමා තරඟාවලිය ජයගත්තේ.
ඉස්කෝලේ කාලෙන් පස්සේ අශාන් වරාය අධිකාරි, ටැමිල් යූනියන් වගේ කණ්ඩායම් එක්ක තමන්ගේ ඩොමෙස්ටික් ක්‍රිකට් ජීවිතේ ඉස්සරහට අරගෙන ගියා. අශාන්ට මුලින්ම එක්දින වරම් ලැබුණේ 2013 නත්තල් දවසේ පකිස්තානෙට එරෙහිව අබුඩාබි වලදි.
එදා අශාන් ලකුණු 74ක් ගන්නවා. ඒක තමයි අදටත් ඩෙබූ එකේදි අපේ එක්දින ක්‍රීඩකයෙක් ලබාගත්ත වැඩිම ලකුණු ගාන. එතනින් පටන් ගත්ත අශාන්ට හම්බුනේ තරඟ 23ක් වගේ අඩු තරඟ ගානක්. ඒ කාලේ ටීම් එකේ හිටිය ක්‍රීඩකයොත් එක්ක බලනකොට ටීම් එකට එන එක ලේසි දෙයක් නෙවේ.හැබැයි මගේ මතය නම් අශාන්ට හම්බුන තරඟ ගාන නම් මදි කියන එකයි.
අශාන්ව ආපහු අපි ජාත්‍යන්තර තරඟවලදි දැක්කේ 2017 සැප්තැම්බර් 6 ඉන්දියාවට එරෙහිව ටී 20 තරඟයකදි.එදා අශාන් එක අන්තයක් ආරක්ෂා කරගෙන ලංකා කණ්ඩායම ලකුණු 170ක් වෙනකන් ඇදගෙන යනවා. නමුත් ඉන් පස්සේ උනත් අශාන්ට නිසි තැනක් හම්බුනේ නෑ අඩුමගානේ පකිස්තානු තරඟාවලියෙන් පස්සේ උනත්.
අද වෙනකොට අපේ කණ්ඩායමේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ අන්තය ආරක්ෂා කරගෙන ලකුණු රැස්කරන්න පුළුවන් පිතිකරුවෝ අවම වීම. ඒකට හොඳ විසඳුමක් විදියට අශාන්ව දකින්න පුළුවන්.
පහුගියදා තිබුණ SLC T20 තරඟාවලියේ උනත් පන්දු 48න් ලකුණු 100ක් ගත්ත අශාන්ට අදටත් හරිහමන් අවස්ථාවක් කණ්ඩායමේ නෑ. තේරීම් කමිටුව මීට වඩා දැන් තියෙන අවස්ථාව ගැන හිතනවනම් අශාන්ට අඩුමගානේ ස්කොඩ් එකේ 15 දෙනාටවත් එන්න ඉඩක් දෙන්න ඕන කියන එකයි මගේ මතය.නැත්නම් අශානුත් හරියට පාවිච්චි නොකරපු තුරුම්පුවක් වේවි.
පම්පෝරි ගැහිල්ලක් නෙවේ
හේලිත හෙට්ටිආරච්චි