Ashan Priyanjan - Well Said

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
කාලෙක ඉඳන් ලියන්න හිතන් හිටපු ඒත් මගෑරුණු හැබැයි මහන්සියක් අරන් ලියන්න වටිනා පුද්ගලයෙක්, සැමදා නොවෙනස් නිරහංකාර මිත්‍රයෙක් ගැන ලියන්න හිතුවේ ඒක යුතුකමක්ම නිසා නෙවේ හිතේ තියෙන ගෞරවයක් නිසා කිව්වොත් හරියටම හරි.

ඒ පුද්ගලයා නැත්නම් ක්‍රීඩකයා,
41938671_448815842273557_940509945613254656_o.jpg

"සුබසිංහ මුදියන්සේලාගේ අශාන් ප්‍රියන්ජන"

එහෙමත් නැත්නම් උඹලා අපි හැමෝම දන්න විදියට අශාන් ප්‍රියන්ජන.

අශාන්ව මුලින්ම මට මුණ ගැහුණේ අපි 9 වසරේ ඉන්නකොට වගේ තමයි මතකයේ තියෙන්නේ.ඒ කාලේ උනත් අශාන් කිව්වම ඉස්කෝලේ හැමෝම දැනගෙන හිටපු චරිතයක්. හැබැයි එහෙම කියලා අශාන්ගේ ඔය සමහර උන්ගේ වගේ අලි ඔලුවක් නම් තිබ්බේ නෑ.හැමවෙල්වෙම හිනා වෙලා ආතල් එකේ ඉන්න කොල්ලෙක් විදියට තමයි අශාන්ව අපි ඒ කාලේ උනත් දැක්කේ. අශෝක විද්‍යාලේ තමන්ගේ මුල් පාසැල් අධ්‍යාපනය ලැබුව අශාන් අපේ ඉස්කෝලෙට ආවේ 9 වසරෙදි.

ඒ ක්‍රිකට්, කරාටේ දෙකම නිසා කිව්වොත් නිවැරදියි. මොකද ඒ කාලේ බස්නාහිර පළාතේ ක්‍රිකට් වලින් වගේම කරාටේ වලිනුත් අශාන් වැඩ පෙන්නපු කෙනෙක්.
බොරු කියන්න ඕන නෑ ඉතින් අපේ ඉස්කෝලෙට ආවම අශාන් ගහපු කරාටේ නම් අපි දැකලා නෑ අපි දැක්කේ බෝලෙට රිදෙන්න ගහපු බැට්ස්මන් කෙනෙක් තමයි.

අශානුයි මමයි මුලින්ම එකම පංතියේ ඉගෙනගත්තේ 10 වසරෙදි. ඒ කාලේ උනත් අශාන් කියන්නේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක්. වැඩේ කියන්නේ දිල්ශාන් මුණවීරත් හිටියේ අපිට එහා පන්තියක.
එයාගේ ප්‍රහාරාත්මක පිතිකරණය ගැනත් ඔයාලට ආය අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. ඒ කාලේ අපි මැච් බලන්න ගියේ මුණවීර, අශාන් දෙන්නා 6 ඒවා ගහලා තාප්ප පලන එක බලන්න තමා. අනිත් කෙනා ප්‍රිමෝෂ් පෙරේරා.
කොටින්ම කියනවනම් ඒ කාලේ ඕන ටීම් එකක් එක්ක u17 u19 ගහන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමක් අපේ ඉස්කෝලෙට තිබ්බා. දැනුත් එහෙම නෑ කියන්නේ නෑ.

කොහොම කොහොම හරි අශාන්ලා අපි OL ඉවරවෙලා සෙක්ශන් මාරු උනාට පස්සේ ඉස්සර තරම් මුණගැහුනේ නැති උනත් හම්බුන තැන කතා කරලා,ඒ මදිදට ඉඳලා හිටලා සොෆ්‍ට් බෝල් මැච් එකක් ගහන්න හරි ආවා.
අශාන් ආපු දවසට බයෝ එකේ උන් ගොඩ 😂

මෙහෙම ගිහින් බිග්මැච් ගහන කාලවලදිත් අශාන් ගොඩක් වැඩ පෙන්නුවා.අපේ සහෝදර පාසල එහෙම නැත්නම් ආනන්දේ සමකාලීනයෝ තමයි චන්දිමාල් වගේ ක්‍රීඩකයෝ. බිග්මැච් නම් ඩ්‍රෝ උන එක තමයි වැඩිපුරම උනේ.

ඉතින් මේ කාලෙදිම තමයි අශාන්ගේ නායකත්වයෙන් U19 ශ්‍රී ලංකා ටීම් එක ලෝක කුසලානෙට යන්නේ.මම මෑතකාලේ දැකපු හොඳම U19 කණ්ඩායමත් ඒක. අශාන්, චන්දිමාල්, තිරිමාන්න, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ඇන්ජෙලෝ පෙරේරා,සචිත් පතිරණ, රොශේන් සිල්වා වගේ අය තමයි ඒ කණ්ඩායමේ හිටියේ. මගේ මතකය හැටියට අපි ඒ තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට ආවා. විරාට් කෝලිලගේ ඉන්දීය කණ්ඩායම තමා තරඟාවලිය ජයගත්තේ.

ඉස්කෝලේ කාලෙන් පස්සේ අශාන් වරාය අධිකාරි, ටැමිල් යූනියන් වගේ කණ්ඩායම් එක්ක තමන්ගේ ඩොමෙස්ටික් ක්‍රිකට් ජීවිතේ ඉස්සරහට අරගෙන ගියා. අශාන්ට මුලින්ම එක්දින වරම් ලැබුණේ 2013 නත්තල් දවසේ පකිස්තානෙට එරෙහිව අබුඩාබි වලදි.
එදා අශාන් ලකුණු 74ක් ගන්නවා. ඒක තමයි අදටත් ඩෙබූ එකේදි අපේ එක්දින ක්‍රීඩකයෙක් ලබාගත්ත වැඩිම ලකුණු ගාන. එතනින් පටන් ගත්ත අශාන්ට හම්බුනේ තරඟ 23ක් වගේ අඩු තරඟ ගානක්. ඒ කාලේ ටීම් එකේ හිටිය ක්‍රීඩකයොත් එක්ක බලනකොට ටීම් එකට එන එක ලේසි දෙයක් නෙවේ.හැබැයි මගේ මතය නම් අශාන්ට හම්බුන තරඟ ගාන නම් මදි කියන එකයි.

අශාන්ව ආපහු අපි ජාත්‍යන්තර තරඟවලදි දැක්කේ 2017 සැප්තැම්බර් 6 ඉන්දියාවට එරෙහිව ටී 20 තරඟයකදි.එදා අශාන් එක අන්තයක් ආරක්ෂා කරගෙන ලංකා කණ්ඩායම ලකුණු 170ක් වෙනකන් ඇදගෙන යනවා. නමුත් ඉන් පස්සේ උනත් අශාන්ට නිසි තැනක් හම්බුනේ නෑ අඩුමගානේ පකිස්තානු තරඟාවලියෙන් පස්සේ උනත්.
අද වෙනකොට අපේ කණ්ඩායමේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ අන්තය ආරක්ෂා කරගෙන ලකුණු රැස්කරන්න පුළුවන් පිතිකරුවෝ අවම වීම. ඒකට හොඳ විසඳුමක් විදියට අශාන්ව දකින්න පුළුවන්.

පහුගියදා තිබුණ SLC T20 තරඟාවලියේ උනත් පන්දු 48න් ලකුණු 100ක් ගත්ත අශාන්ට අදටත් හරිහමන් අවස්ථාවක් කණ්ඩායමේ නෑ. තේරීම් කමිටුව මීට වඩා දැන් තියෙන අවස්ථාව ගැන හිතනවනම් අශාන්ට අඩුමගානේ ස්කොඩ් එකේ 15 දෙනාටවත් එන්න ඉඩක් දෙන්න ඕන කියන එකයි මගේ මතය.නැත්නම් අශානුත් හරියට පාවිච්චි නොකරපු තුරුම්පුවක් වේවි.

පම්පෝරි ගැහිල්ලක් නෙවේ 😃

හේලිත හෙට්ටිආරච්චි
 

saturn

Well-known member
  • Mar 21, 2015
    5,320
    9,049
    113
    Around the world
    තේරීම් කමිටුව මීට වඩා දැන් තියෙන අවස්ථාව ගැන හිතනවනම් අශාන්ට අඩුමගානේ ස්කොඩ් එකේ 15 දෙනාටවත් එන්න ඉඩක් දෙන්න ඕන කියන එකයි මගේ මතය.නැත්නම් අශානුත් හරියට පාවිච්චි නොකරපු තුරුම්පුවක් වේවි.
     

    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    එක සීයයි, ඊට පස්සේ ෆේල් නේ?

    100කුයි, 50කුයි ගැහුවා. ඊට පස්සේ වැඩිය ගහන්න බැරිවෙන්න ගොඩක් බලපෑවා ධනුශ්ක ගුණතිලක ලකුණු අතරට ආපු එක. එක මැච් එකක රනවුට් උනා, ඊලග එකේ එන්නේ අන්තිම ඕවර් කිහිපයේ.

    හැබැයි බලන්න ඔහුගේ තරග වාර්ථා, හැම ෆෝමැට් එකේම ලකුණු අතරේ ඉන්නවා.

    41869834_10156805090552716_6909612805914099712_o.jpg


    41936451_10156805090912716_6341548104789000192_o.jpg


    41913620_10156805090987716_893136915899875328_o.jpg
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මූ හොදයි, කැරි බැටා තමා. එත් ඉස්කොලේ ගහන කාලේ ඉදන් මන් හිතුවේ මූ පොසිටිව් වැඩී කියලා.

    15වේ දාගෙන හිටියට පාඩු නෑ. would hard with Thiri in form again, chandi coming back, Asela in contention. i also like the look of Charith Asalanka, seems to be a player with brains.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,320
    9,049
    113
    Around the world
    කොළඹින් කැපූ අශාන් දඹුල්ලට
    අන්තර් පළාත් සුපිරි එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායමට නම් කළ අශාන් ප්‍රියන්ජන් හට කොළඹ කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් හිතා මතා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඔහුව දඹුල්ල කණ්ඩායමට මාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. මේ වනවිට අර්බුදයකට ලක්වි ඇති ශ්‍රී ලංකා එක්දින පිළ වෙනුවෙන් ලෝක කුසලානයට යන කණ්ඩායම තෝරා ගැනීමට මෙම තරගාවලිය පැවැත්වෙයි.

    ඉදිරි පෙළ හා මැද පෙළ පිතිකරුවෙකු ලෙස කාලයක් තිස්සේ දස්කම් දක්වන අශාන් ප්‍රියන්ජන් ලකුණු අතරට පැමිණියහොත් එය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකළ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්ට අවස්ථාව අහිමි විමට හේතුවක් විය හැකි බව බොහෝ දෙනාට නොරසහසකි. මේ නිසා ප්‍රියන්ජන් බංකුවේ තැබීමේ ක්‍රියාවලිය යට මැද පෙළට තරග කරන ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් සිටිය හැකි බැව් විශ්වාස කෙරේ. කෙසේ වුවද දඹුල්ල කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීමට අශාන් ප්‍රියන්ජන් ලබා ගැනීමට කැමැත්ත පළ කිරීම හරහා අද (06දා) පැවැත්වෙන දඹුල්ල හා ගාල්ල කණ්ඩායම් අතර තරගයට ක්‍රීඩා කිරීමට අශාන්ට අවස්ථාව ලැබී තිබේ.

    මීට පෙර පැවති අන්තර් පළාත් තරගවලදී දඹුල්ල කණ්ඩායම නියෝජන කළ අශාන් ප්‍රියන්ජන් මෙවර එම කණ්ඩායමට නම් කිරීමට යෝජනා වෙද්දී කොළඹ කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන විසින් තමන්ගේ කණ්ඩායමේ අංක 05 ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කිරීමට අශාන් අවශ්‍ය යැයි කීම නිසා ඔහුව කොළඹ කණ්ඩායමට කැඳවා ඇත.

    මෙහිදී පළමු තරගයට පෙර පැවති පුහුණු සැසියටද සහභාගී වූ අශාන් සවස්වරුවේ පිහිනුම් තාටාකයට නොබැස ඇත්තේ තමන්ට යාන්තම් සෙම්ප්‍රතිශ්‍ය ලකුණක් ඇති නිසා එයින් මිදීමටය. ඔහු සමග ඇන්ජලෝ පෙරේරාද පිහිනුම් තටාකයට බැස නැති අතර පසු දිනයේ ඇන්ජලෝ ක්‍රීඩා කළ අතර අශාන් අසනීප තත්ත්වයෙන් සිටින නිසා ඔහුට අවස්ථාවක් නොදෙන බව කළමනාකාරීත්වය සහ පුහුණුකරු කියා තිබේ.

    එහෙත් අසනීත නිසා ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය නොහැකි යැයි කියූ අශාන් 12 වැනි ක්‍රීඩකයා ලෙස නම් කළ අතර ඔහුට පන්දු රැකීමටද සිදුවිය. මේ තත්ත්වය යටතේ තමන් විසින් ඉල්ලා කණ්ඩායමට ලබාගත් අශාන් ප්‍රියන්ජන් හට දෙවැනි තරගයේ අවස්ථාවක් දීමට පුහුණුකරු බැදී සිටියද ඔහු ඊයේ (05දා) සවස දන්වා ඇත්තේ අද (06දා) පැවැත්වෙන කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරගයටද අශාන් ක්‍රීඩා නොකරන බවයි. තමන්ට හිතා මතා සිදුවන කෙනෙහිලිකම් දරා ගත නොහැකිව මේ සම්බන්ධයෙන් අශාන් ක්‍රිකට් පරිපාලනයට පැමිණිලි කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස දඹුල්ල කණ්ඩායමට ඔහුව මාරු කර තිබේ.

    පිතිකරුවෙකු ලෙස පමණක් ලෙස පමණක් නොව දකුණත් පා දග පන්දු යවන්නෙකු ලෙසද අශාන් දස්කම් දක්වයි. තිසර පෙරේරා, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, රොෂේන් සිල්වා වැනි අය 19 පහළ ලෝක කුසලානයට යද්දී එම කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කළේ අශාන් ප්‍රියන්ජන්ය. මේ නිසාම සම වයසේ ක්‍රීඩකයන් අතර නායකත්ව ලක්ෂණ අතින් ඉහළින්ම සිටින ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේද ප්‍රියන්ජන්ය. කාලයක් තිස්සේ ඔහුව පැත්තකට කර තබන්නේද නායකත්වයට ඇති ඔහුගේ දක්ෂතාවය දන්නා අයම බවද මේ වනවිට ක්‍රිකට් ක්ෂේත්‍රෙය් ප්‍රචලිත කතාවකි.
    (ada)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    Ashan was a hack during his school days who use to hack de ball rather than playing a proper cricketing stroke
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    කුසල් මෙන්ඩිස්ට තියෙන චාන්ස් එක අශාන්,මිලින්ද,අසේලට,උපුලට නෑ බං
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    Elaborate more please. :baffled:

    have u played against him ? i have during school days .. Ashen was making cheap runs with hard hands there was no strokeplay only hacking de ball but Ashan has improved a lot frm a hack to a reliable middle order bat..i too feels thyt Ashan was unlucky n was not given a proper run in de national team
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Ah got it. You mean he's making easy runs without strokes but only pushing the ball here and there.?